Monday, June 17, 2019

අවසන් කැමැත්තද අහිමි සෝභිත නාහිමි..../ අවසානයේ උන් වහන්සේට පාලකයන් විසින් උන්වහන්සේගේ අවසන් කැමැත්තද අහිමි කළේය, ,, වසර හතරක් පැරණි පෝස්ටුවකි,


අවසානයේ උන් වහන්සේට පාලකයන් විසින් උන්වහන්සේගේ අවසන් කැමැත්තද අහිමි කළේය,
වසර හතරක් පැරණි පෝස්ටුවකි,
=====================================================================
අවසන් කැමැත්තද අහිමි සෝභිත නාහිමි....
අපවත්වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේදී ලබන බ්‍ර‍ස්පතින්දා සිදු කිරීමට සියළු කටයුතු මේවනවිටත් සූදානම් කර තිබෙනවා. එහෙත් උන්වහන්සේ ජීවත්ව සිටියදි පවසා ඇත්තේ තමන් වහන්සේ අපවත්වූ දිනක අවසන් කටයුතු ඉතා චාම් අයුරින් සිදුකරන ලෙසය. එම වීඩියෝ පටය අප වෙත ලැබී තිබෙනවා.
ආදාහන පූජෝත්සවයක් නොපවත්වා, ලක්ෂ ගණන්වල පෙට්ටි නොගෙන ලාභම පෙට්ටිය දේහය තැන්පත් කර, දින ගණනක් දේහය තබා නොගෙන එක දිනකින් අවසන් කටයුතු කරන ලෙස උන්වහන්සේ එමගින් පවසනවා. අක්ෂිදාන සංගමයේ අනුශාසක වන තමන් වහන්සේගේ දේහය අක්ෂිදාන සංගමයට භාරදෙන ලෙසත් එවිට සිරුරෙන් ගතහැකි කොටස් ගෙන ඉතිරිය වළදමනු ඇතැයිද උන් වහන්සේ එම වීඩියෝවෙන් පවසනවා. ළමුන් අව්වේ තබාගෙන පෙරහරවල් පවත්වා තම අවසන් කටයුතු නොකරන ලෙසයි උන් වහන්සේ ඉල්ලා සිටින්නේ.
රේරුකානේ නාහිමියන්ගේ අවසන් කටයුතු කළා මෙන් ඉතා චාම් අයුරින් තමාගේ අවසන් කටයුතුද සිදුවනවාට තමන් වහන්සේ කැමති බව උන්වහන්සේ එහිදී පවසනවා.
කෙසේ වෙතත් සාධාරණ සමාජයක් පතා වරින් වර රටේ පාලකයන් වෙනස් කරන්නට ඇප කැපවූ උන් වහන්සේ අවසන් කාලය ගත කරනු ලැබුවේ, වර්ථමාන දේශපාලකයින්ගෙන්ද උන්වහන්සේ බලාපොරොත්තුවූ සධාරණත්වය ඉටු නොවීම නිසා කළ කිරීමෙන් බව, සෝභිත හිමියන් සමග ළඟින් කටයුතු කළ සිවිල් ක්‍රියාකාරිකයින්ද පවසනවා.
මෙම වීඩියෝව නැරඹීමෙන් පසක් වන්නේ සාධාරණ සමාජයක් බිහි නොවීම පමණක් නොව සෝභිත හිමියන් පැතූ පරිදි අවසන් ගමන යන්නටද උන් වහන්සේට නොහැකිව ඇති බවය.

No comments:

Post a Comment