Monday, June 17, 2019

කට බොරු කිව්වත් දිව බොරු නොකියවූ ගෝඨාභය රාජපක්ෂ මහතාට බොහෝමත්ම ස්තුතියී. - සෝභිතාවතාර / Sobithawathara - 2019/06/17

කට බොරු කිව්වත් දිව බොරු නොකියවූ ගෝඨාභය රාජපක්ෂ මහතාට බොහෝමත්ම ස්තුතියී.
සෝභිතාවතාර / Sobithawathara - 2019/06/17
සෝභිතාවතාර, වැටුප්, වරදාන, වරප්රසාද, නිල නිවාස, නිල රථ කිසිවක් නැතිව එන්නේ අන්න ඒ ටික නිසි ලෙස කළමාණාකරනය කරල වැඩකට නැති පාර්ලිමේන්තුව වහල දාල.. (ඒක පිස්සන් කොටුවකට හරි.. කෝලම් මඩු රංග ශාලාවකට හරි... ජනතාව කිව්වොත් පමනක් සම්මන්ත්රන ශාලවකට හරි බාර දීල...)

ජනතාවගේ නාස්ති වෙන ප්රකෝටි ගනනක ධනය වෙනුවෙන් සුරක්ෂිත අාණ්ඩු කරණයක් (ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩුවක්) හදල අාපහු ගෙදර ගිහිල්ල වෙනද ජීවත් වුන විදියටම සහෝදර ජනතාව සමග චාම් දිවි පෙවත ගෙන යාම සඳහා අාපහු ගෙදර යනවා.

ඒකයි අපි හැමදාම කියන්නේ රටක අාණ්ඩු කරන්න වැඩකට නැති මිනිස්සු ඕන නෑ කියල. අපි අතර ඉන්න උගත් බුද්ධිමත් මිනිසුන්ගෙන් සැදුම් ලත් අපේ රාජ්යය තන්ත්රයට මීට වඩා තව ගොඩාක් හොඳට කාර්යක්ෂමවත් සාර්ථකවත් විධිමත්වත් වැඩ කරන්න පුළුවන් දේශපාලකයා කියන කරුමක්කාර සාධකය නැත්තම්. 

අපි අතරම හිඳිමින් උදේට බස්වල පොඩි වෙලා මිරිකිලා... වාහනවල යන අය තදබදයට අසුවෙලා හෙම්බත් වෙලා.. සේවයට යන අපේ උගත් බුද්ධිමත් සහෝදර රාජ්යය සේවකයින් නූගත් දේශපාලන පාහරයින්ගේ අත පෙවීම්.. බලපෑම්... තර්ජන/ගර්ජන නැතිව තම අාත්ම අභිමානය තියාගෙන නිදහසේ තම රාජකාරී කටයුතු කරන්න පුළුවන් සුදුස්සට සුදුසු තැන හිමිවන ජනතාවාදී අාණ්ඩුකරණයක් හදල රට සහ ජනතාව දශක 5 කට අධික කාලයක් අනන්ත පීඩා නින්දා අපහසුතා විඳි ශාපයෙන් 2020 සෙනසුරු මාරුවෙන් පසු මුදවාගෙන සතුටින් සමාදානයෙන් විසුමට "අපි වෙනුවෙන් අපිම" ඉදිරිපත් වෙලා අපේ පරමාධිකාරී බලය මේ හොරුන්ගෙන් අාපහු අරගමු.

ඒ උදෙසා පාස්කු ප්රහාරයෙන් මිය ගිය අපේ මිනිසුන්ගේ සුසාන භූමියට සෝභිත අාතූරයාගේ දේහයද බිලි දී හෝ මතු පරපුර වෙනුවෙන් රට ගොඩ ගන්නට ඉතාමත් මෑතදීම අදෘශ්යමාන සෝභිතාවතාර දෘශ්යයමාන වන බව ප්රකාශ කර සිටිමි.

මගේ සහෝදර රට වැසියන් සැමට බොරු අප්පච්චිගේ බොරු සුභ අනාගතය නොව "අපි වෙනුවෙන්ද.. අපේ දරුවන් වෙනුවෙන්ද.." අැත්තටම සුභ අනාගතයක් බිහි කරලීමට රුධිරයෙන් අත්සන් කොට ශපත කරමි.

සෝභිතාවතාර / Sobithawathara - 2019/06/17 


No comments:

Post a Comment