Friday, May 20, 2016

සියළුම අාපදා සහන අංශ සහ සහන සලසන්නන් වෙත සිදු කරනා හදිසි විශේෂ දැනුම් දීමයි

---------------------------------------------------------------------------------------
සියළුම අාපදා සහන අංශ සහ සහන සලසන්නන් වෙත
සිදු කරනා හදිසි විශේෂ දැනුම් දීමයි
-------------------------------------------
ගංවතුර විපතින් කරදරයට පත් බොහෝ ජනතාවට ක්ෂනික අාහාර පාන ජලය නොඅඩුව ලැබුනත් අවධානයෙන් ගිලිහී අැති අවශ්යතා පිලිබඳ සැලකිලිමත් වීමේ අවශ්යතාවක් පවතී..

උදාහරනයක් ලෙස පීඩාවට පත් කාන්තා පක්ෂයේ සැමටම අවශ්යය කරනා සනීපාරක්ෂක තුවා සහ යට අැඳුම් වැනි දෑ ඒ අයට කටින් ඉල්ලා සිටිය නොහැක.

කාන්තා පොලිස් යුධ හමුදා සෙබලියන් එක් බෝට්ටුවකට එක් අයෙකු බැගින් හෝ යොදවා මෙම අවශ්යතා පිලිබඳවත් ඊට අමතරව ටොයිලට්ටිෂූ, කඩදාසි හෝ සිලිබෑග්, සිද්ධාලේප, සමහන්, පිරිටන්, කල් තබා ගත හැකි වියලි බිස්කට් (ක්රීම් ක්රැකර්)(CreamCracker), සිරිපොද වැස්සට පන්කොල හෝ වෙනත් කැප් තොප්පි හෝ (ෂවර්කැප්), හෑන්ඩ් ටවල්, ගංවතුරින් හෝ රෙදි සෝදා ගැනීමට සබන් හෝ සබන් කුඩු, ප්ලාස්ටික් බේසම්, රෙදි වැනීමට ලනු කැරලි, (මේ දැන් දැනගන්නට ලැබුනා - ලදරුවන්ගේ කිරිපිටි සහ කිරි පොවන බාේතල් ජෝග්ගු) උණුවතුර බෝතල්, ගිනිපෙට්ටි, ඉටිපන්දම්, විදුලි පන්දම්, ලිප් ගල්, සාස්පාන්, කෝප්ප, හැඳි, (ඊට අමතරව හැකිනම් අනතුරු අැඟවීමේ පන්දම් ද වැදගත් විය හැක) ගසක් යට හෝ කොහේ හෝ අවතැන්ව සිට හෝ යම් යම් මූලික අවශ්යතා ඉටු කර ගැනීම සඳහා අනිකුත් සියළු පාර්ශවත්...
මෙම පනිවිඩය ලබනා කවුරුන් හෝ හැකි ඉක්මනින් ජනපති, අගමැතිත් දැනුවත් කර සහන වැඩ පිලිවෙලට මෙම අංගත් එකතු කරනා ලෙස පීඩාවට පත් අප සැමගේ සහෝදර ජනතාවගේ නාමයෙන් කාරුණිකව අයැද සිටිමු..

සැ.යු. - 
එමෙන්ම තවද විශේෂයෙන් සිහිපත් කල යුතු වන්නේ..

හෙට අනිද්දා අැතිවිය හැකි යයි සැක කරනා මීලඟ අවධානමෙන් අත්මිදීම සඳහා වත්මන් අවධානමේ මීලඟ ඉලක්කය වීමට නියමිත අවධානම් කලාප අාසන්නයේ සිටිනා....
සෑම පිරිමියෙකුම තමන්ගේ සිඟිති දූපුතුන් සහ (ඔවුන්ගේ අධ්යාපනික ලිපිලේඛන සහතික, උප්පැන්නාදීද) භාර්යාවන්, මෑණිවරුන්, මිත්තනියන්, යෙහෙලියන් හට අාදරේනම් තමන් කෙසේ වෙතත් අඩුම තරමින් තමන්ගේ අාදරවන්ත ඉහත පිරිස් මැයි 25 වැනිදා හෝ අවධානම අවම වන තුරු අාරක්ෂිත/සුරක්ෂිත ස්ථාන කරා පිටමන් කරනා ලෙස අවවාද/උපදෙස් සහ දැනුවත් කිරීම් අඛණ්ඩවම ලබා දෙන ලෙසද යෝජනා සිටිමු.

සියල්ලෝම මැයි 25 දින පසුවන තුරු අවධානයෙන් සහ සීරුවෙන් සිටිය යුතුය.

http://sobithawathara.blogspot.com/2016/05/blog-post_56.html

https://t.co/PhafGQmIom

ස්තුතියී.
සත්පුරවැසියා සෝභිතාවතාර සමග...
2016/05/20

Wednesday, May 18, 2016

සෝභාදහම් මාතාවගේ ඉවසීමේ සීමාව ඉක්ම ගොස් අැති බව පෙනේ - 2016/05/18

2016/05/18 - 
--------------------------------------------------------------------------------------------
සෝභාදහම් මාතාවගේ ඉවසීමේ සීමාව ඉක්ම ගොස් අැති බව පෙනේ

--------------------------------------------------------------------------------------------
සියල්ලෝම සියල්ලම වැනසුවා අැති. දැන්වත් අලුතින් සිතන්නට පටන් ගනිමු. පරිසරය අාරක්ෂා කොට සොභාදහමට නමස්කාරය ක අපි රැකෙමු. නොඑසේ උවහොත්....?
සෝභිතාවතාර අනාවැකි පල කරයි....
--------------------------------------------------------------------------------------------








































--------------------------------------------------------------------------------------------
* දියුණුව නමැති නොනාමි මාවතේ, සෑහීමකට පත්වීම නමැති මිරිඟුව පසුපස හඹායන මිනිසා පරිසර දූෂණය නමැති දාහය නිරන්තර වගුරවනු ලබයි.
--------------------------------------------------------------------------------------------
* මිනිසාගේ දියුණුව යනු පරිසරයේ සංහාරයයි. පරිසරයේ සංහාරය යනු මිනිසාගේ සංහාරයයි
--------------------------------------------------------------------------------------------
* දියුණුව යනු ජුගුප්-අාකර්ෂනයකි. එම අන්ධ මෝහනත්වයෙන් මිදී අපි අවදියෙන් යුතුව එදෙසට පිය නගමු. එවිට මිනිසාට අැවැසි තාක් විශ්වය පවතීවි. නොඑසේ උවහොත් විශ්වයට අැවැසි තාක් පමනක් මිනිසා පවතීවි.
--------------------------------------------------------------------------------------------

රණවිරුවන්ට කල හැකි සැබෑ ගෞරවය වන්නේ ඔවුන් දිනා දුන් නිදහස රැක ගැනීමයි.(නීතිඥ උදය ගම්මන්පිල) ප්රකාශ කරයි..

--------------------------------------------------------------------------------------------
රණවිරුවන්ට කල හැකි සැබෑ ගෞරවය වන්නේ ඔවුන් දිනා දුන් නිදහස රැක ගැනීමයි. (නීතිඥ උදය ගම්මන්පිල ) ප්රකාශ කරයි..
------------------------------------------------------------------
රණවිරුවන්ට කල හැකි සැබෑ ගෞරවය වන්නේ ඔවුන් දිනා දුන් නිදහස රැක ගැනීමයි. (නීතිඥ උදය ගම්මන්පිල ) ප්රකාශ කරයි..

 හික්.. හික්.. කිරි සප්පයෙක් පවා දන්න ඕක මහ ලොකුවට කියන්නත් දෙයක්ද... බොලං! 

 ඕවා දෙනු පරහට තමා සන්තකයේ පිහිටා සිට...හික්.. හික්..
-----------------------------------------------------
දිනා ගත්තු ටොපියක් උනත් පොඩි එකෙක්වත් අා‍පසු නැති කර ගන්නේ නැති බව මේ මෝඩ නීතිඥ උන්නැහැ කියන්න අවශ්යය නැහැ.

නමුත් මෙයාටයි මෙයාගෙ සහපිරිවරටයි ජාති ජාති ණය කල රටක ගොඩක් දුක්පීඩා මධ්යයේ ජීවත් වන ජනතාව වශයෙන් කාරුණිකව යමක් කිව යුතුව අැත.

සුමිතුරු තුමෝ කරුණාකරල යලිත් වරක් අළුයට ගිණි අවුස්සලා අර ඔබ දුකේදීත් සැපයේදීත් අත් නොහැන යන මිතුරු තොමෝ සමග එකතුවෙලා කුමණ්ත්රනය කරල, ජනතාව වශයෙන් අපි සැම යුග ගනනාවක් දුක් විඳල ජීවිතේ හොඳම යුගය අහිමි කරගෙන වයස ගෙවල දිනා ගත් දේදුනු විප්ලවය කන පිට හරවන්න එපා. විශේෂයෙන් ඔබේ පවුලේ සහ ජනතාවගේ මතු පරපුරට බිඳක් හරි අාදරේනම්..!

ජාතිවාදය අවුස්සලා දේශපාලන වාසි තකා සහ කල වැරදි වසා ගන්න සිතලා හරි යුද්ධයක් නම් අැති කරවන්න එපා. පිං සිදු වෙයි. එහෙම කලොත් හොඳට මතක තියා ගන්න වැඩියෙන්ම අවාසි ඔබලා වගේ දේශපාලනක්ඥයින්ටම පමනක් බව.

මන්ද යත් ප්රභාකරන්ලාගේ ප්රබලම ඉලක්කය ඔබලා වන් අය මිස අප වන් සාමාන්යය ජනතාව නාෙවේ..

යුක්ති ගරුක ජනතාවට කවුරු යටතේ උනත් විසීය හැකියී. මොකද අපේ මහා කළු සිංහයින් සිංහල අපිට සාධාරනය ඉෂ්ඨ කොලාද බොලං.. කියපං.. බලන්න. ඒකද හොරකන් කරල කරල අපේ නූපන් එකාව පවා ලෝකෙට ණය කාරයින් කාෙරල තියෙන්නේ..
-----------------------------
ඒකද තොපලාගේ යාළුවන් අපේ ගැහැණු දරුවන් සිය ගනන් දූෂණය කරල සාජ්ජ දැම්මේ...

ඒකද තොපලාගේ හවුල් කාරයින් මත්කුඩු ගෙනල්ල අපේ පුතුන් විනාශ කලේ..
-----------------------------
ඔබ තුමාත් ඔබේ පවුලේ සියළුම දෙනාත් ඔබේ දුකේදී සහ සැපයේදී හැරදා නොයනා සියළු මිතුරු තාෙමෝ සැමත්, ජාති අාගම් කුල මල භේදයන්ගෙන් තොර වූ සියළු ජනතාවත්, ත්රිවිද හමුදා පොලිස් විශේෂ කාර්යය බලකා සහ පක්ෂ විපක්ෂ විකල්ප යනාදී එකී නොකී සියළුම දේශපාලනික අධිකාරීන්ද අැතුළු එනම් සාමයට  සහ සංහිඳියාවට කැමති සියළුම කොටස් ඒකරාශීව යුද්ධය දිනාගෙන අවසන්ය. එය දැන් ඉතිහාසයට එක් වෙමින් පවතින යථාර්තයකි.

යුද්ධය නිසා අප සැමටම අහිමි වූ දේවල් පිලිබඳ කථා කරන්න ගියොත් ඒකටත් තව වසර 30 ක් පමන ගතවේවි. යුද්ධය නිසා ඔබ ඔබේ පවුලේ සාමාජිකයින්ගේ අාරක්ෂාව පිලිබඳ කාෙතරම් බියෙන් සිටියාදැයි දන්නේ ඔබේ හදවත පමනි.

අපි සැමටමද එහි අඩු වැඩියක් නැත, උදය.. ඔබ හා සමාන මිස....

ඉතින් එවන් යුගයක් යලි එනවාට කවුද කැමති. ඔබ කැමතිද...! නොඑසේනම් ඔබේ අර (විකල්ප) කස්ටිය කැමතිද...! එසේ නම් අපි නැති කලෙක දේශපාලනය කරනා ඔබලාගේ පවුල් පරපුරවල දූ දරුවන් හට නාඳුනන තුවක්කු කරුවන් පැමින වෙඩිතබා මරා දමා පලා යනවා සිතන්නවත් කැමතිද..! 

නොඑසේනම් දැන්වත් අලුතින් හිතන්න පටන් අරන් දන්නා කාලෙකින් අප රටේ පහල උනු උත්කෘෂ්ඨතම ජන නායකයා ගරු මෛත්රීපාල සිරිසේන වත්මන් යහපාලන ජනාධිපති තුමාගේ සංහිඳියා වැඩ සටහන වෙනුවෙන් අැප කැපවී ඔබේත් ඔබේ සියළු ඥාති හිතමිත්රාදීනුත් මිතුරු තොමෝලාගේත් දරුවන් හට අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන් පැතූ සියළු ජාතීන් සියළු අාගම් වෙනුවෙන් යුක්තිය සාධාරනය සංහිඳියාව රජයන මානව සමාජයක් බිහිකිරීමේ සිහිනය යථාර්තයක් කිරීමට උර දී රටට අැති ණය ගෙවා හිත නිදහස් කරගෙන (රට මට ණය මිස.. මම නැත රටට ණය)යන සතුටු සිතින් දිනෙක මිය යන්නට අදිටන් කර ගන්න.
---------------------------------------------------------------
මානුශීය මෙහෙවරේ මිනිසුන් සමරමු - 2016/05/18
---------------------------------------------------------------
ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා - යහපාලන ලැදි සියළු ජනතාව සමග ඕනෑම අභියෝගයක් සඳහා පෙල ගැසී සිටිමින් අයාචනය කරනා වගයි. දැන් අපිට උන්නත් එකයි... මලත් එකයි...
http://sobithawathara.blogspot.com/2016/05/blog-post_18.html

Friday, May 13, 2016

මතු පරපුර වෙනුවෙන් දූෂණය සහ භීෂණය නැති, ණය බර නැති රටක් ගොඩනගමු



----------------------------------------------------------------
මතු පරපුර වෙනුවෙන් දූෂණය සහ භීෂණය නැති,

ණය බර නැති රටක් ගොඩනගමු
----------------------------------------------------------------

https://www.facebook.com/real.rr/videos/10157579188495377/

රටේ අනාගත පරපුර ලොවට උගස් නොකරනා නිසි කලමණාකරනයකින් යුත් අාර්ථිික ක්රමවේද තුලින් හීන් සැරේ අඟලක් ඉදිරියට ගියත් එය ස්ථිරයි.

නමුත් තමන්ගේ කොමිස් කුටිටිය පමනක් කන්න බලාගෙන ගුවන් පාලම්/හයිවේ/වරායවල් සහ ගුවන් තොටුපලවල් අපේ වගේ දුප්පත් රටකට ගැලපෙන්නේ නැති තරම් වේගයකින් හදල රටේ අපි ඔයාල වගේ හැමෝගේම සහ ත්රිවිද හමුදා පොලිස් සියළු දේශපාලකයින්ගේද අැතුළු සියළු සහභාගීත්වයෙන් දිනා ගත් යුධ ජයග්රහනයේ අයිතිය තනි ඔප්පුවට ලියා ගත් හිටපු ජනපති වෙනුවෙන් මේ මුකුත් නොදැන කමෙන්ට් කරන ෆේස්බුක් එකේ ගැවසෙන ලමයි ලපටි දන්නවාද ඔයාලගේ අප්පච්චි අපේ රට බිලියන 8475 ක් ලෝකෙට ණය කරල තියෙන බව. ඒව ගෙවන්න වෙන්නේ ඔයාලට සහ ඔයාලගේත් දරුවන්ට බව. ඒ නිසා දරුවනේ යුධ ජයග්රහන මානසිකත්වයෙන් අන්ධ වෙලා අර බොරුකාර අප්පච්චිටයි එයාව මෝඩයට අන්දවන වාචාලයින් රැලටයි රැවටෙන්න එපා. ඔයාලට තාම මේවායේ බරපතල කම් තේරෙන්නේ නැහැ. ඒව තේරුම් ගන්නකොට අපේ ජීවිත කෝච්චිය ගිහිල්ල ඉවරයි වලපල්ලට...

අපිත් ඉස්සර ඔයාල වගේ හිටපු තරුණ කාෙල්ලෝ තමයි. නමුත් හැමදාම සිදු උනේ තක්කඩි දේශපාලනය නිසා ඔයාල වගේ වටිනා අපේ ජීවිත අයාලේ ගෙවිල ගියා. ඒ නිසා අපිට දැන් අවශ්යය ඔයාලට යුක්තිය සාධාරනය සංහිඳියාව රජයන වනචර සල්ලාල මදාවි තක්කඩි නොවන යහපාලන යුගයක් බිහිකර මුළු ලෝකයාම පිලිගන්නා යහපත් රටක අභිමානයෙන් යුතුව විසිය හැකි පරිසරයක් අැති කරලීමයි. කවුරු අැවිල්ල හෙට වෙඩි තියල ගියත්...

ඒ අපි සැවොම පතනා සුන්දර රට නිර්මානය කර ගැනීම උදෙසා සැවොම එකාවන්ව පෙල ගැසී පවතින යහපාලන රජයට දිගින් දිගටම බලපෑම් කරමින්ද, වැරදි පෙන්වා දෙමින්ද...

අපවත් වී වදාල සෝභිත හිමිපානන්ගේ පුරෝගාමීත්වයෙන් දිනා ගත් දේදුනු විප්ලවය ජය කනුව කරා රැගෙන යමු දරුවනේ...

අප මේ වෙහෙසෙන්නේ අපෙන් ගිලිහී ගිය නැවත කිසිදා නොලැබෙන තරුණ ජීවිත යලි ලබා ගැනීමට නොව ඔබ සැමගේ වටිනා තරුණ ජීවිත අයාලේ පරවී යාමට නොදී එහි නියම සුන්දරත්වය විඳීමට අැවැසි පරිසරය රටක් තුල ජනිත කර දීම උදෙසාය.

ඒ නිසා ඔයාල හැඟීම්වලට වහල් වී බොරු සිංහ සේයාවලට රැවටී මොහනාන්දකාරයේ ගිලෙන්න එපා. ඔය අප්පච්චී සහ ඒ වටා සිටිනා තක්කඩි රැල අාදරය කරන්නේ ඔයාලට නොවේ. එයාලටයි... එයාලගේ සහපිරිවරටයි පමනයි.

මේ තක්කඩි දේශපාලනය කලේ මෙයාල පමනක්ම නොවේ. අපි පුංචි කාලේ ඉඳන් මේ වගේ දේවල් ගොඩක් අත්වින්ද. වෙනසකට තියෙන්නේ මේ තරම් බිහිසුනු විදියට දේශපාලකයින් හොරකම් කරනව මගේ ජීවිතේටම දැකපු පලවෙනි අවස්ථාව මෙය වීම පමනයි.

ඒ නිසා නංගියේ මල්ලියේ දුවේ පුතේ කවදාවත් මොනම කරුනක් නිසාවත් හැඟීම් බරව තීන්දු තීරන ගන්න එපා. බුද්ධිමත්ව හිතල එක් වරක් නොවේ සියක් වරක් හැම පැත්තම හිතල බලල ගන්න තීන්දුව ගන්න. ගන්නා ඒ තීන්දුව ඔයාලට කෙසේ වෙතත් ඔයාලගේත් මතු පරපුරට බලපාන්න පුළුවන් කාෙයි අාකාරයටද කියල හිතල බලල ගන්න. ඔයාලගේම අම්මලා තාත්තලා වගේ දුකෙන් කරදරෙන් කල් ගෙවල අත්දැකීම් බහුල වැඩිහිටි අයගේ උපදෙස් වලින් ඔයාලගේ ජීවිත සුඛිත මුදිත කර ගන්න. දේශපාලකයා කරන්නේ බිස්නස් එකක්. ඒ නිසා එයාලගේ රැවටිලිවලට අහුවෙන්න එපා.

වත්මන් යහපාලකයින් රටට යමක් කල යුතුය යන පදනමට වර්තමානය වන විට පිවිසිලා ඉන්නේ එයාල රහත් වෙලා නිසා හෝ සෝවාන් වෙලා නිසා නොවේ.

හිටපු පාලකයින්ගේ ඒකාධිපති බල සියල්ල ජනතා බලය හමුවේ එක් අැසිල්ලකින් චුත කල හැකි බව දැක තමන්ගේ නාමය ඉතිහාස ගත වීමට නම් සහ ජනතාවගේ නමස්කාරයට පත් වන්නට නම් ජනතාවාදී විය යුතුය යන අවබෝධය ලබා අැති නිසයි.

එසේ සලකා බැලීමේදී සාපේක්ෂ වශයෙන් වත්මන් ජනපති සහ අගමැති පිලිබඳ යම් ධනාත්මක තක්සේරුවකට පැමිනීමට අපට හැකිව තිබෙනවා.

නමුත් අපි එයාලගේ චරිත සහතිකේ ලියන්නේ තව අවුරුදු ගනනාවක් සුපරික්ෂාවෙන් අධ්යයනය කරලයි.

එයාලත් ජනතාව රැවට්ටුවොත් අපි යමපාලන ඒකාධිපතියාව ගෙදර යැව්වා වගේ මෙයාලවත් යායුතු තැනට යවනවා ඔයාලත් එක්ක එකතු වෙලා.

ඒ වගේම මේ රට ගොඩ ගන්න තියෙන අවසන් අවස්ථාව විදියටයි අපි මේ වර්තමාන යහපාලන ජනපති සහ අගමැති පිලිබඳ විශ්වාසය තබල තියෙන්නේ.

මා මේ පැවසූ සියල්ල අත්දැකීමෙන්ම දන්නා ඒ දෙපල කාලාන්තරයක් දුක් විඳපු රටක් ජනතාවක් වෙනුවෙන් අපි අපේක්ෂා කරනා ඒ යුගය බිහි කරාවි කියා ලොකු විශ්වාසයක් අැතිවයි ඉන්නේ.

ඒ නිසා මේ අවස්ථාවම ප්රයෝජනයට අරන් ඒ නායක දෙපලටත් අායාචනය කර සිටිනවා යාළු මිත්රකම් අයියමලෝකම් අැඟෑළුම් කම් පයුරු පාසානම් රට කිරීමේදී එපා. ඒවා ගෙවල්වල තියා ගන්න.

පරමාදර්ශ අවශ්යය නම් එලාර රජූ වගේ (තමන්ගේ පුතා උවත් වරදක් කලානම් එයාටත් නීතිය සමානයි) ඒ නිසා නීතිය නීතිය විදියට රට කරන්න. රට කන්නේ නැතිව. බැරිනම් දීල යන්න. තීන්දු තීරන කටින් විතරක් ගන්න එපා ක්රියාවෙන් පමනක් ඔප්පු කරන්න.

සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා සමස්ථ රටේ ජනතාවම සමග බලා සිටින්නෙමු සුපරික්ෂාවෙන් රට කොයිබටද කියා....

Thursday, May 5, 2016

ජාත්යන්තර දූෂණ විරෝධී සම්මන්ත්රනය

--------------------------------------------------------------------------------------------
ජාත්යන්තර දූෂණ විරෝධී සම්මන්ත්රනය
--------------------------------------------------------------------------------------------
යහපාලන ජනපති මෛත්රීපාල සිරිසේන මැතිඳුනි,
එංගලන්තයේ පැවැත්වීමට නියමිත ඉහත සමුළුව සඳහා වත්මන් ශ්රීලංකා ජනපතිඳුන් හට අාරාධනය කිරීම ලෝක නායකයින් ගත් ඉතාමත් කාලෝචිත තීරනයක් බව කිව යුතු මනාය.

ලද එම අවස්ථාව ප්රයෝජනයට ගෙන වර්තමානය වන විට විශේෂයෙන් ශ්රීලංකාව අැතුළු ගෝලීය දේශපාලකයින් ජනතා මුදල් දූෂිත අාකාරයෙන් එක් රැස් කොට ඒවා ලිහිල් නීති සහිත විදෙස් රට රටවල පවතින්නා වූ බැංකුවල ඉතාමත් රහසිගතව තැන්පත් කොට මතු අාත්මවලත් ඉපදී ඒවා බුක්ති විඳීමට හැකියී සිතා සඟවා අැති අසීමාන්තික වූ ධනස්කන්දන් නිසා දුක්විඳිනා ජනතාවට අභාග්යය සම්පන්න යුගයක් උදා වී අැත.

මෙය නැවැත්වීමට දූෂණය පිටුදකිනා සමස්ථ ලෝකයාම එකට එක්ව පියවර ගත යුතුය. ඒ සඳහා කොතැනක සිට හෝ කතිකාවතක් අාරම්භ විය යුතුය. ඊට සුදුසුම තෝතැන්න ඉහත සමුළුව මගින් උදාවනු අැත. 

වසර ගනනාවක සිට රාජ්යය දූෂනය පිලිබඳ හසල අත්දැකීම් සම්භාරයක් අැති වත්මන් ජනාධිපති අපගේ මෛත්රීපාල සිරිසේන මැතිඳුන් හට ඒ සඳහා අාරාධනයක් ලැබ තිබීම ඉමහත් සතුටටත් දුක්විඳිනා ජනතාවගේ භාග්යයක් ලෙසත් සලකමි.

එනිසා ජනපති තුමා සුවිශේෂී වූ හරවත් දේශනයක් මගින් ලෝක නායකයින් සැවොම මෙවන් දූෂන ක්රියා වැලැක්වීමටත්, මර්ධනයටත්, මේතාක් සිදුව අැති දූෂිත මුදල් ජනසතු කරවීම හෝ අාපදා අරමුදලක් වෙත යොමු කරවීම හෝ පිලිබඳ කතිකාවතක් අාරම්භ කරවීමට පියවර ගත යුතුය.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා
2016/05/05

Sunday, May 1, 2016

(බෙදී දේශපාලනය කාෙට එක්ව අාණ්ඩු කරමු) යන තේමාව යටතේ මින්මතු ජාතික ප්රථිපත්තියකට යටත් වෙමු.

--------------------------------------------------------------------------------------------
ලෝකයා සිනාසෙන තවත් හිස් කම්කරු
දිනයක් නිමා විය.

--------------------------------------------------------------------------------------------
සම්මුතිවාදී යහපාලනයේ නාමයෙන් මින් මතු වැඩකරන ජනතාවගේ මැයි දිනය ප්රතිනිර්මානය කරමු.



(බෙදී දේශපාලනය කාෙට එක්ව අාණ්ඩු කරමු) යන තේමාව යටතේ මින්මතු ජාතික ප්රථිපත්තියකට යටත් වෙමු.

උගතුන් බුද්ධිමතුන් සපිරි මෙසිරිලක තුලින් ලෝක දේශපාලනයට අද මැයි 01 දා සේ බෙදී දේශපාලනය කාෙට එක්ව අාණ්ඩු කර සංහිඳියාවෙන් යුත් සම්මුතිවාදී අාණ්ඩු සංකල්පයෙන් පරමාදර්ශ සපයමු.

පැවති 2015 ජනාධිපතිවරන ප්රථිපලයත් එම ජයග්රහනය නැවත වතාවක් තහවුරු කල මහ මැතිවරන ප්රථිලයත් තුට්ටුවකට හෝ නොතකා ඒකාධිපති වියරුවෙන් සහ බල තන්හාවෙන් අන්ධව තවමත් බහුතර ජනමතයට ගරු නොකොට තමන්ගේත් තම පවුලේත් තම ගජ මිතුරන්ගේත් දූෂන සහ අපරාධ යටපත් කර ගැනීම උදෙසා අහිංසක ජනතාව මුලා කරමින් ඒකාබද්ධ විපක්ෂය නම් වූ දේශද්රෝහීන් කණ්ඩායම කැමරා උප්පරවැට්ටි යෙදාගනිමින් අද 2016 මැයි 01 දා මැයි දින වැඩ කරන ජනතාවගේ දිනය සොරාගෙන මහජන ගංගාවක් මවා පෙන්වීමට සටකපට උත්සාහයක යෙදී අැති බව පැහැදිලිය.

නමුත් සජීවි රූප මාධ්යය මගිනුත් සැබවින්ම අද දින රට පුරා පැවති ශ්රීලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානයත්, එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුනත්, සෙසු පක්ෂ සහ සංවිධාන මගින් පැවැත්වූ රැලි හමුවේ අැතිව තිබූ පරාජිත බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාගේ මුහුනින් කැඩපතක් සේ අද කිරුලපන වේදිකාවේදී දිස්විනි. ඒ පිලිබඳව ඊට වඩා පැහැදිලි සාක්ෂි තවත් අවශ්යය යැයි නොසිතේ...

නමුත් කණගාටුවට කරුන වන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පවතින මෙම ලද බොලඳ මානසිකත්වයයි...

2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරනයේදී බස් දහස් ගනන්වලින් ජනතාව ගෙනැවිත් මහසෝන් දිස්ඨිය තරම් උස 18 රියන් කටවුට් ගසා රාජ්යය බලය, මැර බලය, ධන බලය මේ අාදී හැකි සියළුම බලයන් යොදවාත් තම රජයේම ලේකම්වරයාට පරාජය වී බොක්සින් කරලියෙන් කුජීත වුනු කෘතහස්ත මෙතුමාට තවමත් යථාර්තය අවබෝධ නාෙවන්නේ කරුමයට දැයි වටහා ගත නාෙහැක...

එනිසා තව දුරටත් නිෂ්ඵල දේ කථා කාෙට කාලය අපතේ නොයවා එතුමා අැතුළු අනිකුත් දේශද්රෝහී නඩයට තම තමන්ලාගේ උපන් කරුමය ගෙවා ගන්නට ඉඩ දෙමු. 

නමුත් වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා පෙරදා ප්රකාශයට පත් කල පරිදි තම මව් පක්ෂය වන ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ සන්ධානය තුල පවතින මෙම විෂමකාරී තත්ත්වය පාලනය කොට පක්ෂය පුනරුත්තාපනය කර යාවත්කාලීන කල යුතුය. කුමන ප්රථිපලයන් යටතේ වුවද මෙය එතුමානන් විසින්ම පක්ෂයේ සුභවාදී අනාගතය වෙනුවෙන් සිදුකර නිමා කල යුතු යුග මෙහෙවරකි. එය සිදුකිරීමට අැවැසි දේශපාලනික පසුතලය අද දින ගාලු රැලියේ උණුසුම තුලින් නිර්මානය වී අැත. ඒ නිසා පවතින තෝතැන්න සිසිල් වීමට පෙර අවශ්යයතාවය ඉටු කර ගැනීමට ජනාධිපතිවරයා අැතුළු කෘත්යධාරී මණ්ඩලය සමත් විය යුතුය. ලද අවස්ථාවෙන් අප්රමාදව ප්රයෝජන ගත යුතුය. ප්රමාදය පසුතැවිල්ලට හේතු විය හැක...

නමුත් ඒ සියල්ලෝම අද හෝ යථාර්තය අවබෝධ කර ගත්තානම් වැරදි හදා ගන්නට සූදානම් නම් ප්රබුද්ධ ජනතාව විදියට අප හට කාගෙන්වත් පලි ගන්නට තරම් කෘර ගෝත්රික ම්ලේච අාශාවන් කිසිවක් නොමැති බව කිව යුතු මුත් සැමදාම විගඩම් බල බලා සිටින්නට අප හට කාලයක් ඉතිරිව නාෙමැති බව අවධාරනය කිරීමට කැමැත්තෙමු.

නොඑසේ උවහොත් ජනාධිපතිවරයා තම පක්ෂය තුල බොරු රඟදැක්වීමක් සිදු කරමින් දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරනු සහ/හෝ ඩීල් දැමීමක් සිදු කරනවාදෝ යන සැකය ප්රබුද්ධ පාක්ෂිකයින්ගේ සිත් සතන් තුලට මෝදු වීම වැලැක්විය නොහැකි වනු අැත.

කෙසේ වෙතත් පරාජයෙන් අාතතියට පත්ව ලෝකප්රකට වුනු ජන නායකයෙකුට කිසිසේත් නොගැලපෙනා දේශපාලනික පිස්සුවක් නටනා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අැතුළු ඒකාබද්ධ පොදු විපක්ෂය යැයි කියා ගන්නා දුප්පත් ජවිපෙ. සහෝදරයින් පාවාදීමේ සීගිරියවත් නුදුටු නිවට-වංශ සහ නිදහස් අධ්යාපනයේ ශාපයට ලක්වීමට නියමිත දේශද්රෝහී-ගම්මන්පිල අැතුළු කල්ලිය නිසා සෑම පක්ෂයක්ම තම ශක්තිය උපරිමයෙන් ප්රදර්ශනය කිරීමට අදහස් කර තිබුනු බව මොනවට දිස්විනි. 

පැවති ජනාධිපතිවරන සහ මහමැතිවරන ප්රතිඵලවලට ගරු නොකොට තව දුරටත් ජනතාව මුලා කල හැකි යැයි විශ්වාස කල ඒ තක්කඩි නඩයට අද දින ජීවිතයේ යලි අමතක නොවනා පාඩමක් සහ අත්දැකීමක් අත්කර දීම වෙනුවෙන් අද දින පැවති මැයි රැලි අගය කිරීමකට ලක් කල හැක...

නමුත් වැඩ කරන ජනතාවට අයිති දිනය විදියට නම් අද දින මැයි රැලිය හෝ ඉතිහාසය පුරා පැවති කිසිදු මැයි රැලියක් හෝ අැගයීමකට ලක්කල නාෙහැක.

මෙම තත්ත්වය අප රට තුල පමනක් නොව ලෝකය පුරාත් අසම්මතවාදී ලෙස ක්රියාත්මක වන බව යම් යම් රටවල ප්රවෘත්ති දැකීමෙන් ගම්යය විනි. ඒ අනුව දේශපාලන බල අධිකාරීන් විසින් මැයි රැලි පැවැත්වූ සමහර රටවල අප රටේ මෙන් කලබැගෑනි හටගෙන සාමය කඩවීම් අැතිවුනු අතර වැඩ කරන ජනතාව විසින් තම රැලි පැවැත්වූ රටවල ඉතාමත් සාමකාමීවද අභිමානයෙන්ද ඒවා පැවැත්විනි.

ඉතිහාසය පුරාම පවතින මෙම වැරදි පූර්වාදර්ශයට ප්රධානතම හේතු කාරකයා වන්නේ කාලාන්තරයක් පුරා වැඩ කරන ජනතාවගේ මෙම උතුම් දිනය පක්ෂ දේශපාලකයින්ගේ පොකට් ගැසීමකට ලක්ව තිබීමය. වැඩ කරන ජනතාව සිය කැමැත්තෙන් තම ජීවිතයේ උත්තරීතර දිනයක් වෙනුවෙන් කරනා ස්වේච්ඡාමය සක්රීය ඉදිරිපත් වීම කූඨ දේශපාලකයා විසින් සූක්ෂ්ම ලෙස දොල පිදෙනි ලබා දී සාෙරා ගැනීමකට නැතහොත් රවටාගැනීමකට ලක්කොට අැත. එසේ කොට තම ප්රතිරූපය ඔප් නංවනා කටවුට් පෝස්ටර් ඒ අහිංසක කම්කරුවාගේ කරමතින් ගෙන ගොස් ඔවුන්ගේ දිනය සැමරුමට ලක් කරනවා වෙනුවට ඊලඟ වතාවේත් තමන් බලයට පත් වන්නට අවශ්යය පසුබිම සකස් කරගෙන කම්කරුවා සැමදාමත් හිඟන්නාට තම පැවැත්මට අවශ්යය තුවාලය බවට පත්කර ගනු ලබයි.

දුප්පත් කම්කරුවාට/කාරියට මිලමුදල් කෑමබීම අවශ්යය අයහට මත්පැන්ද ප්රවාහන පහසුකම් අැඳුම් අායිත්තම් සහ ඊටද එහාගිය විවිධ බලපෑම් සිදු කොට එක් එක් පක්ෂ විසින් තම අනුගාමිකයින් ලවා ඉහල සිට පහලට එ්කාකාරයෙන් මෙම ක්රියාදාමය සිදුකොට තම බල කඳවුරු කරා පාක්ෂිකත්වය කෙසේ වෙතත් එය මිනිස් ඔළුගෙඩියක්නම් ඉහත දාෙල පිදේනියට හෝ බලපෑමට යටත් කල හැකිනම් වෙනත් කිසිදු සෙවීමක් බැලීමක් නාෙමැතිව තම කඳවුර කරා ගාල් කෙරිනි.

ඊයේ 04/30 දවස පුරාම එක් එක් පක්ෂ විසින් තම නියෝජිතයින් මගින් සුපුරුදු (කැපුවත් නිල්, කැපුවත් කොල, කැපුවත් රතු) පාක්ෂිකයිනට අමතරව තෝරා ගත් සහ මිලට ගත් මිනිස් ඔළු ගෙඩි වෙත නිවසටම හෝ අතර මගට හෝ පක්ෂ නියෝජිතයින්ගේ නිවෙස්වලට කාර්යාලවලට ගෙන්වා හෝ අැඳුම් අායිත්තම් ලැබුනු අතර කෑමබීම රැලියේදීද, ‍ගාස්තු රැලි අවසානයේදීද ලැබෙන්නට සැවොම කදිමට සැලසුම් සකස් කොට තිබිනි.

දුප්පත් අහිංසක වැඩ කරන කම්කරුවාගේ/කාරියගේ අසරන කමත් නැතිබැරි කමත් මනින්නට මීටත් වඩා කිරුම් මිනුම් තවත් කුමටද...

එනිසා මෙවන් මැයි 01 දාවන් කිසිසේත් යථාරූපී උනු වැඩකරන ජනතාවගේ උත්තරීතර දිනයක් විදියට අර්ථ කථනය කිරීම නිවැරදි නොවේ.

ඉහතකී අහිංසකයින් සහ (කැපුවත් නිල්, කැපුවත් කොල, කැපුවත් රතු) පාක්ෂිකයෙකු හැරුනුකොට, කිසියම් හෝ අැති හැකි කමක් පවතින්නා වූද... යම් දේශපාලනික විඥාණයක් අැත්තා වූද.. කිසිදු මිනිසෙක් ඔවැනි අරුත් සුන් විගඩම්කාරී මැයි රැලි හෝ දේශපාලනික වූ හෝ කඳවුරු රැස්වීම් කිසිවකට සහභාගී නොවේ. 

ඒ අය බහුතරයක් අදෘශ්යමානව උගත් බුද්ධිමත් මධ්යම පන්තිය තුලත්.. අනෙක් සෑම පන්තියක් තුලමත්.. නිහඬව මුත්.. අවධියෙන් ස්ථානගතව සිටිනා අතර (තීරක ප්රජාවගේ බල කඳවුර ) ලෙස අද දින සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා විසින් එම සුවිශේෂී කඳවුර නම් කර සිටිනු ලබයි.

පැවති සහ පවතින සහ පවතින්නට නියමිත ඕනෑම බල පරාක්රමයක් නිදහස් සහ සාධාරන මැතිවරනයක් තුලින් විනිශ්චයකට ලක්කොට තීන්දුවක් ප්රකාශයට පත්වූවානම් එහි තීරකයා වූයේ මෙම අදෘශ්යමාන හස්තයයි. ඔළු ගෙඩි 225 ක් අැති පාර්ලිමේන්තුව තුල උවද අත්යාවශ්යය අවස්ථාවකදී තීරක ඡන්දය පාවිච්චි කරනුයේ කථා නායක වරයාය.

ඒ අාකාරයෙන් පක්ෂ දේශපාලන කරලියේ මතු පිට පෙනුමින් කුමන ඔලු ගෙඩි රැඟුම් මැවුනත්.. කැමරා කාච සෙල්ලම් රඟ දැක්වුනත් අවසානයේ තීන්දුව ලබා දෙනුයේ මෙම අදෘශ්යයමාන තීරක ප්රජාව මගිනි. 

එම තීන්දුව වාසි අවාසි මත හෝ දොල පිදේනි පාෙරොන්දු කොන්දේසි මේ කිසිවක් පදනම් කරගෙන හෝ ප්රකාශනය වන්නක් නොවේ. රටේ අනාගතය වෙනුවෙනුත් තම දූදරුවන් සහ මතු පරපුර වෙනුවෙන් ගනු ලබනා අව්යාජ එකකි. අවශ්යයම අවස්ථාවේදී ගනු ලබනා එම තීන්දුව මිලමුදල් රන්රිදී මුතුමැනික් යසඉසුරු හෝ ඉරුසඳු දෙපාමුල තබා හෝ වෙනස් කල නොහැකි එකකි. එම නිසා වාසි හෝ ලාබ කිසිවක් මත නාෙරැඳී බොහෝ දුක්ඛ දෝමනස්සයන් නිහඬව විඳ දරාගෙන ඕනෑම රටක් තුල වෙසෙනා මෙම තීරක ජන පදනමෙහි සිතුම් පැතුම් සහ හද ගැස්ම හඳුනාගෙන ඉබාගාතේ යන දේශපාලනයක් සිදු නාෙකොට සවිඥ්ඤාණික ප්රජාවගේ මග පෙන්වීමෙන් යුත් හරවත් රටක් රාජ්යයක් පවත්වාගෙන යාමට සමස්ථ ලෝකයේම ජනතාවාදී දේශපාලකයින් සමත් විය යුතුය. නුවනක්කාර විය යුතුය.

නොඑසේ උවහොත් උගතුන් බුද්ධිමතුන් සවිඥාණිකයින් තම මව් රට අත්හැර දමා ගිය නොසන්ඩාලයින්ගේ රජ දහනක් කොලනියක් වීම ඒ රට නවත්වනු බැරිය කිසිදු ජගතෙකුට කිසිදා...

වත්මන් ජනපති සහ විශේෂයෙන් අගමැති මෙම තත්ත්වය දැන් දැන් මැනවින් හඳුනාගෙන අවබෝධ කොටගෙන අැති බව ඔවුන්ගේ මෑත ප්රකාශන තුලින් සනාථ වේ.

ඉතින් අවසන් කිරීමට පෙර වත්මන් නායක සුසංයෝගය වෙත සිහිපත් කල යුතු වන්නේ අපවත් වී වදාල අපගේ අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් හට ඔබ දෙපල ගරු කලානම්ද.. ඉදිරියටත් උන්වහන්සේගේ දර්ශනය අගයන බවටත් සපත කලානම්ද... අද මේ තීරනාත්මක දිනයේදී ඔබ තුමන්ලා වෙතත්, ලෝක නායකයින් වෙතත් අනුශාසනය කරන්නට යෙදුනු කාරනය උන්වහන්සේගේ අාතූරයා සත්පුරවැසියා විසින් ජනගත කරන්නටයි සූදානම...

බුදු සමයටත් එහා ගිය යහපත් රජදරුවන් රාජ්යයන් පාලනය කරමින් තම රට වැස්සන් හට සතුටින් සාමයෙන් ස්වයංපෝෂිතව ජීවත් වන්නට අවශ්යය පසුබිම සකස් කර දී තිබුනු පරහිතකාමී යුගයන් අකාරුණික ලෙසද ඉතාමත් අභාග්යය සම්පන්න ලෙසද වෙනස් වීම් වලට තුඩු දෙමින් පැමින වර්තමානය වන විට වැඩි වන ලෝක ජනගහනයත් අවස්ථා අවම වීමේ අවධානමත් නිසා මිනිසතා තිරිසනා බවට පරිවර්ථනය වෙමින් තමන් ගැන පමනක් සිතනා මමත්වය පෙරදැරිව අනෙකා නසා හෝ මම රැකෙමියි යන තැනට මානව සමාජය පිරිහීමට ලක්ව අැත. 

මෙම තත්ත්වය යටතේ දේශයක් පාලනය වුනු ක්රමවේදයන්ද මමත්වයට ගොදුරුව පාට පක්ෂවලින් සැදුම් ලත් බල කඳවුරු නැතහොත් ගෝත්රික ව්‍යාපාර බවට පරිවර්ථනය වී අැත. 

ඒ හිඩැස නිසයි අද නරුමවාදී රාජපක්ෂ කල්ලියට උවද කඳවුරු බැඳ ගත හැකි පරිසරයක් නිර්මානය උනේ.

මෙම කූඨ ව්‍යාපාරය සදාකල්හිම තම තමන්ගේ මන දොල සපුරාගැනීම වෙනුවෙන් පමනක් පවත්වාගෙන යාම උදෙසා මෙම ව්යාපාරයේ පවතින්නන් සහ ඊට අළුතින් අැතුළු වන සියල්ලෝම තව තවත් අසම්මතවාදී තර්ක විතර්ක ඉදිරිපත් කරමින් සංවාදී විසංවාදී දේශපාලනයේ පැවැත්ම උදෙසා සෑම කල්හිම විරුද්ධ පක්ෂ සිටිය යුතුය යන හිස් සංකල්පයක් ඔස්සේ යමින් සැමදාම බලය හුවමාරු කරගනිමින් අාණ්ඩු කර සදාකල්හිම ජනතාව මහා රැවටීමකට ලක්කොට මූල ධනය ශතයක්වත් අවශ්යය නැති... උගත්කම බින්දුවක්වත් අවශ්යය නැති අපූරු ව්යාපාරයක් (බිස්නස් එකක්) යස අගේට පවත්වාගෙන යමින් සුරසැප විඳිමින් කෙටි කලකින් සියල්ල අමතක වන, අමතක කරනා අවිහිංසක ජනතාව රැවටීමකට ලක්කරමින් විජරාමානව කල්ගෙවයි.

නමුත් වර්තමානය වන විට ජනතාවගේ ශාපයට ලක්වෙමින් පවතින සමස්ත ලෝකයේම දේශපාලනය වර්තමානයට ගැලපෙන ලෙස ප්රතිනිර්මානය කිරීමට කාලය උදාවෙමින් පවතින බව පෙනී යයි. ඒ නිසයි අද බොහෝ රටවල දේශපාලන බල කඳවුරු උඩුයටිකුරු වන්නේ. ඒ නිසයි අද කාට කාටත් එකතු වී අාණ්ඩු කිරීමට සිදුවෙමින් පවතින්නේ. ඒ නිසයි අප රට තුලත් කිසිවෙකුට තනිව අාණ්ඩු කිරීමට නාෙහැකි පරිසරයන් නිර්මානය වෙමින් පවතින්නේ. ඒ නිසයි අද අකමැත්තෙන් උවත් සම්මුතිවාදී අාණ්ඩු හදාගෙන රට කිරීමට වත්මන් පාලකයින් හට සිදුව තිබෙන්නේ. ඒ නිසයි ඒ අනුගාමිකයින් හට තම පැවැත්ම තහවුරු කර ගැනීමට නම් අකමැති මුත් විසංවාදය සංවාදයකට පරිවර්තනය කාෙටගෙන සම්මුතිවාදීව අාණ්ඩු කරගෙන යාමට සිදුව තිබෙන්නේ. ඒ නිසයි කාට කාටත් අද සංහිඳියාව පිලිගන්නට සිදුව තිබෙන්නේ. ඒ නිසයි අද කාට කාටත් යහපාලනය අනුමත කරන්නට සිදුව තිබෙන්නේ.

අවිහිංසක ජනතාවට අයිති දේත්, සාංගික දේත් හොරා කන හෝ උදුරා ගන්නා හෝ කිසිවෙකුට විශ්ව ධර්මතාවය තුල ශාපයට පාත්ර නොවී සිටිය නාෙහැකි වේ කිසිදාකත්. ඒක තමයි සොබා දහමේ ඒකායන මූලධර්මය. 

ඉතින් සමහර අවස්ථාවාදී අනුගාමිකයින් කොටුවී පවතින්නා වූ මෙම යහපත් වටපිටාව තුල වත්මන් නායක සුසංයෝගය වෙත රාජ්යය පාලනය ප්රතිව්යුහගත කරලීමේ සැබෑ උවමනාවක් පවතීනම් ඒ අරමුන ඉටුකර ගැනීමටත් ලෝක ඉතිහාසය තුල තම නම් රන් අකුරින් සටහන් වීමටත් ඒ කෙසේ වෙතත් සුවදායක අවසානයක් අත්පත් කරගැනීමට යම් යහපත් සිතිවිල්ලක් පවතීනම් ඒ සඳහා ක්රියාත්මක වීමට කාලයයි අදින් උදා වනුයේ.

අපේ රටින් පරමාදර්ශීව ලාේක දේශපාලනය නැවුම් වූ සුන්දර තලයකට ලක් කරමු. ඒ නිසා මින් මතු මේ රටේ පක්ෂ දේශපාලනික වූ මැයි රැලි නාෙපවත්වන්නට තීන්දුවක් ගනිමු. 

බෙදී දේශපාලන මත දරමු. නමුත් ඒ බෙදීම් වැඩ කරන ජනතාව පාට පක්ෂවලින් බෙදා විරසක කරනා මර උගුල්වල නොපටලවමු. දේශපාලනික රැලි ඡන්ද වලට පමනක් සීමා කරමු. නමුත් වැඩ කරන ජනතාවගේ ඒ අති උතුම් මැයි දිනය දේශපාලකයින්ගේ පැවැත්ම තහවුරු කර ගන්නා පූර්ව ඡන්ද දඩ බිමක් නාෙකරගමු. 

ලබන වසරේ සිට සමස්ත ලෝකයාගේම ප්රසාදයටත් කාෙපි කිරීමටත් ලක්කරනා ප්රතිනිර්මානීය වූද... වැඩ කරන ජනතාව සැබවින්ම අමන්දානන්දයට පත් කරවන්නා වූද... යහපාලවනවාදී මැයි දිනයක් සමරමු.

සියළුම පාට පක්ෂවලට අයත් වැඩ කරන ජනතාව රටේ නන්දෙසින් පෙලපාලි මගින් වෙන් වෙන්ව පැමින (එකම එක ස්ථානයකට පමනක් රොක්කිරීම අසීරු නිසා) උතුරේද, දකුණේද රටේ සතර කොනේම ඉදිකෙරුනු වේදිකාවන් වෙත භේදයෙන් තොරව එකට ගාල් කොට සංහිඳියාවෙන්ද සම්මුතිවාදීවද වත්මන් යහපාලන රජය අාණ්ඩු කරන්නා සේ සියළුම වැඩ කරන ජනතාවට තමන්ගේ හඬ නගන්නට ඉඩ සලසා ඡන්ද ව්යාපාරවලදී ජනතාව දේශපාලකයා කියනා දේ අසා සිටිනවා සේ මැයි දින දා දේශපාලකයා වැඩ කරන ජනතාවගේ හඬට සවන් දෙන දිනයක් කරත්වා. සංහිඳියාව යහපාලනය අර්ථවත් කිරීමට මීටත් වඩා ප්රායෝගිකත්වයක් තවත් කුමටද වත්මන් පාලකයින්ට අැත්තටම උවමනානම්....

පැවති රුදුරු පාර්ලිමේන්තුව තුල එය යථාර්තයක් කිරීමට වත්මන් නායන සුසංයෝගය අද මේ තරම් සුවිශේෂී දක්ෂයින් බව ඔප්පු කලානම් ඔබලාට මේ යෝජනාව කජ්ජක් නොවනු නියතය.

අද මැයි රැලියේ සාර්ථකත්වය අැස් දෙකින් දකිනා තුරු මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා අති විශිෂ්ඨ ඝනයේ දේශපාලනික බහුශෘතයෙක් බව සිතාගත හැකිව සිටියේ නැත යහපාලනවාදී අප කිසි ලෙසකින්වත්... සත්තකින්ම ඔබ විශිෂ්ඨයෙකි. අති දක්ෂ අති සාර්ථක දේශපාලනක්ඥයෙකි. එමෙන්ම අගමැති රනිල් වික්රමසිංහ යනු සිතා ගත නොහැකි අද්විතීය සංවිධායක වරයෙකි. සැලසුම් කරුවෙකි. මැස්මොරයිස් ඔළුවකි. ලැජ්ජා නැති නායකයා යයි එතුමන්ට ගැරහූවන් හට අද හරි ලැජ්ජ හිතෙන්නට අැති...

කමක් නෑ අපි දැන් ඒ සේරම අමතක කරමු. වෙන්ව දේශපාලනය කර එක්ව රට කරමු.

පැවති පක්ෂ පාට දේශපාලනය තුල නම් කිසිදු දිනක රටක් සමුර්ධිමත් වන්නේවත් සාමය සාධාරනය රජයන්නේවත් නැත. ඒ නිසා සමස්ත ලෝක ප්රජාවම පටු දේශපාලනයෙන් අත්මිදී අප රටේ වත්මන් නායක සුසංයෝගයෙන් නැවුම් වූ සංහිඳියාවෙන් යුත් සම්මුතිවාදීව යහපාලනයක් තුල රටත් ජනතාවත් සෝභිත හිමිපානන්ගේ සිහිනය පරිදි සමුර්ධිය කරා ගෙන යනු දැක පූර්වාදර්ශ ලබා යහපාලනය තුල ජනතාව දිනවීමේ සම්මුතිවාදී රාජ්යය පාලන ක්රමවේදය අනුගමනය කරත්වායි සමස්ථ ලාේක ප්රජාව වෙනුවෙන් ප්රාර්ථනය කර සිටිමු.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා විසින් ජනගත කල වගයි.
2016/05/01 - මැයි දින උතුම් වූ ප්රාර්ථනයයි.

Friday, April 29, 2016

එලැඹෙන මැයි 01 දායින් පසු, දේශද්රෝහීන්ගේ ප්රජා අයිතිය අහෝසි කරලීමේ දැවැන්ත දෝෂාභියෝගයක් ජනතාවගෙන් පාර්ලිමේන්තුවට..!

------------------------------------------------------------------
එලැඹෙන මැයි 01 දායින් පසු,
දේශද්රෝහීන්ගේ ප්රජා අයිතිය අහෝසි කරලීමේ දැවැන්ත දෝෂාභියෝගයක් ජනතාවගෙන් පාර්ලිමේන්තුවට..!
--------------------------------------------------------------------------------------------

වැඩ කරන ජනතාවගේ මැයි දිනය සොරා ගනිමින්ද, දේදුනු විප්ලවය ජයගෙන දුන් සාධාරන සමාජයක් අගයන ජනතාවට වින කරමින්ද... මතු පරපුරට අයිති රට විනාශ මුඛයට අැද දමමින්ද...

රටත් ජනතාවත් කාලයක් පුරා අත්විඳි අනේක දුක් කරදර දුරලා යුක්තිය, සාධාරනය, සාමය, සංහිඳියාව රජයන අපවත් වී වදාල අප ගෞරවනීය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් පැතූ සියළු අාගම්, සියළු ජාතීන් සඳහා වන සාධාරන සමාජයක් බිහි කර ගැනීම උදෙසා වත්මන් ජනපතිඳුන්ගේත්, අගමැතිඳුන්ගේත් දැඩි උත්සාහය සහ ඕනෑකම මත සියළු දේශපාලන පක්ෂ එකමුතුව ගොඩනගා ගත් සම්මුතිවාදී යහපාලන රජයට ජනතාව අපේක්ෂා කරනා ඒ කටයුතු කාරනා ඉෂ්ඨ සිද්ධ කිරීමට ඉඩ නොදී 2015 ජනවාරි 10 වැනිදා සිට රටත් ජනතාවත් පිලිබඳ කිසිදු හැඟීමක් නොමැතිව තම තමන්ලාගේ දූෂන චංචා සහ අපරාධ වසා ගැනීම උදෙසා  කිසියම් දේශද්රෝහීන් පිරිසක් දිගින් දිගටම ජනතාවටත් යහපාලන රජයටත් සිදු කරනා අවහිර බාධක තව දුරටත් දරා සිටිය නාෙහැකි උච්චස්ථානය කරා සපැමින අැත.

යහපාලකයින් සත්යයවාදීවම ජනතා හිතෛයීෂීවන්ත නම් තව දුරටත් කල් නොමරා තීන්දුවකට පැමිනිය යුතුය.

යහපාලකයින්ද මතුපිටින් ජනතාව රවටා යටින් යාළුමිත්රකම් පවත්වමින් දූෂිතයින් සහ රට කිරීමට බාධා අැති කරන්නන් අාරක්ෂා කරනවාද නැද්ද යන්න උදාවන මැයි 01 දායින් පසු හැකි ඉක්මන්ම දිනකදී ඔප්පු කර පෙන්වීය යුතුය. 

නොඑසේ උවහොත් කල්බලා සිටි තීරක ජනතාවට නියත වශයෙවන්ම ඊට එහා ගිය තීරනයකට එලැඹීමට සිදුවනු අැත..

උදා වන මැයි 01 දායින් පසු යහපාලකයින් ඒ තීන්දුවට සපැමිනිය යුතු වීම රටේ අනාගතය වෙනුවෙන් අත්යවශ්යය කාරනයක් වනු අැත.
---------------------------------------------------------
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා රටේ සමස්ත තීරක ජනතාව සමග යහපාලනායකාකාරාදීන් කර අැරියහොත් ජීනීවා මානව හිමිකම් සහ එක්සත් ජාතීන් දක්වාම යාමේ අභිප්රායය අැතිව ප්රකාශයට පත්කරනා වගයි...