Wednesday, October 5, 2016

රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේ කේසර සිංහයා පිදෙල් කස්ත්රෝ විසින් 1953/07/23 දී කියුබාවේ හවානාහි මහාධිකරණයේදී සිදුකල ප්රකාශයක් හුවා දක්වමින් ශ්රීලාංකේය අධිකරන ක්ශේෂ්ත්රයේ සිටිය හැකි සමහර දූෂිත විනිසුරු තුමන්ලා සහ නීතිඥවරුවන් හට ජනතාව වෙනුවෙන් කදිම අවවාදයක් සිදුකරයි.

================================================

ගෞරවනීය විනිශ්චයකාරවරුනි ඔබ හොරකමක් සම්බන්ධව විත්තිකරුවෙකුට එරෙහිව නඩුවක් විභාග කරන විටදී ඔහු කොතරම් කාලයක් විරැකියාවෙන් පෙලුනේද, ඔහුට ජීවත් කරවීමට දරුවන් කීදෙෙනකු සිටීද, සතියේ කීදවසක් ඔහු අාහාර නොගත්තේද, යනුවෙන් ඔබ නොඅසන්නෙහිය. ඔහුගේ පරිසර තත්ත්වය ගැන ඔබට තැකීමත් නැත. ඔබ කරදර නොවීම ඔහුව දඟගෙට යවනු අැත. බඩගින්නට හොරකම් කල දුප්පත් කාලකන්නියා ඔබ දඟගෙට යවන්නෙහිය. එහෙත් රජයෙන් මිලියන ගනන් හොරකම් කරන එකෙකුවත් ඔබ එක රැයකටවත් සිරගෙට යවන්නේ නැත. ඒ මොකද ඔබ උන් සමග රාත්රී භෝජන ගන්නා නිසාය. 

පිදෙල් කස්ත්රෝගේ මෙම කියමන අදටත් හැම රටකම හැම කාලෙකටම වලංගුය.

https://www.facebook.com/real.rr/?hc_ref=PAGES_TIMELINE&fref=nf
===========================================
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා ජනතාව වෙනුවෙන් රන්ජන්ට අාශිර්වාද පතයි.

Wednesday, September 28, 2016

බලන්ගොඩ අානන්ද මෛත්රී හිමි අපවත් වන තුරු පිලිපැද අැති මෙය දකිනා සහ අසනා සියළුම දෙනාට ඉතා වැදගත් පුරුදු තුනක් පිලිබඳ තොරතුරු සෝභිතාවතාර විසින් සමස්ත ජනතාව වෙත ලියා දන්වන වගයි...

==============================================
(01) උන් වහන්සේ සතියකට දින එකක් නොකඩවා කිතුල් පිටි කැඳ පානය කර අැත. එමගින් උන් වහන්සේ අපෙක්ෂා කර අැත්තේ කිතුල් පිටිවල පවතින්නා වූ කියා නිම කල නොහැකි තරම් වන අධිපෝෂනය තම ශරීරය වෙතට ලබා ගැනීමය.

නමුත් වර්තමානය වන විට ගැටළුවක්ව අැත්තේ 100% ක් නිවැරදි ලෙස නිෂ්පාදනය කරනු ලබනා කිතුල් පිටි විවෘත වෙලඳ පලෙහි හෝ වෙනත් අදාල අායුර්වේදීය අායතන තුල හෝ රජයේ අායුර්වේදීය අායතන හෝ නොමැති කමය.

අසා අැති පරිදි 100% නිවැරදි නියම කිතුල් පිටි පවතින්නේ කිතුල් බොඩය පත්ලෙහිය. එක් කිතුල් බොඩයක් තුලින් ප්රමිතියෙන් යුත් කිතුල් පිටි නිෂ්පාදනය කල හැකි වන්නේ ග්රෑම් 500 පමන බව කියැවෙයි.

මෙවන් වටිනා ශාක අප රටතුල කෘෂිකාර්මීය වශයෙන් හෝ ප්වර්ධනය නොකරනා නිසා මේ වන විට කිතුල් ගස් සම්පූර්නයෙන්ම වඳ වී යන තත්ත්වයට පත්ව අැත.

එම නිසා වෙළඳ පලේ බහුල වශයෙන් පවතිනා සහ අායුර්වේද මධ්යස්ථානවල පවතිනා කිතුල් පිටි සම්පූර්න කිතුල් බොඩයම පලා පිටි කර ලබා ගන්නා නිසි ප්රමිතියේ නොමැති ඒවා බවද කියැවෙයි.
සැ.යු.
====
මේ සම්බන්ධයෙන් පරිසර අමාත්යය ගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ගේ අවධානය යොමුවනු අැතැයි අපේක්ෂා කරමි. (සෝභිතාවතාර)
=============================================
(02) අානන්ද මෛත්රී හිමිගේ දෙවැනි පුරුද්ද වී අැත්තේ සතියකට දින දෙකක් කරපිංචා කොල කැඳ පානය කිරීමයි.

ඊට හේතුව ලෙස දැන ගන්නට අැත්තේ මිනිස් ශරීරය තුල පවතින බොහෝ රෝගකාරී වසවිෂ කරපිංචා ඉස්ම තුල අැති ප්රබල ඖෂධීය ගුණය තුලින් ශෝධනය කර හැර රෝග පීඩාවන් හට ශත්තිමත්ව මුහුන දිය හැකි ස්වයං ප්රතිශක්තිය වර්ධනය කරවා නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කිරීමය.
=============================================‍
(03) උන්වහන්සේගේ අවසන් චර්යාව වී අැත්තේ දිනපතාම රාත්රීයේ සැතපීමට පෙර ලුණු දියරින් මුඛ ශෝධනය කිරීමය.

එමගින් උන්වහන්සේ අපේක්ෂා කර අැත්තේ සියළු මුඛ රෝග සහ දන්ත අාබාධ වලකා මුඛ දුර්ඝන්ධය වලකා නිරෝගීමත් දන්ත කල්යානියක් පවත්වාගෙන යාමත් ප්රභාෂ්වර මුඛයක් පවත්වා ගනිමින් තම බැතිමතුන් හමුවේ ප්රසන්න ලෙස බන පිරිත් අනුශාසනා දේශනා කල හැකි මහා පෞර්ශයය පවත්වාගෙන යාමය.
=============================================
අපවත් වන තුරු උන්වහන්සේ පිලිපැදි ඉහත සුවිශේෂී චර්යා හේතුවෙන් සියක් වසක් අභිබවා අායු වඩන්නට තරම් හේතු වාසනා ලැබූ බව විශ්වාස කල හැක.

සටහන - නිරෝගීමත් කමත් ප්රසන්න බවත් අගයනා සියල්ලන් මෙමගින් යමක් තම ජීවිත තුලට ලබා ගනිත්වා.

එපින් බලයෙන් බලන්ගොඩ අානන්ද මෛත්රී හිමියන් මතු බුදු බව ලබත්වා...

මෙය කියැවූ සහ තම ජීවිතයට යමක් උකහා ගත් සියල්ලන් හට දීර්ඝායු වේවා.

බුදුන්ගේ සරණයි. සියළු දෙවි රැකවරනයි.

සෝභිතාවතාර
(2016/09/28)
==============================================
අාශ්රිත වෙනත් තොරතුරු සඳහා පිවිසෙන්න

Sunday, September 25, 2016

PEO TV නැත්නම් ඕනම TV එකක් පරනයි - පම්පෝරි SLT පුහු අැඩ්

PEO TV නැත්නම් ඕනම TV එකක් පරනයි - පම්පෝරි SLT පුහු අැඩ්
================================
Sri Lanka Telecom අායතනය විවිධ මාධ්යය ඔස්සේ විවිධ ප්රචාරක ක්රම මගින් උපාය මාර්ගිකව PEO TV සහ Internet සේවා සැපයුම් සඳහා පාරිභෝගිකයින් ඒකරාශී කර ගත්තද....

මේ වන විට රට පුරා විවිධ පලාත් වලින් එකී සේවාවන්ගේ පවතින්නා වූ සුවිශාල මන්දගාමීත්වයන් පිලිබඳ මැසිවිලි පාරිභෝගික ජනතාවගෙන් නිතිපතා අසන්නට දකින්නට ලැබෙමින් පවතී.

එම නිසා තව දුරටත් ටෙලිකොම් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් නොකොට අය කරනා ගාස්තුවලට සරිලන සේවා පලදායිතාවයක් පවත්වාගෙන යන ලෙස ගරු අමාත්යයතුමන් සහ ගරු සභාපති තුමන් වෙත ජනතාව වෙනුවෙන් අවධාරනය කර සිටියී.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා විසින් ලියා දන්වන වගයි
2016/09/25

Saturday, September 17, 2016

නාමේ නොදිරනා කුණුකය දිරනා අරුමෙකි සෝබා සංසාරේ...

හිටපු ජනපති වරයකු වූ දිවංගත ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ 110 වැනි ජන්ම දිනය සමරන මොහොතේ ජීවතුන් අතර සිටිනා නායකයින් දැන ගත යුතු සබුද්ධික ජනතාවගේ සටහන...
1977 න් පසුව එතුමානන් රටේ සුවිශේෂී යුග පෙරලියක් අැති කිරීමට සමත් උවත්....

එකල මෙතුමානන් රාජ්යය පාලනය කල දැඩි අත්තනෝමතික ක්රියා කලාපයන් සහ නීතිය අතට ගැනීම්ද... විධායක බලය අයුතු ලෙස භාවිතා කිරීම් වැනි දෑද.... අප මව්බිම පාලනයකින් තාෙරව ලෝකයට විවිර කිරීම නිසා සදාකාලයටම වෙනස් කල නොහැකි තරමට රටට සිදුවුනු විනාශයන්ද අමතක වීමට හෝ කිරීමට සබුද්ධික ජනතාව මැරී ඉපදිලා නැති බවත් අමතක කල යුතු නැත..

ඒ නිසාම පසුගිය එජාප 70 වන සංවත්සරයේදී වත්මන් අගමැති රනිල් වික්රමසිංහ මැතිතුමාට ජවතාව ඉදිරියේ සමාව ගැනීමටද සිදු විනි... 

එහෙයින් අතීතයේ සිට දිගින් දිගටම අරාජික වුනු රට යලිත් නිසි මගට ගැනීමට එදා මෙදා තුර තම නායකයින් රට තුල සිදුකල නොමනා පාලන යුග තුල රට අරාජිකත්වයට පත්වීමට හේතු පාදක වුනු කරුණු කාරනා පිලිබඳ මනා අවබෝධයක් පන්නරයක් ලබා සිටිනා දශක ගනනාවක් පුරා රට කරවූ ප්රධාන පක්ෂ දෙකේ වත්මන් නායක දෙපල ජනපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සහ අගමැති රනිල් වික්රමසිංහ මැතිතුමන්ලා අසීමිත වෙහෙසක් දරනා බව රටටම පෙනෙන්නට අැති සත්යයකි.

දශක ගනනාවක් පුරා රටට කරුමයක් වුනු ඒ පාදඩ ව්යවස්ථාව වෙනස් කිරීමට වත්මන් නායක දෙපල ගන්නා උත්කෘෂ්ඨ උත්සාහයම ඊට කදිම නිදර්ශනයකි.

සතියට දින දෙකක් (අහරුවාදා සහ සිකුරාදා) බතල මයියොක්කා කෑමට කියා දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවා රට සංවර්ධනය කොට නිදහස් නිවහල් ස්වංපෝශිත රාජ්යයක් බිහි කිරීමට සැරසුනු සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියගේ දුර දක්නා වැඩ පිලිවෙල අැට අටේ ජන්ද පොරොන්දුවෙන් කඩාබිඳ දමමින් බඩජාරී දුර නොදක්නා ජනතාව රවටා 6/5 ක අසීමිත බලයක් ලබාගෙන විධායක ජනාධිපතිවරයෙකු වී හිස් කාෙලවලට අත්සන් ලබාගෙන තම අැමති මණ්ඩලයම ගොළුවන් සහ බිහිරන් බවට පත්කර නීතියේ අාධිපත්යය සාක්කුවේ දමාගත් මෙතුමානන් රටට සිදුකල අයහපත් දේද සබුද්ධික ජනතාවට අමතක නැත.

ලෝකයේ ප්රතම අගමැතිනිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්රජා අයිතිය ඉතාමත් අසාධාරන ලෙස අහිමි කිරීමට තරමටම මෙම නායකයා පුරුෂයෙකුට නොහොඹි තරමේ අඳබාල තත්ත්වයකින් රාජ්යය පාලනය කරන්නට යෙදුනි.

මෙය ජීවතුන් අතර නැති අයෙකු හට නිගා කිරීමක් සඳහා සටහන් තබන්නක් නොව ජීවතුන් අතර නැතත් යමෙකු ජීවතුන් අතර සිටියදී සිදුකරනා යහපත් දේ මෙන්ම අයහපත් දේද සදා නොමියනා බව වත්මන් නායකකාරකාදීන් සහ විශේෂයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දැන ගැනීම පිනිස සටහන් තබනා වගයි...

ඒ අාකාරයෙන් වැරදි පාලන ක්රම නිසා හිටපු සමහර නායකයින් විසින් දශක ගනනාවක් අාපස්සට අැද දැමූ දේශය නව අාකල්ප තුලින් යලි ගාෙඩ ගැනීමට අසීමාන්තික වෙහෙසක් කැප කිරීමක් දරනා වත්මන් ජනපති සහ අගමැති සුසංයෝගයට භේදයකින් තොරව සියළුම රට වැස්සන් සහ පක්ෂ විපක්ෂ සියළුම මැති අැමති මන්ත්රී තුමන්ලා සැවොම එකාවන්ව සහයෝගය ලබා දීමෙන් ඒ සැවොමගේම අාදරවන්ත දරු මල්ලන් හට අත්දැකීම් තුලින් අති සාර්ථකත්වයට පත්වුනු ලෝකයේ පවතින වාසනාවන්තම දේශයේ සුවසේ විසුමට භාග්යය උදාකර දිය හැකි වනු අැත.

මෙය සියළුම රට වැස්සන් හට රට ගොඩ ගැනීමට ලැබී අැති අවසන් අවස්ථාව බව අවධාරනය කරමි.

එමනිසා දේදුනු විප්ලවය සිදුකොට වත්මන් නායක දෙපල බලයට පත්කොට රට නිසිමග වෙත හැරවීමට පුරෝගාමී වූද.. සාධාරන සමාජයක් බිහි කරලීමේ තම අරමුන ඉටුවන තුරු අවතාරයක්‍ව විශ්වයේ සැරිසරනා අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත හිමිපානන් හට තව වැඩිකල් නොගොස් නිවන් මගට පිවිසීමට ඉඩකඩ වත්මන් නායක දෙපල උදාකරනු අැති බව විශ්වාසය.

සත්පුරවැසියා සෝභිතාවතාර වෙනුවෙන් සටහන තැබූ වගයි.
2016/09/17

Wednesday, September 14, 2016

දූෂිත ඇමැතිවරු ඉවත් කෙරෙන කැබිනට් සංශෝධනයක්..! වනචර දශකයේ අපරාධ දූෂන ගැන එක දිගට නඩු අහන විශේෂ අධිකරණයක්..! ජනාධිපතිගෙන් සිවිල් නායකයන්ට පොරොන්දුවක්..!!

==============================================================

  සටහන  -  

සෝභිත හිමිගේ සාධාරන සමාජයක් බිහිකිරීමේ සිහිනය සැබෑ කරනා බවට උන් වහන්සේගේ නිසල දේහය අභියස එදා සපත කල ජනාධිපති තුමා එම ප්රකාශය යථාර්තයක් කිරීමට සැරසීම තම අභිප්රායය ඉටුවන තුරු විශ්වසේ සැරිසරනා සෝභිත හිමිගේ නිවන් මග විවර කිරීමේ මහා පුණ්යය කර්මයකි.

සෝභිතාවතාර - 2016/09/14

==============================================================

දූෂිත ඇමැතිවරු ඉවත් කෙරෙන කැබිනට් සංශෝධනයක්..! වනචර දශකයේ අපරාධ දූෂන ගැන එක දිගට නඩු අහන විශේෂ අධිකරණයක්..! ජනාධිපතිගෙන් සිවිල් නායකයන්ට පොරොන්දුවක්..!! 

(http://www.lankaenews.com/news/4540/si)



(ලංකා ඊ නිව්ස් -20­­­­16.සැප්.14, පෙ.ව‍‍‍‍‍‍‍.3.15) අගමැතිවරයා සමගද සාකච්ඡා කර දූෂිත සහ අකාර්යක්ෂම ඇමැතිවරුන් ඉවත් කර අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරන බවත්, දුමින්ද සිල්වාගේ නඩුව එක දිගට ඇසුවා සේ පසුගිය කාලයේ සිදුවූ අපරාධ දූෂන එක දිගට විභාග කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවීමට කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(13) රාත්‍රී සිවිල් සංවිධාන 48 ක නායකයන්ගේ අත් පොලසන් හඬ මධ්‍යයේ ශපථ කෙළේය.
ජනාධිපතිවරයා මෙසේ ශපථ කෙළේ පොදු අපේක්ෂකයා ලෙස තමාව ජනාධිපති පුටුවට ඔසවා තැබීමට එදා ගිවිසුම් අත්සන් කළ සිවිල් සංවිධාන 48 ක ජනතා නියෝජිතයන් වෙනුවෙන් ඊයේ රාත්‍රී කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැති රාත්‍රී භෝජනය සහ සුහද හමුවේ දීය.
රාත්‍රී 8 ට සුහද හමුව ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් එය රාත්‍රී 9 පමණ වූයේ ජනාධිපතිවරයා පොතක් පිළිගැන්වීමේ උත්සවයකට සහභාගී වීමට ගොස් යලි ඒමට පමා වීම හේතුවෙනි. 
සුහද හමුව අමතමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතා කියා සිටියේ ‘අප කිසිවෙකුට පුද්ගලික න්‍යාය පත්‍ර නොමැති බවයි‘. දූෂිත සහ අකාර්යක්ෂම ඇමැතිවරුන් ඉවත් කරමින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කරන ලෙසත්, දුමින්ද සිල්වාගේ නඩුව එක දිගට ඇසුවා සේ පසුගිය කාලයේ සිදුවූ අපරාධ දූෂන සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් පිහිටුවන ලෙසත් ඇතුළු, ජනාධිපති වරයාගෙන් සිවිල් සංවිධාන නායකයන් බලාපොරොත්තු වන ඉල්ලීම් සහිත සංදේශයක් මහාචාර්යවරයා විසින් කියවා එය ජනාධිපතිවරයාට පිළිගැන්වූයේය.  (සංදේශයේ අඩංගු සම්පූර්ණ කරුණු වෙනත් ප්‍රවෘත්තියක සඳහන් කෙරේ) ජනාධිපතිවරයා කියා සිටියේ අගමැතිවරයාද සමග සාකච්ඡා කොට ඒ සියලු කරුණු ඉටු කිරීමට තමන් නොපැකිලව කටයුතු කරන බවයි. සියළු නියෝජිතයෝ අත් පොලසන් දෙමින් ඊට සතුට පළ කළහ. 
සිවිල් සංවිධාන නියෝජිතයන් නිතර හමු නොවුනද තමා ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට ඔවුන් කරන ලද කැපවීම්, පරිත්‍යාගයන්, බාර ගත් අභියෝගයන් තමා කිසිදා අමතක කර නොමැති බවත් තමාගේ හදවතේ එය සදා රැඳෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. හදිසි අවශ්‍යතාවයක් සඳහා තමා හමුවීමට ‘ඇපොයින්මන්ට්‘ අනවශ්‍ය බවත් උදේ 8.30 පමණ පැජට් පාරේ තම නිවසට පැමිණියහොත් හමුවිය හැකි බවත් පැවසූ ජනාධිපතිවරයා‘හැබැයි ඔක්කොම එක දවසේ එන්න එපා‘ යැයි සිනහා සෙමින් පැවසීය.  
කතාව ආරම්භයේදී තමා මේ රටේ 6 වෙනි ජනාධිපතිවරයා වීමෙන් පසු මේ දක්වා අවුරුද්දකුත් මාස 8 ක කාලය තුල මෙතෙක් මේ රටේ සිටි සියළු ජනාධිපතිවරුන්ට වඩා වෙනස් ඉතාමත් අසීරු අභියෝගයන්ට දුෂ්කරතාවයන්ට ගැටළු වලට මුහුණ දුන් බව කී ජනාධිපතිවරයා කියා සිටියේ අනෙකුත් සියළු ජනාධිපතිවරුන්ට මුල් අවුරුදු 1 - 2 දුෂ්කරතා අඩු කාලය වූ බවයි. පැවැති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් එජනිසයට තිබියදී ආසන 47 ක් තිබූ එජාපයෙන් අගමැතිවරයෙකු පත් කිරීමෙන් පසු ආ අභියෝග යලි මතක් කරමින් එසේ වී නමුත් 19 වෙනි සංශෝධනය සියළු දෙනාගේම කැමැත්තෙන් සම්මත කර ගැනීමට හැකි වූ බවත් එවැනි දෙයක් ඊට පෙර කිසිවෙකුට කරන්න හැකිවූයේ නැති බවත් මතක් කෙළේය. පසුව අය වැයෙන් ජනතාවට ක්ෂණික සහන ලබා දී එයද තුනෙන් දෙකකින් සම්මත කර ගත් බවත් ඉන්පසුව අගෝස්තු 17 දා ඡන්දයේ දී මැතිවරණ ප්‍රකාශණ වල සම්මුති ආණ්ඩුවක් හදන බව කීවත් නොකීවත් ජනතාව කිසිවෙකුට තනි බලයක් නොදුන් බැවින් සම්මුති ආණ්ඩුවක් හැදීම කළ යුතුව තිබූ බවද තමන් එය හැදූ බවද කීවේය.  
ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් සියළු දේ ගැන තමන් සතුටු නොවන අතර සතුටු නොවන කාරණාත් තිබෙන බවත් කී ජනාධිපතිවරයා ඒ ගැන කතා කිරීමට බලාපොරොත්තුවක් නැති බවත් පැවසීය. කළ යුතු සෑම දේම පැය 24 න් කරන්න පුළුවන් නම් තමා කරන නමුත් එසේ කළ නොහැකි බවත් ආර්ථික දේශපාලන සහ ජාත්‍යන්තර තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් කළ යුතු දේ උපරිමයෙන් සෙමෙන් කිරීමට තමා කැපවෙන බවද  විවේචනය කරන බොහෝ දෙනා ඒ ගැන නොතකන බවද ජනාධිපතිවරයා පැවසීය. 
“සෑම අවස්ථාවකම මං හරියි කියලා මං කියන්නේ නෑ.. ලෝකේ සර්ව සම්පූර්ණ මිනිසුන් කවුරුත් නෑ“ යිමෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පවසද්දී එවැනි නිහතමානී ප්‍රකාශයක් මීට පෙර ලංකාවේ සිටි කිසිදු නායකයෙක් බලයේ සිටියදී පවසා නැතැයිද සියලු දෙනාම කියා ඇත්තේ තමාගේ ‘සංකල්ප‘ තමාගේ ‘චින්තන‘ මහානර්ඝ බව යැයිද  සහභාගී වී සිටි සිවිල් සංවිධාන නායකයන් අතර කතා බහට ලක්වීම විශේෂයත්වයක් විය.
ජනාධිපතිවරයාගේ කතාව අවසානයේ දී සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ ලේකම් වරයාද ජනාධිපතිවරයා වෙත සංදේශයක් ඉදිරිපත් කෙළේය. (එය පසුව පළ කෙරෙනු ඇත.) 
---------------------------
by     (2016-09-13 21:59:20)

Saturday, July 30, 2016

සෝභිතාවතාර අාරම්භයේ සිටම ජනාධිපතිවරයාගේ විශ්වසනීයත්වය පිලිබඳව පලකල සියළු පුවත් සත්යය බවට මෙන්න සාක්ෂි පිට සාක්ෂි....


ජනාධිපති නියෝග නොපිට හැරවූ ආරක්ෂක ලේකම් කැඳවා දෝස්මුරයක්..!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ‘දැඩි දෝෂ දර්ශනය‘ සම්බන්ධයෙන්ද ජනතාවට වචනයක් ලිවිය යුතුය. මෛත්‍රීපාල සිරිසේන මහතා සාමාන්‍යයෙන් නිවුණු, කෝප නොගන්නා, පරිස්සමින් වචන භාවිතා කරන පුද්ගලයෙක් වුවද ලේකම්වරුන්ගේ රාජකාරි පැහැර හැරීම් සම්බන්ධයෙන් ‘දෝෂ දර්ශනයට ලක් කිරීම‘ නම් අසාගෙන සිටින අයෙකුට සිතෙන්නේ ‘අයියෝ මෙතරම් බැනුම් අහගෙන මොකට මේ ලේකම්කම් කරනවාද?‘ කියා ය.  

ඒ අනුව.....

සවිස්තර සඳහා පිවිසෙන්න - http://www.lankaenews.com/news/4339/si
-------------------------------------------------------------------------------------------------------------------------
සෝභිතාවතාර අාරම්භයේ සිටම ජනාධිපතිවරයාගේ විශ්වසනීයත්වය පිලිබඳව පලකල සියළු පුවත් සත්යය බවට මෙන්න සාක්ෂි පිට සාක්ෂි....

යහපාලන ලැදි ජනතාවනි, තව තවත් ඉවසලා බලා සිටින්න... මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා... පරාජයෙන්ම තෙම්පරාදුව සිටිනා රනිල් වික්රමසිංහ අගමැතිවරයාගේද පූර්න සහාය අැතිව තම නිල කාලය අවසන් වීමට පෙර අප රට උඩුයටිකුරු කොට මකල හදල ගන්නා සැටි...

අපි හැමෝගේම දුවා දරුවන් හට සැකබිය නැතිව... හිරිකිත නැතිව... ගරු කටයුතු ලෙස විසිය හැකි අභිමානවත් දේශයක් ගොඩ නගා දෙන දවස වැඩි අෑතක නැත. ඒ නිසා විශ්වාසය පලුදු කොට නොගෙන බලා සිටින්න. ඉවසීමෙන් සදා සැනසීම ලැබේ

මෙය සෝභිතාවතාරයේ ශක්තිමත් තවත් අනාවැකියකි...
2016/07/30

Thursday, June 30, 2016

සෝභිතාවතාර අනාවැකි...

පුවතක්...
‘අද සිට මගේ නායකයා රනිල්‘ - සරත් ෆොන්සේකා
‘හමුදා දෙක මුණ ගැහුනා, දැන් එක්වී පහර දෙනවා‘ - රනිල්
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයන් එජාප යාවජීව සාමාජිකත්වය ලබා ගනී (ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.30, ප.ව‍‍‍‍‍‍.7.00)
http://www.lankaenews.com/news/4212/si/si 
==================================================================
සෝභිතාවතාර අනාවැකි...
==================================================================
ශ්රීලාංකේය දේශපාලන යුග පෙරලියේ අද්විතීය ගමනක මීලඟ ප්රථිවිප්ලවීය දිගුවේ සමාරම්භයයි මේ. අනාගත යහපාලන සම්මුතිවාදී 2020 ජාතික අාණ්ඩුවේ අගමැති ධූරයෙන් පිදුම් ලබනා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමනි ඔබට ජයෙන් ජය...


සුදුස්සාට සුදුසු තැන හිමිකර දෙන අගමැති තුමනි. ඔබට බාෙහෝමත්ම ස්තුතියී.‍
සෝභිතාවතාර


(බොක්සිං ගේම්වලට එහෙම කැමති අය ඉන්නවානම් දැන්ම සිටම පුහුනු කටයුතු සිදුකර සූදානමින් හිටියොත් අැඟට ගුණය)