Monday, November 21, 2016

අදාල වැරදි සඳහා පනවා අැති දඩයෙහි අගට තවත් බින්දු කීහිපයක් රජය විසින් එකතු කලද යුක්ති ගරුකව රටේ වෙසෙනා සත්පුරවැසියන් හට කිසිදු ගැටළුවක් නාෙමැත.

====================================================
අදාල වැරදි සඳහා පනවා අැති දඩයෙහි අගට තවත් බින්දු කීහිපයක් රජය විසින් එකතු කලද යුක්ති ගරුකව රටේ වෙසෙනා සත්පුරවැසියන් හට කිසිදු ගැටළුවක් නාෙමැත.
====================================================
රටේ ඉහලම තලයේ සිටි ජනාධිපතිවරයාගේ සිට මැතිඅැමති මන්ත්රී සහ ප්රාදේශීය සභිකයා දක්වාද වූ අසමජ්ජාතී පාලකයින්ද...

....එතැන් සිට මත්පැන් බත්මුල් සහ වෙනත් අල්ලසකට ඕනෑම දෙයක් පාවා දෙන ලෙවකන්නා කටුකන්නා බලුකන්නා දක්වා යුත්තිය සාධාරනය තුට්ටුවකට මායිම් නොකර සිටි අසමජ්ජාතී අනුගාමික සමහර ජනතාවගේ පාදඩ කම් නිසා...

රටේ ඉතාමත් අවිහිංසකව දිවි ගෙවනා සෑම සමාජ පන්තියකටම අයත් වන ගුණ ගරුක උගත් වැදගත් මිනිසුන් හට ඉන්නට බැරිව රට අත්හැර දමා යායුතු තීරනාත්මක මංසන්ධියකට සපැමින තිබුනු අඳුරු යුගයකදී...

අාගම දහම අදහාගෙන ඉතාමත් අවිහිංසකවද... යුක්ති ගරුකවද... සර්ව සාධාරනවද.... විසූ ගුණ ගරුක ඒ තීරක ජනතාවගේ පැතුමින් සහ සක්රීය වූ නිහඬ දායකත්වයෙන් යම පාලනය පරයා යහපාලනය රට තුල සාක්ෂාත් කරනට ජීවිත පරිත්යාගයෙන් කැප වූ සබුද්ධික නායකකාරකාදී පාලකයින්ගේ සහ දේදුනු විප්ලවයේ නියමුවානන් වූ අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්ගේ අාශිර්වාදයෙන් මේ වන විට අපගේ දේශය යුක්ති ගරුක මාවත දෙසට ක්රක්ක්මයෙන් යොමු වෙමින් පවතී...

එම නිසා කාලීන අවශ්යතා මත පනවනා මෙවන් නීති රීති සියල්ලම යහපාලනයක අංගයන්ය. ඒ නිසා අදාල වැරදි සඳහා පනවා අැති දඩයෙහි අගට තවත් බින්දු කීහිපයක් රජය විසින් එකතු කලද යුක්ති ගරුකව රටේ වෙසෙනා සත්පුරවැසියන් හට කිසිදු ගැටළුවක් නාෙමැත. 

කෑමොර දෙන්නේ යුක්තිය සාධාරනය නීතිය නොඅගයන අකෘතඤ්ඥ මිනිසුන් නොව ගෝත්රිකයින්ය...

සෝභිතාවතාර
2016/11/21

No comments:

Post a Comment