Tuesday, January 12, 2016

පච්ච සිංහ ලේ වංශ කතාව..! - (මහා වංශයේ දැක්වෙන ආකාරය සරලව විස්තර කරතොත් මෙසේය.)

පුවත්...  (2016/01/13 - අළුයම)
----------------------------------------------------------------------------------------------------------------------------

පච්ච සිංහ ලේ වංශ කතාව..!

මහා වංශයේ දැක්වෙන ආකාරය සරලව විස්තර කරතොත් මෙසේය.

(ලංකා ඊ නිව්ස් -2016.ජන.12, ප.ව.11.30 ) මේ දිනවල ශ්‍රී ලංකාවේ සමහරුන් තුල “සිංහ ලේ“ පිලිබඳව අප්‍රමාන උනන්දුවක් ඇති වී තිබේ. එය කොතරම් දරුණු එකක්දැයි කිවහොත් සමහරු එම වචන තම සිරුරේ හංවඩු ගසා ගන්නට පවා පෙළැඹී සිටිති. මේ සිංහ ලෙය සිංහල ජාතියේ සාඩම්බර සංකේතයක් ලෙස ඔව්හු විශ්වාස කරති. සිංහල ජාතියත් සිංහ ලෙයත් අතර ඇති සබඳතාවය සඳහන් වන්නේ සිංහලයාගේ වංශකතාව වන මහා වංශයේ ය. එහෙයින් සිංහල ජාතියට සිංහ ලෙය සම්බන්ධවන්නේ කෙසේදැයි මහා වංශයේ දැක්වෙන ආකාරය වඩාත් හොඳින් දැන ගැනීම කාට කාටත් හොඳය.
මහා වංශයේ දැක්වෙන ආකාරය සරලව විස්තර කරතොත් මෙසේය.
ඉතා අතීතයෙහි ඉන්දියාවේ වගු රට වගු රජ නමින් රජ කෙනෙකු වාසය කෙළේය.  (සියල්ල කියවන්න පිවිසෙන්න...)
http://www.lankaenews.com/news/3341/si
...................................
ආශ්‍රිත ග්‍රන්ථ:
* මහා වංශය - ගුණපාල වීරසේකර සංස්කරණය - ප්‍රථම මුද්‍රණය - 1955 ජනවාරි - තුන්වන මුද්‍රණය 2011 ගොඩගේ ප්‍රකාශකයෝ
* වංසත්ථප්පකාසිනී - මහා වංශ ටීකාව සිංහල අනුවාදය - අකුරටියේ අමරවංශ නාහිමි, හේමචන්ද්‍ර දිසානායක - පළමු මුද්‍රණය 1994 විද්‍යාලංකාර මුද්‍රණාලය කැළනිය. - කැළනිය විශ්ව විදයාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ප්‍රකාශනයකි. 
 

-අඤ්ඤතරා පුත්ත විසිනි-

---------------------------
by     (2016-01-12 21:55:21)
 01 
සත්පුරවැසියා විසින් වෙනත් වෙබ් අඩවි තුල ලියා අැති ලිපි, අදහස් සහ විවේචන පහත සම්බන්ධතා (Link) ඔස්සේ නැරඹීමට  හැකියාව අැත.
-----------------------------------------------------------

දේදුනු විප්ලවය ඇත්තටම දේදුන්නක් වෙන්න නොදී රැක ගනිමු..! ‘ජෙනරල් ස්ට්‍රයිකය‘ගැන විමල්ගේ විග්‍රහයට පාඨක ප්‍රතිචාරයක්..!

(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.15, පෙ.ව.11.40) කර්තෘ තුමනි, ඉහත ලිපියට පිලිතුරු ලෙස දේදුනු විප්ලවය ඇරඹි දා සිට ඊ නිව්ස් බලනා මාගේ පහත ලිපිය පුරවැසියෙකුගේ හඬක් ලෙස පල කරන්නේ නම් කෘතඥ වෙමි. ස්තුතියී. සත්පුරවැසියෙක්

--------------------------------------------------------------------------------------------------------------------------

මල්ටි බැරල් කැටපෝල සමග සමන්ලා සහ සිමංලාගේ ජෙනරල් ස්ට්‍රයිකය -විමල්ගේ විග්‍රහය

(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.14, පෙ.ව.10.20) මා කුඩා කාලයේ අපේ ගමේ සිමං නමින් වියපත් ගැමියෙක් විසීය. හේ සහජයෙන්ම උපහාසයක් සහිත පුද්ගලයෙක් වූවා සේම මල පොතේ අකුරක් නොදනී. යමින් ගමන අපගේ නිවසට ද ගොඩ වැදී වචනයක් දෙකක් දොඩා කතාවක් කියා යෑම ඔහුගේ සිරිත විය. එදින මම වසූරිය එන්නත විද උණ ගැනී සිටියෙමි. එකල වසූරිය එන්නත විද්දේ පාසැලට පැමිණි වෛද්‍ය කණ්ඩායමක් විසිනි. උණ ගැනී සිටි මා අසලට ආ සිමං..
‘මොකෝ පුංචි මහත්තයා පොරෝගෙන‘ යි විමසීය..
‘අත් විදලා..‘ අම්මා පිළිතුරු දුන්නාය. 
‘මං පොඩි කාලෙත් සුද්දා ආවා ඔය හං වඩුව ගහන්න.. මං දුන්නේ නෑ.. පැන්නා කැලේ.. කැලෙන් එළියට ආවේ දවස් දෙකකට පස්සේ.. මේන් ඔය හං වඩුව මගේ ගහලා නෑ..“ සිමං තම බාහුව පෙන්වීය. (තව කියවන්න පිවිසෙන්න..) http://www.lankaenews.com/news/3203/si
-----------------------------------------------------------
 02 
සත්පුරවැසියා විසින් වෙනත් වෙබ් අඩවි තුල ලියා අැති ලිපි, අදහස් සහ විවේචන පහත සම්බන්ධතා (Link) ඔස්සේ නැරඹීමට  හැකියාව අැත.
-----------------------------------------------------------

රටේ වත්මන් නායකයා පිලිබඳ ගැඹුරින් නොසිතා නොබලා උගත් යැයි සම්මත කිසියම් නීතිඥ මහතකු විසින් දැඩි විවේචනයට ලක්කොට නිරන්තරව උණුසුම් පුවත් ගෙනෙන රැඩිකල් වෙබ් අඩවියක් තුල පල කර තිබුනු ලිපියකට මහජනතාව විදියට ඉවසාගත නොහැකි වුනු තැන සත්පුරවැසියා යැවූ පිලිතුරු ලිපිය පලකිරීමට කුමන හේතූන් නිසා හෝ අදාල වෙබ් අඩවිය අපොහොසත් වූ බැවින් මානව හිමිකම් පිලිබඳ විශ්ව ප්‍රකාශනයේ...

"භාෂනය සහ ප්‍රකාශනය"

....කිරීමට (විශේෂයෙන් යම නොව.. යහ පාලනය තුල) අැති නිදහස සහ අයිතිය සැලකිල්ලට ගනිමින් අපවත් වී වදාල අපගේ අතිගෞරවනීය සෝභිත මාහිමිපානන්ගේ අැල්ම බැල්ම අාරක්ෂාව සහ අාශිර්වාදය අැතිව මෙම බ්ලොග් අඩවිය තුල තැන්පත් කරන්නට කල්පනා කලෙමි....

 -----------------------------------------------------------

ජනාධිපතිතුමනි.., ගෙදර හිටිය රෝස කැකුළ රෝසා එනවා: තන පටයක් අන්දන්නද? මඩු වලිගෙන් ගහන්නද?

(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.31, පෙ.ව.7.55) තනපට විසි කරන සංගීත සංදර්ශන තහනම් කරනවා යැයි ජනාධිපති සිරිසේන විසින් අම්පාරේදී කළ ප්‍රකාශය මේ වන විට සමාජ මාධ්‍ය අතර මහත් ආන්දෝලනයකට ලක් වී තිබේ.
(තව කියවන්න පිවිසෙන්න..)
(http://www.lankaenews.com/news/3285/si)






 -----------------------------------------------------------
ගරු කර්තෘ තුමනි මා ඊනිව්ස් සාදර පාඨකයෙකි. ඊනිව්ස් ලියුම් කරුවකු වන විසල් කරුණාරත්න මහතාගේ ඉහත මාතෘකා‍‍‍වේ සඳහන් ලිපය මගින් සාධාරනය ඉටු නොවී ඇති අය සිටීනම් ඒ අයහට සාධාරනය ඉටුකර ඊනිව්ස් පාඨක වන සහ නොවන රටේ බහුතර සාමාන්‍ය ජනතාවගේ මතයද ඒ ආකාරයෙන්ම පල‍‍කර ඊනිව්ස්හි නිර්පාක්ෂික බවත් සමබරතාවයත් පසක් කර සනාථ කරනු ඇතැයි විශ්වාස කරමු. නිර්නාමිකව ‍‍මෙම ලිපිය මගින් මා කිසිසේත් කිසිවක් අපේක්ෂා නොකරමි. අප පාක්ෂික‍‍‍යෝ නොව ඊනිව්ස් ‍‍‍මෙන්ම නිර්පාක්ෂික මුත් තීරක ප්‍රජාව (ගම්මන්පිලගේ භාෂා‍‍‍වෙන්නම් ‍ටොයි‍‍යෝ) නියෝජනය කරමු. ‍‍
ස්තුතියී.  මම සත්පුරවැසි‍‍‍‍‍‍යෙක්.
-----------------------------------------------------------

සත්පුරවැසියාගේ පිලිතුරු ලිපිය පහත දැක්‍‍‍‍‍වේ.....
----------------------------------------------------------------------------
    සුළුතරයක් ‍‍‍‍‍‍‍‍‍වෙනු‍‍වෙන් බහුතරයක් උගසට තියන්න එපා
....සිරා ද බ්‍රා.... Sira the Bra..
-------------------------------------
විසල් කරුණාරත්න ලියුම්කරු අප වැනි සාමාන්‍ය ජනතාවගේ ඇත්ත දැනගැනීම වෙනුවෙන් මහත් කැපකිරීම් කරනා වාර්තා කරුවෙක් බව‍‍ නොකිව මනාය.. ඒ පිලිබඳ ඊනිව්ස් පාඨකයින්ගේ ගෞරවයෙහිද අඩුවක් නොමැත.

නමුත් ඉ‍ඳහිට අප ‍‍කොයිකා අතිනුත් අඩුපාඩු සහ දුරදිග ‍‍‍‍නොබලා සිදු කරනා අම‍‍‍‍‍නෝඤ කම් ‍‍‍නොතිබිය හැකි ‍‍‍‍නෙ‍‍‍ා‍‍‍‍‍‍‍‍‍‍‍වේ. මන්ද යත් අපි ප්‍රතග්ජනයින් නිසාය. 

පිකා‍‍‍‍‍‍සෝ තමන් මැවූ සිත්ත‍‍‍‍‍මින් ස්වයං‍‍‍ මෝහනයව පසු පසට ‍‍‍‍ගොස් අට්ටාල‍‍යෙන් ඇද වැටී විනාශ වන්නට ගිය අවස්ථා‍‍වේදී ඔහුගේ සහායක වර්න බඳුනින් සිත්තමට දමා ගසා පිකා‍‍‍‍‍‍සෝගේ දිවි‍‍ බේරාගත් කථා පුවතක් මා කුඩා අවදියේ අසා ඇත.

ඒ අනුවම ක්‍රියා කරමින් අපට සිටිනා නිර්භීත මාධ්‍ය සහෘදයෙකු රැක ගැනී‍‍මේ කිසියම් උත්සාහයක නිරත වන්නටයි කල්පනා කලේ. එම නිසා ‍මෙම අවිහිංසක උත්සාහය වැඩ ‍‍‍‍‍පෙන්වීමක් ‍හෝ ලකුණු දමා ගැනී‍‍මේ වෑයමක් ‍‍‍‍‍ලෙස කිසිවකු කල්පනා ‍‍‍නොකල යුත්‍‍තේ මා නිර්නාමිකව කටයුතු කරනා ඊනිව්ස් පාඨක‍යෙකු නිසාය.

අප‍‍‍‍‍ගේ වටිනා ‍‍ලියුම් කරු‍‍ගේ ‍‍මෙම ලිපිය නිසා කිසියම් පාඨක පිරිසක් හට ‍මෙ‍හෙම හිතු‍‍නොත් ඊටද සාධාරන අයිතියක් හිමි‍වේ. (‍‍‍‍‍‍‍‍මෙයා කාටද ‍‍‍මේ ක‍ඩේ යන්න හදන්‍‍නේ...)

ඔබ ලිපි‍‍යේ නම් සඳහන් නිදහස් මතධාරීන්ගෙන් උවත් විමසුම් කලහොත් ඒ කිසිවකුවත් ‍මෙම ලිපියට ලොකු ලකුණු ප්‍රමානයක් අත්කර ‍‍‍‍‍නො‍දෙන‍‍ා බව ස්ථිරය. ඒ මන්ද යත් ඔ‍‍‍‍බේ ලිපි‍යේ  (සුද්දෝ ලංකාවට එන විට මෙහි ගෑණු විසි කරන්නවත් තනපට ඇන්දේ නැති බවත් ඔක්කොම එවුන් උඩු කය නිරාවරණය කරගෙන සිටි බවත්, අක්කා නගෝ එක මිනිහා සමග පවුල් කෑ බවත්, කසාද බැඳිල්ලක් තිබුනේ නැති බවත්, ගමේ ප්‍රධානියා ගමේ සිටිය හැම ගෑනිටම කෙලිය බවත්)වැනි ‍‍‍‍‍‍‍‍‍ඡේද වැදගත් ලියුම් කරුවකුගේ තෙලි තුඩට කිසිසේත් නොහොඹිනා නිසාය. එ‍‍මෙන්ම ඔබ ඉහත නම් සඳහන් නිදහස් මතධාරීන්ගේ අවසරයකින් තොරව ඒ අයයේ නම් විකුණා ඔබේ ලිපියට වටිනාකමක් ලබා ගන්නට උත්හාහ දරා ඇත්දැයි යන්නත් සැක සහිතය.

එ‍‍‍‍මෙන්ම ‍‍මෙම ලිපි‍‍යේ බරපතලම තත්ත්වය වනු‍යේ ඔබ ලියා ඇති පරිදිම (සීමිත පිරිසක් හමුවේ ආවෘත ස්ථානයක සංවිධානය කළ ප්‍රසංගයක්) නරඹන්නට රු.5000/- සිට 50000/- දක්වා ටිකට් පත් මිලට ගන්නට හැකියාවක් ඇති සීමිත ප්‍රජාවක් වෙනුවෙන් ඔබ පෙනී සිටිනා විට අද 2016/01/01 අළුයම නව වසර උදාවත් සමග ගමේ පන්සල් වඳින්නට පැමින සිටි ඔබේ ලිපිය කියවා තිබුනු යම් යම් ඊනිව්ස් පාඨකයින් (බැතිමතුන්) බහුතරයක‍ගේ අදහස වූ‍‍‍යේ ග‍මේ ‍‍ගො‍‍ඩේ අවිහිංසක උපාසක අම්මලා,අක්කලා,නංගිලා‍‍‍ගේ ගරුත්වය ඔ‍බේ අවධාන‍‍‍යෙන් ගිලිහී ඇති බවය. එසේනම් සීමිත... 
(සමාජ කණ්ඩායම් වල ගති ස්වභාවය සහ අභිලාශයන් තේරුම් ගැනීමට ජනාධිපති සිරිසේන නොනවත්වා අසමත් වෙමින් තිබේ. මෙම කණ්ඩායම් වල දියුණු මතයන් සහ පෙනී සිටින නිදහස් හර පද්ධතීන් ග්‍රහනය කර ගැනීමට සිරිසේන ජනාධිපති වරයාට නොහැකි වී තිබේ. සංස්කෘතික විවිධත්වය ග්‍රහනය කර ගැනීමට තරම් පරිනත බවක් ඔහුට නැත)
...ප්‍රජාවක‍ගේ (අපි වැනි සාමාන්‍ය ජනතාවට ‍‍‍නොවැට‍‍‍‍හෙනා) ඔබ කල්පනා කරනා නිදහස වෙනුවෙන් පෙනී සිටීමට වත්මන් යහපාලනයෙන් ඔබට ලබා දී ඇති අසීමිත නිදහස සහ අයිතියට වඩා ‍‍‍‍‍‍කෙතරම් නම් අයිතියක් නිදහසක් රටක යහපාලනවාදී ආකල්පයක ‍‍සේයා‍‍වක් ‍‍හෝ ‍‍පෙ‍නෙන්න‍‍ට ඇති නායක‍‍යෙකු හට තිබිය ‍‍නොහැකිද....

එ‍සේනම් - දියුණු මතයන්,නිදහස් හර පද්ධතීන් ග්‍රහනය කර ගැනීමට සංස්කෘතික විවිධත්වය ග්‍රහනය කර ගැනීමට තරම් පරිනත බවක් නොමැත්‍‍තේ සිරිසේන ජනාධිපති වරයාටද ඔබටදැයි අපට සැක සහිතය..

ඔබ ලියා ඇති පරිදි... 
(කෙසේ වෙතත් තමන් පැමිණි කාරණය කළා නම් අහවරය. ඒ නම් විධායක ජනාධිපති ධූරය අහෝසි කර පැත්තකට වීමය)
...සිරි‍සේනට පාඩුවේ ඉන්නට නුදුන්‍‍‍‍නේ අපි ඔබලා නොවේද.. අපි සියල්ලන්ගේම විමුක්තිය ‍‍‍‍වෙනු‍‍වෙන් සංගීත පන්තියක්වත් කරන්නට නුසුදුසු සිරිසේනව නරබිල්ලට ගත්තේ අපි ඔබලා නොවේද.. පැවති භීෂනකාරී වකවානු‍‍වේ හිටපු ජනාධිපති තුමන් හා ‍බොක්ෂින් ෆයිට් එකට යන්න සිරිසේන ‍නොආවානම් වත්මන් ජනාධිපති කවුරුන් කියලද හිතන්‍‍නේ... ඒ නිසා කරුණාකරල අපි මහජනතාවගේ ‍මේ අඳෝනාව වෙනුවෙන්වත් කවුරු කවුරුත් ‍‍‍ටිකක් ආපහු හැරිල බලල ඉදිරි‍යේදී හැසිරු‍‍නොත් පිං සිද්ධ ‍‍‍වෙනව.

‍‍‍‍මෙවැනි ලිපියක් ඊනිව්ස් ‍‍‍නි‍‍‍යෝජනය කරනා බහුතර පන්තියේ උදහසට පවා ලක්විය හැකිය. එනිසා මෙහිදී ‍‍‍‍කොයි කවුරුත් ඊනිව්ස්හි ගරුත්වය පිලිබඳවද අමතක ‍නොකට යුතුය. ඊනිව්ස් සම්බන්ධ‍‍යෙන් නිර්පාක්ෂික සබුද්ධිමත් ප්‍රජාව තුල පවතින විශ්වාසය සහ ආදරය කිලිටි උවහොත් ඉන් මතු අප රටේ සමාජ විප්ලව බොරුය...

අ‍‍පේ ගමේ ‍‍‍ගොඩේ ආච්චිලා පොල්අතු වියද්දී සහ අළුයම කඩයප්පම් සාදද්දීද ගේදොර අමදින විටද උඩුකයේ දමා ගන්නා ආකාරයේ තනපටයක් ජනාධිපති තුමාට අන්දවා ඔබ අපේ ආච්චිලාට සිල් අම්මලාට නින්දා කර ඇත. 

දශක ගනනාවක් වල්වැදී තිබුණු රටක් රුධිර ගංගා නොහැලීමට වගබලා ගනිමින් තෙලි තුඩ උණ්ඩය කරගනිමින් අවිහිංසක ‍‍දේදුනු විප්ලවයක් සිදු කර දිනා ගන්නට දිවි පරදුවට තබා කටයුතු කල ඔබ තුමන්ලා වැනි මාධ්‍ය ‍වේදීන් හට ලියුම් කරුවන් හට ‍මෙවන් ලිපි තරම් නොවේ. ‍‍කොටින්ම ඔබේ ‍‍මෙම ලිපිය ඔබේම මවට,බිරිඳට,අක්කට,නංගිට,දියණියට ‍හෝ ‍යෙ‍හෙලියටවත් පෙන්විය හැකිදැයි සැක සහිතය...

ගමේ ප්‍රධානියා ගමේ සිටිය හැම ගෑනිටම(හැම ගෑනිටම)(හැම ගෑනිටම) කෙලිය බව ඔ‍බේ ඉතිහාසය සනාථ කලාට ‍‍‍‍දෙවුන්දර තුඩු‍‍වේ සිට පේදුරු තුඩුව දක්වා (මෙහි ගෑණු විසි කරන්නවත් තනපට ඇන්දේ නැති උවත්,ඔක්කොම එවුන් උඩු කය නිරාවරණය කරගෙන සිටියා) උවත් ගැහැණියකට තනියම මග ‍තොට යන්නට භීතියක් වර්තමාන සමාජ‍යේ ‍‍‍‍මෙන් එදා ‍නොතිබුන බව ඔබ පිලිගන්නවාද..

අඩු තරමින් වර්තමාන‍‍ය වන විට ඒ නිදහස නිවස තුලවත් නොමැති බවට කදිම සාක්ෂි නිතිපතා මාධ්‍ය ඔස්සේ් විකාශනය වන්‍‍නේ ‍බොරුවටද...

එ‍‍සේනම් අප‍ගේ ආදරණීය ලියුම් කරු ‍මෙවර නම් සිදු කර ඇත්‍‍තේ සුළුපටු අත් වරදක් ‍‍‍නොවනු ඇත.

පසුගිය මර්ධනකාරී යුගය තුල මෙවන් ලිපියක් ලියුවානම් ඉන්නා රටකට ගොස් හෝ තම සතුරා විනාස කරනා පරිසරයක් පැවති රටකට වි‍‍ශේෂයෙන් නිහඬව සෑම දුක්ක‍‍ දෝමනස්සයක්ම විඳ දරාගෙන සිටිනා අවිහිංසක ජනතාව‍‍ගේ දුක් සුසු‍‍මේ ආණුභාව‍යෙන් අනපේක්ෂිත ලෙස පහල උණු පොදුජන නායකයෙකු තම දේශපාලනික පරිනත භාවය ප්‍රයෝජනයට ගනිමින් ඉතාමත් අසීරුවෙන් (රෙද්දේත් නයි දමා ගනිමින්) රජයක් පවත්වාගෙන යමින් අවශ්‍ය දේශපාලනික ප්‍රතිසංස්කරන ඉටු කර ගන්නා තුරු යන මේ උපායෂීලී දුෂ්කර මාවත (උපාසක නයාගෙන් දරමිටි බඳිනා) අම‍‍‍නෝඤ වැඩ ‍‍කර දුර්වල කල නොයුතුය.

ඔබේ ලිපිය මගින්.. 
(සංස්කෘතික නිදහස අගයන කිසි කෙනෙක් හෙළුවෙන් පාරේ යන්න ඉල්ලන්නේ නැත. එහෙත් තමන් කැමති සංගීතයක් රස විඳීමට, ප්‍රාසාංගික අවස්ථාවක නර්තනයේ යෙදීමට, සාමූහිකව විනෝද වීමට මෙතෙක් රට තුල තිබූ නිදහසට සිරිසේන අත දමනවාට විරුද්ධය. බෝතලයක් රස විදිමින් මුහුදු වෙරලක අහිංසක වින්දනයක් ලබන තරුණයින් අශෝබන ලෙස හැසුරුනා යැයි අත් අඩංගුවට ගැනීමට ඉඩ විවර වන නීති ඇති කිරීමේ සිරිසේන උත්සාහයට විරුද්ධය. මත්පැන් පානයට එරෙහිව තලේබාන් මාදිලියේ නීති ගෙන එනවාට විරුද්ධය. විශ්ව සංගීතයට එරෙහිව වාරණ පනවනවාට විරුද්ධය.

මේ රටේ කිසිම ජනාධිපති කෙනෙක් මෙලෙස සංස්කෘතික නීති ගෙන ඒමට ක්‍රියා කර නැත. 70/80 දශක වලදී ජෝති, එම්.එස් පදමට ගසා ගෙදර හිටිය රෝස කැකුල රෝසාකියමින් වේදිකාවේ රඟන විට, සුනිල් පෙරේරා දුන්නේ කිස් එකයිගායනා කරන විට, එම වේදකාවේම අමරදේව සසර වසන තුරුගයන විට ජේ.ආර් ජනාධිපති වරයා බලා ගෙන සිටියා මිස කෙනෙක් හොඳයි තව කෙනෙක් නරකයි කියන්න ගියේ නැත. එම වේදිකාවේම රාෆි ලා, මන්නාඩේ ලා රස විඳින්නට ද ඉඩ විවර කළේය. වේදිකාවෙන් එලියේ කොල්ලො, කෙල්ලො නටන විට බලා සිටියා මිස සීමා දමන්න ගියේ නැත. වේදිකාවට ගොඩ වී බැරි මර ගාතේ සිංදු කියන්න ගියේ ද නැත. ජේ.ආර් යනු බටහිර සම්භාව්‍ය  සාහිත්‍ය මැනැවින් දත් ශේක්ස්පියර්ව කඩපාඩමින් උපුටා දැක් වීමට හැකි සුධීමතෙකි. ඒ වන විට වයස 75 ඉක්ම වූ පරිනත මිනිසෙකි. එහෙව් ජේ.ආර් ලා විවිධත්වයේ චමත්කාරය විඳින්න ඉඩ දී බලා සිටියා මිස නීති දමන්න කතා කෙළේ නැත. අද වයස 50 පැන සිටින්නේ එදා ජේආර්ගේ යුගයේ නිදහස් රස වින්දනය ලැබූ දරුවන් ය. මේ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යනවා මිස ආපස්සට හැරවිය නො යුතුය. බටහිර සම්භාව්‍ය සාහිත්‍ය කෙසේ වෙතත් හරියට මාර්ටින් වික්‍රමසිංහවත් නොකිය වූ සිරිසේන සංස්කෘතික නීති දාන්න යෑම එක් අතකින් ඇති කරන්නේ උත්ප්‍රාසයකි) ‍‍‍

...මොන තරම් සම්භ‍‍ාව්‍යය ආකාරයට ජනාධිපති තුමාගේ විවේචනය අසාධාරනීය කරනය කරන්නට තැටමුවත් බහුතර සබුද්ධික ජනතාවගේ ප්‍රසාදය නම් දිනාගැනීම උගහටය..

හිටපු ජනාධිපති තුමා හට කවුරු කවුරුත් චරිත සහතික ලියන්නට පටන් ගත්‍‍‍තේ වසර 5 ඉක්ම ගිය පසුය. එ‍‍සෙනම් නිදහස දුන් පලියට (වඳුරාට දැලි පිහිය ලැබුනාසේ) හැබි‍‍චෝල් නොවී යම් පාලකයෙකු හට ගැරහීමට පෙර යමක් සිදුකිරීමට සාධාරන කාලයක් ලබා දී වි‍‍‍වේචනයට බඳුනු කල යුතු බවයි සාධාරන නිර්පාක්ෂිකයින් විදියට සබුද්ධික ජනතාව විශ්වාස කරනා ධර්මතාවය වනු‍‍යේ... 

විසල් කරුණාරත්න අපගේ ආදරනීය ලියුම් කරුවා මොනවද මේ හත්පොලේ ගාගන්නා තකතීරු වැඩ... පොඩි ‍‍‍‍ෂොට් එකක් වත් දාල හිටපු වෙලාවක බමන මතින් ලියවුනු එකක්වත්ද... හිත රිදුනනම් අපිට සමාකරන්න අපි ඔබේ පාඨක‍‍‍‍යෝ ‍‍‍‍වෙමු.

ස්තුතියී. 
මම ඊනිව්ස් පාඨක
සත්පුරවැසි‍‍යෙක්.
-----------------------------------------------------------

Monday, January 11, 2016

රට හදන පොදු හටනට - යහපාලනයට චිරං ජයතු.!


සෝභිත මාහිමිපානෝ අප අතර සැමදාමත් ජීවමානයි

උන්වහන්සේගේ අාත්මීය අාශිර්වාදය අැතිව උන්වහන්සේගේ චිත්ත අභිප්‍රායයේ නාමයෙන් උන්වහන්සේගේ තෝරාගැනීමේ ගෞරවයට පත් සත්පුරවැසියා විසින් උන්වහන්සේට නිවන් සුව පිනිස  සෝභිතාවතාර බ්ලොඩ් අඩවිය නාමයෙන් යහපාලනයට වසරක් සපිරෙන අතිඋතුම් අද (2016/01/08) දිනයේ සිට පවත්වාගෙන යනු ලබයි.

එහෙයින් අවශ්‍ය තන්හිදී සත්පුරවැසියා සෝභිතාවතාරද වේ...


ජාති, අාගම්, කුලමල භේදයෙන් තොරව සැමගේම ඉමහත් ගෞරවාදරයට පාත්‍රව සිට ශාරීරික වශයෙන් අප අතරින් වෙන්ව ගියේ අන් කිසිවක් නිසා නොව බාධාවලින් තොරව වඩාත් හොඳින් තම අරමුන කරා පිවිසීමට බවයි උන්වහන්සේ සිහිනෙන් පැමින සත්පුරවැසියාට පවසා සිටියේ...

යහපාලන නායකකාරකාදීන් හමුවීමට, අදහස් පල කිරීමට අවශ්‍ය උපදෙස් සහ මාර්ගෝපදේශ ලබා දීමට වෙනදා පැවති බාධා කිසිවක් දැන් නොමැති බවයි උන්වහන්සේගේ නවතම අදහස. තමන්වහන්සේ හට සිත් පහල වුනු ඕනෑම මොහොතක අාත්මිකව ඔවුන්ගේ නිදි යහන කරා පිවිස හෝ දැන්විය යුතුදේත් උපදේශනයත් නිසි ලෙස සිදුකර අරමුන සාක්ෂාත් වන තුරු උත්සාහය අත්නොහලන බවත්.. 

යම් ලෙසකින් සැමට සාධාරන සමාජයක් බිහිකිරීම වෙනුවෙන් යන්නාවූ මේ ගමන් මග හරස් කිරීමට හෝ එය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන්නන් හට නිසි දඞූවම් පැමිනවීමට පසුබට නොවන බවත් පවසා සිටියී. 
ජීවිතය යථාර්ථයක් කරගන්න, ජය ගන්න මේවා මෙනෙහි කරන්න...



මහත්මා ගාන්ධි ඔවදන් සිංහලෙන් - Sinhala Quotes of Mahatma Gandhi

මහත්මා ගාන්ධි ඔවදන් සිංහලෙන්
Sinhala Quotes of Mahatma Gandhi

පිවිසෙන්න... (https://novelslk.files.wordpress.com/2013/11/mahatma_gandhi.pdf)

මහත්මා ගාන්ධි ඔවදන් සිංහලෙන් - Sinhala Quotes of Mahatma Gandhi


පුවත්...  (2016/01/11)

එක්නැලිගොඩ පරීක්ෂණ වලට යුද හමුදාව බාධා කරයි නම් යුද හමුදාපතිවරයාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පවරන්න - හෝමාගම විනිසුරු කියයි

(ලංකා ඊ නිව්ස් -2016.ජන.11, ප.ව.2.30) යුද හමුදාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරීක්ෂන වලට අදාල දේ නොදී ඊට බාධා කරන්නේ නම් යුද හමුදාපතිවරයාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 185 යටතේ නඩු පවරන්නැයි ප්‍රගීත් එක්නැලිගොඩ මූලික පරීක්ෂණ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී හෝමාගම නව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද ඓතිහාසික ප්‍රකාශයක් කෙළේය.
තව කියවන්න....පිවිසෙන්න (http://www.lankaenews.com/news/3336/si)
--------------------------------------------------------------------------------------------------------
මෙවන් විනිසුරු තුමන්ලා ජාතියට වාසනාවන්. ජනතාවගේ ගෞරවයයි. තුණුරුවන් සරණයි. තිස්තුන් කෝටියක් දෙවි රැකවරවයි.
------------------------------------------------------------------------------

  • සටහන...

රට අාන්දෝලනයට පත් කල මෙවන් කරුණු කාරනා සම්බන්ධයෙන් යහපාලන රජය සුවිශේෂී අවධානයක් යොමු කල යුතු වේ. 

ස්තුතියී. 
අපවත්වී වදාල සෝභිත මාහිමිපානෝ පෙරටුකොට ගත් යුක්තිය සාධාරනය අගයන සමස්ත රටවැසි ජනතාව සමගින් සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර.!
------------------------------------------------------------------------------