Thursday, November 24, 2016

වර්තමානය වන විට කාට කුමන අාකාරයේ තර්ජනයක් වුවත්.... නූවත්.... අභීත ලංකා ඊනිව්ස් සමග සෝභිතාවතාර පෙනී සිටින්නේ.....

දේදුනු විප්ලවයේදී ලක්වැසි සබුද්ධික තීරක ජනතාවගේ තිත්ත අැත්ත දැන ගැනීම වෙනුවෙන් දිවි දෙවනි කොට ගත් අනුප්රමේය යුග මෙහෙවරක් සිදු කල ලංකා ඊනිව්ස් කතුවරයා අැතුළු සමස්ථ කාර්යය මඩුල්ල ප්රතමයෙන්ම ජනතා අධිකරනයෙන් නිදොස් කොට නිදහස් කරන්නට තීරනය කරන්නයි.

තරාදිය පවතින්නේ සමබරව කිරුම් මිනුම් ඉටු කිරීමට උවත් ඉතිහාසය පුරාවට කිනම් අාකාරයේ අධිකරණ මෙරටේ පැවතුනද... කිනම් අාකාරයේ මහකලු සිංහලයින් එම සංකීර්නය තුල විජරාමානව වැජඹුනද....

නීතියේ අාධිපත්යය...යුක්තියේ සාධාරනය අැතිහැකි... නැතිබැරි වශයෙන් කාලාන්තරයක් පුරා දිරාපත් වෙමින් පැවති එකී තරාදියේ දෝලනය වූ අාකාරය ලක්වැසි නිහඬ සබුද්ධික ජනතාව ඊනිව්ස් තුලින්වත් නොදැක සිටියා නම් අද වන විට අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්ගේ අප්රතිහත ධෛර්යය නාෙපසුබට අධිෂ්ඨානය නිසා මියෑදෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී යමපාලනය පරයා යහපාලනය විජරාමාන වන්නටත් කිසියම් අභියෝගයක් ප්රසිද්ධ රාජ්යය සහ රාජ්යය නොවනා මාධ්යය නිසා පැවති අඩුලුහුඬුකම් හමුවේ නියත වශයෙන්ම පැවති බව තිත්ත උවත් අැත්ත එය බව සෝභිතාවතාරට ප්රකාශ කර නොසිටිය නොහැක.

වර්තමානය වන විට කාට කුමන අාකාරයේ තර්ජනයක් වුවත්.... නූවත්.... අභීත ලංකා ඊනිව්ස් සමග සෝභිතාවතාර පෙනී සිටින්නේ......

මෙවන් අසාධාරන රටක ඉපදීමේ අවාසනාව තුල උවත් ඒ සියළු කනස්සල්ලයන් නිහඬව විඳ දරා ගනිමින් රට තුල සියළු විවිධ පන්තීන් තුල විසිර සිටිනා උගත් වැදගත් අහිංසක මෙන්ම සබුද්ධික වූද... ඒ නිහඬතාවය තුල හිඳිමින්ම අවශ්යය තීරනාත්මක අවස්ථාවන්හිදී නීතියේ සහ බලයේ අාධිපත්යය කිනම් ප්රමානයකින්.... කිනම් ස්වභාවයකින්.... සංසරනය උවත් තාක්ෂනයට පිං සිදු වන්නට වර්තමානය වන විට හනමිටි පච මාධ්යය යුග පරදා රටේ තීන්දු අනපේක්ෂිත අාකාරයෙන් වෙනස් කරවීමට කටයුතු සිදු කරමින් සිටිනා තීරක ජනතාව සමගය.

අද වන විට අැමරිකාවේ සිදුවුනු දේශපාලන බල පෙරලියද ඊට කදිම නිදසුනක් සපයයි. තාක්ෂනයේ දියුනුව නිසා සත්යය සොයා ගිය සබුද්ධික ජනතාවගේ තීරනයෙන් දැඩි මතධාරියෙකු වූ ඩොනල්ඩ් ට්රම්ප් Donald Trump බලයේ ඔසවා නොතබන්නට රට තුල පැවති ජඩ/පච මාධ්යය ව්යාපාරය ඒ අාකාරයෙන්ම විශ්වාස කලානම් මේ වන විට ලෝක නායක අසුනේ වැජඹෙන්නේ දූෂිත හිලරි ක්ලින්ටන් Hillary Clinton වන්නට තිබිනි.

නමුත් වර්තමාන තාක්ෂනික ලාේක දේශපාලනයේ සබුද්ධික තීරක ජනතාව බිහිකරනුයේ හනමිටි රජවරුන් නොව තාක්ෂනික රජවරුන්ය. නමුත් රිමෝට් කන්ට්රෝලය ඒ ජනතාව සතුව සැමදාම පවතී.
එසේ හෙයින් එකී තාක්ෂනික කාර්යය භාරයේදී ඊනිව්ස් වැනි අන්තර්ජාල මාධ්යය මගින් රටක ජනතාවට සිදුවුනු මෙහෙවර මෙතෙකැයි කියා නිම කල නොහැක.
එමෙන්ම මේ වන විට තාක්ෂනයේ දියුනුව කෙතරම්ද යත්, ඊනිව්ස් වෙබ් අඩවියට මෙරට තුල සිට අැතුළු වීමට බාධා පමුනුවා තිබුනු පසුගිය යම පාලන යුගයේදී මෙරට තුලම හිඳිමින් අන්තර්ජාලයේ පවතිනා සුපිරි ජංජාල ක්රම විධි භාවිතා කරමින් මෙරට සිට අන්තර්ජාලය තුලින් වෙනත් රටවලට පිවිස වෙනත් මංමාවත් ඔස්සේ පිවිස ඊනිව්ස් වෙබ් අඩවියට අැතුලු වී අවශ්යය තොරතුරු දැන ගැනීම පාලනය කරන්නට යමරාජරාජපක්ෂට තබා සුදු වෑන් එකෙන් ගෙනගොස් ගිරිතලෙන් මුහුදේ යැවූ ගොඨිම්බරටවත් නොහැකි විය .

එසේ හෙයින් ඉඳහිට සුළු සුළු අත්වැරදි සිදු වුවත් රාජ්යය බලය තුලින්ද... රාජ්යය නීතිය තුලින්ද... රාජ්යය මාධ්යය තුලින්ද සමස්ථ රටට සහ ජනතාවට සිදුව අැති අකටයුතුකම්, අසාධාරනනම් කිසිවක් ඊනිව්ස් සිදුකර නාෙමැති බව ලංකා ඊ නිව්ස් සහ කතුවරයාට එරෙහිව පෙත්සම් 14 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල වින්දිතයින්ද සැලකිල්ලට ගත යුතු බව සෝභිතාවතාර අවධාරනය කරයි.

අවසන් වශයෙන් රටේ පිනට පහලව අැති සබුද්ධික තීරක ප්රජාවගේ සුවිශේෂි මාධ්යය අඩවියක් වූ ලංකා ඊනිව්ස් අකර්මන්යය කිරීමට කැස කවනා සියල්ලන් දෙස එකී ජනතාව ඉතා සීරුවෙන් බලා සිටිනා බව සඳහන් කරමු.
2016/11/25
(ලංකා ඊ නිව්ස් සහ කතුවරයාට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් 14 මෙතැන ක්ලික් කිරීමෙන් බා ගත හැකිය.)
(ලංකා ඊ නිව්ස් සහ කතුවරයාට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් 14 මෙතැන ක්ලික් කිරීමෙන් බා ගත හැකිය.)

No comments:

Post a Comment