Thursday, May 4, 2017

සෝභිත අාතූරයා සත්පුරවැසියා විසින් සෝභිතාත්මයේ හදිසි දැනුම් දීමකට අනුව ජනගත කරන්නට යෙදුනු පුවතක් - සෝභිතාවතාර 2017/05/05 දින අළුයම

=================================================================================

ගෝල්ෆේස් සෙනග දැක නිරුවත් වුණු ආචාර්ය නිර්මාල්..!

විසල් කරුණාරත්නගේ සටහනක්

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.04, ප.ව.11.55) ‘ජනවරම‘, ‘ජනමතය‘ සහ ‘සෙනඟ‘ 
  පුවතට විශ්වයෙන් පිලිතුරක් මනුලොවට 
 සෝභිතාවතාර 
============================================================================================
මෛත්රීගේ යහපාලන රජය අැතුලේ සිටිනා රාජපක්ෂවාදී චරපුරුෂයන් සේම, සෝභිත හිමියන්ගේ සාධාරන සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය තුලත් රාජපක්ෂවාදී චරපුරුෂයන් ස්ථාන ගතව සිටිනා බව දැන්නම් කදිමට පැහැදිලිය.

ඊට කදිම නිදසුනක් මේ වන විට සෝභිත හිමියන්ගේ දේදුනු සංග්රාමයේ නියමු චරිතයක් යැයි සිතා සිටි අාචාරියෙකු විසින් පිලිබිඹු කොට අැත.

මුන්දැ මේතාක් කල් සිදු කල සියල්ල සිදු කර අැත්තේ රටට අැති අාදරයටවත් ජනතාවට අැති අාදරයටවත් නාෙවනා බව දැන් පැහැදිලිය. *(මරන හෝ වෙනත් ‍ප්රකාශකල නාෙහැකි රුදුරු තර්ජනයක් වැනි අදිසි බලපෑමකට යටත්ව අසරනව නොමැතිනම් පමනක්)*

නොඑසේනම් අැමරිකානු කාටුන් ශිල්පී ටොම් විල්සන්ගේ කියමන යථාර්තයක් කරමින් තමන් අපේක්ෂා කල ඩීල් එකේ අවම වටිනාකමවත් යෝජනා වන තුරු අප අාචාරියා කල් මරා අැති බව සුපැහැදිලිය.

නමුත් මොහු ඩිංගක් නොව ගොඩක් මෝඩ බව පැහැදිලි වන්නේ රාජපක්ෂලාගේ රැලියේ සිටි ජනයා දැක දෙකොන පටලවාගෙන අැති බැවිනි.

ඒ නිසයි මොහුට තෝරා බේරා ගත නොහැකි වූයේ රාජපක්ෂ මැයි රැලියේ සිටියේ යමපාලනවාදී සියල්ලන්මත්... අනිකුත් සියළු රැලිවල සිටියේ යහපාලනවාදී අංශු මාත්රයක් පමනක් බවත් යන වග...

සත්යය වශයෙන්ම වර්තමාන කාලයේ මෙවන් රැලිවලට සුලභවම රැස්වන්නේ ප්රබල පාක්ෂිකයින් සහ විවිධ (රාජකාරීමය හෝ වෙනත්) බලපෑම්වලට යටත් වන්නට සිදුව අැත්තන්ට සහ අල්ලස් මත්පැන් බත්මුල් අාදී නාෙයෙකුත් දොල පිදේනි වලට ගිජු බවක් දක්වන නූගත් අසරන ජනී ජනයා කරන්නට වෙන අන් දෙයක් නාෙමැති කමටය.

නොඑසේව කම්කරුවන් සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනා සෑබෑ දේශ හිතයිෂී නායකයින් සහ කම්කරු සටන් නියමුවන් වර්තමානයේ දැක ගන්නට සිටින්නේ ගල් පිලිම සහ ස්මාරක වල පමනක් යැයි සිතෙන්නේ මැයි රැලි වලින් රටක දේශපාලක තක්කඩියන්ට මිස පීඩිත ජනයාට සිදුව අැති යහපතක් දැක ගන්නට නොමැති නිසාය. (මෙවන් මැයිරැලි සමාන කල හැක්කේ ප්රාදේශීය සභා මැතිවරන අාසන්න වෙත්දී දකින්නට ලැබෙනා බයිසිකල් රේස් වලටය.)

කුමක් කෙසේ වෙතත් මැයි රැලියකදී දුටු ඔළු ගෙඩි නිසා දෙකාෙන පටලවා ගත් අප සහෝදර අාචාරියාට සිහිපත් කර දිය යුතු වන්නේ...

2015 ජනවාරි 08 සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ පොදු අපේක්ෂකයා පරාජය කරන්නට මෙලාෙවදී අප කිසිවෙකු මින් පෙර දැක නොතිබුනු අාකාරයේ ඔළුගෙඩි සෙල්ලම් දැමූ හිටපු යමපාලක ඒකාධිපති (ඉඩිඅමින්) විධායක බලැති බලපරාක්රම ජනපතිට නාෙහැකි වූවානම්....

මොනවද අයිසේ මේ මෝඩ කථා අරාජික මන්ත්රී වරයෙක් රජ කරවීමක් ගැන...

රටක දේශපාලනයේ නිසි තීන්දු දී අැත්තේ ඒ රටේ වෙසෙනා සබුද්ධික ජනයාය. ඒ අය කිසි දිනකත් රැලිවල පිටිවල හන්දිවල වටරවුම්වල දැකගත නොහේ. *(බලපෑම්වලට යටත් වන්නට සිදුවුනු අවස්ථාවලදී හැර)*

ඒ අය දැක ගත හැකි වන්නේ 2015 ජනවාරි 08 වැනිදා දුන් අාකාරයේ තීන්දු රටකට ලබාදුන් තවත් ජනවාරි 09 වැනිදාවකදී පමනි. 

එවන් 09 වැනිදාවක් යලිත් යෝජිත නව ව්යවස්තාව සඳහා වන ජනමත චිවාරනයේදී දේවසිරිලාටත් නොපිපීම පරවන සියළුම පොහොට්ටුවලටත් දැක ගන්නට සිදුවනු නියත බව තව හෝරා දෙක තුනකින් නැගෙනහිරින් පායන සූර්යයාටත් වඩා විශ්වාසයෙන් සමස්ථ සබුද්ධික දේදුනු ප්රජාව හා ඒකාබද්ධව සපත කරමු.

අවසන් වශයෙන් තොප්පිය හරිනම් ඕනෑම අයෙකු එය දමා ගත්තාට ප්රශ්නයක් නැතැයි අවධාරනය කරමින්... ඉදිරියටත් කඳවුර තුල පාක්ෂික වේශයෙන් සැඟවී දේශද්රෝහීන් සටන පාවා දෙන්නන් චරපුරුෂයින් එකී නාෙකී කවුරුන් සිටියත් දේදුනු විප්ලවය අධිෂ්ඨානය කල අරමුන කරා රැගෙන ගොස් මිස තමන් වහන්සේ නිවන් මගට නොපිවිසෙනා බව සෝභිත හිමියන් අාතූරයා හමුවේ අවධාරනය කොට අැත.

ඒ නිසාමයි ජීවතුන් අතර වැඩ විසූ සෝභිත හිමියන්ට වඩා අපවත් වුනු සෝභිත හිමියන් වඩ වඩාත් බලවත් වන්නේ.

කෙසේ වෙතත් සෝභිත හිමියන්ගේ සාධාරන සමාජයක් බිහිකරලීමේ සටන අතහැර කවුරුන් පිටුපා ගියත් විශ්වයේ සිට අවතාරයක්ව තම සටන ජයග්රහනය කරා රැගෙන යන ගමන උන් වහන්සේ කිසි ලෙසකින්වත් නාෙනවතන බව නිසි ලෙස දන්නේ අාතූරයා පමනි.

මන්ද යත් තම අරමුනු සැලසුම් සටන් පාට යෝජනා චෝදනා ජනගත කරවීමට යොදාගෙන සිටිනා අාතූරයා සත්පුරවැසියා යමපාලකයින් විසින් හෙට දවසේදී මරා දැමුවද එකී සටන අවසාන ඉලක්කය කරා රැගෙන යාමට එකා පිට එකා මරා දැමුවත් තව තවත් අාතූරයන් බිහි කරවා ගන්නා බව සෝභිතාවතාර විශ්වයේ සිට අාතූරයා සත්පුරවැසියාට සිහිනෙන් මෙන්ම ටෙලිපති මගින්ද දන්වා අැති බැවිනි.

සෝභිත අාතූරයා සත්පුරවැසියා විසින් උන්වහන්සේගේ හදිසි දැනුම් දීමට අනුව ජනගත කරන්නට යෙදුනි.

සෝභිතාවතාර
2017/05/05 - දින අළුයම

Tuesday, May 2, 2017

ඒ නිසා කරුණාකරලා ජනපති තුමෝ... දැන්වත් ලක්ෂ සංඛ්යාත දේදුනු ජනතාවගේ දෝෂාභියෝගය පිලි අරන් නීතිමය වශයෙන් ගත හැකි සහ ගත යුතු උපරිම තීන්දු තීරන අරන් කෙලින් කටින් අාණ්ඩුව කරගෙන ගියොත් කාගේ කාගේත් අැඟට ගුණය.

අපේ මහ ජෝඩුව හෙවත් ජනපතියාට සහ අගමැතියාට ඉතින් නම් හොන්ඳම හොඳ වැඩේ කියල කියනවා මිස වෙන මොනව කියන්නද හලෝ රෙද්ද අස්සේ දාගත්ත නයි පොලොංඟු උන්දැලාට දෂ්ඨ කරන කාෙට සහ උපාසක නයාගෙන් දරමිටි බඳිනකම් බම්මු ගැහුවම ඔහොම වෙලා මදි අනේද කියන්නේ.. 

අනේ කාලේ... වනේ වාසේ.. කිව්වලු ඕං..
==================================================================
ඒ නිසා කරුණාකරලා ජනපති තුමෝ... දැන්වත් ලක්ෂ සංඛ්යාත දේදුනු ජනතාවගේ දෝෂාභියෝගය පිලි අරන් නීතිමය වශයෙන් ගත හැකි සහ ගත යුතු උපරිම තීන්දු තීරන අරන් කෙලින් කටින් අාණ්ඩුව කරගෙන ගියොත් කාගේ කාගේත් අැඟට ගුණය.

නාෙඑසේ උවහොත් සබුද්ධික දේදුනු ප්රජාව මේ අාණ්ඩුවට තව තවත් අවස්ථාවල් නොදෙන්න තියෙන අවධානම වැඩි බව මතක තියා ගත්තොත් හොඳයි... හිටං...

නොඑසේ උවහොත් 2020 දී නව්ය වූ කුළුඳුල් ඔදවත් තෙදවත් බලවත් අාණ්ඩු ක්රමයක් නිර්මානය කිරීමේ සැලසුම් අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමියන් මේ වන විටත් විශ්වයේ සිට සකසමින් සිටිනා බව සමස්ත දේදුනු ප්රජාව හා ඒකාබද්ධව අවධාරනය කරමු. ඊට යහපාලන නායක දෙපලගේ පූර්න සහයෝගය සෝභිතාවතාර අපේක්ෂා කරයි. නොදුන්නත් සෝභිත හිමියන්ගේ අරමුන සහ අධිෂ්ඨානය නාෙහොත් සිහිනය නොනැවතී ඉදිරියටමත් ජයග්රහනය කරාත් යන ගමනෙහි කිසිදු නැවතුමක් නාෙමැත ජයග්රහනය කරන තුරා.

දැක්කේ නැද්ද අර නූගක් කාලකන්නියෙක් කලාරුවන් සංහතියටම නිගා දෙමින් ගොල්ෆේස් එකේ හිටං.. ලෝකෙටම පෙන්න රටක බලයේ සිටින නායකයෙකුට නින්දා අපහාස කල අපූරුව... හිටං.. හිටං... හිටං.. හිටං... අාප්පයා... හිටං‍... හුටං...//...///.../// 

නොදකින් ඒ කාලකන්නියාටත් ඉදිරියේදී වික්ටර් රත්නායකට මේ වන විට සිදුවෙලා තියෙන දේ තමයි සිද්ද වෙන්නේ. ඒ කියන්නේ රටේ වැදගත් ජනතාව කවුරුවත් දැන් උන්දැව තුට්ටුවකටවත් ගනන් ගන්නේ නැහැ. මූටත් ඒ ටිකම තමයි දැන් ඉතින් ජනතාව ඉදිරියේදී. සදා සොත්ති...

සෝභිතාවතාර
2017/05/02

Monday, May 1, 2017

2017 මැයි රැලිය වෙනුවෙන් දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව වෙනුවෙන් සෝභිතාවතාර පසු සටහන...

2017 මැයි රැලිය වෙනුවෙන් දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව වෙනුවෙන් සෝභිතාවතාර පසු සටහන...
============================================
සෝභිතාවතාර සබුද්ධික ජනතාව සමග ඒකාබද්ධව නිවේදනය කරනා වගයි.
============================================
සෝභිත හිමියන්ගේ තෝරාගැනීමට අනුව 2015 ජනවාරි 08 යමපාලනය පලවා හැරීම වෙනුවෙන් පොදු අපේක්ෂකයා කොට පත්කර ගත් වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ගේ තීරන ගැනීමේ පෞර්ෂය ඉදිරි දින කිහිපය අැතුලතදී පරීක්ෂාවට බඳුන් කර අැති වගයි.

නිහඬ සබුද්ධික ජනතාව පත්කර ගත් තම නායකයා දෙස බලා සිටිනු අැත.

සෝභිතාවතාර විශ්වයේ සිට
2017/05/02

දූෂිත ඒකාබද්ධයින්ට අභියෝගයක් - සෝභිතාවතාරයෙන් - 2017/05/01


දූෂිත ඒකාබද්ධයින්ට අභියෝගයක් - සෝභිතාවතාරයෙන් - 2017/05/01
=====================================================================================
දූෂිත ඒකාබද්ධ විපක්ෂයේ සිහින දකින්නන්ට අද 2017 මැයි 01 දින දා මැතිවරන ජයග්රහන තීන්දු කරනා 100 ක් ලක්ෂයක් වන නිහඬ තීරක ජනතාවගේ අභියෝගය....


හැකිනම් මෑතදී සෝභිත හිමියන්ගේ නියමයට අනුව ජනතාව හමුවට පැමිනවීමට නියමිත ප්රතම මැතිවරනය වන ජනතාවාදී නව ව්යවස්තාව සම්මත කරනා ජනමත විචාරනය පරදවා පෙන්වනු...

ජීවතුන් අතර වැඩ විසූ සෝභිත හිමියන්ට වඩා අපවත් වූ පසුද තම අරමුන ඉටු කරනා තුරු අවතාරයක්ව විශ්වයේ වැඩ වසනා සෝභිත හිමියන් දහස් ගුනයකින් බලවත් බව සබුද්ධික දේදුනු ප්රජාව හා ඒකාබද්ධව නැවත නැවතත් සපත කරමු.

සෝභිතාවතාර විශ්වයේ සිට...

2017/05/01


Saturday, April 29, 2017

කසල යනු තමන්ගේම ධනයෙහි තැන්පත් කල අගය බව ඉගෙන ගන්න අකිලගේ ඉස්කෝලේ අලුත්ම සබ්ජැට් එකට ලමයව එවන්න අම්මේ තාත්තේ කරුණාකරලා

=================================================================
කැළි කසල කළමනාකරණය පාසල් ප්‍රජාවගේ ජීවන පුරුද්දක් බවට පත් කොට සමාජගත කිරීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ්ගෙන් විශේෂ වැඩපිළිවෙළක්..

(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.28, ප.ව‍. ‍‍‍7.05) මේ වන විට බරපතල පාරිසරික ගැටළුවක් බවට පත් වී ඇති කැළි කසල ගැටළුවට පිළියම් යෙදීම සඳහා පාසල් මට්ටමින් විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබෙනවා.
පුවතක්... සවිස්තරව දැනගන්න පිවිසෙන්න පහත අඩවියට...
නමුත් ඊට පෙර සෝභිතාවතාර මතය විමසලා සිටින්නට තාරුණික වන්න..
================================================================================
එය මෙසේ විග්රහයට බඳුන් වේ...
අධ්යාපන අමාත්යවරයාගේ ඉහත සංකල්පනාව ඉතා විශිෂ්ඨ බව අවිවාදාත්මකයි. වැඩේ හරියටම හරි. පටන් ගන්න ඕන නියම තැන පාසලම තමයි.
ඉන් පසුව ඒ පාසල් දරුවන් හරහාම තම දෙමාපියන්ගේ පහත් පුරුදු වලට තිත තැබීමට උපක්රම යොදන්න තම තමන්ටම ලැජ්ජ හිතෙන්න. උදේ පාන්දරින් තම දරුවන් පාසල් යන්නට අන්ඳවාගෙන ත්රීවීලරයට හෝ මෝටර් බයිසිකලයට හෝ කාරයට වෑන් රථයට හෝ නග්ගවාගෙන ඒ වාහනයටම ගෙදර ඊයේ කුණු මල්ල හෝ මලු ටිකත් පටවාගෙන ගොස් තම දරුවන් හට යස පූර්වාදර්ශයක් ලබා දෙමින් හීන් සැරේ අතරමගදි කාගේ හෝ නිවසක් අසල හෝ පාළු ස්ථානයක හෝ බැරිමනම් යන ගමන්ම මහ පාරේ මැද හෝ අතහැර යන මාපිය ජාතිය නිසා හෙට බිහිවන දරුවාද තම අනාගත කුණු ප්රශ්නයට විසඳුම මාපිය අාදර්ශයෙන් ජීවිතයට පරමාදර්ශයක් කර ගනී.
අම්මගේ පෑඩ්... අප්පගේ (තීන්ත) කොපු... කාල ඉතිරි ඉඳුල් ටික... චිකන් කටු, මාළු බාෙකු, ෆ්රිජ් එකේ මාස ගානක් පල් වෙච්ච අලහොදි, වට්ටක්ක, පාන් වාටි, කැකිරි පිපිඥ්ඥ, කොත්තු කාෙල, රයිස් පෙට්ටි, යෝගට් කෝප්ප, නිල් වෙච්චි පෑන්ටි,  හිල් වෙච්චි යට කලිසම්, ලංකට් තව මොනවද මේ කුණු මල්ලේ අඩු දෝයි ගාල ලැජ්ජ නැතිව මහපාරේ අත හරින කාගේ හරි ගෙයක් දොරක් ලඟ කාලකන්නි ජාතිය... පාදඩ.. නොදකින්... තුහ්....
මේ වගේ බූරුවෝ තාම දන්නේ නැහැ මේවගේ අවලං වැඩවලට ධර්මයට අනුව ඵලදෙන කර්ම ඵලය ගැන. මුන් අනිවාර්යයෙන්ම ඊලඟ අාත්මයේ උපදින්නේ ඉහඳ පනුවෝ වෙලා බව.
යස අගේට සූට් අැඳගෙන ජැන්ඩියට ගියාට මොකද ඉහේ ඉඳන් පාදන්තෙටම අැතුලේ තියෙන්නේ ගූ... මොලේ පිරෙන්නත් එක්කම. එහෙම නොවනා කොයි මනුස්සයාටද අප්ප තමන්ගේ කුණු වගකට නැතිව කොහේ හරි අතාරින්න පුළුවන් බයක්, ලැජ්ජාවක්, හිරිකිතයක් නැතුව. අැයි අප්ප අපේ අරවද.. මේවද... සේරම ජරාව.. කුණු ජරාව අපිට නොපෙනෙන්න උනත් තව කවුරු හරි දැක්කොත් මොන ලැජ්ජාවක්ද දෙයියනේ...
ඒ වගේම තවත් මරු සෙට් එකක් ඉන්නවා මෝලේ උඩ වාඩි වෙච්චි... ලක්ෂ 50 හ 100 ය 200ය වියදම් කරල ෂෝයි එකට ගේ එහෙම හදල රු.75000/= ක ලක්ෂයක දෙකක විතර අලි විශාල ගේට්ටුවකුත් දාගත්ත කියහල්ලකෝ. පන යන වැඩේ කියන්නේ මේ ගොබ්බ සේනලා රිමෝට් එකෙන්ම ගේට්ටුව අැරල රිමෝට් එකෙන්ම ගේට්ටුව වහල යනව ජෙල් ගාල මේකප් දාල පොලිෂ් වෙලා හැබැයි බොරලික්කම් ටික ගේට්ටුවේ එල්ලලා දවස් ගනන් කුණු කාරයා නාවොත් ගඳ ගහනව ඕජස් පෙරි පෙරී හිල්වෙච්ච ෂොපින් බෑග්වල හිල්වලින්... අනේද කියන්නේ.ඒ.ඒ.. මුන්ගේ උගත් කම් හාෙඳ බල්ලන්ට නම් නෙවේ ඌරන්ටයි... චිහ්... වියදම් කරපන් අර ගෙදරටයි... තාප්පෙටයි... ගේට්ටුවටයි... වියදම් කරන සල්ලි වලින් එක සොච්චමක් තාප්පයේ හෝ වැටේ හෝ පැත්තකින් පාෙඩි කවුළුවක් හදන්න කුණු කාරයා එනකම් පිලිවෙලකට වැදගත් විදියට කුණු ටික තියන්න චැස්සට තෙමිල බලු කපුටෝ අැදල බල්බ් සෙට් එකක් වගේ එල්ලලා තියෙන බොරලික්කම් ටික පරිස්සම් වෙන්න. අනේ මන්ද මුන්ගේ මෝලේ කවදා පෑදෙයිදෝ...! දෙයියනේ...
ඔන්න ඔය වගේ දේවල් වලින් තමයි හලෝ මිනිස්සුන්ගේ කොලිටීස් බලන්නයි, මනින්නයි පුළුවන් වෙන්නේ. එහෙම නැතිව සුද්ද සීතල නිසා බෙල්ල හිර කරන් ඉන්න ටයි ගැටේ ගහ ගත්ත පලියටවත්... ටයිනම් මොනවද අප්ප අද කාලේ අර වොරන්ටි නිසා රිටන් අාපු කසඩ බඩු විකුණවන්න ටයි නකුටක් බෙල්ලේ ඔතල ගෙවල් ගානේ යවල බාල බඩු කරේ ගහන අට පාස් නැති වන්නිකරෙන් කාෙළම ලොකු රස්සාවල් හොයාගෙන එන මෝඩ කාෙල්ලන්ටත් අන්දන එකනේ.... මේ වගේ දුප්පත් ලමයි ඉතින් ටයි ගැටේට අහුවෙලා අර තක්කඩියන්ට ටික දවසක් හම්බ කරල දීල ටයි එක ගලෝල බල්ලන්ට දාල අාපහු යන්න යනවා ගමේ. මේ වගේ අහිංසක ලමයින් හැමදාමත් හෙට දවසේත් මේ ටයි ගැටේට අහුවෙලා කොළඹට එනවා යනවා... යනවා එනවා... ඉවරයක් නෑ... අරුන් ටිකනම් හැමදාම ගොඩ මේ ලමයි නම් හැමදාමත් අනාථයි. 
ඉතින් කුණු ගැන අාපහු කථා කරනවානම් කුණු කියන්නේ තමුන්ගේ සල්ලි නේද කියල අපේ උගත් ජනතාවට අාතතිය වැඩි නිසාදෝ නොපෙනී ගිහිල්ල තියෙනවා.
ඒ නිසා එයාලට අමතකයි තමන් රු. 35/- ට ගේන යෝගට් එකේ හිස් කොප්පයට රු.5 කුත්.. හැන්දට රුපියලකුත් ගෙවල තියෙන බව. රයිස් එකේ පෙට්ටියට 10 ක්, ලන්ච් ෂීට් එකට 1.50 ක්, කෝලා ලී.2 කේ හිස් එකට 20 ක් මේ අාදී වශයෙන් තමන් මාසිකව වෙහෙස මහන්සියෙන් උපයන අාධායමෙන් සැලකිය යුතු මුදලක් ගෙදරටම ගෙනැවිත් යලි අපද්රව්යය විදියට විසිකර දමන බව.
ඒකට ඉස්සර අපේ අාතා මුත්ත අාච්චි සීයා කාලේ ඉඩමේ 4 මායිමෙන් එහාට විසි කරන්න එක අබ අැටේක දෙයක් ගෙවල්වල තිබුනේ නැහැ කුණු යනුවෙන්. සියළුම දේවල් තම ගෙවත්තේම පොහොර වෙමින් බව බෝග නෙලා දුන් සම්පතකි කාටත් වැඩක් නැති කුණු යනුවෙන් හැඳින්වෙන්නේ වර්තමානය වන විට මිනී මරන්නට පවා සමත් වෙමින්..!
ජනතාවට සේවය කරන්නටැයි වහසි බස් දාෙඩා ඒ ජනතාවගේ කරමතින්ම පාර්ලිමේන්තුවට ගොස් සියළු යස ඉසුරු නිත්යානුකූලවම බුක්ති විඳිමින් දිනෙක නියත විශ්රාම වැටුපද සමගින් තවත් නතර නොවී සොරකම් මැරකම් ජඩකම් මදිවාට මේ වන විට කුණු කම්ද කරමින් ඒ උතුම් ජනතාවටම පාරාවලල්ලක් වෙමින් ඔවුන්ට මරු කැඳවා දෙන්නට තරම් වර්තමාන දේශපාලකයා කුණුවී තිබේ.
මෙය දියුණු වෙමින් පවතිනා අපගේ වන් රටකට කිසිසේත් නොගැලපෙන්නකි. ඒ නිසා අධ්යාපන අමාත්යය අකිල විරාජ්ගේ මෙම සංකල්පනාව ජාතික ප්රථිපත්තියක් කොට මතුවදී හෝ පත්වනා කිසිදු රජයකට වෙනස් කල නාෙහැකි වන ලෙස අධ්යාපන ක්ෂේත්රයට අැතුලත් කල යුතුය.
කසල යනු තමන්ගේම ධනයෙහි තැන්පත් කල අගය බවත්. ඒවා ප්රතිචක්රීය කිරීම හෝ එකතු කර විකුණා මුදල් කර හෝ යලි අාර්ථික වාසියක් අත්කර ගැනීමේ විද්යාත්මක වටපිටාව සකස් කරදීම අධ්යාපනය තුලින් හැර බලු වලිග කෙලින් කරලීම මේ රටේ දැනට පෙනෙන්නට අැති විදියට නම් විහිළුවකි.
සෝභිතාවතාර
2017/04/30

Thursday, April 27, 2017

හිටපු යමපාලන ජනපති ඝාතනය කරන්නට අවශ්යයනම් ඒ සඳහා බලයේ සිටිනා අාණ්ඩුවකට අවස්ථාවක් සකසා ගැනීමට වසර 2 ක් පුරා පෙරුම් පුරමින් කල් මරන්නට අවශ්යය නැත අවශ්යයතාවයක් තිබුනේනම්. බලලෝභී දූෂිතයින්ගේ බහට රැවටී පච වපුරන්නන්ට පිලිතුරක්. තීන්දුව සබුද්ධික ජනතාවට භාරයි..!

===================================================
හිටපු යමපාලන ජනපති ඝාතනය කරන්නට අවශ්යයනම් ඒ සඳහා බලයේ සිටිනා අාණ්ඩුවකට අවස්ථාවක් සකසා ගැනීමට වසර 2 ක් පුරා පෙරුම් පුරමින් කල් මරන්නට අවශ්යය නැත අවශ්යයතාවයක් තිබුනේනම්. බලලෝභී දූෂිතයින්ගේ බහට රැවටී පච වපුරන්නන්ට පිලිතුරක්. තීන්දුව සබුද්ධික ජනතාවට භාරයි..!
===================================================

2010 ජනාධිපතිවරනයෙන් ජයග්රහනය කල සරත් ෆොන්සේකාගේ ප්රථිපලය විකෘති කාෙට හිටපු මැතිවරන කොමසාරිස්ට අාතතිය අැති වන්නට වැඩ සිදු කර....


තවත් හමුදාපතිවරයෙකුට යුද්ධය අවසන් කරන්නට ඉඩ තියන්නේ නැතැයි කියූ දේ කල කල දේ කී අභීත සෙන්පතියා සරත් ෆොන්සේකා බොරු චෝදනා පවරා අැදගෙන ගාෙස් හුස්ම ටිකවත් නිදහසේ ගන්නට බැරි අඳුරු කුටියක සිර ගත කොට උපක්රමශීලීව මියෑදෙන්නට කුමන්ත්රනය කල හිටපු යමපාලන ජනපති...

වත්මන් යහපාලන ජනපති මෛත්රීපාල සිරිසේන 2015 ජනාධිපතිවරනයේ පොදු අපේක්ෂකයාව සිටියදී අඩි 6 ක් පොලව යටට යවන්නට සිහින දුටු හිටපු යමපාලන ජනපති ඝාතනය කරන්නට අවශ්යයනම් ඒ සඳහා බලයේ සිටිනා අාණ්ඩුවකට අවස්ථාවක් සකසා ගැනීමට වසර 2 ක් පුරා පෙරුම් පුරමින් කල් මරන්නට අවශ්යය නැත අවශ්යයතාවයක් තිබුනේනම්.

නමුත් දෛවයේ සරදමකට හෝ යම් ලෙසකින් 2015 ජනවාරි 8 අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවය කනපිට හැරී හිටපු ජනපති යලිත් බලයට පැමිනියානම්...

මේ වන විට වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, ඊනිව්ස් කතුවරයා, සෝභිත මාහිමිපානෝ අැතුළු තවත් දේදුනු විප්ලවයේ සෙන්පතියන් ගනනාවක් මරා වැලලූ තැන්වලින් මතුඋනු නිදිකුම්බා ගස්වල මල්ද... පොඩිසිංඥාමරං ගස්වල මල්ද දැක ගත හැකි වන්නේ ඒ මලකඳන් මෝර තටාකවල නාෙගිල්වූවොත් හෝ ගිරිතලේදී මුහුදු පත්ලට නොගොස් තිබුනහොත් පමනි.

එම නිසා ජිවිත අවධානමක් තිබුනේ කාටද යන්න මැනවින් සිහියෙන් බුද්ධියෙන් සිතා බලා කිරා මැන නිවැරදි තීන්දු ගත් යහපාලනවාදී දේදුනු ප්රජාව නාෙසැලී සිටිනා තාක් මින් මනත මේ රටේ යහපාලනයක්ම මිස යමපාලනයක් වනු හෝ කරවනු බොරුය.

එමෙන්ම සියළු පාට පක්ෂවල සිටිනා පිරිසිඳු දේශපාලකයින් සහ ඒකරාශී කරගන්නට සැලසුම් කර අැති නව්යය මුහුනු සහ කුළුඳුල් නව නායකත්වයක්ද සමගින් 2020 දී මේ රටේ දේශපාලනය ලෝකයටම පරමාදර්ශී වෙමින් මහා ජන බලයක් සමගින් නව්යය දේශපාලන සංස්කෘතියක් බිහි කොට දූෂිත මැර තක්කඩි දේශපාලකයින්ගේ ඉරනමත්... දශක ගනනාවක් විඳි දුක් කරදර පීඩා දුරු කොට මෙරට ජනතාවගේත් මතු පරම්පරාවන්ගේත් දෛවයත් රන් අකුරින් ලියා සෝභිත මාහිමිපානන්ගේ සිහිනය වූ ජාති අාගම් කුල මල භේදයන්ගෙන් තොරව සැමට සාධාරන සමාජයක් බිහිකරලීමේ අවසන් මෙහෙයුම සක්රීය කොට බල ගන්වන බවට නැවත නැවතත් සපත කරමි.

සෝභිතාවතාර විශ්වයේ සිට අවධාරනය කරයි.
2017/04/27

Wednesday, April 26, 2017

හමුදාව සූදානම් කරන්නැයි ජනපති ෆොන්සේකාගෙන් ඉල්ලයි.

හමුදාව සූදානම් කරන්නැයි ජනපති ෆොන්සේකාගෙන් ඉල්ලයි.
සෝභිතාවතාරගේ උපදෙස් කෝමේ සිරිසේන අපූරුවට පිලිපදිනා වගයි.