Saturday, March 19, 2016

රැලිවල තියෙන ඔලුගෙඩි ගනනින් අාණ්ඩු පෙරලන්න පුලුවන්නම් අදත් ජනාධිපති හිටපු ජනපති නොවේද... වැරදිනම් වයිමගේ පුතා උනත් වැරදියී.


"මේ කාලයේ නොයෙකුත් කතාවල් අපිට ඇහෙනවා.මාධ්‍ය තුළ නොයෙකුත් දේවල් ජනතාවට කියනවා පේනවා අපිට. හැබැයි මේ ආණ්ඩුව කුමන්ත්‍රණ කරලා වෙනස් කරන්න කාටවත් පුලුවන් කමක් නෑ. පහුගිය කාලයට වැඩිය, අද කොළඹ නගරයට උද්ඝෝෂණ,පෙළපාලි වැඩි වෙලා තියෙනවා. ඕන කෙනෙකුට පෙළපාලි යන්න පුලුවන්. ඕන කෙනෙකුට රැස්වීම් තියන්න පුලුවන්. ඒවා මෙහෙයවන පුද්ගලයන් අපි සුදු වෑන් එවලා විනාශ කරන්නේ නෑ. රැස්වීම් සංවිධානය කරන නායකයන්ගේ ගෙවල් වලට ගල් ගහන්නේ නෑ.ඒ වගේම තමයි ඒවා මෙහෙයවන නායකයන් කිසි කෙනෙක්ව අපි අතුරුදහන් කරන්නේ නෑ. අපි ප්‍රජාත්‍රන්ත්‍රවාදී නිදහස ගයන ආණ්ඩුවක් විදිහට හැම කෙනෙකුටම ඒ නිදහස සහ අයිතිය ලබා දීලා තියෙනවා.

- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන.

ජනපතිඳුන්ගේ ඉහත ප්රකාශයට වැඩිමනත් වශයෙන් දන්වා සිටින වග නම්...

--------------------------------------------------------------------------------------------
          වැරදිනම් වයිමගේ පුතා උනත් වැරදියී.        
--------------------------------------------------------------------------------------------
බහුතරයක් ඕපදූප වලට කැමති මිනිසුන් සහ අරක්කු ටිකටයි බත් මුලටයි අාත්මෙ විකුනන එලොවත් මෙලොවත් දෙලොවම නාෙමැති අබුද්ධික මිනිසුන්ගෙන් පිරීගිය රැලිවල තියෙන ඔලුගෙඩි ගනනින් අාණ්ඩු පෙරලන්න පුලුවන්නම් අදත් ජනාධිපති හිටපු ජනපති නොවේද...

සබුද්ධික මිනිසුන්ට නම් පුදුම හිටපු ජනපතිට තාමත් ඒ ටික නොතේරෙන එක ගැනයි. පව් මෙයාව අර දේශපානික වශයෙන් අනාථව සිටිනා තක්කඩි රැල තාමත් හොඳට අන්දවන බව නම් යස අගේට පේනවා.


විධායක බලය උපරිමයෙන් පාවිච්චි කරල, බස් රථ දහස් ගනන්වල පුරවලා මිනිසුන් ගෙනල්ල බඹ ගනන් උස කටවුට් ගහල සියළුම මාධ්‍යය අත්තනෝමතික ලෙස භාවිතා කරලත් පොදු අපේක්ෂකයාගේ ජයග්රහනය නවත්තන්න බැරි උන මෙයාල නිකම්ම නිකම් මන්ත්රීලා වෙලා ඉඳන් දැන් මොනව කරන්නද..

මෙයාලට අවසන් වශයෙන් එක පනිවිඩයක් විතරක් කියන්නම් අපේ වටිනා කාලය වැඩිය නාස්ති කර නොගෙන...

රටක දේශපාලනයේ තීරකයින් වන්නේ කිසිදු දේශපාලකයෙකු අැසුරු කර නොමැති දේශපාලකයින්ගේ උදව් අරගෙන නැති, උදව් අවශ්යයත් නැති මුත්.. දේශපාලකයින්ගේ (විශේෂයෙන් නායකයින්ගේ) ක්රියාකාරකම් දෙස විමසිලිමත් ලෙස බලා හිඳ අවශ්යය අවස්ථාවේදී නිහඬව තම තීන්දුව (පරමාදිපත්යය බලය) ප්රකාශයට පත් කරනා සබුද්ධික වූද, නිර්පාක්ෂික වූද, සවිඥා්ණික වූද තීරක ජනතාවය.

එමෙන්ම තවද කිව යුතු සුවිශේෂීම කාරනය වන්නේ ඉස්සර කාලයේ වගේ කැපුවත් නිල්, කැපුවත් කොල, කැපුවත් රතු මෝඩ මිනිසුන් (චන්ද දායකයින්) වර්තමාන යුගයේ බිහි නොවනා බවය. 21 වැනි සියවස උදාවෙන් පසු බිහිවුනු තරුණ තරුණියන්ගේ දේශපාලනික විඥා්ණය ඉතාමත් දියුණු මට්ටමක පවතී. එයාල අපේ අාච්චිලා සීයලා දේශපාලනික මත දැරූ අාකාරයට මත නොදරයි. එමෙන්ම එයාල තම අාච්චිලා සීයලා මෙන් හැඟීම් බර වන්නේවත් හැඟීම්වලට වහල් වන්නේවත් නැත. හරි නම් හරි.. වැරදිනම් වයිමගේ පුතා උනත් වැරදියී.

ඒ නිසයි පසුගිය 2015 ජනාධිපතිවරනයේදී රටේ වැඩිම තීරක ඡන්ද පදනමක් ප්රතිශතයක් තිබුනු තරුණ ඡන්ද තීරනාත්මක ලෙස භාවිතා වීමේ ප්රතිඵලයක් ලෙස වයිම සහ වයිමගේ රැහේ සේරම තක්කඩි ටික ඒ සබුද්ධික ජනතාව විසින් කහල ගොඩට අැදල දැම්මේ.

ඒ නිසා මේ අබුද්ධික හිටපු නායකයාට සහ ඒ රැලට තවමත් අනුකම්පා සහගතව සබුද්ධික ජනතාව විසින් අාරාධනා කර සිටිනුයේ විරසක කම් පසෙකලා වෛර, ද්වේශ, මෝහ අත්හැර වත්මන් ජනපතිඳුන් අාදර්ශයට ගෙන රටට වැඩ කරන්න අාසනම් ඊට හොඳම තෝතැන්නක් ජනිතව අැති යහපාලනයට සහයෝගය දී රටේ ජනතාවට ඔබලා අැත්තටම හිතෛයිෂීවන්තද යන්න ඔප්පු කර පෙන්වන ලෙසය..

සත්යය වශයෙන්ම සබුද්ධික ජනතාවට අවශ්යය මොනවත් නොවේ. අපි කොයිකාටත් සහ අනාගත පරපුරට හිරිකිත නැතිව ඉන්නට හැකි රටක් පමනයි.

බොහෝමත්ම ස්තුතියී.

රටේ සියළුම ජනතාව වෙනුවෙන් සටහන තැබූ මා යුක්ති ගරුක වූ සාධාරන සමාජයක සුභ සිහින දුටු අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ අාතූරයා සත්පුරවැසියා වෙමි.

Thursday, March 17, 2016

ජනපති උපේක්ෂාව - 2016/03/16

--------------------------------------------------------------------------------------------
ජනපති උපේක්ෂාව

"සංහිඳියාව යන වචනය සහ යහපාලනය යන වචනය අද ඇතැමුන් සමච්චලයට ලක් කරනවා. නමුත් අපට නින්දා අපහාස කරන අයට මම කියනවා මේ රටේ අනාගතය රැඳී තිබෙන්නේ ඒ වචන දෙක මතයි කියලා"

- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන.

--------------------------------------------------------------------------------------------
ජනපතිඳුන්ගේ ඉහත ප්රකාශයට වැඩිමනත් වශයෙන් යමක් සංහිඳියාව සහ යහපාලනය අැගයූ ඒ පිලිබඳ සිහින දකිමින් සිටි අතරතුරදී අප අතරින් වියෝ වුනු අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්ගේ ශ්රී නාමයෙන් අාතූරයා විසින් අනුශාසනය කර සිටින්නේ නම්......

..........එසේ සමච්චල් කරනා නින්දා අපහාස කරනා අයගේ දරුවන්ගේත්, මතු උපදිනා ඒ දරුවන්ගේත් දරුවන්ගේ අනාගතය තීරනය වන්නේත් සංහිඳියාවෙන් යුත් යහපාලනයක් අප කොයි කවුරුත් එකතු වී රටතුල ගොඩනගා ගතහොත් පමනක් බව සැවොම සිහිතබා ගත යුතු බරපතල කරුනකි. 

වැඩිහිටි අපි නැති කලක යලිත් වරක් රටතුල ජාතිවාදී හෝ අාගම්වාදී යුද්ධයක් නිර්මානය වී අපි සැමගේ දූදරුවන් හට ඊට ගොදුරු වීමට සලස්වනවාද.. නැතහොත් අපි අපි අතර තවමත් විසඳාගත හැකිව අැති සුළු සුළු විරසක කම් සමනය කරගෙන අපි නැති කල අපේ පොඩි උන්ට සැනසිල්ලේ විසුමට යහපාලනයක් අැති යුක්ති ගරුක වූ සාධාරන සමාජයක් බිහිකිරීමට වත්මන් ජනපතිඳුන් හා අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට අදිටන් කර ගන්නවාද යන තීරනයට අපි කොයි කවුරුත් සපැමිනිය යුතුව අැත.

මාද ඔබ සැම වැනි වූ මෙරටේ ජීවත් වන තවත් තාත්තා කෙනෙකි. මටද දරුවන් සිටියී. ඒ නිසා මා දන්නවා මා මෙන්ම ඔබ කොයි කවුරුත් තමන්ගේ දරුවන් හට කොපමන අාදරේද කියා. මේ රටේ ඉන්නට ඕනා නැහැ අපිට ඉන්නට පිටරටවල් තිබෙනවා කියා අපිට හිතන්නට පුළුවන්.. නමුත් අපිට කවදාකවක් අපි උපන් මව් රටේ තරම් සතුටින් සැනසිල්ලෙන් සනීපයෙන් කවරදාකවත් වෙනත් රටක ඉන්නට බැහැ. දැනටද පිටරට ඉන්නා අයගෙන් විමසුවොත් ඔවුන් දෙන පිලිතුර කුමක්ද! කෙදිනක හෝ හැකි උනු ගමන් අපි අාපහු ලංකාවට එනවා යන්නයි නොවේද...

එහෙම ගිහින් සතුටින් ඉන්න පුළුවන්නම් අපේ හිටපු නායකකාරකාදීන් සේරමල්ලත් ගිහිල්ල ඉන්න එපායැ. එලෙව්වත් යන්නේ නැතුව ඉන්න එයාල ඔයාලට කියනවා රට ගිහිල්ල හම්බ කරල එයාලට පිං පඩි ගෙවන්න සල්ලි මෙරටට එවන්න කියල මෙහෙ ඉඳන් සුරසැප විඳින්න. බලන්න එයාල මොන තරම් අාත්මාර්ථකාමීද කියල. ඒ නිසා ඔබ අපි කොයි කවුරුත් හොඳට හිතට ගනිමු මේ අවස්ථාවාදී දේශපාලකයින්ගේ බඩගැත්තරවාදී රැවටුම් බස්වලට හසුනොවී අපේ දරුවන් හට අපිව පාළුවේ තනිකර අප හැරදා අපෙන් අෑත්වී පිටරටවලට යන්නට ඉඩ නොතබා ඔවුන් වෙනුවෙන්ද වැඩිමහල් අපි හැමෝම වෙනුවෙන්ද අපේ රට ඉහලට ඔසවා තැබීමට මහත් වෙරවීරියක් ගන්නා වත්මන් ජනපති, අගමැති සුසංයෝගයේ උත්සාහයට අතහිත දී අවස්ථාවාදය පරදවා. ඒ නූගතුන්ගේ අහිංසක දරුවන්ටත් තම මව් රට තුල අප හා සහජීවනයෙන් විසුමට සුදුසු වාතාරනයක් සැකසීම සඳහා.

සටහන තැබුවේ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා

Saturday, March 12, 2016

දුකසැප නිති පෙරලේ.. රිය සක ලෙස රෝදේ...// හහහා...හාහාහාඅා...// හහහා...හාහාහාඅා.... හො.හො.හෝඕ...// හො.හො.හෝඕ...// ... ම්හ්හ හහහ හඅඅ.. හඅ....

--------------------------------------------------------------------------------------------
දුකසැප නිති පෙරලේ.. රිය සක ලෙස රෝදේ...//
හහහා...හාහාහාඅා...// හහහා...හාහාහාඅා....
හො.හො.හෝඕ...// හො.හො.හෝඕ...// හො.හො.හෝඕ...// හො.හො.හෝඕ...//..ම්හ්හ හහහ හඅඅ..හඅ..

රටක නිදහස කියන සැනසිල්ල තියෙනකොට අවතාරවලටත් සින්දු කියවෙන අපූරුව බලහල්ලකෝ බොලන්නේ...පට්ට අාතල් කියන්නේ මේවට තමයි..

සරත් ෆොන්සේකා මැතිතුමන්ගේ ප්රතම පාර්ලිමේන්තු (කේසර සිංහ) සුවිශේෂී කථාව බලන්න මෙතැනින් පිවිසෙන්න..
https://www.facebook.com/real.rr/videos/10157295257220377/?fref=

සත්පුරවැසියාගේ සුවිශේෂි සටහන පහලින් බලන්න....

යුද්ධය පැවති සමයෙහිදී අනුරාධපුරයෙන්, පොලොන්නරුවෙන් එහාට යාමට කොන්දක් තිබුනේ නැති.., වත්මන් ජනපතිගේ මානුශීය යහ ගුණයෙන් අයුතු ප්රයෝජන ගන්නා දුශ්සීලයින් (යහපාලනයේ උපාසක නයාගෙන් දරමිටි බඳිමින්) බොරු වීරකම් පෙන්වන විපක්ෂයේත් පොදු විපක්ෂයේ සිටිනා සිංහ-ලේ මහාකලු නිවට සිංහයින් හට කේසර සිංහයින්ගේ නියම සිංහසේයා කෙසේ විය යුතුද පිලිබඳ යුධ ජයග්රහනය මෙහෙයවූ සේනාධිපතියා, සරත් ෆොන්සේකා මැතිතුමාගේ ප්රථම පාර්ලිමේන්තු කථාව දැකබලා ගැනීමෙන්.. උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියා තමයි, සත්පුරවැසියන් වශයෙන් අප සැමටත්, රටටත් විනයක් වූවන්ට පෙන්වා දිය හැක්කේ.

ඒ වගේම විශේෂයෙන් සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියාට අද පුදුම සතුටක්. මන්ද යත් 2010 දී සරත් ෆොන්සේකා මැතිතුමා පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරනයට ඉදිරිපත් වූ ඒ අති බිහිසුනු වකවානුවේදී එතුමන් හට ජනරැලියක්වත් පවත්වන්නට කිසිදු ඉඩකඩක් ලබා නොදුන් ඒ රාජපක්ෂ පාලනය ගෙන ඒමට අපි සැවොම 2005 දී සහයෝගය දුන්නද.., 2010 න් පසු මරාවාදී පාලනය යමපාලනයක් වූයෙන් නිර්පාක්ෂික වූද.. තීරක වූද... සත්පුරවැසියා සරත් ෆොන්සේකා මැතිතුමාට දිවි පරදුවට තබා රැස්වීමක් පැවැත්වීමට තමන් පදිංචි ඉඩම ලබා දෙමින් සහයෝගය දැක්වීය.

පාවාදීමට අතිදක්ෂ තවම සීගිරියවත් නොදුටු දූෂිත විමල් වීරවංශලා (දුප්පත් අහිංසක සාමාජිකයින් බඩගින්නේ හිඳිමින් කාස්ටක අව්වේ අැවිද පිංකැට එකතු කර මුව රකිමින් අාරක්ෂාව ලබාදී හැදූවැඩූ ඒ දුප්පතුන්ගේ පක්ෂය විනාශ කල සක්කිලියාට ශාප වෙනව කවදාක හරි) එම චන්දය දා අවසන් මොහොත දක්වාත් එතුමන් හට මාධ්යය මගින් තුච්ච ලෙස අවමන් කරමින් නිසි ලෙස ඡන්දයක් නොපවත්වා ප්රථිපලයටද බලපෑම් සිදුකර රට අරාජික කලද... යමපාලනය අවසන් කිරීමේ සටන අත් නොහැරි සරත් ෆොන්සේකා මැතිතුමා සහ අපවත් වී වදාල සෝභිත හිමිපානෝත්, රනිල් වික්රමසිංහ මැතිතුමා අතුළු යහපාලන ලැදි සංහිඳියාවෙන් යුතු සාධාරන සමාජයක සිහින දුටු සත්පුරවැසියා වන් නිර්පාක්ෂික, තීරක උගත්, බුද්ධිමත් සියල්ලෝම එකතුව කැපවී වත්මන් ජනපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිඳුන් 2015 දී බලයට පත්කර යමපාලනය කම්මුතු කිරීමට සමත් වුනි.

අප දුටු සිහින සැබෑවෙමින් පවතින මෙවන් යුගයක සරත් ෆොන්සේකා වැනි කේසර සිංහයින් අභිත ලෙස පාර්ලිමේන්තු ඝර්භයක් තුල ද්රෝහීන්ට කරනා මෙවන් අභියෝග දකිනා විට කොයි සත්පුරවැසියාටද සතුටු නොවී සිටිය හැක්කේ..

යහපාලනයක් ජනිත කිරීම උදෙසා අප කල කැප කිරීම් ඔප්පු කිරීමට අවශ්යය ඡායාරූප පසුව සෝභිතාවතාර අඩවිය ඔස්සේ පෙන්වා දෙන්නෙමු. දැනට ඒවා සොයාගත නොහැක්කේ එකල (2010) පැවති යමපාලනයට තිබුනු බිය නිසා සැඟවූ ඒ ඡායාරූප හදිසියේ සොයා ගැනීමට නොහැකි නිසාය.

ස්තුතියී.
සත්පුරවැසියා

--------------------------------------------------------------------------------------------
දුකසැප නිති පෙරලේ.. රිය සක ලෙස රෝදේ...//
හහහා...හාහාහාඅා...// හහහා...හාහාහාඅා....
හො.හො.හෝඕ...// හො.හො.හෝඕ...// ... ම්හ්හ හහහ හඅඅ.. හඅ.... 
--------------------------------------------------------------------------------------------

රටක නිදහස කියන සැනසිල්ල තියෙනකොට අවතාරවලටත් සින්දු කියවෙන අපූරුව බලහල්ලකෝ බොලන්නේ...
පට්ට අාතල් කියන්නේ මේවට තමයි..

https://www.facebook.com/real.rr/videos/10157295257220377/?fref=


Thursday, March 10, 2016

ජාතිය බිහිකිරීමේ සිට ජීවත් කරවීම දක්වා අනේක විධි දුක් කම්කටොලු විඳිනා ඒ උත්තරීතර මාතාවගේ නැතහොත් කාන්තාවන්ගේ තවත් කාන්තා දිනයක් සැමරිනි...! අහෝ ඛේදයකි. බලන් කඩතුරා හැර දෑසේ..

--------------------------------------------------------------------------------------------------------------------------
මාර්තු 08 දා යෙදුනු ජාත්යරන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන්
"සවිබල කතක් - තිරසර හෙටක්" ජාතික උත්සවය සහ..‘ධන සවිය’ 
ජනපති සුරතින් ඇරඹි වගයි.!
--------------------------------------------------------------------------------------------------------------------------
      අතීතයේ අප රටේ විදේශ විනිමය ඉපැයූ ප්රධාන අාධායම් මාර්ග වූයේ තේ, රබර් සහ පොල් යන කෘෂිකාර්මික වගාවන්ය. නමුත් පසු කාලීනව අැතිවුනු නිවැරදි නොවනා වූද.. අත්මාර්ථකාමී වූද.. දේශපාලනික තීන්දු තීරන නිසා මෙම තත්ත්වය ඉතාමත් සෝචනීය වෙනස්කම් වලට භාජනය වීමේ ප්රතිඵලයක් ලෙස පලමුවැනි අාධායම් මාර්ගය විදෙස් රටවල බැලමෙහෙවර කරනා කාන්තාවන්ගේ රුහිරු බවට පරිවර්තනය විනි. මෙමගින් ලබනා වාර්ෂික විනිමය අාධායම රු.මිලියන දහස් ගනනාවක් බවත්, එමගින් ඉදිරියේදී තවදුරටත් වැඩි වැඩියෙන් අාධායම් අපේක්ෂා කරනා බවටත් ලැජ්ජා නැති නපුංසක දේශපාලක පිරිමි කට හඬකින් පසුගිය එක්තරා කාලයකදී මාධ්යය ඔස්සේ අසන්නට ලැබීමත් අවාසනාවකි..

කෙසේ වෙතත් වත්මන් යහපාලන රජයේ නායක දෙපල ජනපති, අගමැති සුසංයෝගය කාන්තාව පිලිබඳ සුභවාදී අාකල්පයක් දරනා නිසා විදෙස් රටවල විශේෂයෙන් විවිධ වහල් කොන්දේසිවලට යටත්ව නොයෙකුත් අඩම්තේට්ටම් විඳිමින් බැලමෙහෙවරෙහි යෙදෙනා කාන්තාවන් ඉහත වැඩ සටහන් ප්රතිඵලදායක තත්ත්වයට පත්කොට අාපසු මව් රටට කැවා නිවහල් යනුවෙන් නාම මාත්රිකව පවතින හරසුන් බොල් වචනය විචිත්රවත් කොට එය ලොව හමුවේ අභිමානවත් ලෙස නිරාවරනය කර යහපාලනය නමැති ප්රජාතන්ත්රවාදයේ අති උතුම් මූලධර්මය සක්රීයව ප්රදර්ශනය කරනු අැතැයි සංහිඳියාවෙන් යුතු සාධාරන සමාජයක සුභ සිහින දුටු අපවත් වී වදාල සෝභිත මාහිමිපානෝ අවතාරයක් වශයෙන් හිඳිමිනුත් අපේක්ෂා කරනා බව අාතූරයාට දන්වන්නට යෙදුනි.

කෙසේ වෙතත් අප රටේ මීලඟ දෙවන විනිමය අාධායම අැඟලුම් කර්මාන්තයේ නියැලී සිටිනා කාන්තාවන්ගේ රුහිරුවලින් උපදී. තෙවන විනිමය අාධායම තේ දළු නෙලනා ස්ත්රීන්ගේ රුහිරුවලින් උපදී.

මේ මහාකලු (සිංහ-ලේ) සිංහයින්ගේ සිංහ සේයාව කෙතරම්ද යත් වර්තමානය වන විට සතරවන අාධායමත් ගෘහස්ත කාන්තාව ඉලක්ක කොට වත්මන් යහපාලන රජය බලාපොරොත්තු සහ විශ්වාසය තබා අැති බව මාර්තු 08 දා යෙදුනු ජාත්යරන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කළ "සවිබල කතක් - තිරසර හෙටක්" නමින් වූ ජාතික උත්සවය හමුවේත්..‘ධන සවිය’ ජනපති අතින් ඇරඹේ යන වැඩ සටහන් දියත් කිරීම මගිනුත්  මොනවට පිලිබිඹු වේ. 

සිංහ-ලේ.. යින් ජාතක උනු මහාකලු සිංහලයින් පුක පැත්තේ ස්ටිකර අලවාගෙන යන මෙවන් ගෝත්රික රටක 4 වන අාධායමත් කාන්තාව පිලිබඳ විශ්වාසය තබා ක්රියාත්මක කිරීමට සිදු වීමෙන්ම...

...බෝල/බැට් පහරටත් රාජකාරිය පසෙකලා ඔට්ටු අල්ලනා අශ්වයින් අවශ්යය නැති පිගොට් ජොකියන් සිටිනා ක්රිකට් සූදුවෙන්ද, අන්තර්ජාලයේ සැරිසරමින් නිලකාස හෙලුවැලි බලනා (පුරුෂ)නූගතුන්ගේ අාර්ථිකයේ මාරයා නොහොත් ඩේටා-ගිනි විකුනනා ලේමාපිලුන්ගේ ගින්දර අැඩ්වලට රැවටී දවසේ අාධායම ස්වයං වින්දනයට කැපකර.. මතට තිත උනාට.. මධ්යසාර ප්රතිශතය ඉහල බියර් නමැති අාණ්ඩුවේ නම්බුකාර කසිප්පු බී පකඩබයිට් ගිලදමා, ගින්දර නැති නිසා එක සිගරැට්ටුවටත් ගිනි පෙට්ටියක්ම මිලට ගෙන විසිකරනා, දඩය 5000/- මුත් තවමත් සිල්ලර කඩවල අදෘශ්යමානව වැඩියෙන්ම අලෙවිවන පිලිකා කාරක දුම්පිඹිනා බෙලහීන පියවරුන්, දරුවන් බඩගින්නේ තබා භාර්යාව සම්භාහන අායතන තුල හෝ විකිණී රු.ලක්ෂය ඉක්මවන වැටුප් ගත හැකි අැබැර්තු අැති පත්තර ගෙනැවිත් දෙන, මහා කලු සිංහලයින් වෙසෙනා සිංහ-ලේ ගෝත්රික දේශය මෙසිරිලකම පමනක් බව තහවුරු වේ.

එමෙන්ම රජ කාලේ පැවති වහල් වෙලඳාමට නොදෙවනි ලෙස අදෘශ්යමානව ක්රියාත්මක වන අපේ කාන්තාවන්ගේ ඡායාරූප පලමුව පෙන්වා රූපය අනුව වැඩි ලන්සුවට වෙන්දේසි වන්නා වූ තිත්ත අැත්ත මැදපෙරදිග වහල් සේවය නිසා වන අංක එකේ ජාතික අාධායම හැරුනු කොට අනිකුත් සියළු ප්රධාන අාධායම් මාර්ග පිලිබඳ සතුටු විය හැකි උවත්...

....ජාතිය බිහිකිරීමේ සිට ජීවත් කරවීම දක්වා අනේක විධි දුක් කම්කටොලු සහ සමහර මව්වරුන් කිසිදා හෙලිනොවනා ගෘහස්ත හින්සනයෙන්ද දසවද විඳිමින් අමිල මෙහෙවරක් සැමතින්ම ඉටු කරනා ස්ත්රීන්ගේ නිදහස, රැකවරනය සහ අාරක්ෂාව පිලිබඳ වගකිවයුතු සෑම අංශයක්මත්, සෑම රජයක්මත් මේ වන තුරු සැලකිය යුතු මට්ටමක සොයා බැලීමක් හෝ කටයුතු කිරීමක් සිදුකල බවක් දක්නට ලැබී නොමැත.

කොටින්ම ඒ සඳහා යෝජනාවක් ගෙන අා පසුගියදා විපක්ෂයේත් පොදු විපක්ෂයේ සිටිනා මහාකලු සිංහ-ලේ ජාතිමාමකයින් පාර්ලිමේන්තු සභා ඝර්භය තුල හිඳිමින් සිදුකල අශෝබන ක්රියාවන්ගෙන් අප රට කාන්තාවට දක්වනා ගෞරවය කෙතෙක්දැයි ලොව හමුවේ ප්රදර්ශනය කෙරිනි..

ඒ සියල්ල එසේ වූවා සේම රට තුල සිටිනා තවත් සමහර නිවට (පිම්පි) ස්වාමි පුරුෂයන් තම භාර්යාවන් උපයා දුන් මුදල් පුද්ගලික මනදොල වෙනුවෙන් කාබාසිනියා කලා සේම...!

....හිටපු සමහර දුර්ජන, දුස්ශීල රාජ්යය පාලකයින්ද ඒ අවිහිංසක කාන්තාව උපයා රටට ගෙනදුන් මුදල් දූෂිත විදික්රම මගින් සොරකම් කොට මතු අාත්මවලදීත් සුරසැප විඳීමට පිටරට බැංකුවල සැඟවූවාට මිහිබටදීම ඒ පව් සියල්ලටම වන්දි ගෙවීමට නොසිදු වුවහොත් සෝභිත හිමිපානෝ විශ්වාස කල බුදු දහමත්, ලෝවැස්සන් විශ්වාස කරනා සියළු දහමත් බොරුය..

මැදියම් රැයෙහිදී ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ගෙන එනු ලබන්නේ (සිගරැට්ටුවෙන් පුලුස්සා, අැඳෙන් වැටෙන්නට පාපහර දීම් වැනි) සැමියා මගින් ගෘහස්ත ලිංගික හිංසනයට ගොදුරු වුනු භාර්යාවන් මුත් තමාට සිදුඋනු හිංසනය දරුවන් වෙනුවෙන් පවුල රකිනා ඒ උත්තරීතර මාතාව සඟවන බවත් සත්පුරවැසියා රෝහල් ගතව සිටි සමයකදී සිදුකල සොයා බැලීමකදී දැනගතිමි.

එවන් දුක් කම්කටොලු දහසක් විඳිමින් අප ලොකු මහත් කල, අප අද හුන් තැනට ඔසනා තැබූ, අප කොයි කාගේත් ඒ උත්තරීතර මාතාව නොහොත් කාන්තාව වෙනුවෙන් හඬ නැගීමට පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයක් තුල තම නියෝජනය සාපේක්ෂිත ප්රතිශතයකින් ඉහල දැමීමට විරුද්ධ වන ඒ මව් කුසින්ම බිහිව, ඒ මවගේ කිරිකල රුධිරය දෙතන රිදෙනා තුරු උරා බිවූ මහා කලු (සිංහ-ලේ) සිංහයින් විසිය හැකිනම් ඒ තරම් අවාසනාවන්ත ගෝත්රික ම්ලේච්ච රටක් විශ්වය තුල තවත් කොහේවත් තිබේදැයි සැක සහිතය.

අහෝ රටක අභාග්යයක මහිම.!
--------------------------------------------------------------------------------------------------------------------------
සෝභිතාවතාර අාතූරයා අාවේශයට පත්කොට සත්පුරවැසියා ලවා ජනගත කල වගයි.

Saturday, March 5, 2016

ජනපතිඳුන්ගේ ප්රකාශයට උගතුන්, බුද්ධිමතුන් සහ බහුශෘතයින් වෙනුවෙන් සෝභිතාවතාර ප්රතිචාර අාතූරයා මෙසේ ජනගත කරයි..

--------------------------------------------------------------------------------------------------------------------------
2016/03/04
 ජනපතිඳුන්ගේ ප්රකාශය 

" පරාක්‍රම සමුද්‍රයේ දොරටු විවෘත කළ අයුරින් කොන්දේසි විරහිතව නිදහසේ රට හැර යෑමේ අවස්ථාව අපේ රටේ උගතුන්, බුද්ධිමතුන්ට හිමිව තිබෙනවා. ලෝකයේ කිසිඳු රටක උගත් බුද්ධිමතුන්ට මේ අයුරින් රට හැර යෑමේ නිදහසක් ලබා දී නෑ. ඒ වෙනුවෙන් රටවල් පැන වූ කොන්දේසි තිබෙනවා. වත්මන් ආණ්ඩුව නිදහස් අධ්‍යාපනයේ දොරටු විවෘත කර නිදහස් අධ්‍යාපනයට වැඩි ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම රටේ සංවර්ධන කාර්යක්. දීර්ඝකාලීන ආයෝජනයක්.

- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන.
--------------------------------------------------------------------------------------------------------------------------
ජනාධිපති තුමාගේ ඉහත ප්රකාශයට
වැඩිමනත් වශයෙනි..
රටේ සිටියා වූද.. සිටින්නා වූද.. හෙට දවසේදීත් බිහිවන්නා වූද.. උගතුන්, බුද්ධිමතුන් පිලිබඳ වත්මන් ජනපතිඳුන් තුල පවතින්නා වූ අවබෝධය ඉතාමත් අගයන අතරම..

ඊට වැඩිමනත් වශයෙන් යහපාලනවාදී සියල්ලන් හට සිහිපත් කර දිය යුතු වන්නේ හිටපු නායක කාට කාටත් වැරදුනු තැන් පිලිබඳවය.

මවක පියකු දරුවන් බිහිකොට ඔවුන් හට මොනවා හරි කන්නට බොන්නට දී කොහේ හෝ පාසලකට යවා තම වගකීම් ඉෂ්ඨ කලා යයි සිතුවහොත් එය කිසිසේත් නිවැරදිම සිතුවිල්ලක් වන්නේ නැත.

ඔවුන් දෙන්න දෙමාල්ලෝ නිතර රණ්ඩු දබර කර ගන්නවානම් හෝ එකිනෙකාට හොරෙන් දුරාචාරයේ යෙදෙනවානම් හෝ දරුවන් හට අාදරය කරුණාව නොපා තම තමන්ගේ මනදොල ගැන පමනක් සිතනවානම් හෝ එවන්නන්ගේ දරුවන්ගෙන් බහුතරයක් කිසිදාකත් තම දෙමව්පියන් කෙරෙහි අාදරයක් කරුණාවක් පාන්නේවත්, ඔවුන් හා රැඳෙන්නේවත්, ඔවුන් රැකබලා ගන්නේවත් නැත.

අප රටට සිදුවූයේද මෙම අභාග්යමය. ඉතාමත් සීමිත අතලොස්සක් හැර අනික් හැකි වුනු සෑම අයෙක්ම රට දාල ගියේය. ගියා නොව යන්නට වැඩ හිටපු අඥාණවන්ත යම පාලකයින් කටයුතු සිදු කලේය. ඒ අන්කිසිවක් නිසා නොව උගතුන් බුද්ධිමතුන් සිටිනා රටක තම පරපුරත්, පරිවාරකයිනුත්, අනුගාමිකයිනුත් පමනක් සමග  කැලෑ නීතිය රජ කරවිය නොහැකි වන නිසාය.

යම් යම් -ධර්මිෂ්ඨ පාලන යුග කල්හිද, කෙහෙල්වතු ගෝනිබිල්ලන්ගේ යුගයන්හිද, ඒ වගේම පැවති ජාතිවාදී යුධ සමයෙහිද හැකි හැමකෙක්ම රටදමා ගිය මුත්...

පසුගිය යමපාලන යුගය තුල තරම් රටක් අරාජික වුනු, ඒ රටේ විසූ සත්පුරවැසියන් හට තම මව් රට අප්පිරියා වුනු යුගයක් තවත් නැති තරම්ය. රටක (විධායක බලැති) නායකයෙක් මෙතරම් බබා වුනු යුගයක් උපන්තේකට නොදුටු අය වෙතොත් ඒ බොරුය. හිටපු මේ අරුම පුදුම නායකයා අන්ධයෙකි, බිහිරෙකි, ගොළුවෙකි. මොහුගේ පරිවාර සේනා රටතුල සිදුකල අසමජ්ජාති ක්රියා කිසිවක් මේ නායකයා දුටුවේවත් නැත. අැසුනේවත් නැත. ඒ නිසාම ඔහුට ඒ පිලිබඳව ප්රකාශ නිකුත් කිරීමට කිසිවක් තිබුනේද නැත. ඔහු දුටුවේ ජාතිවාදය, අාගම්වාදය කරතබා ගත් අඤ්ඥාණවන්ත නූගතුන් සහ ලමයින් වඩා ගත්විට රැවටෙන බොළඳ මිනිසුන් සහ ගැහුණුන් පමනි. ඔහුට අවශ්‍යය කලේද එවැනි මැටිමෝලුන් පමනි. ඒ නිසා මෙම නායකයා ගෝත්රිකයිනට පමනක් අාවේනික වූ කොලනියක් නිර්මානය කරමින් සිටියේය..

අන්න ඒ නිසයි මෛත්රී ජනාධිපති තුමනි ඔබ ප්රකාශ කල (පරාක්‍රම සමුද්‍රයේ දොරටු විවෘත කළ අයුරින් කොන්දේසි විරහිතව නිදහසේ රට හැර යෑමේ අවස්ථාව අපේ රටේ උගතුන්, බුද්ධිමතුන්ට හිමිව තිබුනේ..)

උගතුන් හට ජාත්යන්තර වේදිකාවලදී වුවත් පහර දිය හැකිවූද.. කැලෑ රජුගේ යම පල්ලන් හට කිසිදු අවසරයකින් තොරව ඕනම අයෙකුගේ සන්තකයක් අත්පත් කරගත හැකිවූද.. බුල්ඩෝසර කල හැකිවූද.. කුමන අාකාරයේ හෝ නීත්යානුකූල ව්යාපාරයක් කිරීමට නම් යමපල්ලන් හට කප්පම් දිය යුතු වූද...රටක උසස් මනස් අැති සත්පුරවැසි මිනිසුන් හට නම් විසිය හැකි වූයේ නැත. එපමනක් විතරද..

තම දූදරුවන් හට දසදුක් විඳ උගන්වා උන් දුකසේ උගෙන උපාධිය ලැබුවත් පත්වීම් ලිපි ගන්නට ...බේබි හාමුලාගේ කාමරවලට යන්නට දියණිවරුන්ට සිදුවේ නම් ඔලුවේ පන අැති සැබෑ පිතෘවරයෙක් එවන් රටක තම දරුවන් හට තමන් යහතින් සිටි හෝ නොසිටි කලකවත් ඉන්නට ඉඩ තියාවිද.. තම සියළුම සන්තක විකුණා හෝ උන් සුදුසු දුරු රටකට පිටත් කර යවනවා මිස...

පාරේ යන්නට බැරි තරමට ප්රාදේශීය සභාවලට පත්වුනු කාඩයින් චන්ඩි පිරිවර සමග දුප්පත් ජනතාවගේ මුදල්වලින් හිමිකරගත් පැජිරෝ රථවල සවිකර ගත්  (නිල්රතු   රතුනිල්)  විලම්බීත එලි දල්වාගෙන ජනතාව කානුවට වට්ටවා පිම්මේ ගියේ රට කරන්නද.. නැත,.. මුන් සිදු කලේ රටක සිටිය යුතුම උගත්, වැදගත් මෙන්ම පාලකයින් හට කිසිදු කරදරයක් , බලපෑමක්, විවේචනයක්, විරෝධතාවක් සිදු නොකොට පටි තද කරගෙන නිහඬ දිවිපෙවතක් ගත කල මිනිසුන් හට රටේ විසුම අප්පිරියා වන ක්රියාකාරකම් පමනි.

නමුත් මේ මිනිසුන් කුමන අවස්ථාවක හෝ අවධිවනු අැති බව මුන් සැක කලා. ඒ නිසා වැද්දන් හට රජ කල හැකි කොලනියක සිටිය යුතු වන්දි බට්ටයින්, රස්තියාදු කාරයින්, නූගතුන් හැර අනික් සියල්ලෝම එක්කෝ විනාශ කල යුතුය.. නැතහොත් රටහැරදා යන තැනට මහ කකුළුවාත්, පරපුරත්, පැටවුන් සහ පරිවාර සේනාවත්, අනුගාමිකයින් සියල්ලත් එකතුව නොඅඩුව කටයුතු සිදු කලේය.

ඒ නිසයි ස්ත්රීදූෂකයින් හට සව්දිය පුරන්න පුළුවන් උනේ. ඒ නිසයි මත්කුඩු අල්ලපුවහම වැදිරජු ගිහිල්ල උන්බදා ගත්තේ. ඒ නිසයි අල්ලස් සහ දූෂණ සිදු කරන්නන් පිලිබඳව පුද්ගලිකවම ගොස් දැනුම් දුන් අයට (උනුත් හම්බ කර ගන්න එපායැ) කියා යම රජාගෙන් පිලිතුරු ලැබුනේ. ඒ නිසයි එතනෝල් කාරයින් හට 100% ක් බදු සහන ලැබුනේ...

...ඒ නිසයි උගතුන් හට රැකියා ලබා ගන්නට නම් යමපාලන පාරිවාරකයින්ගේද, අනුගාමිකයින්ගේ සහ විශේෂයෙන් යමරජ පුතුන්ගේ මනදොල සපුරන්නට සිදු උනේ..

ඒ නිසයි සභ්‍යය රටට නොසිදුවිය යුතු දේ සියල්ල සෑම පෝයකටම නොවැරදීම ලෝකෙට පේන්න බණ අැසූ යමරජු පාලන අවධියේ සිදුවුනේ...

කෙටියෙන් කියනවානම් ඒ නිසයි රටක නීති හදනා උත්තරීතරම අායතනයට යන්නට (වැස්සකටවත් පාසලකට ගොඩ නූන) අන්ත නූගත් කම, මානසික විකෘති බව, තක්කඩි කම, මදාවි කම, මැර කම, සල්ලාල කම සහ පාවාදීම පමනක් ඉහලම සහ එකම සුදුසුකම වන තරමට මේ බුදුන් පය ගැසූ උතුම් රට පවින් පිරී අපවිත්ර වී ගියේ..

ඉතින් එවන් රටක පියවී සිහිය අැති මනුස්සයෙකුට ඉන්නට සිතිය හැකිද.. මෙය බුදුන් පය ගැසූ රටක් නිසා ඒ පින් බලයෙන් රටේ ඉතිරි වෙලා සිටි තීරක වූ නිර්පාක්ෂික සත්පුරවැසියන් ඒකරාශී වෙලා දේදුනු විප්ලවය කොට යහපාලනය වෙත බලය මාරු කර නොගන්නට රටට සිදුවීමට තිබුනු පලවිපාක සිතාගත නොහැකි තරම්ය බිහිසුනුය. අාසන්නතම බියකරු සිහිපත් කිරීමක් සිදුකරන්නේ නම් ඉහත ප්රකාශය කරන්නට වත්මන් ජනපතිඳුන්වත් අද ජීවතුන් අතර නැත.! අඩි 6 ක් පොලව යට මිස...

කොහොමින්, කොහොමින් මුත්.. දේදුනු විප්ලවය ජයගෙන වසරකටත් අධික කාලයක් ගෙවී ගොස් හමාරය. ඒ නමුත් යහපාලනායකාකාරාදීන් හට උඬඟු වීමට තරම් හෝ තෘප්තිමත් වීමට තරම් හෝ සුදුසු වාතාවරනයක් තවම රට තුල ජනිත වී නොමැති බව නොදන්නවා විය නොහැක.

ඒ නිසා ජනපතිඳුනි.. ඔබ තුමාත්, අගමැති තුමාත් සුසංයෝගීව යහපාලන ලැදි යහගුණ අැති සත්භාවයෙන් යුත් මැතිඅැමති වරුන් සහ පරිවාර සේනා නිසිලෙස තෝරා බේරාගෙන බල ගන්වා දශක ගනනාවක් පුරා අයාලේ ගිය වල් වැදි රටේ කපා බිම හෙලිය නොහැකි තරම් ඝණට වැඩී අැති  මේ අන්ත දූෂිත  ලදු කැලෑව සුද්ද කර දෙන්න. යහපාලනය ජනිත වුනු සාධාරන සමාජයක් නමැති හේන සකසා වැට බැඳ සත්පුරවැසියන් හට බාර දෙන්න. 

ඒ කෙත සීසා කප්රුක් වපුරා රට සස්රීක කර ස්වයං පෝෂනය කරදීමේ වගකීම නිදහස් අධ්යාපනයෙන්ද, නිදහස් සෞඛ්යයෙන්ද පෝෂනය වුනු අප ඒ ණය පොලී සමග ගෙවා මෙසිරිලක් මව්බිම ලෝකයේ අද්විතීය රටක් ලෙස ඉහලට ඔසවා තබන්නට සපත කරමු.

යමපාලන යුගයේදී කුණු කූඩයට විසි උණු  අප දැන උගත්ව යොමුකල සියළු යෝජනා සහ අදහස්  නැවත යාවත්කාලීන කිරීමට පරිසරය නිර්මානය කර දීමේ වගකීම සහ අායෝජනය ඔබලා ඉෂ්ඨ කර දෙන්න..

නමුත් කණගාටුව වන්නේ උගතුන්, බුද්ධිමතුන් සහ බහුශෘතයින්ගෙන් නිසිඵල නෙලා ගන්නට තවමත් කිසිදු පාලන යුගයක් සමත් වී නොමැති කමය.

ඔබ සියල්ලන් ඔතැනට යැවූ කාරනය මැනවින් ඉටු කල විට උගතුන් , බුද්ධිමතුන්, බහුශෘතයින් තම වගකීම් ඒ අාකාරයෙන්ම ඉටු කරාවි. නොඑසේව වැද්දන් හට රජකම් කිරීමට අපගේ වටිනා කාලයත්, ධනයත්, ශ්රමයත්, ජීවිතත් කැප කොට කුණුහබ්බ අැසීමටවත්, වේදිකාවලදී ගුටි කන්නටවත් මොලේ අමාරුවක් - වත්මන් උගතුන්, බුද්ධිමතුන් හට  දැන්කල නම් කිසිසේත් නොමැත.. 

තොපි සේරමල්ල කුද ගහ ගනිල්ල කියල උගත්, බුද්ධිමත් සහ හැකි සියල්ලෝම දුරු රටවලට ගොස් හෝ යුක්ති ගරුක මිනිසුන් සමග සංහිඳියාවෙන් සැනසිල්ලේ වෙසෙනවා හැර වෙනත් විකල්ප නැත.

නමුත් දේව අාශිර්වාදයෙන් නොසිතූ විලසින් අවිහිංසක රට වැසියන්ගේ ගැලවුම් කරුවානන් ලෙස දේදුනු විප්ලවය තුලින් පහල වුනු ඔබ තුමානන් කෙරෙහි අැති ජනතා විශ්වාසය කඩ නොකලහොත් උගත්, බුද්ධිමත්, බහුශෘත සත්පුරවැසි සියල්ලන් ඒකරාශීව මෙසිරිලක ඉල්ලමක්, ධන නිධානයක් කර දෙන්නෙමු.

ජනපති තුමනි, එසේ නොකොට රටදාල යන්නට කොන්දේසි පැනවීමට මහජන සේවකයින් වන ඔබලා කවුරුද ජනතාවගේ රුහිරුවලින් සුරසැප විඳිනා අයවලුන් මිස.. (ඔයාලට නෙවේ අරයලට කිව්වේ හොඳේ.. තොප්පිය හරිනම් ඉතින් දාගත්තත් කමක් නෑ.. හිටං..) 

ඒක නෙමේ අපේ අර මිස්ටර් කූල් උන්නැහැ දියයටින් හීනියට යාළුවත් එක්ක අර සිරිකොත ඉදිරිපිට පාර කාපට් දාල දුන්න හුටපටයේ ණය ගෙවන්නද මන්ද ඩීල් දානවද කියලත් සැක හිතෙනවා වෙලාවකට.. හැබැයි ඒවනම් වානා කියන්න. සත්පුරවැසි උගතුන්, බුද්ධිමතුන් හට හොඳට ඉව තියෙනවා හරිද.. ඔයාල හැරෙනකොට අපි දන්නවා ගොනා හැරෙන්නේ පිදුරු කන්නද වෙන මොකකට හරිද කියල.

උගතුන්, බුද්ධිමතුන්, බහුශෘතයින් නිහඬව සිටීම පිලිබඳ සැහැල්ලුවට හිතපු හැම නායකයටම අවසානයේ සිද්ධ උනු දේ මැරිල නොයිපදුනු හැමකෙක්ම දන්නවා. මන්ද ඒ අය උච්චතම අවස්ථාවේදී ගන්නා තීරනය කිසිවකුටත් සිතාගත නොහැකි නිසාය. ඒ නිසා හැමෝම අවධාරනය කර ගන්න රටේ සිටිනා නිර්පාක්ෂික වූ තීරක ප්රජාවට කොලේ වහල ගැසීම හෝ රැවටීම නොකල හැකි බව. එහෙම උනොත් ඔයාලටත් එයාලගෙන් මොනවත්ම ලැබෙන්නේ නැති වේවි... 

හිඟන්නගේ තුවාලේ වගේ ප්රශ්න එක්ක ජීවත් වන්න උත්හාස කරන්න එපා කොයි කවුරුත්. කෙලින් එන්න වටෙන්  එන්නේ නැතිව. මන්ද යත් අපේ රට දැන් ලෝකයා ඉදිරියේ ඕනාවටත් වඩා පසුබෑමට ලක්වෙලා ඉවරයි. ඒ හිඩැස පුරවන්න අපිට තව කාලයක් කැපකිරීම් කරන්නට සිදුවෙලා තියෙනවා. අපේ යුගයේ බහුතරයකට සිදුඋනු මෙම අසාධාරනය නිසා අපේ වටිනා ජීවිත අයාලේ පරල වී ගියා. රටේ පැවති විකාර ප්රශ්න නිසා අප ඉදිරියට තැබූ හැම පියවරක්ම වියැකී ගියා. අපගේ වටිනා ජීවිත නිස්කාරනයේ වයසට ගියා...

ඉතින් දැන් අවශ්‍යය වන්නේත් යුතුකම සහ වගකීම වන්නේත් ඒ අපගේ ජීවිතවලට අත්වූ ඉරනම අපි හැමෝගේම මතු පරපුර වූ දරුවන් හට උරුම නොවන්නට වගබලා ගැනීමයි.

එසේ හෙයින් එක්කෝ දූෂිතයින්, අපරාධකරුවන් සියල්ලෝම යුධ ජයග්රහනයේ නාමයෙන් පොදු සමාවක් යටතේ සත්යය සෙවීමේ කොමිසමට සහ දයාවේ සභාව හමුවට පමුණුවා මේ කරදරය ඉවරයක් කරන්න. අපි බහුතරයක් ඒ අදහසට එකඟයි. බුදුරජුන් දේවදත්තයාට අනුකම්පා කලාසේ අපිත් සූදානම් ඔවුන්ද වෙනස් වෙන්නට සූදානම් වෙනවානම්... අපගේ මෙම සත්භාවයෙන් යුතු යෝජනාව ගෙනයන්න ඔවුන් වෙත.

මිනිසුන් නොමිනුසුන් කරමින් පැවති ඒ කාලකන්නි යුද්ධය නිසා නූගත්, පටුකල්පනාකාරයින් සිතුවා තම තමන්ගේ පැවැත්ම තහවුරු කර ගන්න සොරකම් කර හෝ උදුරාගෙන හෝ බලය පාවිච්චි කර හෝ ධනය රැස්කර ගතහොත් සියල්ලම සම්පූර්නයි කියල. නමුත් පරචිත්ත විඥා්ණය දුර්වල ඒ අනුකම්පා කලයුතු අඤ්ඥානවන්තයින් හට පෙනුනේ නැහැ තමන් කරනා පව් සියල්ල කෙදිනක හෝ මෙලොවදීම පලදෙන බව. ඒ නිසා මෙයාලගේ දෛවය හෝ ඉරනම එයාලටම බාරදීල විවෘත අාරාධනාවක් කරල දයාවේ සභාව හමුවේ සියල්ලන්ටම (බන්ධනාගාර ගත කර සිටිනා කොටි ත්රස්ත මනුශ්යයින්ද අැතුළුව) පොදු සමාවක් ලබා දී සියල්ලන්ගේම මතු පරපුර වූ දරුවන් වෙනුවෙන් රට ගොඩ ගන්නට දායකත්වය ලබාගෙන දැනටද වසරකින් ප්රමාද වුනු සංවර්ධන ඉලක්ක කරා පියමං කිරීමට අැප කැප වෙමු දෙවියන්ගේ නාමයෙන්..

කුමක් කෙසේ වෙතත් රට ගොඩ ගන්නටත්, සංහිඳියාව සාධාරනය රජයන සමාජයක් බිහිකිරීමටත් දේශපාලකයින්ට බාර දීල තීරක වූ නිර්පාක්ෂික ප්රජාව ඉවසා බලා සිටිනා අවසාන අවස්ථාව ඉදිරි වසර 4 පමනක් බව අවධාරනය කරමු.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූර සත්පුරවැසියා උගතුන්, බුද්ධිමතුන්, බහුශෘතයින් වෙනුවෙන් සටහන තැබූ වගයි.



Saturday, February 27, 2016

බලය බලය සඳහා නොව බලය ජනසෙත සඳහාය. ශ්රීලංකා ජනාධිපති කියයි.! 2016/02/26


බලය බලය සඳහා නොව බලය ජනසෙත සඳහාය.
 
ශ්රීලංකා ජනාධිපති කියයි.!

2016/02/26




Friday, February 26, 2016

බාලදක්ෂ විද්යාව තුලින් අවිද්යාව දැක සංහිඳියාව ජනිත කරමු. සෝභිතාවතාර අාවේශයට පත් අාතූරයා සත්පුරවැසියා විසින් සටහන් තබනා වගයි.. - 2016/02/22

--------------------------------------------------------------------------------------------------------------------------
2016/02/22                       සැ.යු. (මෙහි පසු සටහන විශේෂයෙන් බලන්න..)

ජාතීන් අතර සංහිඳියාව අැති කිරීම සඳහා අප රට තුල වසර 100 ට අධික ඉතිහාසයක් අැති බාලදක්ෂ ව්යාපාරය නගා සිටුවීම වෙනුවෙන් කැපවී අැති ජනපතිඳුන් හට ඒ වෙනුවෙන් සත්පුරවැසියා විසින් වසර 50 ට අාසන්න කාලයක් සුරැකිව තබා ගෙන සිටි බේඩන් පවල්සාමි විසින් රචිත බාලදක්ෂ විද්යාව නමැති කෘතියේ වසර 65 ක් ඉපැරනි සිංහල පිටපත දේදුනු විප්ලවයේ නියමුවානන් වූ මාදුළුවාවේ සෝභිත හිමිපානන් හට නිවස් සුව අත්වනු පිනිසද.. සත්පුරවැසියා විසින් සියළුම බාලදක්ෂයින්ගේ ප්රයෝජනය පිනිසද.. පරිත්යාගයක් ලෙස බාලදක්ෂ ජම්බෝරියේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලැබෙන්නට දැනටමත් කටයුතු සිදු කර හමාරය.. 

එය ලද පසු ලැබුනු බව තහවුරු කරනා ලෙස ජනපතිගෙන් හෝ ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටිනුයේ අදාල කෘතිය අමිල වටිනාකමක් සහිත නිසාත්, හිටපු ජනපතිගේ ලේකම්වරු සම්බන්ධයෙන් සත්පුරවැසියා ඉතිහාසය පුරා කටුක අත් දැකීම් ලබා අැති නිසාත්ය.. සාක්ෂි ලෙස අදාල කෘතියේ ඡායාරූප කිහිපයක් මෙහි පහත ප්රසිද්ධියට පත්කර අැත. (ඒ්වා මෙහි පහල අවසානයේ අැති බව සලකන්න..)

ස්තුතියී.
සත්පුරවැසියා විසින් සෝභිත හිමිට නිවස් සුව අත්වනු පිනිස..
--------------------------------------------------------------------------------------------------------------------------
පසු සටහන - විශේෂයෙන් බලන්න...., ස්තුතියී..
--------------------------------------------------------------------------------------------------------------------------
වංශේ කබල් ගාමින් වඳවන මහකලු සිංහ-ලේ..යා

ජාති, අාගම්, කුලමල, වත්පොහොසත්කම්, තරාතිරම්, මේ අාදී වශයෙන් නොයෙකුත් බෙදීම්වලට ලක්ව වංශේ කබල් ගාමින් හිඳිමින් අවිද්යාව නිසාම වඳවීයාමේ තර්ජනයට මුහුන දී සිටිනා සිංහල යයි කියාගන්නා මේ අපවන් මහකලු සිංහල ජාතිය වඳවී නොයාමට නම් අවබෝධ කරගත යුතුම උගතමනා විද්යාවේ ශිල්පයමයි මතු රැකෙනා..!

මිනිස්, තිරිසන්, උරඟ, මේ අාදී වශයෙන් ජාතීන් බෙදා වෙන්කිරීමේ යම් හැකියාවක් අැති මුත් සිංහල මුනිය, දෙමල මිනිහ, මුස්ලිම් කාරය, වැනි වූ බෙදීම්ද..

...දෙමල,තම්බියා,සුද්ද,කලුසුද්ද,පද්ද,ගොඩය,මඩය,බල්ල,පරබල්ල,කාලකන්නියා,මූසලයා,ප-යා,රොඩිය,අඩුකුලය,පොට්ටයා,පොන්නයා, වැනි වූ මෙවැනි බෙදීම්ද බුද්ධිමත්ම සත්වයා යැයි විරුදාවලිය අැති මෙලෝ පවතිනා උගත් මනසක් හෙබි මේ මනුසත්වයින් උනුන් අතර ඉහතකී බෙදීම් අැති කරගත්තේ උප්පත්තියෙන්මද.., නැත.! කිසිසේත්ම නැත.

මේවා දියුණු මනසක් අැතිව ඉපදුනු මේ මනුසතා තිරිසනාටත් වඩා පිරිහී ගිය කල සිට තම තමන් විසින්ම අැති කරගත් බෙදීම් මිස කිසිදු අාගමක, දහමක කියැවෙනා යථාර්තයක් නොවන්නේය.

ඒ අවිද්යාව නිසාම වර්තමානය වන විට විශේෂයෙන් සිංහල බෞද්ධයා යයි කියමින් වංශේ කබල් ගාමින් පමනක් හිඳ කිසිවක් නොකර සිටි නිසාම පිරිහීමට පත්ව අැති මෙන්ම වඳවීයාමේ ප්රබල තර්ජනයකට මුහුනපා ඒ අභිමුඛයෙහි සිටිනා (සිංහ - ලේ) කියා ගනිමින් තිරිසන් ජාතියටද නිගාදෙන සමහර මහකලු සිහලුනේ... අවිද්යාවෙන් බැහැර වෙලා විද්යාවෙන් බලා සිංහල බෞද්ධ කියා ගන්නා උඹලාගේ බොරු ලේබලයවත් ඉතිරි කරගන්නට වෑයම් කරපල්ලා...

සංහිඳියාව, සහජීවනය, යහපාලනය, වැනි අතිඋතුම් ක්රියාකාරකම්වලට පටබැඳුනු යථාර්තවාදී අමිල අාමන්ත්රනයන්ද.. කරුණාව, මෛත්රිය, පිංසිත, දන්සිත, අනුකම්පාව, වැනි අති උතුම් වචන නිර්මානය වූ සිංහල බස්වහර වෙනත් කිසිදු භාෂාවකට වඩා නිර්මානශීලීත්වය අභිබවා ගිය.. (අම්මා,තාත්තා,නැන්දා,මාමා වැනි නෑකම් හැඳින්වීමට පවා සිංහල බසේ කෙතරම් අාමන්ත්රන අැත්දැයි බලන්න) ...වචන නිර්මානය වී අැත්තේම සිංහල භාෂාව පවා කෙතරම් සංහිඳියාවකට භාජනය වී අැති නිසා නොවේද.!

බැතිබර, කෘතගුණශීලී, රටතුල සිටිනා අවිහිංසකම සිංහල බෞද්ධ මිනිසුන්ගේ මනස තම අාත්මාර්ථකාමී දේශපාලනික බලප්රභවයන් වෙනුවෙන් මෙහෙයවමින්.. ප්රභාකරන් නමැති ත්රස්තවාදියා අවිහිංසක දෙමල ජනයාගේ මනස් විකෘති කර තම පරපටුකම් වෙනුවෙන් මෙහෙයවූ සේම වැඩි වෙනසක් නොමැතිව කුමන වැරදි ලේධාතුවක් මුසුවී බිහිවුනාදැයි සිතාගත නොහැකි වර්තමානයේ දකුණේ ජාතිවාදයක්, අාගම්වාදයක් නිර්මානය කොට සුවහසක් ජනීජනයා පෙරුම් පිරූ සාධාරනය, සංහිඳියාව, සහජීවනය කැටිවුනු යහපාලනය, ජනිත වීම කඩාකප්පල් කිරීමට මාන බලනා දෑතේ අැඟිලි වලින් පමනක් ගැන බැලිය හැකි මානව පරවාදී ද්රෝහීන් සියලු ජනයා කිසිදු විභේදනයකින් තොරව හැඟීම්වලට වහල් නොවී ඉතාමත් සබුද්ධිමත් පරචිත්ත විඥාණයෙන් යුතුව තෝරා බේරා හඳුනා ගත යුතු උච්ඡමතම කාලවකවානුවක් වෙත වර්තමානය වන විට මුලු රටම පසැමිනව සිටීයි..

ඒ නිසා ගෞරවනීය වූ... සීයේඅාච්චියේ, අම්මේතාත්තේ, නැන්දේමාමේ, අක්කේඅයියේ, නංගියේමල්ලියේ, උන් ඔබලාගේ නෙත් බැඳ අැති අවිද්යාවේ කඩතුරාව ගලවා විසිකර දමන්න. විද්යාවේ දුරදක්නා උපැස් යුවල පැලඳ ගන්න. ලොව දෙස විමසිලිමත් ලෙසද, ගවේශනාත්මකවද, ඥාණාන්විතවද, මානව දයාවෙන් යුතුවද නෙත් හෙලන්න. එවිට ඔබට පහත දක්වනා සැබෑ සත්යය, යථාර්තය පෙනෙන්නට ගනීවි. අවිද්යාව දුරුවේවි. විද්යාවත් විද්යාව නිසාම අපේ සාරධර්ම උකහාගෙන අපට වඩා අාධ්යාත්මිකවද, භෞතිකවද දියුනු වී අැති විවිධ ජාතීන්ගෙන්ද, විවිධ අාගමිකයින්ගෙන්ද යුත් රට රටවල් පෙනෙන්නට ගනීවි. දෑස් හැරපියා හොඳින් බලන්න...

සීයේඅාච්චියේ, අම්මේතාත්තේ, නැන්දේමාමේ, බලන්න ඔබලාගේ කෘතගුණ ශීලීවන්ත යහගුනය දඩමීමා කර ගනිමින් ඔබලාගේ මනස විකෘති කරනා පරපුටු අවස්ථාවාදී සීමිත දේශපාලකයින් රොත්තක් විපක්ෂයේත් විපක්ෂය නමැති හිස් කෝම්බයක් තුලට වැද ඔබලාට පිලිගන්නට යයි කිව්වාට හෝ කෝවිල් ගොස් පොල් ගසා කිව්වාට හෝ ඔබලාගේ දූපුතාලට නොකියනා... (මන්දයත් අන්තර්ජාලීව විශ්ව ගම්මාන සිසාරා අැසුරුකම් පවත්වන ඔවුන් ඒ රැවටිලිවලට හසුනොවනා නිසා) ...ජාතික, අාගමික, සංස්කෘතික, වශයෙන් වර්ග කල බොරු ප්රශ්න අඩු තරමින් ඔවුන්වත් රකිනවාද කියා. 

නැත කිසිසේත් නැත. ඔවුන්ගේ වැඩිදෙනා විශේෂයෙන් මොවුන්ගේ මතු පරපුර නිරතුරුවම සම්බන්ධකම් පවත්වන්නේ පිටරටවල බහු වාර්ගික, බහු අාගමික කෙටියෙන් කියතොත් ලෝකයේ සිටිනා ඉහලම සිට පහලම කේන්ද්රය දක්වා වූ විවිධ තරාතිරම්වල බහුවිදි, බහු අාගමික ජාතීන් හා මොවුන් ඉතාමත් සංහිඳියාවෙන් කටයුතු කරයි. අධ්යාපනික කටයුතුවලදීද, සමාජීය කටයුතුවලදීද, අාලවන්තකම් හමුවෙහිදීද, කායික සම්බන්ධකම් වලදීද, සංස්කෘතිකමය කටයුතුවලදීද, එකී නොකී විවිධාකාරී වූ සියළු කටයුතු වලදී මොවුන්ගේ සමහරුන් සීමාව ඉක්මවා යමින්ද සහජීවනය, සංහිඳියාව රැකීම නිරන්තරව සිදුකරයි. කිහිප දෙනෙකු පමනක් යන්නට නොහැකිකම් අැති නිසාද, තවත් සමහරුන් හට අැත්තටම යන්නට බැරි නිසාද මිස ඔබලාට නොපෙනුනු සෑම විටදීම ඔවුන් සිටින්නේ ඔබලා සමග නොව මා අර ඉහතින් කී සහජීවන සංහිඳියාවේ ගිලිලා විවිධ ජාතීන් සමග, විවිධ අාගමිකයින් සමග, විවිධ රට රටවල්වලය කියන්නේ කාටද මේවා..

බස් හෝල්ට් ගානට විවිධ රට රටවලට ඔබලාට අයිති මුදල්වලින් ගුවන් යානා ගොඩ බස්සවමින් ගැහැණු ලමයි එහෙමත් ගොඩ නග්ගවා ගනිමින් කියල ඔබලා දන්නවාද.. නෑනේ.. ඒකයි ඔයාල තවමත් උන්ට රැවටිලා ඉන්නේ.. පව්..

  ඒ වගේම ඔබ දන්නවාද ඒ නිසාම ඔවුන්ගේ මතුපිටින් පෙනෙනා නාමමාත්රික පරපුර කිසිදාකත් වඳවන්නේද නැති බව.. මන්ද යත් විශේෂයෙන් ඔවුන් ගේ මතු පරපුර නිරන්තරවම සංසර්ගයෙහි යෙදෙන්නේම සංහිඳියාව සමග නිසාය...  ඔබලාට එපා කීවාට...               

  නමුත් විද්යාවෙන් බැලුවහොත් ඔබලාට පෙනේවි ඔය ජාතිවාදීන්, අාගම්වාදීන්  සිංහ-ලෙයින්ද,   සිංහ-මසින්ද  වඳවී බොහෝ කල් ඉක්මවී ගොස් අැති බව පියවී අැසට නොපෙනුනාට...                                           

 නමුත් තිත්ත කසාය බොතල ලේබලයේ ඔවුන් තවමත් මහකලු සිංහලයින්ය.  

ඒ නිසා හිතවතුනි,.. අවිද්යාවෙන් මිදෙන්න විද්යාවෙන් දකින්න. මානව දයාව, සාධාරනය, සංහිඳියාව, සහජීවනය, අගයන්න ප්රගුන කරන්න හුරුපුරුදු වන්න.

නමුත් යම් තක්සේරුවක් දෙන්නට අවශ්යයි ඔබ ගැන මන්ද.. ඔබ දැනටමත් එතැන සිටිනා බව ඔබ දන්නවාද ඔබට ඔබව නොපෙනුනාට...

ඒ නිසාමයි සුනාමි ව්යසනයේදීත් ඔබ දන්දුන් දානය, කඳුළු, සෝසුසුම්, මේ කිසිවක් ලැබුනේ හිමි උනේ දෙමලාටද, තම්බියාටද, නොඑසේනම් නිස්චිතවම ඔබ සෙවූ මහකලු සිංහලයාටදැයි කියා ඔබ හැරිලාවත් නොබැලුවේ. 

කෙසේ වෙතත් ඔබලාගේ මනස විකෘති කරනා පාපතරයින් හට ලැබෙනා විපාකය සොබාදහම් මාතාවගේ විශ්වීය නාමයෙන් කොයිකවුරුත් මිය පරලෝ යන්නට පෙරාතුව අනිවාර්යයෙන්ම දැක ගැනුමට ලැබෙනවා ඒකාන්තය.

නොඑසේ උවහොත් ස්වභාවධර්මය නැතහොත් විශ්ව දහම නිබොරු බව (ලෝකයේ) හිටපු සමහර ජාතිවාදී ජනපතිවරු පවා මියගිය අාකාරය ඉතිහාසයට කදිම සාක්ෂි ඉතිරි කර අැත..!

එනිසා දැන්වත් ජාතිවාදයත්, අාගම්වාදයත් බැහැර කොට මානව දයාවෙන් යුතුව ලෝදෙසත් තම මව්රට දෙසත් බලන්න..

එවිට ඔබට පෙනෙවි ප්රභාකරන්ටත් වඩා ඔබේ ඔය වංචනික ගැලවුම් කාර මහා-කලු සිංහලයා ඔබට කෙතරම් අකටයුතුකම් සිදුකර අැත්දැයි කියා. අඩුම තරමින් ඔබට නොබියව තම මුඛය විවර කිරීමටවත් නිදහසක් ලබා දී තිබුනාද කියා. කල්පනා කර බලන්න... (මගහරින්න එපා.. ඔව්නම් ඔව් කියන්න.. නෑ නම් අැත්ත තේරැම්ගෙන නෑ කියන්න) අදින් පසුවවත් අවිද්යාවෙන් මිදෙන්න අධිෂ්ඨාන කර ගන්න ප්රවුඩ ලාංකිකයින් විදියට අභීතව කෙලින් සිටගන්න ක්රියාකරන්න අධිෂ්ඨාන කර ගන්න.

නමුත් ඒ අඳුරු සෙවනැලි තවමත් ලාංකේය සමාජයෙන් සම්පූර්නයෙන්ම බැහැරව ගොස් නොමැති බව පසක් කරනවා අප රටේ නීති හදනා සහ නීති රකිනා අායතන එහෙට මෙහෙට බෝලය පාස් කරමින්...

....නෑ නෑ අපි දෙන්න නෙමේ වැරදිකාරයෝ නීතිපති තාම ප්රමාදයි ඒකයි.. හේතුව කියනවානම් හෝ....(මේ කථානම් ඉතින් අැස්කිමෝවරුන් විශ්වාස කලත් අපේ අාදිවාසී උරුවේ තිසාහාමිලැයි අැත්තෝවත් විශ්වාස නොකරයි බැද්ද පොජ්ජෙ වාඩිලෑවත්...මංගොච්චලා... මඥ්ඥන් තමයි ඉතින් මේ කථානම්)

.....නෑ නෑ ඕං මන්නං නෙමේ මම අහිංසකයි එයාල දේශපාලනේ කලාට මං කරන්නේ රාජකාරිය. මාව ඕවට පටලෝ ගන්න එපා රටට පේන්න උඩින් එකක් කියල යටින් තව තව අදින්න කියල මට හරියට රාජකාරිය කරන්න දෙන්නෑ ලොක්කෝ දෙන්න තමයි යට ගහන්නේ උන්ගේ ඩීල් හින්ද.. කියල රටක නීතිපතිට දුක් වෙන්න සිදුඋනොත්... එය යහපාලනවාදී ජනතාවගේ අභාග්යය නොවන්නේද....

...සංගීත පුටු තරඟ පවත්වමින් ඒකාගෙන් මේකා බලය උදුරා ගනිමින්ද, නීතිය සහ සාධාරනය සැමට සමසේ නොමැතිව දුප්පත් ඔබට අපිට එක් හැන්දකිනුත්, බල පුලුවන් කාරයින් හට තවත් හැන්දකිනුත්, දේශපාලනය නමැති පාදඩම ව්යාපාරය කරනා අප රටේ බොහෝමයක් දේශපාලකයින් තවමත් සර්වසුභවාදී වූද, සර්ව ප්රජාතාන්ත්රික වූද, සර්වබලධාරී වූද දේශපාලනයක් ජනිත කිරීම ප්රමාද කරමින් කල් මරනුයේ කවරාකාරයේ සුභ හෝ අසුභ යටි අදහසක්, අරමුනක් සිත් සතන්හි දරාගෙනදැයි අප සැවොම තව ටික කලක් ඉවසා බලා සිට තීරනයකට අවතීර්න වෙමු..

දශක ගනනාවක් පුරා තම ජීවින අායුෂ තුල දිවියේ වටිනාම යුගය හමාර වන තුරුම නොකල වරදකට වන්දි ගෙවමින් සිට පීඩාවටත්, අසාධාරනයටත්, ලක්ව සිටි සුවහසක් යහපාලනවාදී ජනතාව අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානෝ පෙරටුව දිවි හිමියෙන් අැප කැපවී දේදුනු විප්ලවය දිනා පොදු අපේක්ෂක වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන ජනපතිඳුන් හටත්, දශක ගනනාවක් පුරා සියළු නායකකාරකාදීන්ට හරිගියතැන්, වැරදුනුතැන් පිලිබඳ හසල අත්දැකීම් සම්භාරයකින් බහුසෘත වත්මන් අගමැති රනිල් වික්රමසිංහ ශ්රීමතානන් හටත් (සංහිඳියාව පරමාදර්ශීව) සුසංයෝග කොට රට බාර කලේ යහපාලනය නමැති ප්රජාතන්ත්රවාදයේ අති උතුම් මූලධර්මය සාක්ෂාත් කරගැනීම උදෙසා යලි කවරදාකවත් කිසිදු විප්ලවයක් මෙසිරිලක නොසිදුවිය යුතුය යන දැඩි අධිෂ්ඨානයේ පිහිටා සිට බව වගකිවයුත්තෝ මැනවින් අවබෝධ කරගත යුතුමය...

නොඑසේ උවහොත් සෝභිත මාහිමිපානෝ නිවන් මග පසෙකලා යලි මෙපොලොවට විජරාමානව කුමන කස්තිරමක් නටාවිදැයි දන්නේ (සීනිගම සිට විශ්වය පුරා සැරිසරනා) තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලා පමනි.  

සෝභිතාවතාර අාවේශයට පත් අාතූරයා සත්පුරවැසියා විසින් සටහන් තැබූ වගයි..

සාදූ.. සාදූ.... සාදූ.....

--------------------------------------------------------------------------------------------------------------------------
Add caption