Thursday, November 24, 2016

වර්තමානය වන විට කාට කුමන අාකාරයේ තර්ජනයක් වුවත්.... නූවත්.... අභීත ලංකා ඊනිව්ස් සමග සෝභිතාවතාර පෙනී සිටින්නේ.....

දේදුනු විප්ලවයේදී ලක්වැසි සබුද්ධික තීරක ජනතාවගේ තිත්ත අැත්ත දැන ගැනීම වෙනුවෙන් දිවි දෙවනි කොට ගත් අනුප්රමේය යුග මෙහෙවරක් සිදු කල ලංකා ඊනිව්ස් කතුවරයා අැතුළු සමස්ථ කාර්යය මඩුල්ල ප්රතමයෙන්ම ජනතා අධිකරනයෙන් නිදොස් කොට නිදහස් කරන්නට තීරනය කරන්නයි.

තරාදිය පවතින්නේ සමබරව කිරුම් මිනුම් ඉටු කිරීමට උවත් ඉතිහාසය පුරාවට කිනම් අාකාරයේ අධිකරණ මෙරටේ පැවතුනද... කිනම් අාකාරයේ මහකලු සිංහලයින් එම සංකීර්නය තුල විජරාමානව වැජඹුනද....

නීතියේ අාධිපත්යය...යුක්තියේ සාධාරනය අැතිහැකි... නැතිබැරි වශයෙන් කාලාන්තරයක් පුරා දිරාපත් වෙමින් පැවති එකී තරාදියේ දෝලනය වූ අාකාරය ලක්වැසි නිහඬ සබුද්ධික ජනතාව ඊනිව්ස් තුලින්වත් නොදැක සිටියා නම් අද වන විට අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්ගේ අප්රතිහත ධෛර්යය නාෙපසුබට අධිෂ්ඨානය නිසා මියෑදෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී යමපාලනය පරයා යහපාලනය විජරාමාන වන්නටත් කිසියම් අභියෝගයක් ප්රසිද්ධ රාජ්යය සහ රාජ්යය නොවනා මාධ්යය නිසා පැවති අඩුලුහුඬුකම් හමුවේ නියත වශයෙන්ම පැවති බව තිත්ත උවත් අැත්ත එය බව සෝභිතාවතාරට ප්රකාශ කර නොසිටිය නොහැක.

වර්තමානය වන විට කාට කුමන අාකාරයේ තර්ජනයක් වුවත්.... නූවත්.... අභීත ලංකා ඊනිව්ස් සමග සෝභිතාවතාර පෙනී සිටින්නේ......

මෙවන් අසාධාරන රටක ඉපදීමේ අවාසනාව තුල උවත් ඒ සියළු කනස්සල්ලයන් නිහඬව විඳ දරා ගනිමින් රට තුල සියළු විවිධ පන්තීන් තුල විසිර සිටිනා උගත් වැදගත් අහිංසක මෙන්ම සබුද්ධික වූද... ඒ නිහඬතාවය තුල හිඳිමින්ම අවශ්යය තීරනාත්මක අවස්ථාවන්හිදී නීතියේ සහ බලයේ අාධිපත්යය කිනම් ප්රමානයකින්.... කිනම් ස්වභාවයකින්.... සංසරනය උවත් තාක්ෂනයට පිං සිදු වන්නට වර්තමානය වන විට හනමිටි පච මාධ්යය යුග පරදා රටේ තීන්දු අනපේක්ෂිත අාකාරයෙන් වෙනස් කරවීමට කටයුතු සිදු කරමින් සිටිනා තීරක ජනතාව සමගය.

අද වන විට අැමරිකාවේ සිදුවුනු දේශපාලන බල පෙරලියද ඊට කදිම නිදසුනක් සපයයි. තාක්ෂනයේ දියුනුව නිසා සත්යය සොයා ගිය සබුද්ධික ජනතාවගේ තීරනයෙන් දැඩි මතධාරියෙකු වූ ඩොනල්ඩ් ට්රම්ප් Donald Trump බලයේ ඔසවා නොතබන්නට රට තුල පැවති ජඩ/පච මාධ්යය ව්යාපාරය ඒ අාකාරයෙන්ම විශ්වාස කලානම් මේ වන විට ලෝක නායක අසුනේ වැජඹෙන්නේ දූෂිත හිලරි ක්ලින්ටන් Hillary Clinton වන්නට තිබිනි.

නමුත් වර්තමාන තාක්ෂනික ලාේක දේශපාලනයේ සබුද්ධික තීරක ජනතාව බිහිකරනුයේ හනමිටි රජවරුන් නොව තාක්ෂනික රජවරුන්ය. නමුත් රිමෝට් කන්ට්රෝලය ඒ ජනතාව සතුව සැමදාම පවතී.
එසේ හෙයින් එකී තාක්ෂනික කාර්යය භාරයේදී ඊනිව්ස් වැනි අන්තර්ජාල මාධ්යය මගින් රටක ජනතාවට සිදුවුනු මෙහෙවර මෙතෙකැයි කියා නිම කල නොහැක.
එමෙන්ම මේ වන විට තාක්ෂනයේ දියුනුව කෙතරම්ද යත්, ඊනිව්ස් වෙබ් අඩවියට මෙරට තුල සිට අැතුළු වීමට බාධා පමුනුවා තිබුනු පසුගිය යම පාලන යුගයේදී මෙරට තුලම හිඳිමින් අන්තර්ජාලයේ පවතිනා සුපිරි ජංජාල ක්රම විධි භාවිතා කරමින් මෙරට සිට අන්තර්ජාලය තුලින් වෙනත් රටවලට පිවිස වෙනත් මංමාවත් ඔස්සේ පිවිස ඊනිව්ස් වෙබ් අඩවියට අැතුලු වී අවශ්යය තොරතුරු දැන ගැනීම පාලනය කරන්නට යමරාජරාජපක්ෂට තබා සුදු වෑන් එකෙන් ගෙනගොස් ගිරිතලෙන් මුහුදේ යැවූ ගොඨිම්බරටවත් නොහැකි විය .

එසේ හෙයින් ඉඳහිට සුළු සුළු අත්වැරදි සිදු වුවත් රාජ්යය බලය තුලින්ද... රාජ්යය නීතිය තුලින්ද... රාජ්යය මාධ්යය තුලින්ද සමස්ථ රටට සහ ජනතාවට සිදුව අැති අකටයුතුකම්, අසාධාරනනම් කිසිවක් ඊනිව්ස් සිදුකර නාෙමැති බව ලංකා ඊ නිව්ස් සහ කතුවරයාට එරෙහිව පෙත්සම් 14 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල වින්දිතයින්ද සැලකිල්ලට ගත යුතු බව සෝභිතාවතාර අවධාරනය කරයි.

අවසන් වශයෙන් රටේ පිනට පහලව අැති සබුද්ධික තීරක ප්රජාවගේ සුවිශේෂි මාධ්යය අඩවියක් වූ ලංකා ඊනිව්ස් අකර්මන්යය කිරීමට කැස කවනා සියල්ලන් දෙස එකී ජනතාව ඉතා සීරුවෙන් බලා සිටිනා බව සඳහන් කරමු.
2016/11/25
(ලංකා ඊ නිව්ස් සහ කතුවරයාට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් 14 මෙතැන ක්ලික් කිරීමෙන් බා ගත හැකිය.)
(ලංකා ඊ නිව්ස් සහ කතුවරයාට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් 14 මෙතැන ක්ලික් කිරීමෙන් බා ගත හැකිය.)

Tuesday, November 22, 2016

ජනතාවගේ ජනාධිපති අරමුදල කොස් අැට සිබිඩි ගනනට සිතා අවභාවිතා කලෝ කවරහුද...!

දුප්පත් මිනිස්සුන්ට ගන්න අමාරු ජනාධිපති අරමුදලෙන් අැමතිවරු කෝටි ගණන් ගත්තේ කොහොමද?
අනුර කුමාර දිසානායක 
=========================================

ජනාධිපති අරමුදල තියෙන්නෙ අහිංසක මිනිසුන්ගේ වකුගඩු ..හදවත් සැත්කම් වලට මුදල් දෙන්න මිසක් ඇමැතිවරුන් කොටු පැනලා කොන්ද කඩා ගත්තාම බෙහෙත් අරන් දෙන්න නොවේ ..ලක්ෂ 190..අක්..අපරාදේ ...
රන්ජන් රාමනායක
==================================================================
ජනතාවගේ ජනාධිපති අරමුදල කොස් අැට සිබිඩි ගනනට සිතා අවභාවිතා කලෝ කවරහුද...!

අදයි දැන ගත්තේ නැති බැරි ජනතාවගේ සුභ සාධනය සඳහා පවතිනා ජනාධිපති අරමුදලින් අැති හැකි දේශපාලන තක්කඩියන්ටත් කිසිදු බාධාවකින් තොරව මිලියන ගනනින් මුදල් වෙන් කර අැති බව.

නමුත් ජනතාවට පැහැදිලි කර ගැනීමට අවශ්යය වත්මන් ජනපති තුමා මගිනුත් එම වරද තවමත් සිදු වනවාද... නොඑසේනම් ඒ සම්බන්ධයෙන් එතුමානන්ගේ ස්ථාවරය කිමෙක්ද යන බව රටට හෙලි කරනා ලෙසයි. 

හිටපු ජනපති තුමා කොහොමත් තම හිතවතුන් සහ දේශපාලන වාසි තකා ජනතාවගේ මුදල් කොස් අැට සිබිඩි ගනනට සලකා අවභාවිතා කර අැති බව දැන් මුළු රටම දන්නා පැහැදිලි කාරනාවක්...

ඒ නිසා එතුමා සහ එතුමාගේ ඒකාබද්ධ විපක්ෂයේ දූෂිත රැල සහ දූෂිත සහෝදර භාර්යා සහ දරුවන් අැතුළු ඥාති හිතමිත්රාදී සියල්ලෝම සිතා සිටියාට යලිත් ජීවිත කාලේ කිසි දිනක සිරගෙවල් සහ කර්මයේ පල විපාකවලට අනුව මෙම භවයෙහිදීම ජනතාවට දැක ගන්නට ලැබෙනා ඒ අය හට උරුම දේව ශාප හැර වෙන අන් කිසිවක් නොලැබෙන බව විශ්ව දහමේ මූලධර්මයයි. 

ඒවා බොරු උනොත් අපවත් වී වදාල සෝභිත හිමිපානන් ජීවිත කාලයම අැදහූ බුදු දහම බොරුවක් වනු අැත.

සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා මෙසේ අභීතව පවසන්නේ ජීවිත කාලයේ කිසි දිනක වැටහීම නිසාවත්... නොවැටහීම නිසාවත්.... කිසිවක් සොරකම් කර නොමැති, කිසිවෙකුටත් හිංසා කර නැති, ඊර්ෂ්යා කර නැති, කිසිවෙකුගේ ගමනකට දියුනුවකට බාධා කර නැති මහත් වූ අභිමානයෙනි.

මෙවන් දූෂිත රටක අප වැන්නන් අදටත් යෙහෙන් පවතින්නේ ඒ පින් බලයේ මහිමයෙනි. ලෝක සත්යය එයයි. ඊටත් වඩා සත්යයක් මේ තුන් ලොව තවත් නැත.
2016/11/22

Monday, November 21, 2016

මුස්ලිම් පිරිමින්ගේ අත්තනෝමතික නීතිවලින් මුස්ලිම් ගැහැනුන් සහ ගැහැනු දරුවන්ගේ මානව හිමිකම් රැකදීමට සියළු ජාතීන් එක්රොක්ව කැපවෙමු. වෙන අන් සරනක් ඒ අසරනයින් හට අල්ලාගෙන්වත් නැත.



පාසැල් යන වයසේ දැරියන් කසාද බැඳීමට අයිතිය තිබෙන ශරියා නීතිය වෙනස් කළ යුතු යැයි කී මුස්ලිම් සභාපතිනියට මරණ තර්ජන

(ලංකා ඊ නිව්ස් -2016.නොවැ.21, පෙ.ව.6.45) ශ්‍රී ලංකාව තුළ ශර්යා නීතිය ක්‍රියාත්මක වුවහොත් මුස්ලිම් කාන්තාවන්ට දැඩි අසාධාරණයකට මුහුණ පෑමට සිදුවන බවට ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමගම මුස්ලිම් කාන්තා ක්‍රියාකාරිකයින්ගේ සංගමයේ උතුරු පළාත් සභාපතිනියටත් එම සංගමයේ සාමාජිකාවන්ටත් මරණීය තර්ජන එල්ල වෙමින් පවතින බවට ඔවුන් උතුරේ පොලීසි කීපයකටම පැමිණිලි කොට තිබේ.

ඉහත පුවතට මානව දයාව හඳුනන සියළු ජාතීන්ගේ ප්රතිචාර...
====================================================
මුස්ලිම් පිරිමින්ගේ අත්තනෝමතික නීතිවලින් මුස්ලිම් ගැහැනුන් සහ ගැහැනු දරුවන්ගේ මානව හිමිකම් රැකදීමට සියළු ජාතීන් එක්රොක්ව කැපවෙමු. වෙන අන් සරනක් ඒ අසරනයින් හට අල්ලාගෙන්වත් නැත.

එමෙන්ම අඟලක් ඝනකම අැති රත්පැහැ ගැන්වෙන තුරු ගිනියම් කල යකඩයක් මත හිඳ හරකාගේ ගෙල සිඳලන්න යැයි පවතින අාගමික නීතිය මුලා කොට රතු රෙදි කඩත් මත හිඳ මස් මරාගෙන කන  ම්ලේච්ඡ ගෝත්රික මුස්ලිම්වරුන්...

දැන් තටමන්නේ කටේ කිරි සුවඳවත් නොගිය ලමා විය ගත කරනා ගැහැණු දරුවන් විනාශ කරන්නද....

සියළු ලාංකිකයිනි... ලෝවැසියනි.... මුස්ලිම් පිරිමින්ගේ මෙවන් අමානුශික කම් හමුවේ තවත් බලා නොසිට ජාති අාගම් බේද සියල්ල පසෙකලා මනුශ්යයත්වයේ නාමයෙන් මුස්ලිම් ගැහැනුන් සහ ගැහැනු දරුවන්ගේ මානව හිමිකම් රැකදීම වෙනුවෙන් පෙනිසිටිමු. කැප වෙමු.

වෙන අන් සරනක් ඒ අසරනයින් හට අල්ලාගෙන්වත් නැත.

අපවත් වී වදාල සෝභිත හිමියන්ගේ දර්ශනය එයයි.
සෝභිතාවතාර
2016/11/21

අදාල වැරදි සඳහා පනවා අැති දඩයෙහි අගට තවත් බින්දු කීහිපයක් රජය විසින් එකතු කලද යුක්ති ගරුකව රටේ වෙසෙනා සත්පුරවැසියන් හට කිසිදු ගැටළුවක් නාෙමැත.

====================================================
අදාල වැරදි සඳහා පනවා අැති දඩයෙහි අගට තවත් බින්දු කීහිපයක් රජය විසින් එකතු කලද යුක්ති ගරුකව රටේ වෙසෙනා සත්පුරවැසියන් හට කිසිදු ගැටළුවක් නාෙමැත.
====================================================
රටේ ඉහලම තලයේ සිටි ජනාධිපතිවරයාගේ සිට මැතිඅැමති මන්ත්රී සහ ප්රාදේශීය සභිකයා දක්වාද වූ අසමජ්ජාතී පාලකයින්ද...

....එතැන් සිට මත්පැන් බත්මුල් සහ වෙනත් අල්ලසකට ඕනෑම දෙයක් පාවා දෙන ලෙවකන්නා කටුකන්නා බලුකන්නා දක්වා යුත්තිය සාධාරනය තුට්ටුවකට මායිම් නොකර සිටි අසමජ්ජාතී අනුගාමික සමහර ජනතාවගේ පාදඩ කම් නිසා...

රටේ ඉතාමත් අවිහිංසකව දිවි ගෙවනා සෑම සමාජ පන්තියකටම අයත් වන ගුණ ගරුක උගත් වැදගත් මිනිසුන් හට ඉන්නට බැරිව රට අත්හැර දමා යායුතු තීරනාත්මක මංසන්ධියකට සපැමින තිබුනු අඳුරු යුගයකදී...

අාගම දහම අදහාගෙන ඉතාමත් අවිහිංසකවද... යුක්ති ගරුකවද... සර්ව සාධාරනවද.... විසූ ගුණ ගරුක ඒ තීරක ජනතාවගේ පැතුමින් සහ සක්රීය වූ නිහඬ දායකත්වයෙන් යම පාලනය පරයා යහපාලනය රට තුල සාක්ෂාත් කරනට ජීවිත පරිත්යාගයෙන් කැප වූ සබුද්ධික නායකකාරකාදී පාලකයින්ගේ සහ දේදුනු විප්ලවයේ නියමුවානන් වූ අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්ගේ අාශිර්වාදයෙන් මේ වන විට අපගේ දේශය යුක්ති ගරුක මාවත දෙසට ක්රක්ක්මයෙන් යොමු වෙමින් පවතී...

එම නිසා කාලීන අවශ්යතා මත පනවනා මෙවන් නීති රීති සියල්ලම යහපාලනයක අංගයන්ය. ඒ නිසා අදාල වැරදි සඳහා පනවා අැති දඩයෙහි අගට තවත් බින්දු කීහිපයක් රජය විසින් එකතු කලද යුක්ති ගරුකව රටේ වෙසෙනා සත්පුරවැසියන් හට කිසිදු ගැටළුවක් නාෙමැත. 

කෑමොර දෙන්නේ යුක්තිය සාධාරනය නීතිය නොඅගයන අකෘතඤ්ඥ මිනිසුන් නොව ගෝත්රිකයින්ය...

සෝභිතාවතාර
2016/11/21

Saturday, November 19, 2016

කේන්දර බොරුව ගැන සුනිල් පෙරේරා, උපුල් ශාන්ත, හඳගම, සෝමේ කතා කරති


කේන්දර බොරුව ගැන සුනිල් පෙරේරා, උපුල් ශාන්ත, හඳගම, සෝමේ කතා කරති



ප්රබල සිත් අැති මිනිසුන්ගේ විවිධ අත්දැකීම් තුලින් දුර්වල සිත් අැත්තන් යමක් ලබා ගනිත්වා...

එමෙන්ම අවිහිංසක මිනිසුන්ගේ අනවබෝධය සහ විචක්ෂනශීලී නොවන නුගුණය දඩමීමා කරගෙන උනුන් ගසාකන මහා බ්රහ්ම විධායක ජනාධිපතිගේ තිස්තුන් කෝටියක් වන මැති අැමති මණ්ඩලය විකුණාගෙන කන අාරක්ෂකයින් (බොඩිගාඩ්ලා) වන වර්තමාන දූෂිත ව්යාපාරිකයින් සහ දේවදාසයින් පිලිබඳ සමාජ කතිකාවත තව තවත් තීවෘර කරමු.

ඒ සඳහා රට තුල විසිර පැතිර සිටිනා තව තවත් සවිඥ්ඥාණිකයින් සක්රීය වීම යුතුකමකි. 


ඉහත අඩවියට පිවිස වීඩියෝව නරඹන්න. තාර්කිකව සිතන්න. යුතු දේ ගන්න. නාෙයුතු දේ ඉවත ලන්න.

බුද්ධියේ සංඛේතය වන ලොව පහල වූ අග්රඝන්යය ධාර්ෂනිකයා සම්බුදු පියානන් වදාල පරිදි 

ඔබගේ තර්කයට වැටහෙන්නේ නම්ද... බුද්ධියට ගෝචර වන්නේ නම්ද පමනක් පිලිගන්න.

සෝභිතාවතාර
2016/11/20
http://sobithawathara.blogspot.com/2016/11/blog-post_19.html http://sobithawathara.blogspot.com/


Friday, November 18, 2016

ඉස්සර පුලන්නාට තාමත් පුලන්නන්ගෙන් සිහි කැඳවීමක්...

ඉස්සර පුලන්නාට තාමත් පුලන්නන්ගෙන් සිහි කැඳවීමක්...
========================================================================================

ලංකා ඊ නිව්ස් ජාතික අනතුරක්: කර්තෘ සඳරුවන් පුලන්නෙක්: ජාත්‍යන්තර වරෙන්තුවක් ගෙන ලංකාවට ගෙන්වා නඩු අහනවා -විජයදාස රාජපක්ෂ බුරා පනී (Video)


(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.18, ප.ව‍‍‍‍‍‍.6.15) 
පුවතට සෝභිතාවතාරයෙන් පිලිතුරක්....

===================================================
අධිකරණ අමාත්යය ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමනි....

යම් යම් දුෂ්කර කාල වකවානූන්හිදී නිවැරදි නොවනා නඩු තීන්දු ලබා දීමට සිදුවුනු ඉතිහාසයක් හෙබි අපගේ වන් රටක අසත්යය පතුරවන රාජ්යය මාධ්යය සහ දූෂිත ව්යාපාරිකයින් සහ දේශපාලකයින්ගේ රැකවරනයේ සෙවනැලි කඩතුරාවේ සැඟවී රටක් ජාතියක් මුලාවේ වැටී තිබුනු අඳුරු යුගවලදී කිනම් අභිප්රායයක් නිසා හෝ මුනිවත රකිමින් දමල ගසා නොගොස් තම පැවැත්ම රැක ගත් ඔබ තුමන්ලා වැන්නන් හට අද වන විට පසුගිය දේදුනු විප්ලවය හමුවේ සබුද්ධික ප්රජාවගේ විඥ්ඥාණය අවධි කොට රට තුල යහපාලනයක අරුනළු උදාකර දීම උදෙසා ජීවිත පරිත්යාගයෙන් යුතුව තම මව් රටත් එහි වෙසෙනා සහෝදර ජනතාවත් වෙනුවෙන් දුරු රටක සිට ඉමහත් කැප කිරීමක් සිදුකල ඊනිව්ස් සමාජ වෙබ් අඩවිය පිලිබඳ වත්මන් සම්මුතිවාදී රජයටද... වර්තමානය වන විට කිසියම් අභියෝගයක්ව පවතිනා බව ඊ්නිව්ස් පාඨක සබුද්ධික ප්රජාවට වැටහිලා බොහෝ කල් ගතව අැත.

එහි කිසියම් ප්රතිඵලයක් ලෙස අද දින ඔබ තුමාගේ මෙම ප්රකාශය දේදුනු විප්ලවයේ නියමුවානන් වන අපවත් වී වදාල සෝභිත හිමිපානන්ගේ නාමයෙන් ලක්වාසී සමස්ථ අාණ්ඩු වෙනස් කිරීමේ රිමෝට් කන්ට්රෝලය අත අැති රටේ පොදු මහත් සබුද්ධික තීරක ප්රජාව විදියට ගජ මිතුරන් රකින්නට අර අඳිනා ඔබ තුමාගේ ප්රකාශය තරයේ හෙලා දකින්නෙමු.

ඊනිව්ස් හි නිර්නාමිකව ලිපි පල කරනා සමහර ලියුම් කරුවන්ගේ සමහර ලිපි නිසා ඊනිව්ස් පාඨකයින්ගේම විශේෂයෙන් මෙම ලියුම්කාර සෝභිතාවතාර අඩවියේ සෝභිත අාතූරයා සත්පුරවැසියාගේ විවේචනයට පත්වුනු අවස්ථා නැත්තේ නොවේ...

නමුත් ඊනිව්ස් පාඨක ප්රජාවට අධිකරණ අමාත්යය වරයා වන ඔබ තුමානන්ගේ ඉහත ප්රකාශය ගැටළුවක් වන්නේ අන්කිසිවක් නිසා නොව යමපාලන යුගයේ කෝප් කමිටු සභාපතිවරයාව සිටි සමයේ පටන් දූෂණයට එරෙහිට ක්රියා කල සහ තීන්දු ගත් ඔබ තුමා වර්තමානයේදී යහපාලන රජය තුල මෙතරම් සුවිශාල නිලයක් සහ එකී බලය කකුලින් අැදීමකින් තොරව භාවිතාවේ යෙදවීමේ උපරිම හැකියාව පවතිද්දී එසේ නොවී ඊනිව්ස් වැරදි පිලිබඳ පමනක් මෙතරම් හඬක් පාර්ලිමේන්තුව තුල නගන්නට හදිසියේ අැතිවුනු උවමනාව කවරේද යන්න පිලිබඳවය....

එම නිසා ඔබ තුමන්ලා මහජන නියෝජිතයින් නොහොත් ජනතා සේවකයින් විදියට පාර්ලිමෙන්තුවට යවනුයේ අප මහජනතාවගේ අරමුනු ඉටුකරනු විනා ගජමිතුරන්ගේ අරමුනු වෙනුවෙන් ක්රියාකරනු දකිනු අටියෙන් නොවනු අැත.

එම නිසා ඔබ තුමාගේ අදාල ප්රකාශය දේදුනු ජනතාවගේ සබුද්ධික තීරනයෙන් බිහිවුනු යහපාලන රජය තුල අධිකරණ අමාත්යයවරයා විදියට කටයුතු අැරඹි දා සිට මේ දක්වා මන්දගාමීව පසුගාමී වෙමින් පවතිනා බව සබුද්ධික ජනතාව සීරුවෙන් අවධානය යොමා බලා සිටිනා දූෂන සහ අපරාධ නඩු වෙනුවෙන් ඔය කියනා හදිස්සිය උපයෝගී කර ගනිමින් වේගවත් කොට පෝලින් ක්රමයට ඊනිව්ස් වැරදි පිලිබඳ ඔබගේ අැති හදිස්සිය පෙලගස්වා ගන්නා ලෙස ජනතා සේවකයාට සබුද්ධික දේදුනු ප්රජාව නියෝජනය කරමින් අණ නියෝග කර සිටිමු.

යම් යම් අවස්ථාවන්හිදී යම් යම් වැරදි සිදු කලත්... තිත්ත අැත්ත සොයා යන ලොව පුරා විසිර සිටිනා ශ්රීලාංකික සබුද්ධික ප්රජාවගේ අාදරයට සහ ගෞරවයට පාත්රව අැති සුවිශේෂී සමාජ පුවත් අඩවියක් වන ඊනිව්ස් වෙනුවෙන් අත්තනෝමතික ලෙස ක්රියාකොට ජනාධිපති මෛත්රීපාල සිරිසේන වත්මන් ජනාධිපති නොහොත් දේදුනු කුමාරයාගේ උදහසටත් සෝභිතාවතාරයේ ශාපයටත් සබුද්ධික ප්රජාවගේ පිලිකුලටත් පාත්ර නොවී නොසිතූ විරූ ලෙස කාලයක සිට ට්රැක් පනින්නට අර අඳිනවාදෝ යන සැකය ජන විඥ්ඥාණය තුල මොදු කරවමින් සිටිනා ඔබ තුමා ප්රවේශමෙන් ඉදිරි කටයුතු සිදු කිරීම අනාගතයට සුභඵල ගෙනදිය හැක............/////////////

සැයු. 

(01) ඔබගේ එකී පච ප්රකාශයේ සඳහන් කල ඊනිව්ස් පාඨක අාධාර අපේක්ෂා කරනා වැදගත් අාකාරය ඒ අාකාරයෙන්ම තේරුම් ගැනීමට ඔබට හැකි නොවුනේ නම් එය පහත නිවැරදිව කොපි කොට දක්වා අැත.
(ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.
PayPal — The safer, easier way to pay online.)

(02) ඔබගේ ඒ පාර්ලිමේන්තු ප්රකාශය තුල ඊනිව්ස් කතුවරයා රටින් පලවා හැරි පුලන්නෙක් ලෙස මහත් උපහාසයෙන් යුතුව සඳහන් විය.

පුලන්නෙකු උපහාසයට ලක් කිරීමෙන් ඔබතුමා ඔබ තුමාගේ පාරිශුද්ධ ඉතිහාසයටත් (මා එසේ කියා සිටින්නේ දේශපාලනය නමැති ලොවේ පවතිනා දූෂිතම ව්යාපාරයට යොමුවන්නට පෙර ඔබ තුමාද පුලන්නෙකු නිසාය) රටේ සිටිනා වැදගත්ම වූද... අවංකම වූද... හිරිඔතප් නම් වූ ලජ්ජාව සහ බය උපරිමයෙන් අැත්තා වූද බඩේ බත් අැටයක් නැතත් ඒ බව අල්ලපු ගෙදරවත් නොදන්නා වූද.... දහසක් අාර්ථික දුෂ්කරතා අැතත් එක තඔ දොයිත්තක්වත් සොරකම් නොකරන්නා වූද.... පාෙකට් එකේ ශත පහ නැතත් අඳින්නට සුපිරි සළු නැතත් තියෙන එකම අැඳුම හෝ ජැන්ඩියට පිරිසිඳුවට හැඳ පැලඳ අාත්මාභිමානයෙන් පොහොසත්ව ගරු ගාම්භීරව ජීවත් වන මුත් රටේ ඉතාමත් අසීරුවෙන්ම වාසය කරනා සුපිරිසිඳු පුලන්නාගේ පුලන් නාමය ඔබ අද වෛශ්යා සේවනයේ යෙදවූයේය.

නමුත් ජන වහර තුල පුලන්නන් හට උදව් උපකාර කිරීම සුවිශාල පුණ්යය කර්මයක් බව කියැවෙන්නේද ඒ හේතුව නිසාමය.

ඒ පවුකාර ප්රකාශය වෙනුවෙන් මහා සම්මත බුද්ධ ශාසන අමාත්යය වරයාද... විදියට ඔබට සම්බුද්ධ ශාසනයේ සම්බුදු ධර්මයේ නාමයෙන් අනිවාර්යය පල විපාක ලැබෙනු නියතය..

පුලන්නාට නීතිය ක්රියාත්මක කරන්නට තදියමේ කැස කවනා ඔබ ඉස්සර පුලන්නා දැන් ..... ඔබගේ නීතිය දූෂිතයින් සහ අපරාධ කරුවන් රොත්ත බුරුත්තට ක්රියාත්මක වන්නේ කවරදාදැයි සේවකයාගේ පාලකයින් දෑස් දල්වා බලා සිටියී.

නමුත් ඔබලා සහ ඔබලාගේ අත්තනෝමතික අාණ්ඩු... නීතිය නිසිලෙස ක්රියාත්මක කලත් නැතත් 2020 දී ඉතිහාසයේ සිට මේතාක් මෙරට දේශපාලනයේ බිහි නොවූ අති දැවැන්තම මහජන අාණ්ඩුව (ජනතා රජය) සියළු සිවිල් බලවේගයන් ඒකරාශීව තවත් අණපේක්ෂිතව පහල වන්නා වූ පොදු මහජන අපේක්ෂකයෙකුගේ නායකත්වයෙන් බිහිකර රාජ්යය පාලනය උඩුයටිකුරු කරනා බව සෝභිතාවතාර නියත අනාවැකියකි.
==========================
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා සමස්ථ ඊනිව්ස් පාඨක ප්රජාව සමග ඒකාබද්ධව ලියා දන්වන වගයි.
2016/11/18

Friday, November 11, 2016

ටොපියක් කවලා පොකැට් එකට විද අැතැයි ජේවීපිය පවසනා.. මේව නම් ඉතින් විහිළුම තමා....

ටොපියක් කවලා පොකැට් එකට විද අැතැයි ජේවීපිය පවසනා.. මේව නම් ඉතින් විහිළුම තමා....
අැත්තෙන්ම දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාව අපේක්ෂා කරන්නේ නම් මෙවන් දෙකයිපනහේ කොලොප්පම් නොවේ. 

හැකි ඉක්මනින් සෝභිත හිමියන්ගේ සිහිනය සැබෑ කරනු දැකීමත්... සුදුසු අධිකරන පිහිටුවා (ප්රතිපාදන නොමැතිනම් ඒවාත් ජනතාවගෙන්ම අයකර හෝ) දූෂන නඩු සහ හාෙරු අැල්ලීමේ විමර්ශන කඩිනම් කිරීම... 

නව ව්යවස්ථාව අප්රමාදව සම්මත කිරීම...  

කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්තා වගේ හෝ ඔළුවේ කැක්කුමට කොට්ටේ මාරු කලා වැනි වැඩවන් උන් හොරකම් කලා නාස්ති කලා සේම මුනුත් ජවතාවගේ ධනය හොරකම් සහ නාස්ති නොකිරීම...

අාන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වංචා විමර්ශන අතිවිශේෂ කටයුත්තක් සේ සලකා අධිවේගීව සිදුකොට යහපාලනවාදී යැයි කියනා සම්මුතිවාදී රජයේ පාරදුෂ්යය භාවය රට හමුවේ සහ ජාත්යන්තරය හමුවේ පිලිබිඹු කරවීම.
=========================
අනේ මන්ද මේව අැත්තද කියල සෝභිතාවතාර අාතූරයාට සත්පුරවැසියාට පාරේදී සහ බස් නැවතුම් පලවලදී අහන්න ලැබෙන.... 
‍====================
මුදල් අමාත්යය රවී කරුණානායක මැතිතුමා තම දියනියගේ නමින් වරායට සියගනනක් කන්ටේනර ලොරි රථ දමා අැති බව‍ත් ඒනිසා තමන්ගේ ජීවනෝපාය අවධානමට පත්ව අැති බවට කන්ටේනර ලොරි රථ කරුවන්ගේ මැසිවිලි අැත...

එමෙන්ම හිටපු ජනපතිවරුන් වන ජනාධිපති ප්රේමදාස.... ජනාධිපති මහින්ද.... යන අය හට තමන්ට බලයට පැමිනෙන්නට වැඩි කැපකිරීමක් කල හිතවතුන් පසුව ඉහල නිල තලවලට පත්ව තම නායකයාගේ බලය අහිමි වන තැනට කටයුතු කලා සේ....

වත්මන් ජනපතිට බලයට එන්නට සුවිශාල කැප කිරීමක් සිදුකල ශ්රීලංකා නිදහස් පක්ෂයේ වර්තමාන මහලේකම් දුමින්ද දිසානායක සහ ඔහුගේ සහෝදරයින් විසින් සිදු කරනා අකටයුතුකම් සහ රජයේ මුදල්/වාහන අපහරනය සහ වෙනත් අකටයුතුකම් පිලිබඳ කසුකුසු අසන්නට ලැබෙමින් පවතී.

දෙපක්ෂයේ ප්රබලයින්ගේ තරම මෙසේ යැයි අසන්නට අැත්නම් යමපාලන යුගයේ සිදුවුනා සේ ඉහල සිට පහලට මේවා පූර්වාදර්ශයට ලක්වීමත් වලක්වනු බොරුය. එසේ නොවේ යැයි සිතීමත් විහිළුවකි....
============
ජනපති තුමනි මේවා සත්යයදැයි සොයා බලන්න...
=================================
සෝභිතාවතාරට නම් වර්තමානයේදී සමස්ත රජය තුල සිටිනා විශ්වසනීයම කිහිප දෙනෙක් වන්නේ....

ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා.
රන්ජන් රාමනායක නියෝජ්යය අමාත්ය අපේ අාදරනීය වන්ෂෝට්
සහ පූජ්යය අතුරලියේ රතන හිමි වෙයි

විශ්වාසය තහවුරු කරගෙන සිටි තවත් බොහෝ මැති අැමති මන්ත්රීවරු මේ වන විට සැකයට භාජනයව සිටිනා අතර රජයේ ඉදිරි ක්රියා මාර්ග හමුවේ ඔවුන් නිදොස් වීම හෝ තක්කඩියන් වීම හෝ එහෙයියන් වීම තහවුරු වනු අැත.

ඒ අතරින් අගමැති තුමා සුවිශේෂී වෙයි. බැඳුම්කර ප්රශ්නයේ විසඳුම තුල අගමැති තුමාගේ Clean හෝ Dirty කම තහවුරු වනු නියතය.

කෝප් කමිටුවේ සිටි එජාප සමාජිකයින්ගේ අතීතය කිසියම් ප්රමානයකින් පාරිශුද්ධ මුත් බැඳුම්කර සිද්ධියේ විසඳුම ලැබෙනා තෙක් ඔවුන් වර්තමානයේදීත් පාරිශුද්ධදැයි හෝ එහෙයියන් දැයි ප්රකාශ කල නොහැක.

මාධ්යය කරුවන්ගේ බැඳුම්කර ප්රශ්න හමුවේ එජාපයේ - 
Harsha de Silva - Sri Lankan Politician
Dr Harsha de Silva, MP is a Sri Lankan economist and politician. A current member of Parliament of Sri Lanka, he is the current Deputy Minister of Foreign Affairs and the former deputy minister of Policy ... 
Wikipedia
Born: August 30, 1964 (age 52), Sri Lanka
Education: University of Missouri
Party: United National Party
නිරුත්තරව වනු දකිනා විට සහ තම හෘද සාක්ෂිය හමුවේ අසරන වනු දකිනා අපට අැති වන්නේ මහත් සංවේගයක් සහ සිතෙන්නේ දේශපාලනය කෙතරම් තුච්චද කාලකන්නිද යන්නය...

කාලකන්නි දේශපාලනයේ පවතිනා කඩප්පුලි සක්කිලි කම් හමුවේ ජනතාවාදී රුදුරු පාලකයෙකු බලහත්කාරයෙන් හෝ පහල වී සියළු තක්කඩියන් සහ දූෂිතයන් උලතබා කරලිය උඩුයටිකුරු කරන්නේ නම් කෙතරම් භාග්යයක්දැයි විටෙක සිතෙන්නේ අපවත්වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන් හට සැනසීම අත්වනු අටියෙනි.

සෝභිතාවතාර
2016/11/11