Thursday, March 10, 2016

ජාතිය බිහිකිරීමේ සිට ජීවත් කරවීම දක්වා අනේක විධි දුක් කම්කටොලු විඳිනා ඒ උත්තරීතර මාතාවගේ නැතහොත් කාන්තාවන්ගේ තවත් කාන්තා දිනයක් සැමරිනි...! අහෝ ඛේදයකි. බලන් කඩතුරා හැර දෑසේ..

--------------------------------------------------------------------------------------------------------------------------
මාර්තු 08 දා යෙදුනු ජාත්යරන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන්
"සවිබල කතක් - තිරසර හෙටක්" ජාතික උත්සවය සහ..‘ධන සවිය’ 
ජනපති සුරතින් ඇරඹි වගයි.!
--------------------------------------------------------------------------------------------------------------------------
      අතීතයේ අප රටේ විදේශ විනිමය ඉපැයූ ප්රධාන අාධායම් මාර්ග වූයේ තේ, රබර් සහ පොල් යන කෘෂිකාර්මික වගාවන්ය. නමුත් පසු කාලීනව අැතිවුනු නිවැරදි නොවනා වූද.. අත්මාර්ථකාමී වූද.. දේශපාලනික තීන්දු තීරන නිසා මෙම තත්ත්වය ඉතාමත් සෝචනීය වෙනස්කම් වලට භාජනය වීමේ ප්රතිඵලයක් ලෙස පලමුවැනි අාධායම් මාර්ගය විදෙස් රටවල බැලමෙහෙවර කරනා කාන්තාවන්ගේ රුහිරු බවට පරිවර්තනය විනි. මෙමගින් ලබනා වාර්ෂික විනිමය අාධායම රු.මිලියන දහස් ගනනාවක් බවත්, එමගින් ඉදිරියේදී තවදුරටත් වැඩි වැඩියෙන් අාධායම් අපේක්ෂා කරනා බවටත් ලැජ්ජා නැති නපුංසක දේශපාලක පිරිමි කට හඬකින් පසුගිය එක්තරා කාලයකදී මාධ්යය ඔස්සේ අසන්නට ලැබීමත් අවාසනාවකි..

කෙසේ වෙතත් වත්මන් යහපාලන රජයේ නායක දෙපල ජනපති, අගමැති සුසංයෝගය කාන්තාව පිලිබඳ සුභවාදී අාකල්පයක් දරනා නිසා විදෙස් රටවල විශේෂයෙන් විවිධ වහල් කොන්දේසිවලට යටත්ව නොයෙකුත් අඩම්තේට්ටම් විඳිමින් බැලමෙහෙවරෙහි යෙදෙනා කාන්තාවන් ඉහත වැඩ සටහන් ප්රතිඵලදායක තත්ත්වයට පත්කොට අාපසු මව් රටට කැවා නිවහල් යනුවෙන් නාම මාත්රිකව පවතින හරසුන් බොල් වචනය විචිත්රවත් කොට එය ලොව හමුවේ අභිමානවත් ලෙස නිරාවරනය කර යහපාලනය නමැති ප්රජාතන්ත්රවාදයේ අති උතුම් මූලධර්මය සක්රීයව ප්රදර්ශනය කරනු අැතැයි සංහිඳියාවෙන් යුතු සාධාරන සමාජයක සුභ සිහින දුටු අපවත් වී වදාල සෝභිත මාහිමිපානෝ අවතාරයක් වශයෙන් හිඳිමිනුත් අපේක්ෂා කරනා බව අාතූරයාට දන්වන්නට යෙදුනි.

කෙසේ වෙතත් අප රටේ මීලඟ දෙවන විනිමය අාධායම අැඟලුම් කර්මාන්තයේ නියැලී සිටිනා කාන්තාවන්ගේ රුහිරුවලින් උපදී. තෙවන විනිමය අාධායම තේ දළු නෙලනා ස්ත්රීන්ගේ රුහිරුවලින් උපදී.

මේ මහාකලු (සිංහ-ලේ) සිංහයින්ගේ සිංහ සේයාව කෙතරම්ද යත් වර්තමානය වන විට සතරවන අාධායමත් ගෘහස්ත කාන්තාව ඉලක්ක කොට වත්මන් යහපාලන රජය බලාපොරොත්තු සහ විශ්වාසය තබා අැති බව මාර්තු 08 දා යෙදුනු ජාත්යරන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කළ "සවිබල කතක් - තිරසර හෙටක්" නමින් වූ ජාතික උත්සවය හමුවේත්..‘ධන සවිය’ ජනපති අතින් ඇරඹේ යන වැඩ සටහන් දියත් කිරීම මගිනුත්  මොනවට පිලිබිඹු වේ. 

සිංහ-ලේ.. යින් ජාතක උනු මහාකලු සිංහලයින් පුක පැත්තේ ස්ටිකර අලවාගෙන යන මෙවන් ගෝත්රික රටක 4 වන අාධායමත් කාන්තාව පිලිබඳ විශ්වාසය තබා ක්රියාත්මක කිරීමට සිදු වීමෙන්ම...

...බෝල/බැට් පහරටත් රාජකාරිය පසෙකලා ඔට්ටු අල්ලනා අශ්වයින් අවශ්යය නැති පිගොට් ජොකියන් සිටිනා ක්රිකට් සූදුවෙන්ද, අන්තර්ජාලයේ සැරිසරමින් නිලකාස හෙලුවැලි බලනා (පුරුෂ)නූගතුන්ගේ අාර්ථිකයේ මාරයා නොහොත් ඩේටා-ගිනි විකුනනා ලේමාපිලුන්ගේ ගින්දර අැඩ්වලට රැවටී දවසේ අාධායම ස්වයං වින්දනයට කැපකර.. මතට තිත උනාට.. මධ්යසාර ප්රතිශතය ඉහල බියර් නමැති අාණ්ඩුවේ නම්බුකාර කසිප්පු බී පකඩබයිට් ගිලදමා, ගින්දර නැති නිසා එක සිගරැට්ටුවටත් ගිනි පෙට්ටියක්ම මිලට ගෙන විසිකරනා, දඩය 5000/- මුත් තවමත් සිල්ලර කඩවල අදෘශ්යමානව වැඩියෙන්ම අලෙවිවන පිලිකා කාරක දුම්පිඹිනා බෙලහීන පියවරුන්, දරුවන් බඩගින්නේ තබා භාර්යාව සම්භාහන අායතන තුල හෝ විකිණී රු.ලක්ෂය ඉක්මවන වැටුප් ගත හැකි අැබැර්තු අැති පත්තර ගෙනැවිත් දෙන, මහා කලු සිංහලයින් වෙසෙනා සිංහ-ලේ ගෝත්රික දේශය මෙසිරිලකම පමනක් බව තහවුරු වේ.

එමෙන්ම රජ කාලේ පැවති වහල් වෙලඳාමට නොදෙවනි ලෙස අදෘශ්යමානව ක්රියාත්මක වන අපේ කාන්තාවන්ගේ ඡායාරූප පලමුව පෙන්වා රූපය අනුව වැඩි ලන්සුවට වෙන්දේසි වන්නා වූ තිත්ත අැත්ත මැදපෙරදිග වහල් සේවය නිසා වන අංක එකේ ජාතික අාධායම හැරුනු කොට අනිකුත් සියළු ප්රධාන අාධායම් මාර්ග පිලිබඳ සතුටු විය හැකි උවත්...

....ජාතිය බිහිකිරීමේ සිට ජීවත් කරවීම දක්වා අනේක විධි දුක් කම්කටොලු සහ සමහර මව්වරුන් කිසිදා හෙලිනොවනා ගෘහස්ත හින්සනයෙන්ද දසවද විඳිමින් අමිල මෙහෙවරක් සැමතින්ම ඉටු කරනා ස්ත්රීන්ගේ නිදහස, රැකවරනය සහ අාරක්ෂාව පිලිබඳ වගකිවයුතු සෑම අංශයක්මත්, සෑම රජයක්මත් මේ වන තුරු සැලකිය යුතු මට්ටමක සොයා බැලීමක් හෝ කටයුතු කිරීමක් සිදුකල බවක් දක්නට ලැබී නොමැත.

කොටින්ම ඒ සඳහා යෝජනාවක් ගෙන අා පසුගියදා විපක්ෂයේත් පොදු විපක්ෂයේ සිටිනා මහාකලු සිංහ-ලේ ජාතිමාමකයින් පාර්ලිමේන්තු සභා ඝර්භය තුල හිඳිමින් සිදුකල අශෝබන ක්රියාවන්ගෙන් අප රට කාන්තාවට දක්වනා ගෞරවය කෙතෙක්දැයි ලොව හමුවේ ප්රදර්ශනය කෙරිනි..

ඒ සියල්ල එසේ වූවා සේම රට තුල සිටිනා තවත් සමහර නිවට (පිම්පි) ස්වාමි පුරුෂයන් තම භාර්යාවන් උපයා දුන් මුදල් පුද්ගලික මනදොල වෙනුවෙන් කාබාසිනියා කලා සේම...!

....හිටපු සමහර දුර්ජන, දුස්ශීල රාජ්යය පාලකයින්ද ඒ අවිහිංසක කාන්තාව උපයා රටට ගෙනදුන් මුදල් දූෂිත විදික්රම මගින් සොරකම් කොට මතු අාත්මවලදීත් සුරසැප විඳීමට පිටරට බැංකුවල සැඟවූවාට මිහිබටදීම ඒ පව් සියල්ලටම වන්දි ගෙවීමට නොසිදු වුවහොත් සෝභිත හිමිපානෝ විශ්වාස කල බුදු දහමත්, ලෝවැස්සන් විශ්වාස කරනා සියළු දහමත් බොරුය..

මැදියම් රැයෙහිදී ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ගෙන එනු ලබන්නේ (සිගරැට්ටුවෙන් පුලුස්සා, අැඳෙන් වැටෙන්නට පාපහර දීම් වැනි) සැමියා මගින් ගෘහස්ත ලිංගික හිංසනයට ගොදුරු වුනු භාර්යාවන් මුත් තමාට සිදුඋනු හිංසනය දරුවන් වෙනුවෙන් පවුල රකිනා ඒ උත්තරීතර මාතාව සඟවන බවත් සත්පුරවැසියා රෝහල් ගතව සිටි සමයකදී සිදුකල සොයා බැලීමකදී දැනගතිමි.

එවන් දුක් කම්කටොලු දහසක් විඳිමින් අප ලොකු මහත් කල, අප අද හුන් තැනට ඔසනා තැබූ, අප කොයි කාගේත් ඒ උත්තරීතර මාතාව නොහොත් කාන්තාව වෙනුවෙන් හඬ නැගීමට පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයක් තුල තම නියෝජනය සාපේක්ෂිත ප්රතිශතයකින් ඉහල දැමීමට විරුද්ධ වන ඒ මව් කුසින්ම බිහිව, ඒ මවගේ කිරිකල රුධිරය දෙතන රිදෙනා තුරු උරා බිවූ මහා කලු (සිංහ-ලේ) සිංහයින් විසිය හැකිනම් ඒ තරම් අවාසනාවන්ත ගෝත්රික ම්ලේච්ච රටක් විශ්වය තුල තවත් කොහේවත් තිබේදැයි සැක සහිතය.

අහෝ රටක අභාග්යයක මහිම.!
--------------------------------------------------------------------------------------------------------------------------
සෝභිතාවතාර අාතූරයා අාවේශයට පත්කොට සත්පුරවැසියා ලවා ජනගත කල වගයි.

No comments:

Post a Comment