Saturday, March 19, 2016

රැලිවල තියෙන ඔලුගෙඩි ගනනින් අාණ්ඩු පෙරලන්න පුලුවන්නම් අදත් ජනාධිපති හිටපු ජනපති නොවේද... වැරදිනම් වයිමගේ පුතා උනත් වැරදියී.


"මේ කාලයේ නොයෙකුත් කතාවල් අපිට ඇහෙනවා.මාධ්‍ය තුළ නොයෙකුත් දේවල් ජනතාවට කියනවා පේනවා අපිට. හැබැයි මේ ආණ්ඩුව කුමන්ත්‍රණ කරලා වෙනස් කරන්න කාටවත් පුලුවන් කමක් නෑ. පහුගිය කාලයට වැඩිය, අද කොළඹ නගරයට උද්ඝෝෂණ,පෙළපාලි වැඩි වෙලා තියෙනවා. ඕන කෙනෙකුට පෙළපාලි යන්න පුලුවන්. ඕන කෙනෙකුට රැස්වීම් තියන්න පුලුවන්. ඒවා මෙහෙයවන පුද්ගලයන් අපි සුදු වෑන් එවලා විනාශ කරන්නේ නෑ. රැස්වීම් සංවිධානය කරන නායකයන්ගේ ගෙවල් වලට ගල් ගහන්නේ නෑ.ඒ වගේම තමයි ඒවා මෙහෙයවන නායකයන් කිසි කෙනෙක්ව අපි අතුරුදහන් කරන්නේ නෑ. අපි ප්‍රජාත්‍රන්ත්‍රවාදී නිදහස ගයන ආණ්ඩුවක් විදිහට හැම කෙනෙකුටම ඒ නිදහස සහ අයිතිය ලබා දීලා තියෙනවා.

- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන.

ජනපතිඳුන්ගේ ඉහත ප්රකාශයට වැඩිමනත් වශයෙන් දන්වා සිටින වග නම්...

--------------------------------------------------------------------------------------------
          වැරදිනම් වයිමගේ පුතා උනත් වැරදියී.        
--------------------------------------------------------------------------------------------
බහුතරයක් ඕපදූප වලට කැමති මිනිසුන් සහ අරක්කු ටිකටයි බත් මුලටයි අාත්මෙ විකුනන එලොවත් මෙලොවත් දෙලොවම නාෙමැති අබුද්ධික මිනිසුන්ගෙන් පිරීගිය රැලිවල තියෙන ඔලුගෙඩි ගනනින් අාණ්ඩු පෙරලන්න පුලුවන්නම් අදත් ජනාධිපති හිටපු ජනපති නොවේද...

සබුද්ධික මිනිසුන්ට නම් පුදුම හිටපු ජනපතිට තාමත් ඒ ටික නොතේරෙන එක ගැනයි. පව් මෙයාව අර දේශපානික වශයෙන් අනාථව සිටිනා තක්කඩි රැල තාමත් හොඳට අන්දවන බව නම් යස අගේට පේනවා.


විධායක බලය උපරිමයෙන් පාවිච්චි කරල, බස් රථ දහස් ගනන්වල පුරවලා මිනිසුන් ගෙනල්ල බඹ ගනන් උස කටවුට් ගහල සියළුම මාධ්‍යය අත්තනෝමතික ලෙස භාවිතා කරලත් පොදු අපේක්ෂකයාගේ ජයග්රහනය නවත්තන්න බැරි උන මෙයාල නිකම්ම නිකම් මන්ත්රීලා වෙලා ඉඳන් දැන් මොනව කරන්නද..

මෙයාලට අවසන් වශයෙන් එක පනිවිඩයක් විතරක් කියන්නම් අපේ වටිනා කාලය වැඩිය නාස්ති කර නොගෙන...

රටක දේශපාලනයේ තීරකයින් වන්නේ කිසිදු දේශපාලකයෙකු අැසුරු කර නොමැති දේශපාලකයින්ගේ උදව් අරගෙන නැති, උදව් අවශ්යයත් නැති මුත්.. දේශපාලකයින්ගේ (විශේෂයෙන් නායකයින්ගේ) ක්රියාකාරකම් දෙස විමසිලිමත් ලෙස බලා හිඳ අවශ්යය අවස්ථාවේදී නිහඬව තම තීන්දුව (පරමාදිපත්යය බලය) ප්රකාශයට පත් කරනා සබුද්ධික වූද, නිර්පාක්ෂික වූද, සවිඥා්ණික වූද තීරක ජනතාවය.

එමෙන්ම තවද කිව යුතු සුවිශේෂීම කාරනය වන්නේ ඉස්සර කාලයේ වගේ කැපුවත් නිල්, කැපුවත් කොල, කැපුවත් රතු මෝඩ මිනිසුන් (චන්ද දායකයින්) වර්තමාන යුගයේ බිහි නොවනා බවය. 21 වැනි සියවස උදාවෙන් පසු බිහිවුනු තරුණ තරුණියන්ගේ දේශපාලනික විඥා්ණය ඉතාමත් දියුණු මට්ටමක පවතී. එයාල අපේ අාච්චිලා සීයලා දේශපාලනික මත දැරූ අාකාරයට මත නොදරයි. එමෙන්ම එයාල තම අාච්චිලා සීයලා මෙන් හැඟීම් බර වන්නේවත් හැඟීම්වලට වහල් වන්නේවත් නැත. හරි නම් හරි.. වැරදිනම් වයිමගේ පුතා උනත් වැරදියී.

ඒ නිසයි පසුගිය 2015 ජනාධිපතිවරනයේදී රටේ වැඩිම තීරක ඡන්ද පදනමක් ප්රතිශතයක් තිබුනු තරුණ ඡන්ද තීරනාත්මක ලෙස භාවිතා වීමේ ප්රතිඵලයක් ලෙස වයිම සහ වයිමගේ රැහේ සේරම තක්කඩි ටික ඒ සබුද්ධික ජනතාව විසින් කහල ගොඩට අැදල දැම්මේ.

ඒ නිසා මේ අබුද්ධික හිටපු නායකයාට සහ ඒ රැලට තවමත් අනුකම්පා සහගතව සබුද්ධික ජනතාව විසින් අාරාධනා කර සිටිනුයේ විරසක කම් පසෙකලා වෛර, ද්වේශ, මෝහ අත්හැර වත්මන් ජනපතිඳුන් අාදර්ශයට ගෙන රටට වැඩ කරන්න අාසනම් ඊට හොඳම තෝතැන්නක් ජනිතව අැති යහපාලනයට සහයෝගය දී රටේ ජනතාවට ඔබලා අැත්තටම හිතෛයිෂීවන්තද යන්න ඔප්පු කර පෙන්වන ලෙසය..

සත්යය වශයෙන්ම සබුද්ධික ජනතාවට අවශ්යය මොනවත් නොවේ. අපි කොයිකාටත් සහ අනාගත පරපුරට හිරිකිත නැතිව ඉන්නට හැකි රටක් පමනයි.

බොහෝමත්ම ස්තුතියී.

රටේ සියළුම ජනතාව වෙනුවෙන් සටහන තැබූ මා යුක්ති ගරුක වූ සාධාරන සමාජයක සුභ සිහින දුටු අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ අාතූරයා සත්පුරවැසියා වෙමි.

No comments:

Post a Comment