Monday, May 29, 2017

මිනිසුන් නොවෙමු අපි. මිනිසුන් නම් මෙවැනි දේවල් කරන්නේ නැහැ. අපි වල් සත්තු වගේ. මිනිස් ගතිය නැති වෙලා.

මිනිසුන් නොවෙමු අපි
===============
අපි මිනිසුන් නොවේ. මිනිසුන්නම් මෙවැනි දේවල් කරන්නේ නැහැ. අපි වල් සත්තු වගේ. මිනිස් ගතිය නැති වෙලා.
=================================================================
අපි වෙමු නයි පොළොංගු, පැටවුන් ගිලදා ජීවත් වෙමු අපි.. (Video Docu)

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.28, පෙ.ව‍‍‍‍.9.45) ඉතිහාසය ප්‍රතිසංස්කරණය කළ නොහැකි යයි කියන මහාචාර්ය සිරි ගුණසිංහයන් ගැන ඔහු ජීවතුන් අතර සිටියදී ධර්මසිරි බණ්ඩාරනායක  කළ අපූරු වාර්තා චිත්‍රපටයක් පහතින් බලන්න 
---------------------------
http://www.lankaenews.com/news/5807/si
by     (2017-05-29 03:19:58)

Tuesday, May 16, 2017

අාචාර්යය ලයනල් බෝපගේ මහතාගේ කසල ලිපියට අටුවාටිකාවක්... සෝභිතාවතාරයෙන්.

අාචාර්යය ලයනල් බෝපගේ මහතාගේ කසල ලිපියට අටුවාටිකාවක්... සෝභිතාවතාරයෙන්.
====================================================
සමස්ත සමාජයම මැදිහත් නොවී කසල කළමණාකරනය කළ නොහැකිය; ජාත්‍යන්තර අත්දැකීම් සමග ලංකාවට සුදුසු විසඳුමක්..! - ආචාර්ය ලයනල් බෝපගේ ලියයි.

කුණු කන්දේ ඛෙදවාචකයෙන් පසු කිසිවෙක් නොලියූ ලිපියක්...

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.17, පෙ.ව‍‍.8.20)

සිංගප්පූරුවේ අත්දැකීම්
==============
සිංගප්පූරුවේ ‘කසළ ශූන්‍ය කරමු‘ (WasteZero) ආයතනයේ විධායක අධ්‍යක්ෂ ඉයුජීන් ටේ පවසන්නේ ආසියාවේ මහ නගර (Megacities) වලට සිංගප්පූරුවෙන් බොහෝ පාඩම් උගත හැකි බවයි. ඔවුන් පියවරක් ආපස්සට ගෙන කසළ කළමණාකරන චක්‍රයේ “අඩු කිරීමේ“ සහ “යළි යොදා ගැනීමේ“ අංග අවධාරනය කිරීමෙන් පසු අවසාන විකල්පය වශයෙන් කසළ බැහැර කිරීම දෙස බැලිය යුතු බව ඔහුගේ මතයයි.
============================================================================================
ඉහත කහ පැහැයෙන් දැක්වෙන්නේ අාචාර්ය ලයනල් බෝපගේ මහතාගේ සමස්ථ ලිපියෙන් පෙරා මිරිකා ගත හැකි සාරාංශයයි.

ඒ අනුව ශ්රීලංකාව වැනි තමන්ගේ කුණු වෙනත් අයගේ ස්ථානවල අතහැර මං සුදනා යැයි සිතා සිටින්නන් බහුතරයක් වෙසෙනා රටක කසල ශුණ්යය කිරීමට නම් අනිවාර්යයෙන්ම රට අඩියක් නොව අඩි කිහිපයක් හෝ අාපස්සට ගමන් කරවිය යුතුවම අැත. 

එමෙන්ම පුළුල් නිරීක්ෂනයෙකින් අනතුරුව ලියා අැති අාචාර්ය බෝපගේ මහතාගේ ලිපිය පුරා කොතැනකින්වත් ලාේකයේ ධනවත් හෝ දුගී හෝ කිසිදු රටක් විසින් මේතාක් කසල ප්රශ්නයට පරිසර හිතකාමී ප්රායෝගික තිරසාර විසඳුම් කිසිවක් සොයාගෙන අැති බවට සාධක තිබුනේ නැත.

එනිසා අප රට පමනක් නොව විශ්වයේ මතු අනාගත පැවැත්ම උදෙසා මුළු ලොවම අඩියක් නොව අඩි කීපයක් උවද අාපස්සට යායුතුවම අැත.

නමුත් ලෝක ප්රජාවම කම්මැලියන් බවට පත් කල ක්ෂනික පාරිභෝජන සංකල්ප හේතුවෙන් මේ වන විට රාජ්යයන්ට ඕනෑ උවත් ජනයා ඒ උදෙසා නැවත අාපස්සට හැරවීම මුලාවකි. ඒ වර්තමාන ජනී ජනයා අතිශයින්ම අාත්මාර්තකාමී තත්ත්වයකට පත්ව සිටිනා නිසාය. සමහර විට ඒ ඔවුන්ගේ අසරන බවද විය හැක්කේ ලෝකයේ අතිශයින් අවස්ථාවාදී ව්යාපාරිකයින් පරිසරය සම්බන්ධයෙන් අල්ප මාත්ර හෝ සැලකිල්ලක් අවධානයක් නොදක්වා තම ව්යාපාර පවත්වාගෙන යාමයි.

කසල ලෙස ඉවතට විසිකරනා බෝතල් බෑග් කෝප්ප හැඳි ගෑරුප්පු ලන්ච් ෂීට් කොල කඩදාසි පෙට්ටි වැනි අැසුරුම් මේ සියල්ලෙහිම වටිනාකම තම නිෂ්පාදනයට එකතු කරනා වැය බරින් (Cost) අාපසු අය කර ගත්තද මේ කිසිවකු ඒ කසල පිලිබඳ අල්ප මාත්ර අවධානයක් එකී ව්යාපාර පවත්වාගෙන යන තම රට වෙනුවෙන් යොමු කලේ නැත.

ඒ සෝබන උගුලේ සිර වුනු පාරිභෝගිකයා ඒ සියල්ල ගෙවා දමා ලබා ගන්නා යෝගට්ටුව තම වාහනය තුලදීම කකුල් උඩ දමාගෙන කාලා හැන්දත් ලෝලා හිස් කප් එක ජනේලයෙන් පාර මැදට විසි කොට හැන්දෙන් ඊතල විද පරිසරය වනසයි. (අනිවාර්යයේම මතු අාත්මයේදී ඉහඳ පනුවන්ව උපදිනා කාලකන්නි)

නමුත් මෙම පරිසර විනාශය දිනෙක තමන්ට කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම තම දූ දරුවන්ගේ අනාගතය වනසනා පාරාවලල්ලක් වන බව මේ ඔලමොට්ටල අර්ත්මාර්තකාමීන්ට නාෙවැටහීම ලෝකයේම අභාග්යයකි.

70 දශකයට පෙර ලංකාව තුල තම හතර මායිමෙන් එලියට විසි කරන්නට අැවැසි කසල කිසිවක් නොතිබුනි. නොදිරනා දෙයකට තිබුනේ බිඳීගිය වීදුරු අලියා බීම බොතල් සහ ජෑම් කාේඩියල් බාේතල් වැනි දෑ පමනි.

නමුත් ඒ සියල්ලමත් මේ වන විට ප්ලාස්ටික්ය. මේ වන තුරුත් අලියා බීම වීදුරු බොතල් වලද අැසුරුම් කෙරුනත් වෙළඳ සල් 100 ට ගියද අහඹු ලෙස දෙක තුනක හැර වෙන අන් කිසිඳු ස්ථානයක උන ලෙඩෙකුට දෙන්නටවත් අලියා බීම බෝතලයක් අද සමාජයේ වීදුරු බෝතලයෙකින් ගන්නට නැත.

ඒ තරමටම වෙළෙන්ඳා පවා කම්මැලි වෙලා. ඌටත් ඕනා කරන්නේ බෝතල් හුවමාරුවක් නොකරම උගේ ගතම් එක ලාච්චුවට දාගන්න පමනයි. නමුත් ඌට අමතකයි බීම පෙට්ටි උස්සලා හෝ තම පංචස්කන්ධයට ලැබුනු පොඩි ව්යායාමයත් නොමැති වීමෙන් තමනුත් ඉක්මනින්ම දියවැඩියා කාරයෙක් කොලස්ටෙරෝල් කාරයෙක් වන බව.

කෙසේ නමුත් මේ කිසිවක් දැන් කථා කරමින් සිට වැඩක් නැත. රටේත් ලෝකයේත් අනාගතය විනාශයේ පාරාවලල්ලක් නොමවීමට නම් ලහි ලහියේ කල යුත්තේ ශාපයක්ව අැති දියුනුවේ ඉදිරියට නොව සුදුසු සීමාවන් දක්වා අාපස්සට යාමය.

ඒ උදෙසා ප්රතම කාල තුවක්කු ප්රහාරය වගකීමක් පරිසර හිතකාමී බවක් නාෙතකා තම නිෂ්පාදන සිදුකරනා සියළුම කර්මාන්ත අායතන කරුවන් වෙත එල්ල කල යුතුය.

සියළුම නිෂ්පාදන කාණ්ඩ දෙකක් යටතේ අැසුරුම් කිරීමට අනපනත් අැති කල යුතුය. පරිසර හිතකාමී අැසුරුම් සහ ක්රමවේද අැතිකරන්නන් වෙනුවෙන් සුදුසු බදු සහන ලබා දිය යුතුය. එමෙන්ම පරිසර හිතකාමී නොවනා අැසුරුම් සහ අමුද්රව්යය වෙනුවෙන් අධික බදු පැනවිය යුතුය.

මෙවන් උපක්රම මගින් පරිසර හිතකාමී වන සහ නොවනා භාණ්ඩ හෝ ද්රව්යය වෙනුවෙන් පාරිභාේගිකයා හට දැනෙනා මිල පරාසයක් අැති කල යුතුය. රු.30,000/= වැටුපක් ලබා ගන්නා අයෙකු ඉන් රැ.10,000/= ක්ම වැය කරන්නේ නිවසට ගෙනා සැනින් හෝ කල් නොයවාම විසිකරනා නාෙදිරනා කසල සඳහා වන බව අැඟට දැනෙනා වටපිටාවක් අැති කල යුතුය.

නොදිරනා කසල හැරුනු කොට අන්සියළු අපද්ව්යය කොම්පෝස්ට් පොහාෙර බවට පත්කාෙට තම මල් පෝච්චියට හෝ ගෙවත්තේ බවභෝග වෙනුවෙන් හෝ භාවිතා කරවීමට අැවැසි දියුනු විදික්රම ලෝක අන්තර්ජාලයේ පාසල් ක්රියාකාරකම් ලෙස පවා ඕනෑතරම් දක්නට අැත.

මෙම පනිවිඩ දුවාදරුවන් මගින් තම අම්මා තාත්තා දැනුවත් කරවනා සහ ලැජ්ජාවට පත් කරවනා අධ්යාපනික ප්රතිසංස්කරන පාසල් පද්ධතීන් හරහා අැති කල යුතුය.

මෙම ලිපිය කුණු කන්දක් තරම්ම විශාල ලෙස ලිවිය හැකි උවත් එය කෙටි කර යෝජනා කරනුයේ මේ සම්බන්ධයෙන් විද්වතුන් පාලකයින් සියළුම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදකයින් සම්පත් දායකයින් ඒකරාශී කොට පුළුල් සංවාදයක් අැති කර ඉක්මන් විසඳුම් වලට අවතීර්න විය යුතු බවයි.

කසල යනු ඉතුරුම් සහතිකයක් බව තේරුම් ගත යුතුය. ඒවා කොහේ හෝ කාගේ හෝ තාප්පයකට උඩින් විසිකොට මං සුදනා වීම යුතු නැත. ඩෙංගු වැනි බෙහෙත් නාෙමැති මාරාන්තික රෝග සම්පූර්නයෙන්ම නොදිරනා කසල මූලික කොට ගෙන පැතිර යන රටට දුර්භීක්ෂයක්ව අැති මහත් ව්යසනයකි.

කැමති උවත් අකමැති උවත් ලෝකයේ පැවැත්ම උදෙසා යනු තම දුවාදරුවන් හට ලෙන්ගතු සියළුම මිනිසුන් ඒ අයගේ අනාගත පැවැත්ම සුරක්ෂිත කරලීමට සිදු කල යුතු මහඟුතම කාර්යය භාරය සහ යුග මෙහෙවර වනුයේ ඒ අය වෙනුවෙන් හෝ පරිසරය සුරැකීමට අදිටන් කර ගැනීමයි.

නොඑසේව මේවාට ලහි ලහියේ විසඳුම් නොයෙදුවහොත් පසුගිය වාර්තා අනුව ප්රතිකාර නොමැති මාරාන්තික ඩෙංගු ව්යසනයෙන් 2016 පරයා 100% ක වර්ධනයක් පෙන්නුම් කරවනා 2017 ඩෙංගු දුර්භික්ෂයට තමන් හෝ තම අාදර බර දරුවා හෙට දිනයේදී ගොදුරු වීම වැලැක්වීම සංක්රයාටවත් නොහැකි වනු අැත.

සෝභිතාවතාර -  විශ්වයේ සිට අාදරයෙන්...
=============================
දියුණුව..
මිනිසාගේ දියුණුව යනු පරිසරයේ සංහාරයයි
පරිසරයේ සංහාරය යනු මිනිසාගේ සංහාරයයි.
===
දූෂණය..
දියුණුව නමැති නොනිමි මාවතේ, සෑහීමකට පත්වීම නමැති මිරිඟුව පසුපස හඹායන මිනිසා පරිසර දූෂණය නමැති දාහය නිරනතරව වගුරවනු ලබයි.
===
නැවතුම..
දියුණුව යනු ජුගුප්-අාකර්ෂනයකි.
එම අන්ධ මෝහනත්වයෙන් මිදී අප සැම අවධියෙන් යුතුව එදෙසට පිය නගමු. එවිට මිනිසාට අැවැසි තාක් විශ්වය පවතීවි.
නොඑසේ උවහොත් විශ්වයට අැවැසි තාක් පමනක් මිනිසා පවතීවි.
===============
සෝභිතාවතාර
2017/05/17


Thursday, May 11, 2017

ලොව සිටිනා දක්ෂතම සටන් කරුවන් මිහිමත සිටියත් දැක ගැනුමට නොහැක සෝභිතාවතාර සේ...


සෝභිත අාතූරයා සත්පුරවැසියා ජි.ඒ.ටී. ලිවේරා මාස්ටර්ගෙන් බ්ලැක්බෙල්ට් Blackbelt 1st Dan ලබන තුරු (White- 1/11/111/ Yellow, Orange, Green, Blue, Brown) සෑම ග්රේඩින් එකකදීම පන්තියේ වැඩිම ලකුණු 94,96,98 අාදී වශයෙන් ලබමින් මේ වගේ කරාටේ සටන් ක්රම ඉගෙන ගත්තේ 70/80 දශකවල ලමා කාලයේදීයී. ස්ථානය කොළඹ කොටුව වරාය වෛත්යය අසල ශාලාවේදී හරියටම කියනවානම් වරාය අැමති අර්ජුනගේ මේ පාර වෙසක් තොරන කඩං වැටුන තැන. පරන වරාය කාරයන්ගෙන් අැහුවොත් දැන ගන්න පුලුවන් ඉස්සර එතැන කරාටේ පන්ති පැවැත්වුනාද කියල.


නමුත් මෙම උතුම් සටන් කලාව ඉගෙන ගන්නට මුලින්ම යන්න ඕනා කියල හිතුන හේතුව තමයි ඉස්කෝලේ හිටපු චන්ඩි කොල්ලෝ පාඩුවේ හිටපු අහිංසක අපිට දාන පාට්වලට රිටන් එක දෙන්නයි.

කෙසේ නමුත් සෝභිත අාතූරයා සත්පුරවැසියා කරාටේ ගැන කියන්න ගත්තේ කයිවාරු ගහන්න නොවේ. කරාටේ නැතහොත් උතුම් සටන් ක්රම කලාවන් යනු තමුන්ගේ කෙරුම්කාරකම් සමාජයට හෝ ලෝකයට පෙන්වීමේ අාභරන භාවිතාවක් නොවනා බවට පාඩමක් ඔබ සැමට කියා දීමටයි.

ඉතින් ඒ කාලේ මාත් ගියා හිටපියවුකෝ තොපිලට මරාටි ඉගෙනගෙන අැවිල්ල දෙන්නම් ජම්බු කියල ඔළුව උදුම්මවාගෙන කරාටි පන්ති.

ඉතින් කරාටි කිට් ගහගෙන පලමුව එක්සසයිස් දෙවනුව ප්රැක්ටිස් තෙවනුව ෆ්රීෆයිටින් පන යනවා ගෙදර එන්නේ මැරිල වගේ අපි අමාරුවෙන් හදපු අතපය උඹල ලේසියෙන් කඩාගෙන එනව මෙතන කියල අම්ම බැන බැන තෙල් ගානවා මල වදේ කන්කරච්චලේ. ඒත් අාසාව නම් ඉවර උනේ නැහැ පියාගේ වෘත්තීය අඩාල වූයෙන් මාහට පවුලේ බර කරට ගන්න සිදුව සටන් පන්ති යාම නවත්වන්නට සිදුඋනා මිස....

කෙසේ වෙතත් භාවාත්මක වූ මෙම සටන් කලාවන් හදාරමින් ඉදිරියට ඉහලට යන්න යන්න තවකෙකුට හිංසාවක් කරන්න තිබෙන සිතිවිලි වලින් අපව අෑත් කරවන්නට සමත් වෙනවා. සටන් හොඳින් ඉගෙන ගත්තහම ඔය රට වනසනා පාදඩවංශයා වගේ උන් මරන්න එක අැඟිල්ලයි ඕනා කරන්නේ. නමුත් සටන් කලාවන් කෙතරම් අද්විතීයද කියනවානම් (බ්ලැක්බෙල්ට් 1 සිට 10 දක්වා ශ්රේණි පසුකල විට හිමිවනා RedBelt තත්ත්වයෙහිද ශ්රේණි 1 සිට ඉහලින් ඉහලට පත්වන විට යමෙකු මරන්නට අව්ශ්යය නම් දෙනෙතේ බැල්මෙන් මෝහනය කර මරන්න පුළුවන් ඒ කියන්නේ පහර දී නොව කිරනයෙන් මැරිය හැක. නමුත් උතුම් සටන් කරුවෙක් කෙදිනකවක් තම කලාව අද කාලයේ සමහර කලා කරුවන් මෙන් ගණිකා වෘත්තියෙහි යොදවන්නේ නැත.

ලෝකයේ පහල උනු අග්රඝන්යය සටන් කරුවකු වන බෘස්ලීව ඔහුගේම ගුරා විසින් මරා දැමූ බවට කථා පවතින්නේ සිනමා රඟදැක්වීම් කරමින් මෙවන් වූ වැරදි බෘස්ලිද සිදුකල නිසා බව කියැවේ... නමුත් මේවායේ අැත්ත නැත්ත හරිහැටි මා නොදනී...

කෙසේ වෙතත් සත්පුරවැසියාගේ කථාව වන්නේ තමා ඉතා විශිෂ්ඨ අාකාරයෙන් සටන් උගෙන ගත් බවය. ඒ කෙතරම්ද යත් සමහර දිනවල ගුරු නොපැමිනෙනා දිනවල සිසුන්ට ‍පන්ති කිරීමට තමාව තෝරා ගැනීමේ භාග්යය ලද අභිත සටන් සිසුවා තමා වීමේ අවිහිංසක අාඩම්බරය සත්පුරවැසියා ලබා අැත.


ඒ නිසා සත්පුරවැසියාට ගෝඨා බැසින් මර්වියාවත් හැලපවංශයා කොහොමටවත් හක්කේ තියන්නවත් මදිය. මෛත්රී/රනිල්/SF/වන්ෂාෙට් එකෙන් නොකවුට් කල හැකිය. පව් හින්දා නිකං ඉන්නවා... හික්..

නමුත් දැන් සත්පුරවැසියා කිසිවෙකුටවත් සටන් අභියෝග නාෙකරනා ජාති,අාගම්,කුල,මල සියළු භේදයන්ගෙන් තොරව සැමට සාධාරන සමාජයක් බිහිකරලීමේ නොනිමි සිහිනය තුල දිගින් දිගටම හිඳිමින් අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේගේ ඒ නොනිමි කර්තව්යය යථාර්තයක් කරවනු අටියෙන් විශ්වීය පරීක්ෂාවකින් අනතුරුව උන්වහන්සේගේ ඒ දේදුනු විප්ලවයේ ඉදිරි කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාම උදෙසා තෝරා පත්කර ගත් අාතූරයා සත්පුරවැසියා දැන් උන්වහන්සේගේ ජීවමාන අවතාරයයි.. 

අැවැසිනම් පමනක් ප්රතිවාදියා මියැදෙන තුරු සටන් කල හැකි නීති සම්මත කාෙට ගාලුමුව දොර මහින්දගේ මැයිදින රැලියේ වේදිකාව යලි ඉදිකර ඒ මත හිඳ සම්මුඛ පරීක්ෂනයෙකින් තෝරා ගන්නා රියල් සටන් කාමියෙකු හා දෙදෙනාගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම හෝ මියෙන තුරු අවසානය දක්වා සටන් කරන්නට සූදානම් ජයරත්න මල් ශාලාවේ මිනී කාරය සහ පෙටිටිය පසෙක තබා... නීතියට වග නොකීමේ රාමුව තුල, කැමතිනම් කැමති අයෙකු හා...


කෙසේ වෙතත් තවමත් සත්පුරවැසියාට කියන්නට අැවැසි දේ කියැවුනේ නැත. ඔය කියපුවා විකාරය. සටනකදී ප්රතිවාදියාට පහර දීමම අවශ්යය නොවේ මෙල්ල කිරීමට. එක (Block) පාලනයකින් ප්රතිවාදියාගේ පහර දුන් අත හෝ පය කැඩී යාමට බ්ලොක් කල හැක. නමුත් ඒ කිසිවක් උතුම් සටන් කරුවෙක් භාවිතා නාෙකරයි. මෝඩයාට පහරදීමට අකමැති බලවතා පාවිච්චි කරනුයේ ගැලවිජ්ජාවය. ගැලවිජ්ජාව යනු නිවට කම නොව නුවනක්කාරකමය. මන්ද යත් නුවනක්කාරයා දන්නවා මෝඩ ප්රතිවාදියාට නැති වන්නට දෙයක් නාෙමැති උනාට තමුන් හට නැති වන්නට බොහෝ දේ අැති බව. ඒ නිසා සදාකාලික ජයග්රහනයන් උදෙසා නුවනක්කාරයා කිසිවක් නැති කර නොගනී තාවකාලික පරාජයන් බාර ගන්නට සිදු උවත්...


සටන් කලාව හැදැරීමේදී පාලනය සුවිශේෂී වේ. පාලනය නිසි ලෙස නොමැතිනම් ලකුණු කැපේ. ප්රහාරය එල්ල කල යුත්තේ ප්රතිවාදියාගේ රෝම කූපවල ගෑවී අාපසු මිස ස්පර්ශ වීම නාෙවේ. එසේ වූවොත් නීතිවිරෝධී(ෆවුල්) තත්ත්වයට පත්වී ලකුණු කැපේ. සත්පුරවැසියාගේ පාලනයේ තරම කෙතරම්ද යත් අනෙකුත් කොල්ලන්ගේ පා පහරවල් පපු පෙදෙසට වැදී විසිවී වැටෙනා කෙල්ලන් පසුව ගුරු විසින් සත්පුරවැසියාට යොමු කරන්නේ තමා තුල පැවති පාලන හැකියාවේ මහිමය නිසාය.

කෙසේ වෙතත් මේ සමග අැති වීඩියෝවේ දැක්වෙනා සටන්කාමී කෙල්ල තම අාත්මාරක්ෂාව උදෙසා ගනු ලබනා ඒ සටන් ක්රම සියල්ලම නිවැරදිය. සත්යය වශයෙන්ම ඒ කෙල්ලට ඒ සල්ලාලයින් සියල්ලම ඒ අාකාරයටම විනාශ කල හැක. ඔබ දුටු ඒ වීඩියෝවේදී එසේ වී අැත්දැයි ඔබට සැක සිතෙන්නට අැත. නමුත් ඒ කිසිවක් කිසිවෙකුටවත් සිදුවී නොමැත්තේ ඒ පුහුනු අභ්යාසමය අවස්ථාවක් වන බැවිනි. කැමරාකරනය අවසන් වූ සැනින් ඒ සියල්ලෝම අපූරුවට නැගිට සිනාසෙනු අැත.

එමෙන්ම දක්ෂ සටන් ශිල්පියෙකු කිසිවිටෙකත් තම ශක්තිය නාස්ති කර නොගනී. ප්රතිවාදියා ගව් ගනනක් දුරට විසි කරනුයේද, පොලවේ ගසනුයේද තමාගේ ශක්තිය භාවිතා කොට නොවේ. ද්වේශයෙන්ද, වෛරයෙන්ද පිරීගිය ප්රතිවාදියාගේම ශක්තිය අාපසු ඔහු වෙනුවෙන්ම හරවා යැවීමෙනි. මේ සමග අැති වීඩියෝව හොඳින් නිරීක්ෂනය කර බලන්න ඒ සටන්කාමී කෙල්ල වැඩිපුරම භාවිතයට ගන්නේ ප්රතිවාදීන්ගේම ශක්තිය නොවේද කියා.

නමුත් ලොමු ඩැහැගැන්වෙනා සටන් කලාවක සත්යය වූ පාලනය/සංවරය/හික්මීම/සංයමය(Control) සහ නිසි පුහුණුව එයයි. ඒවා නිසි ලෙස තේරුම් ගන්නට නම් ඔබ සටන් ඉගෙන ගත යුතුය. හැබැයි ඒ තක්කඩියෙකුගෙන් නොව අනිවාර්යයෙන්ම නියම සටන් ගුරුවරයෙකුගෙන්ම පමනි.

යහපත් ලෙස සටන් කලාව හැදෑරීමෙන් යමෙකු තුල දියුණු වෛතසිකයක් ගොඩනැගේ. ඒ වගේම සටන් ඉගෙන ගත යුතු වන්නේ තවකෙකුට හිංසාපීඩා කිරීමටද නාෙවිය යුතුය. එසේ වුවහොත් එය පිහිටන්නේද නැත. සටන් උගෙන ගත යුත්තේ තම අාත්මාරක්ෂාව සඳහා සහ වෛතසික/අාධ්යාත්මික දියුණුව සඳහා පමනි.

නමුත් අනුරාධපුරයේදී දක්ෂ සටන් කරුවෙකු එක පාෙරෝ පහරින්  මැරී වැටුනි. ඒ ඔහු තම සටන් කලාව ගණිකා වෘත්තියේ යොදවමින් සමාජ විරෝධී ව්යාපාර සිදුකිරීමේ අානිශංස ලෝපාලන සොබාදහම් මාතාවට පෙනී අැයගේ උදහසට පාත්රවූ නිසාය.

ලොව සිටිනා දක්ෂතම සටන් කරුවන් මිහිමත සිටියත් දැක ගැනුමට නැත සෝභිතාවතාර සේ...

ඒ ත්රාසජනක සටන් කලාව මෙම වීඩියෝවෙන් ඔබේ දෙනෙතින්ම දැකගන්න පිවිසෙන්න.

සෝභිත අාතූරයා සත්පුරවැසියා
2017/05/11

Thursday, May 4, 2017

සෝභිත අාතූරයා සත්පුරවැසියා විසින් සෝභිතාත්මයේ හදිසි දැනුම් දීමකට අනුව ජනගත කරන්නට යෙදුනු පුවතක් - සෝභිතාවතාර 2017/05/05 දින අළුයම

=================================================================================

ගෝල්ෆේස් සෙනග දැක නිරුවත් වුණු ආචාර්ය නිර්මාල්..!

විසල් කරුණාරත්නගේ සටහනක්

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.04, ප.ව.11.55) ‘ජනවරම‘, ‘ජනමතය‘ සහ ‘සෙනඟ‘ 
  පුවතට විශ්වයෙන් පිලිතුරක් මනුලොවට 
 සෝභිතාවතාර 
============================================================================================
මෛත්රීගේ යහපාලන රජය අැතුලේ සිටිනා රාජපක්ෂවාදී චරපුරුෂයන් සේම, සෝභිත හිමියන්ගේ සාධාරන සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය තුලත් රාජපක්ෂවාදී චරපුරුෂයන් ස්ථාන ගතව සිටිනා බව දැන්නම් කදිමට පැහැදිලිය.

ඊට කදිම නිදසුනක් මේ වන විට සෝභිත හිමියන්ගේ දේදුනු සංග්රාමයේ නියමු චරිතයක් යැයි සිතා සිටි අාචාරියෙකු විසින් පිලිබිඹු කොට අැත.

මුන්දැ මේතාක් කල් සිදු කල සියල්ල සිදු කර අැත්තේ රටට අැති අාදරයටවත් ජනතාවට අැති අාදරයටවත් නාෙවනා බව දැන් පැහැදිලිය. *(මරන හෝ වෙනත් ‍ප්රකාශකල නාෙහැකි රුදුරු තර්ජනයක් වැනි අදිසි බලපෑමකට යටත්ව අසරනව නොමැතිනම් පමනක්)*

නොඑසේනම් අැමරිකානු කාටුන් ශිල්පී ටොම් විල්සන්ගේ කියමන යථාර්තයක් කරමින් තමන් අපේක්ෂා කල ඩීල් එකේ අවම වටිනාකමවත් යෝජනා වන තුරු අප අාචාරියා කල් මරා අැති බව සුපැහැදිලිය.

නමුත් මොහු ඩිංගක් නොව ගොඩක් මෝඩ බව පැහැදිලි වන්නේ රාජපක්ෂලාගේ රැලියේ සිටි ජනයා දැක දෙකොන පටලවාගෙන අැති බැවිනි.

ඒ නිසයි මොහුට තෝරා බේරා ගත නොහැකි වූයේ රාජපක්ෂ මැයි රැලියේ සිටියේ යමපාලනවාදී සියල්ලන්මත්... අනිකුත් සියළු රැලිවල සිටියේ යහපාලනවාදී අංශු මාත්රයක් පමනක් බවත් යන වග...

සත්යය වශයෙන්ම වර්තමාන කාලයේ මෙවන් රැලිවලට සුලභවම රැස්වන්නේ ප්රබල පාක්ෂිකයින් සහ විවිධ (රාජකාරීමය හෝ වෙනත්) බලපෑම්වලට යටත් වන්නට සිදුව අැත්තන්ට සහ අල්ලස් මත්පැන් බත්මුල් අාදී නාෙයෙකුත් දොල පිදේනි වලට ගිජු බවක් දක්වන නූගත් අසරන ජනී ජනයා කරන්නට වෙන අන් දෙයක් නාෙමැති කමටය.

නොඑසේව කම්කරුවන් සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනා සෑබෑ දේශ හිතයිෂී නායකයින් සහ කම්කරු සටන් නියමුවන් වර්තමානයේ දැක ගන්නට සිටින්නේ ගල් පිලිම සහ ස්මාරක වල පමනක් යැයි සිතෙන්නේ මැයි රැලි වලින් රටක දේශපාලක තක්කඩියන්ට මිස පීඩිත ජනයාට සිදුව අැති යහපතක් දැක ගන්නට නොමැති නිසාය. (මෙවන් මැයිරැලි සමාන කල හැක්කේ ප්රාදේශීය සභා මැතිවරන අාසන්න වෙත්දී දකින්නට ලැබෙනා බයිසිකල් රේස් වලටය.)

කුමක් කෙසේ වෙතත් මැයි රැලියකදී දුටු ඔළු ගෙඩි නිසා දෙකාෙන පටලවා ගත් අප සහෝදර අාචාරියාට සිහිපත් කර දිය යුතු වන්නේ...

2015 ජනවාරි 08 සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ පොදු අපේක්ෂකයා පරාජය කරන්නට මෙලාෙවදී අප කිසිවෙකු මින් පෙර දැක නොතිබුනු අාකාරයේ ඔළුගෙඩි සෙල්ලම් දැමූ හිටපු යමපාලක ඒකාධිපති (ඉඩිඅමින්) විධායක බලැති බලපරාක්රම ජනපතිට නාෙහැකි වූවානම්....

මොනවද අයිසේ මේ මෝඩ කථා අරාජික මන්ත්රී වරයෙක් රජ කරවීමක් ගැන...

රටක දේශපාලනයේ නිසි තීන්දු දී අැත්තේ ඒ රටේ වෙසෙනා සබුද්ධික ජනයාය. ඒ අය කිසි දිනකත් රැලිවල පිටිවල හන්දිවල වටරවුම්වල දැකගත නොහේ. *(බලපෑම්වලට යටත් වන්නට සිදුවුනු අවස්ථාවලදී හැර)*

ඒ අය දැක ගත හැකි වන්නේ 2015 ජනවාරි 08 වැනිදා දුන් අාකාරයේ තීන්දු රටකට ලබාදුන් තවත් ජනවාරි 09 වැනිදාවකදී පමනි. 

එවන් 09 වැනිදාවක් යලිත් යෝජිත නව ව්යවස්තාව සඳහා වන ජනමත චිවාරනයේදී දේවසිරිලාටත් නොපිපීම පරවන සියළුම පොහොට්ටුවලටත් දැක ගන්නට සිදුවනු නියත බව තව හෝරා දෙක තුනකින් නැගෙනහිරින් පායන සූර්යයාටත් වඩා විශ්වාසයෙන් සමස්ථ සබුද්ධික දේදුනු ප්රජාව හා ඒකාබද්ධව සපත කරමු.

අවසන් වශයෙන් තොප්පිය හරිනම් ඕනෑම අයෙකු එය දමා ගත්තාට ප්රශ්නයක් නැතැයි අවධාරනය කරමින්... ඉදිරියටත් කඳවුර තුල පාක්ෂික වේශයෙන් සැඟවී දේශද්රෝහීන් සටන පාවා දෙන්නන් චරපුරුෂයින් එකී නාෙකී කවුරුන් සිටියත් දේදුනු විප්ලවය අධිෂ්ඨානය කල අරමුන කරා රැගෙන ගොස් මිස තමන් වහන්සේ නිවන් මගට නොපිවිසෙනා බව සෝභිත හිමියන් අාතූරයා හමුවේ අවධාරනය කොට අැත.

ඒ නිසාමයි ජීවතුන් අතර වැඩ විසූ සෝභිත හිමියන්ට වඩා අපවත් වුනු සෝභිත හිමියන් වඩ වඩාත් බලවත් වන්නේ.

කෙසේ වෙතත් සෝභිත හිමියන්ගේ සාධාරන සමාජයක් බිහිකරලීමේ සටන අතහැර කවුරුන් පිටුපා ගියත් විශ්වයේ සිට අවතාරයක්ව තම සටන ජයග්රහනය කරා රැගෙන යන ගමන උන් වහන්සේ කිසි ලෙසකින්වත් නාෙනවතන බව නිසි ලෙස දන්නේ අාතූරයා පමනි.

මන්ද යත් තම අරමුනු සැලසුම් සටන් පාට යෝජනා චෝදනා ජනගත කරවීමට යොදාගෙන සිටිනා අාතූරයා සත්පුරවැසියා යමපාලකයින් විසින් හෙට දවසේදී මරා දැමුවද එකී සටන අවසාන ඉලක්කය කරා රැගෙන යාමට එකා පිට එකා මරා දැමුවත් තව තවත් අාතූරයන් බිහි කරවා ගන්නා බව සෝභිතාවතාර විශ්වයේ සිට අාතූරයා සත්පුරවැසියාට සිහිනෙන් මෙන්ම ටෙලිපති මගින්ද දන්වා අැති බැවිනි.

සෝභිත අාතූරයා සත්පුරවැසියා විසින් උන්වහන්සේගේ හදිසි දැනුම් දීමට අනුව ජනගත කරන්නට යෙදුනි.

සෝභිතාවතාර
2017/05/05 - දින අළුයම

Tuesday, May 2, 2017

ඒ නිසා කරුණාකරලා ජනපති තුමෝ... දැන්වත් ලක්ෂ සංඛ්යාත දේදුනු ජනතාවගේ දෝෂාභියෝගය පිලි අරන් නීතිමය වශයෙන් ගත හැකි සහ ගත යුතු උපරිම තීන්දු තීරන අරන් කෙලින් කටින් අාණ්ඩුව කරගෙන ගියොත් කාගේ කාගේත් අැඟට ගුණය.

අපේ මහ ජෝඩුව හෙවත් ජනපතියාට සහ අගමැතියාට ඉතින් නම් හොන්ඳම හොඳ වැඩේ කියල කියනවා මිස වෙන මොනව කියන්නද හලෝ රෙද්ද අස්සේ දාගත්ත නයි පොලොංඟු උන්දැලාට දෂ්ඨ කරන කාෙට සහ උපාසක නයාගෙන් දරමිටි බඳිනකම් බම්මු ගැහුවම ඔහොම වෙලා මදි අනේද කියන්නේ.. 

අනේ කාලේ... වනේ වාසේ.. කිව්වලු ඕං..
==================================================================
ඒ නිසා කරුණාකරලා ජනපති තුමෝ... දැන්වත් ලක්ෂ සංඛ්යාත දේදුනු ජනතාවගේ දෝෂාභියෝගය පිලි අරන් නීතිමය වශයෙන් ගත හැකි සහ ගත යුතු උපරිම තීන්දු තීරන අරන් කෙලින් කටින් අාණ්ඩුව කරගෙන ගියොත් කාගේ කාගේත් අැඟට ගුණය.

නාෙඑසේ උවහොත් සබුද්ධික දේදුනු ප්රජාව මේ අාණ්ඩුවට තව තවත් අවස්ථාවල් නොදෙන්න තියෙන අවධානම වැඩි බව මතක තියා ගත්තොත් හොඳයි... හිටං...

නොඑසේ උවහොත් 2020 දී නව්ය වූ කුළුඳුල් ඔදවත් තෙදවත් බලවත් අාණ්ඩු ක්රමයක් නිර්මානය කිරීමේ සැලසුම් අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමියන් මේ වන විටත් විශ්වයේ සිට සකසමින් සිටිනා බව සමස්ත දේදුනු ප්රජාව හා ඒකාබද්ධව අවධාරනය කරමු. ඊට යහපාලන නායක දෙපලගේ පූර්න සහයෝගය සෝභිතාවතාර අපේක්ෂා කරයි. නොදුන්නත් සෝභිත හිමියන්ගේ අරමුන සහ අධිෂ්ඨානය නාෙහොත් සිහිනය නොනැවතී ඉදිරියටමත් ජයග්රහනය කරාත් යන ගමනෙහි කිසිදු නැවතුමක් නාෙමැත ජයග්රහනය කරන තුරා.

දැක්කේ නැද්ද අර නූගක් කාලකන්නියෙක් කලාරුවන් සංහතියටම නිගා දෙමින් ගොල්ෆේස් එකේ හිටං.. ලෝකෙටම පෙන්න රටක බලයේ සිටින නායකයෙකුට නින්දා අපහාස කල අපූරුව... හිටං.. හිටං... හිටං.. හිටං... අාප්පයා... හිටං‍... හුටං...//...///.../// 

නොදකින් ඒ කාලකන්නියාටත් ඉදිරියේදී වික්ටර් රත්නායකට මේ වන විට සිදුවෙලා තියෙන දේ තමයි සිද්ද වෙන්නේ. ඒ කියන්නේ රටේ වැදගත් ජනතාව කවුරුවත් දැන් උන්දැව තුට්ටුවකටවත් ගනන් ගන්නේ නැහැ. මූටත් ඒ ටිකම තමයි දැන් ඉතින් ජනතාව ඉදිරියේදී. සදා සොත්ති...

සෝභිතාවතාර
2017/05/02

Monday, May 1, 2017

2017 මැයි රැලිය වෙනුවෙන් දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව වෙනුවෙන් සෝභිතාවතාර පසු සටහන...

2017 මැයි රැලිය වෙනුවෙන් දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව වෙනුවෙන් සෝභිතාවතාර පසු සටහන...
============================================
සෝභිතාවතාර සබුද්ධික ජනතාව සමග ඒකාබද්ධව නිවේදනය කරනා වගයි.
============================================
සෝභිත හිමියන්ගේ තෝරාගැනීමට අනුව 2015 ජනවාරි 08 යමපාලනය පලවා හැරීම වෙනුවෙන් පොදු අපේක්ෂකයා කොට පත්කර ගත් වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ගේ තීරන ගැනීමේ පෞර්ෂය ඉදිරි දින කිහිපය අැතුලතදී පරීක්ෂාවට බඳුන් කර අැති වගයි.

නිහඬ සබුද්ධික ජනතාව පත්කර ගත් තම නායකයා දෙස බලා සිටිනු අැත.

සෝභිතාවතාර විශ්වයේ සිට
2017/05/02

දූෂිත ඒකාබද්ධයින්ට අභියෝගයක් - සෝභිතාවතාරයෙන් - 2017/05/01


දූෂිත ඒකාබද්ධයින්ට අභියෝගයක් - සෝභිතාවතාරයෙන් - 2017/05/01
=====================================================================================
දූෂිත ඒකාබද්ධ විපක්ෂයේ සිහින දකින්නන්ට අද 2017 මැයි 01 දින දා මැතිවරන ජයග්රහන තීන්දු කරනා 100 ක් ලක්ෂයක් වන නිහඬ තීරක ජනතාවගේ අභියෝගය....


හැකිනම් මෑතදී සෝභිත හිමියන්ගේ නියමයට අනුව ජනතාව හමුවට පැමිනවීමට නියමිත ප්රතම මැතිවරනය වන ජනතාවාදී නව ව්යවස්තාව සම්මත කරනා ජනමත විචාරනය පරදවා පෙන්වනු...

ජීවතුන් අතර වැඩ විසූ සෝභිත හිමියන්ට වඩා අපවත් වූ පසුද තම අරමුන ඉටු කරනා තුරු අවතාරයක්ව විශ්වයේ වැඩ වසනා සෝභිත හිමියන් දහස් ගුනයකින් බලවත් බව සබුද්ධික දේදුනු ප්රජාව හා ඒකාබද්ධව නැවත නැවතත් සපත කරමු.

සෝභිතාවතාර විශ්වයේ සිට...

2017/05/01