Thursday, September 5, 2019

ප්රශ්න අංක 01 ට තාමත් පිලිතුරක් නැති නිසා ප්රශ්න අංක 02 ටවත් පිලිතුරක් දෙයිද බලමු. සෝභිත අාතූරයා සත්පුරවැසියා - 2019/09/05

ප්රශ්න අංක 01 ට තාමත් පිලිතුරක් නැති නිසා ප්රශ්න අංක 02 ටවත් පිලිතුරක් දෙයිද බලමු. සෝභිත අාතූරයා සත්පුරවැසියා - 2019/09/05

ප්රශ්න අංක 01 ට තාමත් පිලිතුරක් නැති නිසා ප්රශ්න අංක 02 ටවත් පිලිතුරක් දෙයිද බලමු. ඒකත් මටනම් පොඩ්ඩක්වත් ෂුවර් නෑ. මොනවද ඔට්ටු මෙයාල කාටවත් බෑ අපේ විමුක්තිය අපිට උදා කරල දෙන්න. මොකද මෙයාල හැම කෙනෙක්ගේම හක්කේ සාධාරනේ. බොක්කේ ජනපති, අගමැති, අැමති, මන්ත්රී, ගජමිතුරු තනතුරු, කෑදරකම උතුරනවා.

ඒකයි මෙයාල හැම කෙනෙක්ම අපිව විනාශ කරපු පාට පක්ෂ චන්ද ක්රමය අහෝසි කිරීම ගැන කෙල පොදක් කටෙන් හලන්නේ නැත්තේ.
************************************************************************
බැරි දෙයක් මේ ලෝකේ නැත. විශේෂයෙන් මෙවර ජනාධිපතිවරනය තමයි ජනතාවට අැත්තටම සදාතනික විමුක්තියක් අැති කර ගන්න තියෙන අන්තිම අවස්ථාව.

මේ අවස්ථාව ගිලිහෙන්නට දුන්නොත් අපි ඔයාල හැමෝගේම **(බලයේ ඉන්න සහ හිටපු බලවතුන්ගේ දුවා දරුවන් පවා) වැඩිහිටි අපි හැමෝටම ශාප කරනවා නියතයි. 

ඒ නිසා මේ ගැන හොඳට හිතල බලල ගෙවල්වල ගින්දරෙන් ඉන්න බහුතරයක් වන උතුම් අම්මලා කරුණාකරල තාත්තලාට මේ ටික තේරුම් කරලා දෙන්න. අපි මිය ගිය දිනක හැමෝගේම දරුවන්ට ත්රස්ථ බිය, දේශපාලන බිය, අාර්ථික බිය, සමාජ බිය, පාරේ තොටේ නිදහසේ යන්නට අැති බිය, නැති පාට පක්ෂවලට නොබෙදපු ක්රමවේදයක් හදමු කියල අාදරයෙන් අවබෝධ කරලා දෙන්න. මහින්දගේ පුතත් එකයි, වීරවංශගේ දුවත් එකයි, උතුරේ අහිංසක දරුවත්, නැගෙනහිර අහිංසක දරුවත්, අපි ඔයාල හැමෝගේම දරුවනුත් එකයි. සේරම අපේ දරුවෝ. කාගේත් රුධිරය රතු පාටයි. 

Blood is thicker than water (ලේ වතුරට වඩා ගොරෝසුයි)

හැමෝගේම දරුවන්ට එකසේ සාධාරන සමාජයක් වැඩිහිටි අපි ඒකරාශී වෙලා බිහි කරල තිබ්බොත් තමයි තවත් කාගේ හරි අසාධාරනයට ලක් උනු දරුවෙක් අැවිල්ල අනිත් දරුවන්ට වෙඩි තියන්නේ නැති සමාජයක් බිහි වන්නේ.

ඒ නිසා කරුණාකරලා මේ වටිනා අවස්ථාව ගිලිහෙන්නට නොදී අපි හැමෝම මේ මූසල චන්ද පැත්තකට දාල, පාට පක්ෂ කල්ලිවාදී මජර දේශපාලන ක්රම විසි කරල දාල, අපේ දරුවන්ගේ දියුනු අනාගතයට ගැලපෙන නොබෙදූනු අාණ්ඩුකරන දියණු ක්රමවේදයක් හදමු.

අපි හැමෝම එකා වගේ කැප වෙලා පරිත්යාග ශීලී වෙලා මමත්වය මාෙහොතකට අත් හැරලා අපේ (පරමාධිකාරී) වරම මෙවර අපේ අතට ගත්තොත් හිතූ හිතූ සැප සම්පත් අපි හැමෝටමත් අපේ දරුවන්ටත් මතු අනාගතයටත් හිමි කර දෙන්නට අපිට නියත ලෙසම හැකි වේවි. මේවා නොසිතා පස්සේ පසුතැවිලි වන්නට ඉඩක් තබා නාෙගනිමු. අපේ ජීවිතවලට සිදු උනු විනාශය අපේ දරුවන්ට උරුම නොකරමු. මොන තනතුරු තානාන්තර දැරුවත් ගෙදර ගියාට පස්සේ හැමෝම තාත්තා කෙනෙක්... අම්මා කෙනෙක්... ඉතින් කාෙයි අම්මටද, කොයි තාත්තටද පුළුවන් දරුවන්ට පිටු පාන්න..!

සෝභිත අාතූරයා සත්පුරවැසියා
2019/09/05






















































සෝභිත අාතූරයා සත්පුරවැසියා - 2019/09/05 - Sobithawathara






No comments:

Post a Comment