Tuesday, January 31, 2017

දයාබර රන්ජන් මෙවන් අවස්ථාවල් උපයෝගී කරගන්න යමපාලනයේ සහ යහපාලනයේ වෙනස පෙන්වන්නට අපේ රටේ මන්ද බුද්ධිත ජනතාවට - සෝභිතාවතාර

දයාබර රංජන්, 

ඔබ තවමත් තරුණයි. විවාහයක් කරගෙනත් නැහැ. ඒ නිසාම දරු සුරතල් බලලත් නැහැ. සිනමා සහ දේශපාලන දිවියේ හැරුනුකොට ඔබට තවම සැබෑ ජීවිතයේ අත්දැකීම් අඩුයි. 

ඒ නිසයි ඔබ තවමත් දරදඬු ප්රතිපත්තියක හිතුවක්කාර ලෙස සිටින්නේ. මුළු රටමත් විශේෂයෙන් දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාව දන්නවා පරිසර අමාත්යය ජනාධිපතිවරයාගේ බලතල වලට යටත් අායතනයක සිදුවුනු ‍විශාල වරදක් වෙනුවෙන් පෙනී සිටින්න ගිහිල්ලයි ඔබට වරදක් සිදුවෙලා තියෙන්නේ යන බව.

මම හරිනම් මේවාට ඔබට කලින් පරිසර අැමති වශයෙන් ජනාධිපතිවරයා මැදිහත් විය යුතුව තිබුනා. නමුත් සමහර විට ඒ අවස්ථාවේදී එතුමානන් යහපාලනය තුල පවා සිදුවනා මේ බය නැති ක්රියා ගැන දැනගෙන නොසිටින්නට අැති. නමුත් අපේ වත්මන් ජනාධිපති උපාසක නයානම් අඩු තරමින් ඉක්මනටම පෙනේවත් කරල නොසිටියොත් මෙයාව අඹරලා දරමිටි බඳින එකත් බඳිනවාමයි මේ හැතිකරේ කොයි මෙහොතේ හරි. බැරිනම් දෙන්ඩ කියපන් ඕක අර සරත් පොන්සේකාට අඹරවලා ගන්න මුන්ව.

නමුත් කමක් නැහැ රන්ජන් මෙවන් අවස්ථාවන් වලින් අපි ඉතා හොඳට ප්රයෝජන ගන්න ඕන. ජනාධිපතිවරයා කියලා තියෙන විදියට ඔබ ඒ උන්දැගෙන් සමාව ගන්න. ඒ අවස්ථාවේදී සිද්ධිය දැකීමෙන් ඔබට අැතිවුනු වේදනාවත් කම්පනයත් නිසා සිදු උනු වාග් විලාශය පිලිබඳව පමනක්...

අරගෙන රටට සහ විශේෂයෙන් හිටපු යමපාලකයාගේ පාක්ෂික අන්ධ ගාෙබ්බ ජනතාවට පෙන්වන්න යහපාලන ජනාධිපතිවරයාගේ නායකත්වයේ රඟ.

ඒ වහේම පෙන්වන්න සෝභිත හිමිපානන්ගේ දේදුනු විප්ලවය දිනවූ ඔබ වැනි රණකාමීන්ගේ නිහතමානීත්වයේ රඟ.

ඒ වගේම පෙන්වන්න මෛත්රීගේ සහ මහින්දගේ නායකත්වයේ වෙනස..

ඒ වගේම පෙන්වන්න රටට ජනතාවට විශේෂයෙන් මහින්දට මර්වින් සිල්වා අැතුළු ගුරුවරුන් දන ගැස්සවූ පාදඩයින් සහ ඔබගේ වෙනස...

සෝභිත හිමිපානන්ගේ අාත්මය ටෙලිපති මගින් අාතූරයා සත්පුරවැසියා ලවා දෙන මෙම අවවාදය පලගන්වා බලන්න ඔබට දැනෙනා චිත්ත සන්තුෂ්ඨිය කෙතරම්ද යන වග. 

ඒ වගේම ඔබගේ පවතිනා රැඩිකල් ගති ස්වභායටත් අවංක හැඟීම්වලටත් කලබල වී ඉක්මන් තීන්දු තීරන ගෙන තම තනතුරින් අස්වන්නත් එපා කිසිවිටකත්. මන්ද ගොඩාක් අයට උවමනා කරලා තිබෙන්නේත් සමහර විට ඔබගේ නායකයාට උනත්... කරදරකාර ඔබ වද නොදී ගෙදර යනවානම් හොඳයි යන අාකල්පය විය හැකියී. හැබැයි ඒ සමහර විට..!හොඳේ...

කෙසේ වෙතත් කියමනක් තිබෙනවා. දැඩි කෝපයටත්.. අධික සන්තෝෂයටත්... ප්රබල සිත්වේදනාවටත්... පත් වූ කිසිදු විටෙක පොරොන්දු දෙන්නත් එපා... තීරන ගන්නත් එපා... සියල්ල කාලයට බාර දී ඒ පිලිබඳ හොඳට හිතල මතල තීන්දු තීරන ගන්න කියල. මන්ද ගිලිහී ගියොත් නුවන යලි එය අැතුන් සියයක් ලවාවත් අැද්දවිය නොහැකි නිසා.

කෙසේ වෙතත් මේ හැම අභියෝගයක්ම අප කරා පැමිනෙන්නේ පරීක්ෂාවක් සඳහායි. අප කල යුතු වන්නේ ඒ පරීක්ෂාවල් වෙනුවෙන් සිහි නුවනින් මුහුන දෙන එකයි. 

තවත් කියමනක් තියෙනවා රන්ජන් දෙවියන් වැඩියෙන්ම අාදරය කරනා අයව අසීරු පරීක්ෂාවන්ට ලක් කරනවා කියල. එවිට අප බුද්ධිමත් නම් කල යුතු වන්නේ අර මහින්ද කියන අඳ/ගොළු/බිහිරි නායකයා මදාවි පාර්ලිමේන්තුවත් තියාගෙන නටපු නෙයියාඩගම් නොවේ. සිහි ගුණ නුවනින්ද උපේක්ෂා සහගතවද ඒවාට මුහුන දී දෙවියන්ගේ අාශිර්වාදයට පාත්ර වීමයි මහින්දලාට වගේ ශාපයට පාත්ර නොවී...

ස්තූතියී.
සෝභිතාවතාර
2017/01/31
========

No comments:

Post a Comment