Monday, July 8, 2019

ව්‍යවස්ථා ඔස්තාර්ලාට පිළිතුරු / තුලාව සමග සෝභිතාවතාර - බැරි දෙයක් නොමැති ජනතා පරමාධිකාරී වරම අතැතිව පාට පක්ෂ තක්කඩියන් හට අභියෝග කරයි. 2019/07/07


ව්‍යවස්ථා ඔස්තාර්ලාට පිළිතුරු / තුලාව සමග සෝභිතාවතාර
බැරි දෙයක් නොමැති ජනතා පරමාධිකාරී වරම අතැතිව පාට පක්ෂ තක්කඩියන් හට අභියෝග කරයි. 2019/07/07

ජාතික ජනතා ව්යාපාරයේ ප්රථිපත්ති වේදිකාව එලිදැක්වීම.
2019 ජූලි 01 වැනි දින ප.ව. 3.00 ට කාෙළඹ නව නගර ශාලාවේදී.
අවස්ථාවක් ලැබුනානම් සත්පුරවැසියා සිදු කිරීමට ගෙන ගිය අසත්පුරුෂ කථාව ජනතා අධිකරණය හමුවට තබනා වගයි.
https://sobithawathara.blogspot.com/2019/07/npm-2019-01-300.html
තේමාව - අපි වෙනුවෙන් අපිම කැපවී අපේ විමුක්තිය අපිම උදාකර ගනිමු.
=======================================================================

Shan Lakmal to තුලාව (justice)
10 hrs - 2019/07/08
ව්‍යවස්ථා ඔස්තාර්ලාට පිළිතුරු
ව්‍යවස්ථා අවුල ලිහා දැමීමට වර්ථමානයේ කිසිදු දේශපාලඥයකු සමත් නොවන්නේ එය ඔවුන් විසින්ම ව්‍යාකූලත්වයට පත්කර ඇති බැවිනි. එම නිසා ජනතාවට ඇති එකම විකල්පය වත්මන් ව්‍යවස්ථාව එක හෙලා ප්‍රතික්ෂේප කිරීම පමණි.
ඉන් අනතුරුව නව ජනසම්මත ස්වයංජාත ව්‍යවස්ථාවක් ගෙන ඒමට මූලිකත්වය දෙන ජනතාව තුලින් මතුවන නායකයෙකු වටා එකතු විය යුතුයි.
ඉන් අනතුරුව නව ව්‍යවස්ථාව ගෙන ඒමට හැක්කේ මෙසේය.
ඒ සදහා රටක පාලනයට අදාළ මූලික නියාමය යනු, මූලික නියාමය බවට ජනතාව පිළිගන්නා නියාමය වන බව යි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විය හැක. නොඑසේ නම් කිසියම් පුද්ගලයෙකුගේ අණක් විය හැකිය. මෙහිදි බහුතර ජනතාව ඒ නායකයා වටා රොක් වියයුතුයි.
කෙල්සන් නමැති නීතිවේදියා ඉදිරිපත් කරන ලද නීතිය පිළිබඳ නිර්මලවාදයට අනුව තමන් පාලනය වන්නේ කෙසේදැ යි, කුමකින්දැ යි යන ජනතා පිළිගැනීම හරහා රටේ මූලික නියමය තීරණය වෙනවා.
යම් විටෙක "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්" පවතින විට පවා එය පසෙකා ලා ජනතාව පිළිගන්නේ කිසියම් පුද්ගලයෙකුගේ විධානයක්, තීන්දු තීරණයක් නම් එවිට ඔවුන්ගේ පිළිගැනීම මත එම අවස්ථාවේ මූලික නියාමය හෙවත් Grundnorm බවට පත්වන්නේ අදාළ පුද්ගල තීන්දුව යි.
පවතින ව්‍යවස්ථාව මේ කපේට ජනහිතවාදී ලෙස වෙනස් කරගන්න බැරි බව දැන දැනත් අපි වසර පහකට සැරයක් එකම මූණු ටික සහ පවුල් ටිකකට වරින් වර බලය ලබාදී බකන් නිලන් හිටියාව ඔවුන් ඒ වෙනස් කම් සිදු කරන්නේ නැත.
එනිසා රටේ ජනතාව විදියට මට සහ ඔබට වගකීමක් තියෙනව අපේ මව් රට නිවැරැදි දිශාණතියට ගැනීමට පෙරමණ ගන්න.
පුද්ගලයා කවුද යන්න අදාල කරගන්න එපා. නාගානන්ද හෝ එවැනි වෙනත් ඕනෑම පුද්ගලයකු හො වේවා මෙවන් ක්‍රමවේදයක් සහිතව මහජනතාවට ගැරන්ටියක් ලබා දෙමින් ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙනවානම් අපිට ඔවුන් සමග මේ කර්තව්‍යය ඉටුකර ගැනීමට අවකාෂය ඇත.

No comments:

Post a Comment