Tuesday, November 22, 2016

ජනතාවගේ ජනාධිපති අරමුදල කොස් අැට සිබිඩි ගනනට සිතා අවභාවිතා කලෝ කවරහුද...!

දුප්පත් මිනිස්සුන්ට ගන්න අමාරු ජනාධිපති අරමුදලෙන් අැමතිවරු කෝටි ගණන් ගත්තේ කොහොමද?
අනුර කුමාර දිසානායක 
=========================================

ජනාධිපති අරමුදල තියෙන්නෙ අහිංසක මිනිසුන්ගේ වකුගඩු ..හදවත් සැත්කම් වලට මුදල් දෙන්න මිසක් ඇමැතිවරුන් කොටු පැනලා කොන්ද කඩා ගත්තාම බෙහෙත් අරන් දෙන්න නොවේ ..ලක්ෂ 190..අක්..අපරාදේ ...
රන්ජන් රාමනායක
==================================================================
ජනතාවගේ ජනාධිපති අරමුදල කොස් අැට සිබිඩි ගනනට සිතා අවභාවිතා කලෝ කවරහුද...!

අදයි දැන ගත්තේ නැති බැරි ජනතාවගේ සුභ සාධනය සඳහා පවතිනා ජනාධිපති අරමුදලින් අැති හැකි දේශපාලන තක්කඩියන්ටත් කිසිදු බාධාවකින් තොරව මිලියන ගනනින් මුදල් වෙන් කර අැති බව.

නමුත් ජනතාවට පැහැදිලි කර ගැනීමට අවශ්යය වත්මන් ජනපති තුමා මගිනුත් එම වරද තවමත් සිදු වනවාද... නොඑසේනම් ඒ සම්බන්ධයෙන් එතුමානන්ගේ ස්ථාවරය කිමෙක්ද යන බව රටට හෙලි කරනා ලෙසයි. 

හිටපු ජනපති තුමා කොහොමත් තම හිතවතුන් සහ දේශපාලන වාසි තකා ජනතාවගේ මුදල් කොස් අැට සිබිඩි ගනනට සලකා අවභාවිතා කර අැති බව දැන් මුළු රටම දන්නා පැහැදිලි කාරනාවක්...

ඒ නිසා එතුමා සහ එතුමාගේ ඒකාබද්ධ විපක්ෂයේ දූෂිත රැල සහ දූෂිත සහෝදර භාර්යා සහ දරුවන් අැතුළු ඥාති හිතමිත්රාදී සියල්ලෝම සිතා සිටියාට යලිත් ජීවිත කාලේ කිසි දිනක සිරගෙවල් සහ කර්මයේ පල විපාකවලට අනුව මෙම භවයෙහිදීම ජනතාවට දැක ගන්නට ලැබෙනා ඒ අය හට උරුම දේව ශාප හැර වෙන අන් කිසිවක් නොලැබෙන බව විශ්ව දහමේ මූලධර්මයයි. 

ඒවා බොරු උනොත් අපවත් වී වදාල සෝභිත හිමිපානන් ජීවිත කාලයම අැදහූ බුදු දහම බොරුවක් වනු අැත.

සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා මෙසේ අභීතව පවසන්නේ ජීවිත කාලයේ කිසි දිනක වැටහීම නිසාවත්... නොවැටහීම නිසාවත්.... කිසිවක් සොරකම් කර නොමැති, කිසිවෙකුටත් හිංසා කර නැති, ඊර්ෂ්යා කර නැති, කිසිවෙකුගේ ගමනකට දියුනුවකට බාධා කර නැති මහත් වූ අභිමානයෙනි.

මෙවන් දූෂිත රටක අප වැන්නන් අදටත් යෙහෙන් පවතින්නේ ඒ පින් බලයේ මහිමයෙනි. ලෝක සත්යය එයයි. ඊටත් වඩා සත්යයක් මේ තුන් ලොව තවත් නැත.
2016/11/22

No comments:

Post a Comment