Wednesday, September 14, 2016

දූෂිත ඇමැතිවරු ඉවත් කෙරෙන කැබිනට් සංශෝධනයක්..! වනචර දශකයේ අපරාධ දූෂන ගැන එක දිගට නඩු අහන විශේෂ අධිකරණයක්..! ජනාධිපතිගෙන් සිවිල් නායකයන්ට පොරොන්දුවක්..!!

==============================================================

  සටහන  -  

සෝභිත හිමිගේ සාධාරන සමාජයක් බිහිකිරීමේ සිහිනය සැබෑ කරනා බවට උන් වහන්සේගේ නිසල දේහය අභියස එදා සපත කල ජනාධිපති තුමා එම ප්රකාශය යථාර්තයක් කිරීමට සැරසීම තම අභිප්රායය ඉටුවන තුරු විශ්වසේ සැරිසරනා සෝභිත හිමිගේ නිවන් මග විවර කිරීමේ මහා පුණ්යය කර්මයකි.

සෝභිතාවතාර - 2016/09/14

==============================================================

දූෂිත ඇමැතිවරු ඉවත් කෙරෙන කැබිනට් සංශෝධනයක්..! වනචර දශකයේ අපරාධ දූෂන ගැන එක දිගට නඩු අහන විශේෂ අධිකරණයක්..! ජනාධිපතිගෙන් සිවිල් නායකයන්ට පොරොන්දුවක්..!! 

(http://www.lankaenews.com/news/4540/si)



(ලංකා ඊ නිව්ස් -20­­­­16.සැප්.14, පෙ.ව‍‍‍‍‍‍‍.3.15) අගමැතිවරයා සමගද සාකච්ඡා කර දූෂිත සහ අකාර්යක්ෂම ඇමැතිවරුන් ඉවත් කර අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරන බවත්, දුමින්ද සිල්වාගේ නඩුව එක දිගට ඇසුවා සේ පසුගිය කාලයේ සිදුවූ අපරාධ දූෂන එක දිගට විභාග කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවීමට කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(13) රාත්‍රී සිවිල් සංවිධාන 48 ක නායකයන්ගේ අත් පොලසන් හඬ මධ්‍යයේ ශපථ කෙළේය.
ජනාධිපතිවරයා මෙසේ ශපථ කෙළේ පොදු අපේක්ෂකයා ලෙස තමාව ජනාධිපති පුටුවට ඔසවා තැබීමට එදා ගිවිසුම් අත්සන් කළ සිවිල් සංවිධාන 48 ක ජනතා නියෝජිතයන් වෙනුවෙන් ඊයේ රාත්‍රී කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැති රාත්‍රී භෝජනය සහ සුහද හමුවේ දීය.
රාත්‍රී 8 ට සුහද හමුව ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් එය රාත්‍රී 9 පමණ වූයේ ජනාධිපතිවරයා පොතක් පිළිගැන්වීමේ උත්සවයකට සහභාගී වීමට ගොස් යලි ඒමට පමා වීම හේතුවෙනි. 
සුහද හමුව අමතමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතා කියා සිටියේ ‘අප කිසිවෙකුට පුද්ගලික න්‍යාය පත්‍ර නොමැති බවයි‘. දූෂිත සහ අකාර්යක්ෂම ඇමැතිවරුන් ඉවත් කරමින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කරන ලෙසත්, දුමින්ද සිල්වාගේ නඩුව එක දිගට ඇසුවා සේ පසුගිය කාලයේ සිදුවූ අපරාධ දූෂන සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් පිහිටුවන ලෙසත් ඇතුළු, ජනාධිපති වරයාගෙන් සිවිල් සංවිධාන නායකයන් බලාපොරොත්තු වන ඉල්ලීම් සහිත සංදේශයක් මහාචාර්යවරයා විසින් කියවා එය ජනාධිපතිවරයාට පිළිගැන්වූයේය.  (සංදේශයේ අඩංගු සම්පූර්ණ කරුණු වෙනත් ප්‍රවෘත්තියක සඳහන් කෙරේ) ජනාධිපතිවරයා කියා සිටියේ අගමැතිවරයාද සමග සාකච්ඡා කොට ඒ සියලු කරුණු ඉටු කිරීමට තමන් නොපැකිලව කටයුතු කරන බවයි. සියළු නියෝජිතයෝ අත් පොලසන් දෙමින් ඊට සතුට පළ කළහ. 
සිවිල් සංවිධාන නියෝජිතයන් නිතර හමු නොවුනද තමා ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට ඔවුන් කරන ලද කැපවීම්, පරිත්‍යාගයන්, බාර ගත් අභියෝගයන් තමා කිසිදා අමතක කර නොමැති බවත් තමාගේ හදවතේ එය සදා රැඳෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. හදිසි අවශ්‍යතාවයක් සඳහා තමා හමුවීමට ‘ඇපොයින්මන්ට්‘ අනවශ්‍ය බවත් උදේ 8.30 පමණ පැජට් පාරේ තම නිවසට පැමිණියහොත් හමුවිය හැකි බවත් පැවසූ ජනාධිපතිවරයා‘හැබැයි ඔක්කොම එක දවසේ එන්න එපා‘ යැයි සිනහා සෙමින් පැවසීය.  
කතාව ආරම්භයේදී තමා මේ රටේ 6 වෙනි ජනාධිපතිවරයා වීමෙන් පසු මේ දක්වා අවුරුද්දකුත් මාස 8 ක කාලය තුල මෙතෙක් මේ රටේ සිටි සියළු ජනාධිපතිවරුන්ට වඩා වෙනස් ඉතාමත් අසීරු අභියෝගයන්ට දුෂ්කරතාවයන්ට ගැටළු වලට මුහුණ දුන් බව කී ජනාධිපතිවරයා කියා සිටියේ අනෙකුත් සියළු ජනාධිපතිවරුන්ට මුල් අවුරුදු 1 - 2 දුෂ්කරතා අඩු කාලය වූ බවයි. පැවැති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් එජනිසයට තිබියදී ආසන 47 ක් තිබූ එජාපයෙන් අගමැතිවරයෙකු පත් කිරීමෙන් පසු ආ අභියෝග යලි මතක් කරමින් එසේ වී නමුත් 19 වෙනි සංශෝධනය සියළු දෙනාගේම කැමැත්තෙන් සම්මත කර ගැනීමට හැකි වූ බවත් එවැනි දෙයක් ඊට පෙර කිසිවෙකුට කරන්න හැකිවූයේ නැති බවත් මතක් කෙළේය. පසුව අය වැයෙන් ජනතාවට ක්ෂණික සහන ලබා දී එයද තුනෙන් දෙකකින් සම්මත කර ගත් බවත් ඉන්පසුව අගෝස්තු 17 දා ඡන්දයේ දී මැතිවරණ ප්‍රකාශණ වල සම්මුති ආණ්ඩුවක් හදන බව කීවත් නොකීවත් ජනතාව කිසිවෙකුට තනි බලයක් නොදුන් බැවින් සම්මුති ආණ්ඩුවක් හැදීම කළ යුතුව තිබූ බවද තමන් එය හැදූ බවද කීවේය.  
ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් සියළු දේ ගැන තමන් සතුටු නොවන අතර සතුටු නොවන කාරණාත් තිබෙන බවත් කී ජනාධිපතිවරයා ඒ ගැන කතා කිරීමට බලාපොරොත්තුවක් නැති බවත් පැවසීය. කළ යුතු සෑම දේම පැය 24 න් කරන්න පුළුවන් නම් තමා කරන නමුත් එසේ කළ නොහැකි බවත් ආර්ථික දේශපාලන සහ ජාත්‍යන්තර තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් කළ යුතු දේ උපරිමයෙන් සෙමෙන් කිරීමට තමා කැපවෙන බවද  විවේචනය කරන බොහෝ දෙනා ඒ ගැන නොතකන බවද ජනාධිපතිවරයා පැවසීය. 
“සෑම අවස්ථාවකම මං හරියි කියලා මං කියන්නේ නෑ.. ලෝකේ සර්ව සම්පූර්ණ මිනිසුන් කවුරුත් නෑ“ යිමෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පවසද්දී එවැනි නිහතමානී ප්‍රකාශයක් මීට පෙර ලංකාවේ සිටි කිසිදු නායකයෙක් බලයේ සිටියදී පවසා නැතැයිද සියලු දෙනාම කියා ඇත්තේ තමාගේ ‘සංකල්ප‘ තමාගේ ‘චින්තන‘ මහානර්ඝ බව යැයිද  සහභාගී වී සිටි සිවිල් සංවිධාන නායකයන් අතර කතා බහට ලක්වීම විශේෂයත්වයක් විය.
ජනාධිපතිවරයාගේ කතාව අවසානයේ දී සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ ලේකම් වරයාද ජනාධිපතිවරයා වෙත සංදේශයක් ඉදිරිපත් කෙළේය. (එය පසුව පළ කෙරෙනු ඇත.) 
---------------------------
by     (2016-09-13 21:59:20)

No comments:

Post a Comment