Friday, August 30, 2019

මාපියනි, දූදරුවනි අපි වෙනුවෙන් අපේ යාළු නීති විශාරදයින්ට කියල ලියා ගත හැකි මේ ව්යවස්ථාමය සැලැස්ම අපිට හොඳද බලන්න. හොඳනම් අපිම අපේ වැඩේට බහිමු. කාවවත් අපිට දැං විශ්වාස කරන්න බැහැ. අපි ගිනිපෙනෙල්ලෙන් බැට කාපු ජාතියක්.. / සෝභිත අාතූරයා සත්පුරවැසියා - 2019/08/30

මාපියනි, දූදරුවනි අපි වෙනුවෙන් අපේ යාළු නීති විශාරදයින්ට කියල ලියා ගත හැකි මේ ව්යවස්ථාමය සැලැස්ම අපිට හොඳද බලන්න. හොඳනම් අපිම අපේ වැඩේට බහිමු. කාවවත් අපිට දැං විශ්වාස කරන්න බැහැ. අපි ගිනිපෙනෙල්ලෙන් බැට කාපු ජාතියක්.. / සෝභිත අාතූරයා සත්පුරවැසියා - 2019/08/30

මාපියනි, දූදරුවනි අපි වෙනුවෙන් අපේ යාළු නීති විශාරදයින්ට කියල ලියා ගත හැකි මේ ව්යවස්ථාමය සැලැස්ම අපිට හොඳද බලන්න. හොනම් අපිම අපේ වැඩේට බහිමු. කාවවත් අපිට දැං විශ්වාස කරන්න බැහැ. අපි ගිනිපෙනෙල්ලෙන් බැට කාපු ජාතියක්.. / සෝභිත අාතූරයා සත්පුරවැසියා - 2019/08/30
*************************
මව්පියනි, දූදරුවනි, යහළු/යෙහෙලියනි, ජාතික සහ විකල්ප කාරයෝ සේරමල්ල හදන්නේ අපිව ගොන්නුන්ට අන්දවන්නයි. අහුවෙන්න නම් එපා මේ පාර මේ කාටවත්ම. අපි වෙනුවෙන් අපිට ලැබෙන අන්තිම අවස්ථාව මේක. ඒ හින්ද මේ ව්යවස්ථාපිත සැලැස්ම අපි අතරම ඉන්න අපේ යාළු නීති විශාරදයින් ලවා විධිමත් රාජ්ය පාලන ලියවිල්ලක් බවට සංස්කරනය කරවලා අපිම සම්මත කර ගනිමු. එතකාෙට අපේ දරුවන් කොපමන ඉහලට ඉගෙන ගත්තත් නියත ලෙසම අපේ දරුවන්ට හිමි තැන ව්යවස්ථාපිතවම ලියවිලා නීතිගත වෙලා තියෙනවා.

ඒ වගේම අපි මේ පාර අපි අපිව භේද කරවන, විරසක කරවන කාේටි/ප්රකෝටි ගනනින් අපේ දරුවන්ට අයිති ජාතික ධනය කාබාසිනියා කරවන කලින් කලට එක එක තාලේ මැතිවරන තියල තක්කඩි පිරිසක් දෙතුන් පැත්තට බෙදිල සුර සැප විඳින පාට පක්ෂ චන්ද ක්රමය නම් අහෝසි කර ගන්නම ඕනා.
අපි ඔයාලට මොන රෙද්දටද අප්පා අපිව බෙදන මූසල චන්ද ක්රම.

 *ජාතික* සහ *විකල්ප*  යැයි කියා ගන්නා බොර දියේ මාළු බාන්න ගේමට බැහැල ඉන්න මෙයාල කවුරුවත්ම මේක කරන්නේ නැති බව ෂුවර්. මොකද මෙයාල හැමෝම ගාව සැඟවුනු ගේම් තියෙනවා. 60 ටේ 30 හේ 20 සේ පාර්ලිමේන්තු නියෝජිත කථා කියනවා. බලය දෙන්න හිතන් ඉන්න යාළුවෝ සෙට් එක දැන්ම ලෑස්තියී. හැබැයි ඒව කියන්නේ නැහැ. සැඟවුනු අමුත්තෝ ගොඩයි. බල සූදුව හමුවේ හැම එකාම හිටපු සහ ඉන්න උන් වගේමයි අප්පා. කාව විශ්වාස කරන්නද අපි දැං...

ඒක නිසා අපේ මව් රටේ සමස්ථ සහෝදර වරුනි, සහෝදරියනි, මව්වරුනි, පියවරුනි, යමක් කමත් තේරුම් ගත හැකි තරුණ දූපුතුනි... මේ නූල් සූත්තර ගැටවලට නම් අහුවෙන්න එපා මේ පාර නං කීයටවත්...!

***මේකට හොඳම විසඳුම තමයි අපේ විමුක්තිය (අපේ පරමාධිකාරී බලය) (අපිට හිමි අපේ වරම) මේ පාර ජනාධිපතිවරනයේදී අපි අපිට වැඩියෙන්ම විශ්වාස කරන්න පුළුවන් අපි සියල්ලන්ගේම අාගමික නායකයින් භාරයට පත්වෙන විධියට වැඩේ අඹරමු.***

ඊට පස්සේ අපි අපේ යාළුවන් අතර ඉන්න උගත් බුද්ධිමත් තාත්තලා සහ සමහර යාළුවන්ගේ නීති විශාරද තාත්තලාගෙන් යුත් භාර කාර මණ්ඩලයක් හදලා අපේ ව්යවස්ථාව ලියවලා අපිම සම්මත කරවලා ඉම්මු කාටවත් දෙන්න කලින්. ‍

***ඊට පස්සේ අපි රට කරන්ඩ පොර කකා.. දමි දදා.. කෙල පෙර පෙරා.. බලය ඉල්ලන ජාතික සහ විකල්ප සියල්ලන් අතරින් හොඳ යහපත් රටට ජනතාවට සුභදායක වැඩ පිලිවෙලවල් තියෙන හැම කෙනෙකුටම අවස්ථාව දෙමු රට ගොඩ ගන්නට. කිසි ප්රශ්නයක් නැහැ අපිට. මොකද අපිට බලය වැදගත් නැහැ. අපි බලයට අාසත් නැහැ. අපිට අපේ සරල ජීවිතය රත්තරන්. නමුත් අපිට දැන් තියෙන්නේ කිසිම කෙනෙක් ගැන විශ්වාසය තියන්න බැරි කම පමනමයි.*** ඒ නිසා කවුරුවත් අපි ගැන තරහා ගන්න එපාලා. කොරන්න දෙයක් නැහැ. අපි අතීතයෙන් ප්රමාන ඉක්මවා බැට කාපු ජාතියක්. තවත් පාරක් රැවටෙන්න බැහැ. අපිට දරුවෝ ඉන්නවා. අඩුම තරමින් අපි මැරෙන්න කලින් උන්ගේ අනාගතයවත් සුරක්ෂිත කල යුතුමයි. අපේ ජීවිතවලට වෙච්චි විනාසය නම් කීයටවත් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ මැරුවත්... අපිට නම් දැන් හිටියත් එකයි. මලත් එකයි. කොහොමත් මලා වගේනේ දැනුත් ඉන්නේ..! 

ඒ නිසා සහෝදර මාපියනි, අපි හැමෝගේම විශේෂයෙන්ම අපේ මතු පරපුරේ අනාගතයේ අාත්ම අාරක්ෂාව වෙනුවෙන් කරන්න තියෙන නුවනක්කාරම වැඩේ මේකයි. මොකද මේ කාවවත් අපිට දැන් එකපාරටම විශ්වාස කරන්න බැහැ. මොකද අපි කවුරුත් දන්නවානේ අපි දශක ගනනාවක් එක එක සුරංගනා කථා කියාගෙන අාපු පාලකයෝ, නායකයෝ කී දෙනෙකුට රැවටිලා තියෙනවද.! නේද...?? මං කියන්නේ බොරුද. මම මේ සෙල්ලං අවුරුදු 50 ක් විතර බලාගෙන හිටපු ඔයාල වගේම සාමාන්යය පුරවැසියෙක්. ඉතින් මට කීයටවත් බැහැ අපේ ජීවිතවලට සිද්ධ උනු අසාධාරනය විනාශය කාලකන්නි කම මගේ සහ ඔයාලගේ දරුවන්ට අත්වෙන්න ඉඩ දෙන්න.

***ඒ නිසා මම ඉතාමක් කෙටි දින ගනනාවකට (අපේ බලය වරම අයිතිය අපේ අතට ගෙන දක්වා අැති සැලැස්මේ අාකාරයට කටයුතු කරනු පිනිස) අපි ඔයාල හැමෝම වෙනුවෙන් බිල්ලට යනවා මතු පරපුරේ යහපත වෙනුවෙන්.***

මගේ සැලසුම් සියල්ලම මම මගේ අඩවියේ ජනගත කරල තියෙන්නේ. **මම මේ ඊයේ පෙරේදා අැති උනු පාස්කු ප්රහාරයේ රැල්ලට ගසාගෙන අාපු අවස්ථාවාදියෙක් නොවේ.**

අපි හැමෝම වෙනුවෙන් සැමටම එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ සිහිනය තුල සිටියදී අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේගේ ඒ උදාරතර සටන දේදුනු විප්ලවය  නැවතුනු සහ වැරදුනු තැන  සිට ඉදිරියට ගෙනයාම පිනිස දිවි දෙවනි කොට මීට වසර 4 කට පමන පෙර සිට සටනට පිවිසි අයෙකි මගේ නිවසේ සැමට පවා රහසින්.

ඒ සියල්ල සාධක සාක්ෂි සහිතව මගේ (blog) පහත නම් සහන් අඩවියේ අැත. (http://sobithawathara.blogspot.com/) - http://sobithawathara.blogspot.com/

නමුත් සෝභිත හිමියන් හිටපු දේශපාලකයින් සමග එකතු වෙලා කටයුතු කල නිසා උන් වහන්සේට වැරදුනා. ඒ නිසා උන් වහන්සේගේ අාත්මය මෙවර සටනට පිවිස අැත්තේ මා අාතූරයා කොටගෙන ජනතාව අතර හිඳගෙනය. ඒ නිසා මේ පාර අපිට කීයටවත් වරදින්නේ නැහැ හැමෝම මේ වැඩේ හොඳට තේරුම් අරගෙන කටයුතු කලහොත්..!

අපි සැමටම ජය නියතයි. ඔබ සැමට තුනුරුවන් සරනයි.
2019/08/30

No comments:

Post a Comment