Tuesday, July 9, 2019

දැන් දැන් හැමෝම පීලි මාරු කරමින් සෝභිතාවතාරයේ සැලසුම් දිගට හරහට කොපි කරමින් තම තමන්ගේ බල පොරයේ උපක්රම වෙනස් කරනා බව පෙනෙන්නට අැත. කමක් නෑ සෝභිතාවතාරට ජනාධිපති වීමේ කිසිදු අාශාවක්වත්.. උවමනාවක්වත්.. නැහැ. නමුත් "අපි වෙනුවෙන් අපි" ලක් පුරවැසියෝ මේ පාර අපේ පරමාධිකාරී බලය (වරම) අපේ අතට අරගෙන ඉවර වෙලා තමයි කාට රට කරවන්න දුන්නත් දෙන්නේ. ඒ බව දැනගෙන ජනාධිපතිවරන සටනට එන්න ඕන කෙනෙක්. අපි අාපහු පාරක් කවදාවත් කාටවත් යලි රැවටෙන්නේ නැත. ඒ බව ශපතයි. සත්තයි. සහතිකයි. - සෝභිතාවතාර / Sobithawathara - 2019/07/10

දැන් දැන් හැමෝම පීලි මාරු කරමින් සෝභිතාවතාරයේ සැලසුම් දිගට හරහට කොපි කරමින් තම තමන්ගේ බල පොරයේ උපක්රම වෙනස් කරනා බව පෙනෙන්නට අැත.

කමක් නෑ සෝභිතාවතාරට ජනාධිපති වීමේ කිසිදු අාශාවක්වත්.. උවමනාවක්වත්.. නැහැ.

නමුත් "අපි වෙනුවෙන් අපි" ලක් පුරවැසියෝ මේ පාර අපේ පරමාධිකාරී බලය (වරම) අපේ අතට අරගෙන ඉවර වෙලා තමයි කාට රට කරවන්න දුන්නත් දෙන්නේ. ඒ බව දැනගෙන ජනාධිපතිවරන සටනට එන්න ඕන කෙනෙක්. අපි අාපහු පාරක් කවදාවත් කාටවත් යලි රැවටෙන්නේ නැත. ඒ බව ශපතයි. සත්තයි. සහතිකයි.

අවුරුදු 71 ක් අපි රැවටුනා හොඳටෝම අැති. අපේ වටිනා ජීවිත පරල වෙලා ඉවරයි. නමුත් අපි අපේ මතු පරපුරේ අනාගතය මින් මතු කාටවත් බිල්ලට ගන්න ඉඩ තියන්නේ නැහැ. මැරිලා දිවි පුදලා හරි මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කරනවාමයි.

අවිහිංසක ජනතාව පාට පක්ෂ වශයෙන් බෙදා වෙන්කොට බේද බින්න කර රට අගාදයේ හෙලා පුද්ගලයින් (ප්රතග්ජනයින්) රජ වන 71 වසරක් අසාර්ථක ක්රමවේදය වෙනුවට සිස්ටම් එකක් රජ කරවන ලෝකයටම පරමාදර්ශී නවමු රාජ්යය යාන්ත්රනයක් අපි අපේ මව් රටින් අරඹන්නෙමු.

අාපහු පාරක් අපි අවස්ථාවාදීන් හට උවමනා විධියට රට පාලනය කරවන්නට අපි ලක් පුරවැසියන් ඒකරාශීව ඉඩ තියන්නේ නැහැ. අපේ පරමාධිකාරී (වරම) අපි අතට ගන්නවා. අරගෙන අාධ්යාත්මික නායකයින් භාරයේ තබනවා. ඉන් පසු සිස්ටම් ක සක්රීය කරනවා...

මෙන්න අපි වෙනුවෙන් අපේ ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩු
කරන සැලැස්ම.

මෙම සැලැස්ම යටතේ සුදුසුකම් සපුරාලීමේ අැති හැකියාව මත අන් අය අභිබවා යාමේ හැකියාව අැති ඕනෑම අයෙකුට තම තමන්ගේ රට කරවන වැඩ පිලිවෙල දියත් කිරීමට අැවැසි පරිසරය නිර්මානය කෙරෙනු අැත.

ඒ අනුව නාගානන්ද, ගෝඨාභය, පල්ලෙවත්ත, ධම්මික, අනුර කුමාර, මහින්ද, සජිත්, චමල්, එකී නොකී මෙකී ඕනෑම අයෙකුට සාමාන්යය පුරවැසියෙකු ලෙස පැමින සුදුසු කම් සපුරා රටේ සහ පොදු මහත් ජනතාවගේ සමාජ, අාර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් අැප කැප වී සියල්ලෝම රජවන අවස්ථාව උදාකර ගත හැකි වනු අැත.

***(පසුව මෙම ක්රමවේදය දිගු ලෙස විස්තර කෙරේ)***

සෝභිතාවතාර / Sobithawathara
2019/07/10

1 comment:

  1. First of all the majority of the country the Sinhalese heave to unite.

    ReplyDelete