සියළු පාට පක්ෂ පාලකයිනී,
අවසන් ලිපියයි ඔබ සැමට ලියන මේ අපගේ හිටපු සහ පවතිනා පාලකයින් හට සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාරයෙන් අාදරයෙන් සහ මහා කරුණාවෙන්..
අවසන් ලිපියයි ඔබ සැමට ලියන මේ අපගේ හිටපු සහ පවතිනා පාලකයින් හට සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාරයෙන් අාදරයෙන් සහ මහා කරුණාවෙන්..
2019/08/27
******************************************************
මාගේ මාපියන් නෑ හිතවතුන් මතින් සහ අප රටේ දේශපාලනික පෙලහැර ගමන් ගත් අාකාරය..., බහ තේරුනු ලාබාල වියේ සිට උවත් වගකීම් රහිත මාගේ පියානන්ගෙන් අතපසු උනු මගේ මාපිය සහෝදරියන්ගෙන් පමනක් සමන්විත වෙනත් පිරිමි පුළුටක්වත් නොමැති අපේ සමස්ථ පවුලේ මුළු බර ගැල... අධ්‍යාපන කටයුතු කරනා අතරම ස්වයං ව්‍යාපාර සහ ක්‍රියාකාරකම්වල නියැලෙමින් ස්වයං අාධායම් මාර්ග සකසා ගනිමින්ම නඩත්තු කිරීමට තරම් ශක්තියක් ධෙෙර්යයක් හැකියාවක් තිබුනු එවකට 15/16 වියේදී සිට පමන වයසට වඩා පැසුනු මා දැක තිබුනත්...!
දේශපාලනික වශයෙන් නිසි වැටහීමක් අවබෝධයක් නොතිබුනු නිසා ඡන්ද බලය හිමි උවත් වර්ෂ 1994 චන්ද්‍රිකා මැතිණියගේ සම්ප්‍රාප්තිය වන තෙක් ඡන්දය පාවිච්චි නොකල මා මේ වන විට බොදු ගොවි සිංහල දකුණේ ගාලු පුරවරයේ සිට සිය වසකට පමන පෙර කොළඹට සම්ප්‍රාප්ත උනු පරපුරකින් පැවත එනු ලබනා මෙසිරිලක මව් බිමේ (අන් සතු වැලි කැටයක් වත් සොරකම් නොකල, සතා සීපාවා තබා විෂ ඝෝර සර්පයෙකුටවත් හිංසාවක් පීඩාවක් අසාධාරනයක් නොකල නිසාම) මේ මහා පොලව මත පවතිනා විශ්ව ශක්තියේ අාශිර්වාදයෙන් මන මෝහනයව මහත් වූ අභිමානයෙන් යුතුව ජීවත් වන ඉතාමත් සාමාන්‍යය (සත්)පුරවැසියෙක්මි.
මේ වන විට මා පවතිනා මාගේ වයසට සාපේක්ෂව මට අැති පැවති සහ පවතිනා අවබෝධයන් හට සහ සමාජ ක්රියාකාරීත්වයේ අනුලෝම ප්‍රථිලෝම සන්දර්භයන්ගේ ශේෂයන්ද උකහා ගමින් පැවති සියළු මැතිවරනයන් හමුවේ නිසි කලට නිසි ලෙස නිසි දේශපාලනික තීන්දු තීරන ගනු ලැබුවේ කිසියම් හෝ පුද්ගලයකු කේන්ද්‍රීය කරගෙන නොව කිසිසේත්ම...
දේශපාලික වශයෙන් තීන්දු තීරන ගන්නට පෙලඹුනු වකවානුවේ සිට මාගේ චන්දය නැතහොත් රටේ පුරවැසියකු සතු ඒ මහා (පරමාධිකාරී) බලය පාචිච්චි කරනු ලැබුවේ බත් මුලක්, අරක්කු ඩිංගක්, රුපියල් දාහක්, ටකරමක්, සුදු රෙද්දක්, සිල්ලර මල්ලක්, සිමෙන්ති කොට්ටයක්, වැනි හෝ නිවසක්, ඉඩමක්, රැකියාවක්, විදෙස් සංචාරයක්, අල්ලසක්, කිසියම් බලපත්‍රයක් හෝ දොල පිදේනියක් වැනි භෞතිකමය වූ හරසුන් සරල කාරනා හෝ වාසි ප්‍රයෝජන කිසිවක් පදනම් කරගෙන නොව.
ඒ ඒ කාල වකවානූන් තුල මගේ මව් රට සහ මගේ සහෝදර ජනතාවත් ඒ අයගේ දූ දරුවන් සහ වයස් ගත මාපිය නෑ හිතවතුන් සියල්ල පත්ව තිබුනු කිසියම් වූ සමාජ දේශපාලනික අරබූදයන් හමුවේ ඒ ඒ පාලකයින් නායකයින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන් සහ ප්‍රකාශයට පත් කල වැඩ පිලිවෙලයන් හට මාගේ චෙෙයිතසිකය තුල සිදු කෙරුනු තුලනාත්මකයන් හට ලැබුනු බර අනුවය.
ඒ අනුව මේ වන විට මා මේ රටේ පවතිනා බොහෝමයක් බල කඳවුරු (පිලිගත් දේශපාලන පක්ෂ) වෙත මාගේ චන්දය පාවිච්චි කාෙට අැත. නමුත් ඒ කිසිදු තීරනයක් නිසා වෙනත් දේශපාලන කඳවුරක මතවාදය හෝ වැඩ පිලිවෙලටද අකමැත්තක්, පහර ගැසීමක්, ප්‍රතික්ෂේප කිරීමක් නොවුනේ ඒ යම් යම් අය තුලද රටට දැයට වැඩ දායක බොහෝ සංකල්පනා පැවති නිසාය. නමුත් මාගේ ප්‍රකාශිත චන්දය වූයේ කාටදැයි දන්නේ සමහර අවස්ථාවලදී මා පමනි. තවත් සමහර අවස්ථාවලදී මාගේ පවුලේ ඉතාමත් අාසන්නතමයින් පමනි.
අැසුවහොත් යමෙකු හාස්‍යට ලක්කල හැකි හෝ පුදුමයට පත්විය හැක්කේ පසුගිය කිසියම් මැතිවරනයකදී මා විසින් JVP යේ දුප්පත් අහිංසක එදා වේලවත් හරි හම්බ කර ගැනීමේ (JVP/නායකයින්වත් නොදන්නා) විවිධ දුෂ්කරතාවලින් පෙලෙනා බිම් මට්ටමේ සාමාජිකයින් හට මගේ ඉඩමේ පවතිනා මගේ යම් යම් ගොඩනැගිලි සහ ඒවා පිලිසකර කර ගැනීමට හුනු තීන්තද කොඩි දැමීමට රෙදි ගැනීමට මුදල් ප්රථිපාදනද, ගෙනැවිත් දෙකට තුනට හතරට පහට කඩාගෙන ගල් ගොඩක් උඩ තබාගෙන කන පාන් කෑල්ල තවත් සාමාජික සහෝදරයෙකුගේ පරිප්පු හොද්ද සමග බුක්ති විඳ අවසන් වුවාට පසු බීමට අත් පා සේදීමට ජලය සහ ප්ලේන්ටි ඩිංගිත්තක්ද මගේ භාර්යාවට කියා සකසා දෙන්නටත්. ඒ රතු ධජ නැතහොත් කොඩි අභිමානවත් ලෙස මගේ නිවසේ ඉහල මාලයේ රටටම පෙනෙන සේ ලෙලදවන්නට වෙනත් විසංවාදී දේශපාලනික මති මතාන්තර දරනා අසල් වැසි හිතවතුන්ගේ ප්‍රථිවිරුද්ධ *(ඕවා කලාට වැඩක් නැහැ මහින්ද මහත්තයා තමයි දිනන්නේ) *(නමුත් ඔවුන් කිසිවෙක් දැනගෙන හිටියේ නැහැ මම JVP ට පහසුකම් සැලැස්වූවාට ඒ අවස්ථාවේ මගේ ඡන්දය පාචිච්චි කලේ යහපාලනය විධිමත් කර ගන්නටයි කියලා) මත හමුවේ ඒවාද දරාගෙන.. පරිභාහිර සමාජය හමුවේද.. *(මගේ නිවසේ ජනේල වීදුරු සම්බන්ධයෙන්)* කිසියම් අවධානමක්ද සමග JVPට ඉඩ කඩ පහසුකම් සලසා දෙන අතරම...
අනෙක් පසින් ඒ අවස්ථාවේදී මා දරමින් සිටි දේශපාලනික මතයට අනුව වෙනත් බල කඳවුරක් වෙත මාගේ කතිරය සලකුණු වීමත් මා හට අාවේනික විෂය මූලය වූ සන්දර්භයක් විය හැක.. මාගේ යටි සිතේ ක්‍රිකාරීත්වය අනුව සමහර විට මා හට උවද තේරුම් ගත නොහැකි වන.
කෙසේ වෙතත් එමගින් මා දේශපාලනික සටකපටයකු නොවනා බව සමාජය කෙසේ වෙතත් මාගේ හෘද සාක්ෂිය මොනවට දනී. මන්ද යත් හෘද සාක්ෂිය රැවටීම කිසිවෙකුටත් කල නොහැක්කක් බැවිනි.
ඒ වගේම මා මේ වන විට මේ රටේ පවතිනා සියළුම ජාතික තලයේ ප්‍රධාන සහ බලගතු සියළුම පක්ෂ වෙත මාගේ ඡන්දය මාරුවෙන් මාරුවට ලබා දී අැත. නමුත් ඒ...
මාගේ මව් බිමේ විනාශයේ අධිවේගී අැරඹුම වූ හැරවුම් ලක්ෂය පාහර නන්නානේනානාJR/ජේඅාර්ගේ මලපෙරේත/බඩගෝස්තර රැවටුම අැට අටේ/(දෙකේ) 6න්5හේ (6/5) මහා ශාපයට 77 තේ කැබිනට්ටුව නිහඬ කල හිස් කොල අත්සන් සාක්කුවේ දමාගෙන සහ නඩුකාරයින්ගේ නිවෙස්වලට ගල් ගසා සම්මත කර ගත් මගේ යුගයේ සියළුම තරුන ජීවිත අයාලේ පරල කල 17 වසරක මහා ශාපයේ අදටත් නිමක් වී නොමැති ඒ කාලකන්නි ව්‍යවස්ථා මර උගුලට හැර...
ඒ මහා පාපයට හවුල් නොවූ නිසා අදටත් මා විසින් සලකුනු කල අන් කිසිදු කතිරයන් කිසිවක් කෙරෙහි පසුතැවෙන්නට තරම් වැදගත් කාරනා කිසිවක් මා හට ඉතිරිව නැත.
රටකට කල හැකි ඉහලම විනාශය තම පුද්ගලික අභිමතාර්ථයන් ඉෂ්ඨ කර ගන්නට කටයුතු කල නායකයෙකු තව දුරටත් රටකට කෙතරම් යහ ගුන කලත් පලක් නැත.
දොවා ගත් කිරි මුට්ටියට ගොම ඩිංගක් හෝ හෙලා ගත් පසු කිනම් තරාතිරමක නායකයෙකු උවද නිතැතින්ම වහලුන් නොවනා සබුද්ධික ජනතාව අතර අවංලගු කාසියක් බවට පත්වේ.
නායකත්වයක් යනු අවසාන හෝරාව නැතහොත් අවසන් තත්ත්පරය දක්වාම දිවි දෙවනි කොට උවද නොයිඳුල්ව තබා ගත යුතු බලගතු වරයකි. එය තමන් විසින්ම ඉඳුල් කර ගත් වහාම හෝ තමන් වටා සිටිනා අනුගාමිකයින්ගේ කිල්ලට(කිලිටු) හසු කර ගත් සැනින් බල රහිත වන බව කල් යල් අැතිව අවබෝධ කොටගෙන සිටිය හැකි බහුශෘතයෙකු හට ගැටළුවක් නොවනු අැත.
නමුත් අවාසනාවට අප රටේ පහල උනු බොහෝ නායකයින් හට අාපසු යන්නට සිදු උනේ අාරම්භයේ පැවති ජයග්‍රාහී සාඩම්බරයේ උණුසුම තුල නොව තම වහලුන් හැර අැල්මැරුනු බහුතර සමාජයේ ගනන් නොගැනීමේ හෑල්ලුවට ලක්වෙමිනි. අහෝ... මුල අමතක කිරීමේ "දිට්ඨ දම්ම වේදනීය කර්මයේ" විපාකයේ මහිමය. මේවා විශ්ව දහම තුල පවතිනා කිසිසේත් වෙනස් කල නොහැකි කාටත් එකසේ පොදු ධර්මතාවයන් වේ. ඒවා අමතක කොට හෝ අතපසු කොට හෝ ක්‍රියා කිරීමට සිතීම ඒ පහත් අරමුනු ජයගත හැකි යැයි සිතීම මෝඩයින්ගේ අමන සිතුවිලි පමනි හිස්....
*************************************************
ඒ අතරම තවත් යම් තීරනාත්මක මන්සන්ධියක් වූ අප මහත් සේ ගරු කල අාදරය කල සහ ජයග්‍රහනය කරවා මාගේ සතුට සහ (යුධ ජයග්රහනයෙන් මෝහනය වී පිස්සෙකු සේ ජනතාව අතරට ගොස් දඟලන්නට වූ නිසා ඒඩ්ස් වෙෙරසයක්වත් ශරීර ගත කරවියැයි බිය පත් වූ මා) ඒ අවධානම පෙන්වා දී රුධිරයෙන් අත්සන් කර ලිපි යැවූ හිටපු ජනපති (මහින්ද රාජපක්ෂ) තුමාගේ පසු කල් වෙත්ම පැවිති වැරදි භාවිතාවන් සහ සැමට එසේ සාධාරන සමාජයක් බිහි කිරීමේ නොනිමි සිහිනයක තුල සිට අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේගේ මහා කාරුණික යෝජනාවක් වූ මේ කරුම ව්‍යවස්ථාව අහෝසි කරලීමේ මෙහෙයුමට සහාය පල නොකොට සදාකල්හිම බලයේ විසුමට ගත් වැරදි උත්සාහයන් නිසා යහපාලනය ජයග්‍රහනය කරවීමටත්...
තවත් වරෙක යුධ ජයග්‍රහනයේ නම්බුව තියාගෙන ගරු කටයුතු ලෙස විශ්‍රාම නොයාමේ වරද සිදු කල නිසා සහ ප්රථිවාදීන්ගේ ප්‍රජාතාන්ත්‍රික නිදහස අගය නොකල වරද සිදු කල නිසා යුද්ධයේ සැබෑ වීරයානන් වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරන සටනට පැවති රාජපක්ෂවාදීන්ගේ අසීමිත වූ ඉතාමත් ම්ලේච්ච බාධාවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූ තීරන ගෙන මාගේ ඉඩම එතුමන් හට චන්ද රැස්වීම් පැවැත්වීමට ඉඩ පහසුකම් සලසා දී යම් යම් බලගතු හස්තයන්ගේ මරන ලැයිස්තුවට අැතුලත්ව භීතියෙන් සිටිමින්ද යන අාදී වශයෙන් මා තුල පැවති අවබෝධයන්ට අනුව පුද්ගලයෙකු මත නොව රට ජාතිය ගැන සිතා කලින් කලට වෙනස් කරමින් තීන්දු තීරන ගනු ලැබුවේ මෙරටේ අැති වුනු සියළු සමාජ දේශපාලනමය (කලු ජූලිය, අද මා සැලකුවත්.. ඒ කාලයේ ජේවීපියේ තුන්ඩු නිසා ව්‍යාපාර අඩාල වීම සහ ඒ හේතු නිසා බැංකු ණය ගෙවා ගත නොහැකිව ගේදොර සින්න වීමේ අවධානමයන් හට මුහුන දීම, ජේවීපි යුධ සමයේ හමුදා ප්රහාරයන්ගෙන් පලා යාමට මාගේ වාහනය පවා බලහත්කාරයෙන් රැගෙන යාම, කොටි ත්‍රස්ථවාදය නිසා ව්‍යාපාර අැද වැටීම, මහින්ද ජනපතිගේ ඉල්ලීම මත පටි තදකරගෙන සිටීම, ගෑස් සිලින්ඩර ගැනීමට සහ පෙට්‍රල් වලට පමනක් පුදුමාකාර අසාධාරන මිලක් කාලාන්තරයක් පුරා ගෙවීමට සිදු වීම නිසා අපිට අයිති විය යුතු මහා ධනස්කන්දයක් අහිමි වීම) වැනි සියළු සුනාමියන් හමුවේ ජීවිත අයාලේ වියැකී ගිය මා වැනි සුවහසක් සමකාලීන සහෝදර ප්‍රජාවට කෙසේ වෙතත් පීඩිත අප සැමගේ දුවා දරුවන්ගේ අනාගතය හෝ බියෙන් සැකෙන් තොරව බේද දුරලා (සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීම) උදෙසා ජීවිත කාලය පුරා දශක ගනනාවක් නිහඬව සුවිශාල උත්සාහයක් දරා අැත.
**(ඉන් අනතුරුවද නොසිතූ විරූ ලෙස සෝභිත හිමියන්ගේ අභාවයෙන් පසුව උන් වහන්සේගේ අාත්මයට විසුමට මාගේ මනෝ කායද මෙහෙයුම් වෙනුවෙන් භෞතික කායද පුද කරමින් ඉතාමත් අසීරු ක්‍රියා දාමයක කාලයක සිට කටයුතු කිරීමේ වගකීමක් පැවරී අැත.(එකී විස්තරය මාගේ වසර 4 කට පෙර ලිපිවල දක්වා අැති බැවින් මෙහි සඳහන් කිරීමට කල්පනා නොකලෙමි)**
ඒ සියල්ල එසේ සිදුවෙත්දී මේ වන විට 2020 ජනාධිපතිවරන බල පොරයේ සිටිනා හිටපු සහ පවතිනා සහ විකල්ප යැයි කියා ගන්නා සැමට මෙම පහත අැති යෝජනාව, ඉල්ලීම, අයාචනය අදාල වේ..!
නිදහස යැයි පවසනා හර සුන් බොල් නිදහසින් පසු ගතව අැති වසර 71 ක් පුරා අාපසු හැරී බලනා කල අපට නිදහස නොලැබී සුද්දාටම අයත්ව තිබුනානම් සමහර විට මෙතරම් සුවිශාල අසාධාරනයක් අපේ ජාතික පාලකයින්ගෙන් අපිටම සිදු නොවන්නට තිබුනාදෝ කියා සිතෙනා අවස්ථාද පීඩාවන්ගේ දරා ගත නොහැකි වන අවස්ථාවන්හිදී මේ රටේ ඕනෑම පුද්ගලයෙකු හට සිතිවිල්ලක් පහල නොවී තිබිය නොහැක.
ඉතින් පාලකයින් සහ ජනතාව වශයෙන් වැඩිහිටි අප සියල්ලෝම මේ වන විට ලොකු මහත් දුවා දරුවන් සිටිනා සීයලා නම්ද, අප්පොච්චිලා නම්ද, තාත්තලා නම්ද, පියවරුන් නම්ද, මහප්පලා, බාප්පොච්චිලා, මාමලා, නම්ද... අපගේ ජීවිත වල ඉතිරිව අැති පරම අායුෂ මේ වන විට හීන වෙලා නිසා වැඩිම උනොත් තව වසර 10 ක් 15 ක් විය හැක.
ඉතින් අපි කොයි කාගේත් මතු පරපුර වෙත මේ කාලකන්නි කම උරුම කර දෙනවාද..? කර්කශකත්වයෙන් බරිත වුනු අපිට අැති මේ පන්නරය අපි කොයි කාගේත් මල් පෙති වන් පිනි බෑවත් ඉස්පිරිතාලේ ගෙන යාමට සිදු වනා ප්රථිශක්තියවත් නොමැති දූදරුවන් හට තිබේද..?
ඉතින් එහෙමනම් තව ටික කලෙකින් මියෑදෙන්නට පෙර අපේ වගකීම සහ වගවීම කවර අාකාරයෙන් විය යුතුද යැයි මඳකට සිතා බැලිය යුතු නොවේද. අපිට හැකිද ඒ සීමා මාලකයන් ඉක්මවා මමත්වය, අාත්මාර්ථය, හෝ (කෂඩ) ගජ මිතුරන් ගැන සිතන්නට..?
බල පුලුවන්කාර කම් කොපමන තිබුනත් කාටවත් විශ්වාසයත් තබාගත හැකිද මගේ පුතාලට දුවලට කරදරයක්, අනතුරක් සිදු කරන්නට කාටවත් බැහැ කියලා. අනතුරක්, අවධානමක් අැති වන්නට කිසිදු හැකියාවක් නැතැයි කියා විශ්වාසයත් තබා ගත හැකිද.
එසේ හැකිනම් පාස්කු ප්‍රහාරයෙන් පසු කාලයක් යන තුරු බලවතුන්ගේ නෝනලා, දූලා, පුතාලා කොහේටවත් කල එලි නොබැස්සේ අැයි..?
තව දුරටක් දිගු ලෙස විස්තර කල යුතු නැති ඒ සියළු අඳුරු යුගයන් පිලිබඳ වැඩි හිටි ජනයා සහ සියළු පාලක පැලැන්තීන් හට මොනවට අවබෝධය අැති බවට සැක නැත.
ඒ නිසා අප කොයි කවුරුත් එකා මෙන් එකට ඒකරාශීව දැන් කල යුතුව අැත්තේ අප සැමගේ මාතෘ භූමිය නැතහොත් අපේ රට මේ ගමන් කරමින් පවතිනා වැරදි දිශානතියෙන් අාපසු හරවාලිය හැකි මගක් දෙස සොයා බැලීම නොවේද...
ජනතාවත් ජනතාවගේ සියළු අාකාරයේ පාලක පැලැත්තියත් මහා පටැලවිල්ලකට ගොදුරුව වටු කුරුළු රෑනට සිදු වුනු ඉරනම හමුවේ තීරනාත්මක කඩ ඉමකට පත්ව සිටියී. එසේනම් සියල්ලෝම සියළු වාද භේද දුරලා මමත්වයන් පසෙකලා අඩු තරමින් තම තමන්ගේ දුවා දරුවන්ගේ මතු පැවැත්ම සහ අනාගතය වෙනුවෙන් හෝ ස්වයං වගවීමකට නතු විය යුතු තීරනාත්මක කඩ ඉමක් ඉස්මත්තට සපැමින සිටියී.
ඒ ප්‍රබල අවශ්යයතාවය සැවොම හඳුනාගෙන සිටියද පවතිනා මාන්නය හමුවේ එකිනෙකා ප්‍රථිවාදී අනෙකාට යටත් වීමට හෝ එකිනෙකාගේ අදහස් උදහස් ගරු කිරීමට සහජීවනයෙන් යුතුව සලකා බැලීමට අැති අකමැත්ත නිසා සැවොම වේගයෙන් විනාශය කරා ගමන් කරමින් සිටියී.
ගැඹුරින් සිතා බැලූ කල පෙර කල ඉතිහාසයේ පැවති සාරධර්ම, කැපවීම් සහ කැපකිරීම් පිරිහී අැති සමාජ වටපිටාවක් තුල පාලක පැලැන්තියේ සහ ඒ අනුගාමිකයින්ගේ ස්ථාවරයන් හට සාධාරන නූනත් දොස් පැවරිය නොහැකි තත්ත්වයක් අැත.
අන්න ඒ සුවිශේෂී කාරනාව නිසාම මාන්නයෙන් අන්දව පරහිත කාමීත්වයෙන් තොරව විනාශය කරා පියමං කරනා අපගේ දේශය ගලවා ගැනීම උදෙසා පිකාසෝ කථාවේ කියැවෙනා තීන්ත බාල්දිය දමා ගැසීමේ වගවීම සෝභිත හිමියන්ගේ අාත්මය අරක් ගත් අාතූරයා නොහොත් ඔබ සැම සේම තවත් තාත්තා කෙනෙකු වන සත්පුරවැසියා විසින් සිදුකිරීමට කල්පනා කලේ මා හට ඒ පිලිබඳ අැති පූර්න අයිතිය සැලකිල්ලට ගනිමිනි.
මුල සිට මේ දක්වා සියල්ල කියැවූ අප සැමගේ පාලකයින් කිසිවෙකු හට කිසිදු අවස්ථාවක ප්‍රකාශ කල නොහැකියී මා ඒ කිසිවෙකු වෙනුවෙන් දේශපාලනික අනුකූලතාවයක් නොදක්වා අැති අයෙකු ලෙස.
**මා ඔබ සැමටම යම් යම් අවස්ථාවන්හිදී බොහෝ අනුකූලතාවයන් දක්වා අැත. එම නිසා ඒ සියළු අයිතීන් සැලකිල්ලට ගෙන ඔබ සැම වෙත මේ මහා කාරුණික ඉල්ලීම සිදු කරන්නේකිසිසේත්ම මා ගැන සිතා නම් නොවනා බව සහතික වශයෙන් අවධාරනය කරමි.
**මෙම ස්වයං වගවීම හෙට දවසේ පිලිගත හැකි ලෙස බාර ගන්නේ කවුරුන්ද. ඒ කවුරුන් උවත් ඔහුට හෝ අැයට මෙම වගකීම බාර දී මෙහෙයුමෙන් ඉවත් වන්නට නොහැකියාවක් ලෝභ කමක් මා හට කිසි ලෙසකින්වත් නැත. මා හට අැත්තේ මගේ මව් බිමේ සහ ජාතියේ විමුක්තිය වෙනුවෙන් ලැබී අැති මේ මහාර්ඝ අවස්ථාව ගිලිහී යාදෝයි යන බිය සැකය හා අවිශ්වාසය පමනි.
ඔබ අප සැමගේ දුවා දරුවන්ගේ සුරක්ෂිත මෙන්ම යහපත් අනාගතය වෙනුවෙන් අපගේ මව් බිම මුදා ගත යුතුව අැත. වාද භේද දුරලා මේ අවැඩදායක දේශපාලනික පාට පක්ෂ ක්‍රමවේදය අහෝසි කරලමු. ඉන් අනතුරුව කලින් කලට බෙදී වෙන්වී මරා ගනිමින් උන්ට බැහැ අපිටයි පුළුවන් යනුවෙන් වාද බේද කර ගනිමින් එකම රටක එකට ඉන්න අපි මරා ගන්නේ අැයි.?
අපි සියල්ලන් හට පාස්කු ප්‍රහාරයෙන් දිවි පිදූවන්ගේ සොහොන් කොත් මතින් යලි කිසිදා නොලැබෙනා මහාර්ඝ අවස්ථාවක් ලැබී අැත. ඒ අවස්ථාව ගිලිහෙන්නට දුනහොත් තවත් වසර 71 කටවත් අපිට යලි අවස්ථාවක් නොලැබෙනු නියතය. අපි ඒ අවස්ථාව මග හැර ගතහොත් මුළු ජාතියමත් මුළු රටමත් විනාශ වී යාම වලක්වනු ශක්‍රයාටවත් නොහැකි වනු නියතය. ඒව කොහෙද අපිට කියා පුරසාරම් දොඩන්න පුහු වීර කටමැත නොදොඩන්න. සොබා දහම් මාතාව ඉතාමත් බිහිසුනු ලෙස ප්රකෝපයට පත්ව සිටියී. මේ උතුම් අවස්ථාව අහිමි කර ගතහොත් ලබන ජනවාරියේ සෙනසුරු ග්‍රහයා මේ රටින් යන්නේ කිනම් අාකාරයේ විනාශයක් සිදු කරදැයි දන්නේ විශ්වයේ පාලනය අතැති විශ්ව මාතාව පමනි. ඒ නිසා අපි කොයි කවුරුත් අපේ මහා මාතාවගේ උදහසට පාත්‍ර නොවී නොනවතිනා කඳුළු අතරින් අප හට ලබා දී අැති අවසන් අවස්ථාව අපතේ නොහරිමු.
**මෙවර ජනාධිපතිවරනයේදී පැවති සහ පවතිනා කිසිදු දේශපාලනික පක්ෂයන් තරඟ බිමට නොපිවිසෙන්න. ඒ මේ රටේ මෙතුවක් කල් ඔබ සැම අනවසරයෙන් මාරු කල පාට පක්ෂ ගැන කෝප සහගතව නොසිතා තම කැමැත්ත අාදරය පුද කල සමස්ථ ජනතාවගේ ඉමහත් කාරුණික අායාචනයකි. *(එසේ යෝජනා කරන්නේද රටේ සමස්ථ ජනතාවගේ පරම බලය හමුවේ ඔබ සැමට හිමිවීමට නියමිත නියත පරාජයේ ලජ්ජාවෙන් ඔබ සැම ගලවාලනුද රිසියෙනි)
ඒ වගේම මෙතෙක් කල් දශක ගනනාවක් පුරා මේ රටේ පැවති සහ පවතිනා සෑම පක්ෂයක් වෙනුවෙන්ම තම චන්දය පාවිච්චි කාෙට අැති සමස්ථ ජනතාවගේ ඉල්ලීමට ගරු කොට කොල, නිල්, කළු, රතු, දම්, සියළු වර්න පාට පක්ෂ තරඟයෙන් බැහැර වන නිසා සියළු පාලකයින් හට බල පොර තරඟයක්වත්, තම ජනයා හමුවේ අන්ත පරාජයක්වත් සිත් රිදීමක් අසරන වීමක් යන මේ කිසිවක් මෙවර අැති වන්නේ නැත. සියල්ලෝම නිතරඟයෙන් ජය ගෙන අැත.
ලෝකයම මවිත වෙයි. ශ්‍රී ලාංකික සමස්ථ ජාතියම ජාතික අරබුදයකදී ඉතිහාසයේ කටයුතු කර අැති සාමූහික වගවීමෙන්ම මෙවරද කටයුතු කර අැති අානන්දනීය බව හමුවේ ගෝලීය දේශපාලනය අපෙන් පරමාදර්ශයන් ලබාවි. ලෝකය පුරාම පවතිනා පාට පක්ෂ මජර බෙදන විරසක අසමගි කරවන වර්තමාන දියුනු ලෝකයට කිසිසේත් නොගැලපෙනා අමන ක්‍රමවේදය අහෝසි වෙලා යාවි.
**ඉන් පසු අපි සියල්ලෝම ඒකරාශී වෙලා අපේ හද ගැස්මට උචිත වන ලෙස අපි හැමෝගේම දුවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ලස්සන අන පනත් නීති රෙගුලාසි හදමු.
අපිව විරසක කරවපු, වෙන් කරපු, භේද බින්න කරවපු, චන්දයට පසුදා පැරදුනු අසල් වැසියා ගෙදර දොරවල් අරින්නේ නැතිව බියෙන් සිටි යුගය අවසන් කරමු. ඒ වගේම රට පුරාම පැරදුනු 49% ය තම අාණ්ඩුවක් බලයට පැමිනෙනා තුරු දිනපු අාණ්ඩුවේ වැඩ පිලිවෙලවල් සාර්ථක කර ගැනීමට කටුයුතු නොකල නිසා රට සහ අපේ අනාගතය අඳුරු කල යුගය අවසන් වේවි.
සියලුම පාට පක්ෂ කාරයෝ එක පොදියට රජ වෙයි. එක රටක් තුල එකට ඉන්න මිනිසුන්ට මාෙකටද අප්පා පාට පක්ෂවලට බෙදපු අාණ්ඩු. මෙහෙම බෙදිල කරන කඹ අැදීම්වලින් අපිට ගතවුනු 71 වසර පුරා අත්වෙලා තියෙන ප්‍රථිලාභ මොනවද. ගනන් කල නොහැකි තරම් වන මල මිනී සහ අාර්ථික ගරා වැටීම් පමනක් මිස.
වයස අවු. 60/70 ක් ඉක්මවන්නට බැරි වන ලෙස ලෝකය විනාශ වෙලා තිබියදී ජීවත් වන මේ පුංචි කාලය තුල රටේ අසරන මිනිස්සු කොහොමද ඔලුව උස්සගෙන ජීවත් වෙන්නට හැකි පරිසරයක් නිර්මානය කර ගන්නේ. වසර 5න් 5ට හෝ ඊටත් පෙර අාණ්ඩු මාරු කර ගනිමින් සිදු කරනා රට අගාදයට අැද දමනා ක්‍රියා දාමයන් හමුවේ.
ඒ නිසා මේ බල සූදුව නැතහෙොත් එකම රටක එකට ඉන්න මිනිසුන් බේද කරවලා වැරදි පූර්වාදර්ශයන් අත්කරදී සිදු කරනා මේ මුලාව බල අරගලය තව දුරටත් ගෙන යාමට කිසිසේතම ඉඩ දිය නොහැක. එය මේ රට පාලනය කල සියළුම පාලකයින් සතු අත් නොහල යුතු වගකීමක් විය යුතුමය.
එය මේ රටේ සාමයට සහජීවනයට කැමති බේදයෙන් තොර සියළු ජාතීන්ගේ සියළු අාගමිකයින්ගේ ඒකායන පැතුමකි... අායාචනයකි.
එයට ගරු නොකරනා ඕනෑම පාලකයෙකු, අනුගාමිකයෙකු හෝ පාක්ෂිකයෙකු නියත ලෙසම ජාති ද්‍රෝහී, දේශද්‍රෝහී අය වෙත්...
ඒ වගේම මේ පුංචි රටට, පුංචි ජනගහනයට කිසිසේත් ඔරොත්තු නොදෙනා අවැඩදායක, අසම්මත, නාස්තිකාර ක්‍රමවේදයක් තව දුරටත් සෝද සෝදා අත්හදා බලන්නට කාටද අවශ්‍යය රටට ජනතාවට තබා තමන්ගේ දරු පවුලටවත් අාදරයක් කරුනාවක් නොමැති තක්කඩියන් සහ ජාති ද්‍රෝහී, දේශද්‍රෝහී අයට හැර වෙන අන්...
ඉතින් අප සැම අපේක්ෂා කරනා මේ සියළු ප්රථිසංස්කරනයන්ගෙන් අනතුරුව...
හිටපු ජනපති මෙෙත්‍රී කෘෂිකර්මාන්තය නගා සිටුවයි, මහින්ද අනුශාසකත්වයෙන් සහාය වේවි, ගෝඨා රට ලස්සන කරයි, Jvp කාරයෝ වැව් සේරම සංවර්ධනය කරයි, නාගානන්ද උගතුන් බුද්ධිමතුන් සමග ඒකරාශීව අන පනත් හදයි, පල්ලේවත්ත ව්‍යවසායකත්වය නගා සිටුවයි, සජිත් රටේ නිවාස නැති සේරටම නිවාස හදලා දේවි, සමස්ත ජනතාව සහජීවනයෙන් සිටීවි, සෝභිතාවතාර විශ්වයට වෙලා මේ සේරම බලා ඉඳීවි. තම අවසන් මෙහෙයුම සම්පූර්ව බවට සහතික අැති වුනු වහාම උන් වහන්සේ අාතූරයා නිදහස් කොට නිවනට පිවිසේවි.
මා නොහොත් සමස්ථ සිද්ධි දාමයේ අාතූරයා සත්පුරවැසියා තම වගකීම් සියල්ල නිසි ලෙස ඉටු කොට පොරොන්දු පරිදි වැටුප්, වරදාන, වරප්‍රසාද, යාන වාහන පර්මිට්, නිල රථ, නිල නිවාස, කිසිවක් බාර නොගෙන හිමි කර ගත් ඒ මහා බලය අාගමික නායකයින්ගේ සහ විද්වතුන්ගෙන් යුත් භාරකාර මණ්ඩලය වෙත බාර දී අාපසු තම නිවස කරා සපැමින සහෝදර ප්‍රජාව සමග වෙනදා සිටි නිදහස් සාමකාමී සහජීවන පැවැත්මට අනුගත වේවි.
**දේශය සතුටින් සමාදානයෙන් සහජීවනයෙන් උතුරා යාවී. ලොවට නවමු දේශපාලනික සංස්කෘතියක් බිහි වේවි. ත්‍රස්තවාදය මුලු ලොවින් සහමුලින්ම තුරන්ව යාමට අැවැසි පසුබිම සැකසේවි.
පාලකයින්ගේ තෙනෙත් විවර වේවා. සැමටම එකසේ වැදගත් මෙම ක්‍රියාන්විතයට සියළු අනුකූලතාවයන් අැති වේවා. සියළු යහ පැතුම් ඉටු වේවා. මගේ රට ජාතිය දුකෙන් මිදේවා.
සැමටම එකසේ සියළු දෙවි රැකවරනයි, තුනුරුවන් සරනයි.
ස්තුතියී.
මෙයට විශ්වාස සෝභිත හිමියන්ගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා නොහොත් ඉතාමත් මෑතදී කල එලි බසිනා සෝභිතාවතාර.
2019/08/27
No comments:
Post a Comment