Monday, June 3, 2019

ජනාධිපති අපේක්ෂක නාගානන්ද මහතානනි, ඔබට සෝභිතාවතාරයෙන් අවවාදයක් රැගෙන අාතූරයා අැවිත්... 2019/06/04


2019/06/04
ජනාධිපති අපේක්ෂක නාගානන්ද මහතානනි, 

ඔබට සෝභිතාවතාරයෙන් අවවාදයක් රැගෙන අාතූරයා අැවිත්...

ලාංකිකයෙක් හැටියට රට වෙනුවෙන් යම් කාර්යය භාරයක් ඉටු කිරීමට වංක හෝ අවංක චේතනාවක් ඔබ සිත තුල තිබිය හැක. දිවැස් නොමැති නිසා ජනතාවට එය (විනිවිද) නොපෙනේ.

සැබවින්ම අවංක චේතනාවක් නම් ශ්රී ලාංකික සත්පුරවැසියන් එය ඉතා ඉහලින් අගය කරනු අැත.

නමුත් ඔබ ගැන "අපි වෙනුවෙන් වන අපි ලක් පුරවැසියෝ" 100% විශ්වාසයක් තබා නොමැති බව අවධාරනය කරමි. මන්ද යත් මෙරට පුරවැසියන් අතීතයෙන් ඕනෑවටත් වඩා පාඩම් උගෙන අැති බැවිනි. ඒ වගේම තිලොවට ගුරු අප මහා බෝසතානන් වහන්සේ අපට කියා දී අැත්තේ උන් වහන්සේ වදාරා අැති දේශනාවක්වත් බුද්ධියෙන් විමසා බලා තර්කයෙන් වටහාගෙන මිස පිලි නොගන්නා ලෙසයි. ඒ නිසා (1977 දී) රෑ වැටුනු වලේ ශාපලත් දශක 4 ක් ගත වී ඇති තැන යලි (2020 දීත්) වැටෙන්නට තරම් දැන් සෝභිත හිමියන්ගේ සබුද්ධික ලක් පුරවැසි ජනතාව මරි මෝඩ නැත.

එම නිසා රටේ බහුතර ජනතාව දැඩි අසරන අවධියකට පත්ව අැත්ත නැත්ත විනිවිද භාවය හරි හැටි අවබෝධ කොට ගත නොහැකිව සිහි විකල්ව මංමුලාව සිටිනා මේ අවස්ථාවේ ඔබද ඔබේ කල්ලි වාදීන් සඟවා තබා බොර දියේ මාළු බෑමට කුරුමානන් අල්ලන සැටි සෝභිතාවතාරය විශ්වයේ සිට දැඩි අවධානයෙන් යුතුව බලා සිටිනා බව දන්වන්නට කැමැත්තෙමි.

නමුත් සෝභිතාවතාරයන් හට ඔබ හා ලොකු වාදයක්වත් සටනක්වත් නොමැත. ඒ් මන්ද යත් අවසාන මෙහොතේ හෝ ඔබට අපගේ කඳවුර වෙත පැමින සිට ගන්නට සිදුවනා නිසාය.

නමුත් ඔබ දැඩි මතයක සිට කඳවුරු දේශපාලනයක් කිරීමට සැරසුනහොත් නියත ලෙසම ඔබවද 225 ගොඩට දමා නෙරපා හරිනා බව අවධාරනයෙන් ප්රකාශ කරමි.

මැතිවරන සටනේදී ඔබ නිරුත්තර කරන්නට සිදුවනා ප්රශ්න පත්රයක් ඔබ වෙනුවෙන් භාවිතා කරන්නට සෝභිතාවතාරයන් හට ඉඩ නොතබන ලෙස කාරුණිකව දන්වන හේතුව මෙයයි.

එනම්.. 2020 දී නියත ලෙස මෙසිරිලක බිහිවනා ජනතාවාදී නව අාණ්ඩුකරන ව්යවස්ථාවේ නීතිමය කටයුතු වෙනුවෙන් විශාල කාර්යය භාරයක් ඔබ වෙත පැවරීමට අපේක්ෂිත බැවිනි.

කෙසේ වෙතත් ඔබ කොලේ වහල ගහන ගේම (ගොයම් කොලෙන් මිනී මරුවන් බේරනා පෙරකදෝරු ගැට) ගහල යලිත් වතාවත් වෙනත් අාකාරයේ රැවටීමකින් මේ රටේ අහිංසක මිනිසුන්ව අන්දවන්නට සෝභිතාවතාර කිසිසේත් ඉඩ නොතබනා බව අවධාරයෙන් සිතට ගන්න. මේවා මෙසේ කල් අැතිව ඔබට දන්වා සිටින්නේ ඔබේ යහපතටමය. නොඑසේ උවහොත් ඔබට මේ රටේ දේශපාලනමය අනාගතයක් නොමැති වනවා මෙන්ම අාපසු උසාවියේ මුල්ම රස්සාව කරන්නට සිදු විය හැක. නමුත් අවසන් වශයෙනුත් ඔබට අායාචනා කරනුයේ අපේ ජනතා රජයට ඔබ මහඟු සම්පතක් බැවින් එකී කාර්යය භාරය වෙනුවෙන් ඉදිරියේදී කැප වීමට සූදානමින් සිටිනා ලෙසයි.

නමුත් මේ කිසිදු අවවාදයක් නොතකා හිතුවක්කාර ලෙස "ඔබ අපි වෙනුවෙන් අපි" මේ රටේ පුරවැසි බලයට පිටුපා ජනාධිපතිවරනයට ඉදිරිපත් උවහොත් නියත ලෙසම ඔබේ අැප මුදලද අහිමි වන තත්ත්වයෙන් ඔබව පරාජය කරනා බව සෝභිතාවතාර ශපත කර සිටියී.

ස්තුතියී.
වාදයට නොවේ අාදරයටයි අවවාදය.
සෝභිතාවතාර විශ්වයේ සිට මුත් ලඟදීම මව් බිමට වඩිනා බව අාතූරයා මගින් ඔබටත් සැමටත් දන්වමු.
2019/06/03                                                                                      http://www.sobithawathara.blogspot.com/


No comments:

Post a Comment