Wednesday, May 18, 2016

රණවිරුවන්ට කල හැකි සැබෑ ගෞරවය වන්නේ ඔවුන් දිනා දුන් නිදහස රැක ගැනීමයි.(නීතිඥ උදය ගම්මන්පිල) ප්රකාශ කරයි..

--------------------------------------------------------------------------------------------
රණවිරුවන්ට කල හැකි සැබෑ ගෞරවය වන්නේ ඔවුන් දිනා දුන් නිදහස රැක ගැනීමයි. (නීතිඥ උදය ගම්මන්පිල ) ප්රකාශ කරයි..
------------------------------------------------------------------
රණවිරුවන්ට කල හැකි සැබෑ ගෞරවය වන්නේ ඔවුන් දිනා දුන් නිදහස රැක ගැනීමයි. (නීතිඥ උදය ගම්මන්පිල ) ප්රකාශ කරයි..

 හික්.. හික්.. කිරි සප්පයෙක් පවා දන්න ඕක මහ ලොකුවට කියන්නත් දෙයක්ද... බොලං! 

 ඕවා දෙනු පරහට තමා සන්තකයේ පිහිටා සිට...හික්.. හික්..
-----------------------------------------------------
දිනා ගත්තු ටොපියක් උනත් පොඩි එකෙක්වත් අා‍පසු නැති කර ගන්නේ නැති බව මේ මෝඩ නීතිඥ උන්නැහැ කියන්න අවශ්යය නැහැ.

නමුත් මෙයාටයි මෙයාගෙ සහපිරිවරටයි ජාති ජාති ණය කල රටක ගොඩක් දුක්පීඩා මධ්යයේ ජීවත් වන ජනතාව වශයෙන් කාරුණිකව යමක් කිව යුතුව අැත.

සුමිතුරු තුමෝ කරුණාකරල යලිත් වරක් අළුයට ගිණි අවුස්සලා අර ඔබ දුකේදීත් සැපයේදීත් අත් නොහැන යන මිතුරු තොමෝ සමග එකතුවෙලා කුමණ්ත්රනය කරල, ජනතාව වශයෙන් අපි සැම යුග ගනනාවක් දුක් විඳල ජීවිතේ හොඳම යුගය අහිමි කරගෙන වයස ගෙවල දිනා ගත් දේදුනු විප්ලවය කන පිට හරවන්න එපා. විශේෂයෙන් ඔබේ පවුලේ සහ ජනතාවගේ මතු පරපුරට බිඳක් හරි අාදරේනම්..!

ජාතිවාදය අවුස්සලා දේශපාලන වාසි තකා සහ කල වැරදි වසා ගන්න සිතලා හරි යුද්ධයක් නම් අැති කරවන්න එපා. පිං සිදු වෙයි. එහෙම කලොත් හොඳට මතක තියා ගන්න වැඩියෙන්ම අවාසි ඔබලා වගේ දේශපාලනක්ඥයින්ටම පමනක් බව.

මන්ද යත් ප්රභාකරන්ලාගේ ප්රබලම ඉලක්කය ඔබලා වන් අය මිස අප වන් සාමාන්යය ජනතාව නාෙවේ..

යුක්ති ගරුක ජනතාවට කවුරු යටතේ උනත් විසීය හැකියී. මොකද අපේ මහා කළු සිංහයින් සිංහල අපිට සාධාරනය ඉෂ්ඨ කොලාද බොලං.. කියපං.. බලන්න. ඒකද හොරකන් කරල කරල අපේ නූපන් එකාව පවා ලෝකෙට ණය කාරයින් කාෙරල තියෙන්නේ..
-----------------------------
ඒකද තොපලාගේ යාළුවන් අපේ ගැහැණු දරුවන් සිය ගනන් දූෂණය කරල සාජ්ජ දැම්මේ...

ඒකද තොපලාගේ හවුල් කාරයින් මත්කුඩු ගෙනල්ල අපේ පුතුන් විනාශ කලේ..
-----------------------------
ඔබ තුමාත් ඔබේ පවුලේ සියළුම දෙනාත් ඔබේ දුකේදී සහ සැපයේදී හැරදා නොයනා සියළු මිතුරු තාෙමෝ සැමත්, ජාති අාගම් කුල මල භේදයන්ගෙන් තොර වූ සියළු ජනතාවත්, ත්රිවිද හමුදා පොලිස් විශේෂ කාර්යය බලකා සහ පක්ෂ විපක්ෂ විකල්ප යනාදී එකී නොකී සියළුම දේශපාලනික අධිකාරීන්ද අැතුළු එනම් සාමයට  සහ සංහිඳියාවට කැමති සියළුම කොටස් ඒකරාශීව යුද්ධය දිනාගෙන අවසන්ය. එය දැන් ඉතිහාසයට එක් වෙමින් පවතින යථාර්තයකි.

යුද්ධය නිසා අප සැමටම අහිමි වූ දේවල් පිලිබඳ කථා කරන්න ගියොත් ඒකටත් තව වසර 30 ක් පමන ගතවේවි. යුද්ධය නිසා ඔබ ඔබේ පවුලේ සාමාජිකයින්ගේ අාරක්ෂාව පිලිබඳ කාෙතරම් බියෙන් සිටියාදැයි දන්නේ ඔබේ හදවත පමනි.

අපි සැමටමද එහි අඩු වැඩියක් නැත, උදය.. ඔබ හා සමාන මිස....

ඉතින් එවන් යුගයක් යලි එනවාට කවුද කැමති. ඔබ කැමතිද...! නොඑසේනම් ඔබේ අර (විකල්ප) කස්ටිය කැමතිද...! එසේ නම් අපි නැති කලෙක දේශපාලනය කරනා ඔබලාගේ පවුල් පරපුරවල දූ දරුවන් හට නාඳුනන තුවක්කු කරුවන් පැමින වෙඩිතබා මරා දමා පලා යනවා සිතන්නවත් කැමතිද..! 

නොඑසේනම් දැන්වත් අලුතින් හිතන්න පටන් අරන් දන්නා කාලෙකින් අප රටේ පහල උනු උත්කෘෂ්ඨතම ජන නායකයා ගරු මෛත්රීපාල සිරිසේන වත්මන් යහපාලන ජනාධිපති තුමාගේ සංහිඳියා වැඩ සටහන වෙනුවෙන් අැප කැපවී ඔබේත් ඔබේ සියළු ඥාති හිතමිත්රාදීනුත් මිතුරු තොමෝලාගේත් දරුවන් හට අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන් පැතූ සියළු ජාතීන් සියළු අාගම් වෙනුවෙන් යුක්තිය සාධාරනය සංහිඳියාව රජයන මානව සමාජයක් බිහිකිරීමේ සිහිනය යථාර්තයක් කිරීමට උර දී රටට අැති ණය ගෙවා හිත නිදහස් කරගෙන (රට මට ණය මිස.. මම නැත රටට ණය)යන සතුටු සිතින් දිනෙක මිය යන්නට අදිටන් කර ගන්න.
---------------------------------------------------------------
මානුශීය මෙහෙවරේ මිනිසුන් සමරමු - 2016/05/18
---------------------------------------------------------------
ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා - යහපාලන ලැදි සියළු ජනතාව සමග ඕනෑම අභියෝගයක් සඳහා පෙල ගැසී සිටිමින් අයාචනය කරනා වගයි. දැන් අපිට උන්නත් එකයි... මලත් එකයි...
http://sobithawathara.blogspot.com/2016/05/blog-post_18.html

No comments:

Post a Comment