Sunday, September 8, 2019

සියළුම පාට පක්ෂ සහ විකල්ප වේදිකා මත සිටිනා 500 ටත් අඩු දේශපාලනාධිකාරීන් සැමටම සිදු කරනා... (160,00000 - 500 = 159,99,500) ලක්ෂ 160 - 500 = සමස්ථ චන්ද දායක පුරවැසියන්ගේ ඉතා කාරුනික වූ ප්රථම සහ අවසාන පූර්ව නිවේදනයයි. සෝභිතාවතාර. 2019/09/09


සියළුම පාට පක්ෂ සහ විකල්ප වේදිකා මත සිටිනා 500 ටත් අඩු දේශපාලනාධිකාරීන් සැමටම සිදු කරනා..

160,00000 - 500 = 159,99,500

ලක්ෂ 160 - 500 = සමස්ථ චන්ද දායක පුරවැසියන්ගේ ඉතා කාරුනික වූ ප්රථම සහ අවසාන පූර්ව නිවේදනයයි.

හර සුන් බොල් නිදහසක් ලැබුවා යැයි කියනා ගෙවුනු මූසල දශක 7 තුල අපව බෙදා වෙන්කර විරසක කල වුන් සේම අපව ගලවා ගැනීමට ඉදිරිපත්ව සිටිනා ඔබ සැමද දැනටමත් බෙදී වෙන්වී විසංවාද අැති කර ගනිමින් පාස්කු ප්රහාරයෙන් දිවි පිදූවන් තම සොහොන් කොත් මතින් අපගේ විමුක්තිය වෙනුවෙන් අත්කර දුන් යලි නොලැබෙනා මෙම මහඟු අවස්ථාව අපතේ යැවීමට ඉඩ නොතබනා ලෙස අගරදගුරු ගරු රන්ජිත් මැල්කම් කාදිනල් උතුමන් අැතුළු මහා සංඝ රත්නය මගින් ඔබ සැමටම අවවාද කොට සිටිමු.

එමෙන්ම දෙවොලේ කැබලි උණු අපේ මිනිසුන්ගේ මිනී කඳන් මතින් ලද මෙම අදටත් උණු කඳුලැලි නොනැවැත්විය හැකි අති සෝචනීය වූ උත්තරීතර අවස්ථාව ඔබ කිසිවෙකුගේ පුද්ගලික න්යාය පත්රයන් බලමුළු ගන්වා ගනු පිනිස ලද්දක් නාෙවනා බවත් අවධාරනය කරමු.

එම නිසා මනුශ්යත්වයේ නාමයෙන් ඔබ සැමගෙන් මේ රටේ ලක්ෂ සංඛ්යාත අවිහිංසක ජනී ජනයා ඉතා කාරුනික ලෙස ඉල්ලා සිටිනුයේ වහාම ඔබ සැම අතර අැති විරසක කම් පහකොට අපි ගැන සිතා මෙතුවක් කල් මේ රටේ පැවති අපිව විනාශ කල වැරදි ක්රමවේදය අපි යෝජනා කර අැති අාකාරයට සංශෝධනය කිරීමට අපේ ජන (වරම) ඉල්ලා සිටිනා ලෙසය.

නොඑසේ උවහොත් ඔබ සැම ඔබලාගේම අාත්මාර්ථකාමීත්වයේ වේදිකාවන් මත ගල් කිරීමට අපට සිදුවන බව කණගාටුවෙන් මුත් දන්වා සිටින්නේ අපගේ මෙම අරගලය ඔබේ ගෙදර බියෙන් සන්ත්රාසයෙන් අැඟේ ලේ වතුර වී සිටිනා ඔබේම දයාබර භාර්යාවගේ (ඔබේ දරුවන්ගේ අම්මා) සහ පන වැනි ඔබේ දරුවන්ගේද අනාගත පැවැත්ම සහ සුරක්ෂිත භාවය උදෙසා සිදු කරන්නක් බැවිනි.

ස්තුතියී.
මෙයට විශ්වාස
මේ රටේ සමස්ථ චන්ද දායකයින්ගේ භාරකාරයා සෝභිත හිමිගේ අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර.
2019/09/09








No comments:

Post a Comment