Monday, November 2, 2020

යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද..

යථාර්ථයක් වන තුරු පරණ නොවන ලක්ෂ සංඛ්යාත ජනකායක් කියවූ ලිපියක්..

*/**//***///***//**/*

කාලයත් සමග.. කෙමෙන්, කෙමෙන් සමස්ත ජනතාව මෙම යථාර්ථය අවබෝධ කර ගනීවි.. */**//***///***//**/*

ලෝකයත්, අපගේ මේ උතුම් මවුබිමත් සුබවාදීව වෙනස් කරන්නට නම්..
ඊට ප්රථම ඔබ සුබවාදීව වෙනස් වෙන්න.. */**//***///***//**/*

හැඟීම් බර කෘත ගුණ ශීලී මිනිස්සුන් හට රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් තෝරා බේරා ගත නොහැකි නොවන අභියෝගයක්.! */**//***///***//**/*
මෙම අදහස ඔබ අනුමත කරනවා නම්.. */**//***///***//**/*
*හැකිතාක් අන් අය අතරේ Share කරන්න..
*එක් පසෙකින් එය ඔබේ යුතුකමකි.
*තවත් පසෙකින් ඒ ඔබේ වගකීමකි.
*/**//***///***//**/*
හිටපු දේශපාලනික නායකයින් හට කෘතගුණ දැක්වීම යනු හදවත හා බැඳුණු කාරණාවකි. ඒවා ඒ විදියට ඉටුකිරීමට කිසිදු බාධාවක් කිසිවෙකුටත් නොමැත.

නමුත් ජනතා සේවකයින් ලවා රාජ්ය පාලනය කරවීම යනු රටක ජනතාවගේ බුද්ධිය හා බැඳුණු කාරණාවකි.

සියලු කෘතගුණ දැක්වීම් හමුවේ මව්රට වෙනුවෙන් ඇති ජනතාවගේ වගකීම ජාත්යාලයේ උන්මාදයෙන් හෝ මෝහාන්ධකාරයෙන් හෝ යටපත් වීමට ඉඩ දීම පෞඩ ජාතියක සබුද්ධියට කිසිසේත් නොගැළපේ.

හැඟීම්බර කෘතගුණ ශීලී වූ යහපත් ජනතාව මේවා පටලවා නොගැනීමට සබුද්ධික මත් විය යුතුමය.

නොඑසේ වුවහොත් මතු පරපුරට අනාගතයක් නොතිබිය හැක.

එම නිසා පියවරෙන් පියවර අත්දැකීම් ලබමින්ද.. ඉලක්ක සපුරා ගනිමින්ද.. ක්රමෝපායන් උචිත පරිදි, උචිත අවස්ථාවන්හිදී, උපක්රමශීලී ලෙස වෙනස් කරමින්ද අපගේ මෙහෙයුම දියත් විය යුත්තේ..

..විනිවිද භාවයකින් යුතුවද, යථාතර්තවාදී ප්රායෝගිකත්වයෙන්ද ජනතා සිතුම් පැතුම් ඉටුවන පහත සඳහන් ඉලක්කය කරා රට ගෙන යාමටය.
*/**//***///***//**/*

Our next mission should be...

'''''''''''''''''''''***'''''''''''''''''''''
දිගින් දිගටම අවස්ථාවාදී මිනිසුන් සන්තකයට ජනතාව සතු පරමාධිකාරී බලය හිමි කර දී රටක් විදිහට තව දුරටත් ඉදිරියට යන්න බැරි තත්ත්වයක් මේ වන විට අප මාතෘ භූමිය පෙරටු කොටගත් ගෝලීය දේශපාලන කරළිය පුරාම උදාවෙලා තියෙනවා.

ඒ නිසා රාජ්යයක පාලන ව්යුහය උදෙසා සබුද්ධික මිනිසුන් විසින් නිර්මාණය කළ ආත්මාර්ථය අතික්රමණය කළ සිස්ටම් එකක් රජ කරවන නවමු ක්රමවේදයක් වෙත යා යුතු බව වැටහීමයි .

ලෝකය දියුණු වන විට ප්රෞඩ ඉතිහාසයක් ඇති බුද්ධිමත් ජාතියක් වන අපට කිසිසේත්ම පරණ හණමිටි අදහස් සහ ක්රමවේද කරේ තියාගෙන ඉඳලා බෑ.

ඒ වෙනුවෙන් අපි සහකම්පනය හදවතේ පෙරදැරි කොටගෙන අළුතෙන් සිතන්න පටන් ගනිමු. ඒ වෙනුවෙන් පෙළ ගැසෙමු. ඒ වෙනුවෙන් ක්රියා කරමු.

මව් බිමට බෙහෙවින් ආදරය කරනා සත් පුරවැසියන් වශයෙන් අපි සියල්ලෝම ඒකරාශී වෙලා රටත් මතු පරපුරත් රැක ගනිමු.

මේ වන විට ගෝලීය දේශපාලනය පුරාම දශක ගණනාවක් පුරා නොවෙනස්ව පවතින පාට පක්ෂ වශයෙන් ජනතාව බෙදන, විරසක කරන, අවැඩදායක.. අවස්ථාවාදී.. කල්ලි කණ්ඩායම් කිහිපයක් විසින් උන්ගේ යහපත වෙනුවෙන් පමණක් නිර්මාණය කරගත් දේශපාලනය ක්රමය යල් පැන ගොස්, කල් ඉකුත් වී ඇති බව වර්තමානය වන විට ඕනෑවටත් වඩා ඔප්පු වී හමාරය.
ඒ නිසා දියුණු මිනිස් සමාජයක් වෙත පැවතිය යුතු යැයි මා විශ්වාස කරන්නේ එක් මිනිසකුගේ නායකත්වයක් විසින් පාලනය කරන්නා වූ ආණ්ඩු ක්රමයක් නොව...

උගත් බුද්ධිමත් මිනිසුන් සමූහයක් විසින් විද්යාත්මක ලෙස ප්රතිනිර්මාණය කරන ලද ආණ්ඩු ක්රමයක් නැතහොත් අවශ්ය සෑම මොහොතකම යාවත්කාලීන (update - අප්ඩේට්) කළ හැකි පාලන
ව්යුහයක්
(Sistem - සිස්ටම් එකක්) මගින් රාජ්යය කරවන ලෝකයටම පරමාදර්ශී වන නවමු ක්රමවේදයකි.

ඒ උදෙසා අලුතින් සිතිය යුතු කාලය උදාවී ඇති බව අප්රමාදව සැලකිල්ලට ගත යුතු බව සමස්ත ගෝලීය දේශපාලනය තුළ තැලී පොඩි වී සිටිනා අප මව් රට පෙරටු කොටගත් සමස්ත ජනතාවගේ කිසිසෙත් අත් නොහළ යුතු වගකීමකි.

ඒ වගකීම ඉටුකිරීම වෙනුවෙන් හැඟීම් වලට වහල් නොවී, බුද්ධියට ඉඩදී මතු පරපුරේ වැඩි හිටියන් වශයෙන් අප සැම සියලු භේද පසෙකලා උදා වී ඇති මෙම යළි නොලැබෙනා ඓතිහාසික අවස්ථාව ප්රයෝජනයට ගෙන වගවෙමු.

*#සහකම්පනය හදවත දරාගෙන.. මව්බිමේ සහෝදර ජනතාව නොබෙදා.. අපි අපේ මවු බිමට ඇති ණය ගෙවමු..

No comments:

Post a Comment