Thursday, May 5, 2016

ජාත්යන්තර දූෂණ විරෝධී සම්මන්ත්රනය

--------------------------------------------------------------------------------------------
ජාත්යන්තර දූෂණ විරෝධී සම්මන්ත්රනය
--------------------------------------------------------------------------------------------
යහපාලන ජනපති මෛත්රීපාල සිරිසේන මැතිඳුනි,
එංගලන්තයේ පැවැත්වීමට නියමිත ඉහත සමුළුව සඳහා වත්මන් ශ්රීලංකා ජනපතිඳුන් හට අාරාධනය කිරීම ලෝක නායකයින් ගත් ඉතාමත් කාලෝචිත තීරනයක් බව කිව යුතු මනාය.

ලද එම අවස්ථාව ප්රයෝජනයට ගෙන වර්තමානය වන විට විශේෂයෙන් ශ්රීලංකාව අැතුළු ගෝලීය දේශපාලකයින් ජනතා මුදල් දූෂිත අාකාරයෙන් එක් රැස් කොට ඒවා ලිහිල් නීති සහිත විදෙස් රට රටවල පවතින්නා වූ බැංකුවල ඉතාමත් රහසිගතව තැන්පත් කොට මතු අාත්මවලත් ඉපදී ඒවා බුක්ති විඳීමට හැකියී සිතා සඟවා අැති අසීමාන්තික වූ ධනස්කන්දන් නිසා දුක්විඳිනා ජනතාවට අභාග්යය සම්පන්න යුගයක් උදා වී අැත.

මෙය නැවැත්වීමට දූෂණය පිටුදකිනා සමස්ථ ලෝකයාම එකට එක්ව පියවර ගත යුතුය. ඒ සඳහා කොතැනක සිට හෝ කතිකාවතක් අාරම්භ විය යුතුය. ඊට සුදුසුම තෝතැන්න ඉහත සමුළුව මගින් උදාවනු අැත. 

වසර ගනනාවක සිට රාජ්යය දූෂනය පිලිබඳ හසල අත්දැකීම් සම්භාරයක් අැති වත්මන් ජනාධිපති අපගේ මෛත්රීපාල සිරිසේන මැතිඳුන් හට ඒ සඳහා අාරාධනයක් ලැබ තිබීම ඉමහත් සතුටටත් දුක්විඳිනා ජනතාවගේ භාග්යයක් ලෙසත් සලකමි.

එනිසා ජනපති තුමා සුවිශේෂී වූ හරවත් දේශනයක් මගින් ලෝක නායකයින් සැවොම මෙවන් දූෂන ක්රියා වැලැක්වීමටත්, මර්ධනයටත්, මේතාක් සිදුව අැති දූෂිත මුදල් ජනසතු කරවීම හෝ අාපදා අරමුදලක් වෙත යොමු කරවීම හෝ පිලිබඳ කතිකාවතක් අාරම්භ කරවීමට පියවර ගත යුතුය.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා
2016/05/05

No comments:

Post a Comment