Thursday, March 17, 2016

ජනපති උපේක්ෂාව - 2016/03/16

--------------------------------------------------------------------------------------------
ජනපති උපේක්ෂාව

"සංහිඳියාව යන වචනය සහ යහපාලනය යන වචනය අද ඇතැමුන් සමච්චලයට ලක් කරනවා. නමුත් අපට නින්දා අපහාස කරන අයට මම කියනවා මේ රටේ අනාගතය රැඳී තිබෙන්නේ ඒ වචන දෙක මතයි කියලා"

- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන.

--------------------------------------------------------------------------------------------
ජනපතිඳුන්ගේ ඉහත ප්රකාශයට වැඩිමනත් වශයෙන් යමක් සංහිඳියාව සහ යහපාලනය අැගයූ ඒ පිලිබඳ සිහින දකිමින් සිටි අතරතුරදී අප අතරින් වියෝ වුනු අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්ගේ ශ්රී නාමයෙන් අාතූරයා විසින් අනුශාසනය කර සිටින්නේ නම්......

..........එසේ සමච්චල් කරනා නින්දා අපහාස කරනා අයගේ දරුවන්ගේත්, මතු උපදිනා ඒ දරුවන්ගේත් දරුවන්ගේ අනාගතය තීරනය වන්නේත් සංහිඳියාවෙන් යුත් යහපාලනයක් අප කොයි කවුරුත් එකතු වී රටතුල ගොඩනගා ගතහොත් පමනක් බව සැවොම සිහිතබා ගත යුතු බරපතල කරුනකි. 

වැඩිහිටි අපි නැති කලක යලිත් වරක් රටතුල ජාතිවාදී හෝ අාගම්වාදී යුද්ධයක් නිර්මානය වී අපි සැමගේ දූදරුවන් හට ඊට ගොදුරු වීමට සලස්වනවාද.. නැතහොත් අපි අපි අතර තවමත් විසඳාගත හැකිව අැති සුළු සුළු විරසක කම් සමනය කරගෙන අපි නැති කල අපේ පොඩි උන්ට සැනසිල්ලේ විසුමට යහපාලනයක් අැති යුක්ති ගරුක වූ සාධාරන සමාජයක් බිහිකිරීමට වත්මන් ජනපතිඳුන් හා අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට අදිටන් කර ගන්නවාද යන තීරනයට අපි කොයි කවුරුත් සපැමිනිය යුතුව අැත.

මාද ඔබ සැම වැනි වූ මෙරටේ ජීවත් වන තවත් තාත්තා කෙනෙකි. මටද දරුවන් සිටියී. ඒ නිසා මා දන්නවා මා මෙන්ම ඔබ කොයි කවුරුත් තමන්ගේ දරුවන් හට කොපමන අාදරේද කියා. මේ රටේ ඉන්නට ඕනා නැහැ අපිට ඉන්නට පිටරටවල් තිබෙනවා කියා අපිට හිතන්නට පුළුවන්.. නමුත් අපිට කවදාකවක් අපි උපන් මව් රටේ තරම් සතුටින් සැනසිල්ලෙන් සනීපයෙන් කවරදාකවත් වෙනත් රටක ඉන්නට බැහැ. දැනටද පිටරට ඉන්නා අයගෙන් විමසුවොත් ඔවුන් දෙන පිලිතුර කුමක්ද! කෙදිනක හෝ හැකි උනු ගමන් අපි අාපහු ලංකාවට එනවා යන්නයි නොවේද...

එහෙම ගිහින් සතුටින් ඉන්න පුළුවන්නම් අපේ හිටපු නායකකාරකාදීන් සේරමල්ලත් ගිහිල්ල ඉන්න එපායැ. එලෙව්වත් යන්නේ නැතුව ඉන්න එයාල ඔයාලට කියනවා රට ගිහිල්ල හම්බ කරල එයාලට පිං පඩි ගෙවන්න සල්ලි මෙරටට එවන්න කියල මෙහෙ ඉඳන් සුරසැප විඳින්න. බලන්න එයාල මොන තරම් අාත්මාර්ථකාමීද කියල. ඒ නිසා ඔබ අපි කොයි කවුරුත් හොඳට හිතට ගනිමු මේ අවස්ථාවාදී දේශපාලකයින්ගේ බඩගැත්තරවාදී රැවටුම් බස්වලට හසුනොවී අපේ දරුවන් හට අපිව පාළුවේ තනිකර අප හැරදා අපෙන් අෑත්වී පිටරටවලට යන්නට ඉඩ නොතබා ඔවුන් වෙනුවෙන්ද වැඩිමහල් අපි හැමෝම වෙනුවෙන්ද අපේ රට ඉහලට ඔසවා තැබීමට මහත් වෙරවීරියක් ගන්නා වත්මන් ජනපති, අගමැති සුසංයෝගයේ උත්සාහයට අතහිත දී අවස්ථාවාදය පරදවා. ඒ නූගතුන්ගේ අහිංසක දරුවන්ටත් තම මව් රට තුල අප හා සහජීවනයෙන් විසුමට සුදුසු වාතාරනයක් සැකසීම සඳහා.

සටහන තැබුවේ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා

No comments:

Post a Comment