Wednesday, June 5, 2019

බිඳුනු සිත් පහන් වේවා, සැක බිය සංකා දුරු වේවා. 2019 ජූනි 05 රාමසාන් දින සහජීවන පැතුම උදෙසා අපි වෙනුවෙන් අපි ලක් පුරවැසි සියල්ලෝ කොන්දේසි විරහිතව ඒකරාශීව "ධර්ම රාජ්යය මහජන සමූහාණ්ඩු ව්යවස්ථාවක්" බිහි කර ගැනුමට අපේ පරමාධිපත්යය බලය නැවත අප වෙත ලබා ගනිමු. සෝභිතාවතාර විශ්වයේ සිට..

බිඳුනු සිත් පහන් වේවා, සැක බිය සංකා දුරු වේවා. 2019 ජූනි 05 රාමසාන් දින සහජීවන පැතුම උදෙසා අපි වෙනුවෙන් අපි ලක් පුරවැසි සියල්ලෝ කොන්දේසි විරහිතව ඒකරාශීව
"ධර්ම රාජ්යය මහජන සමූහාණ්ඩු ව්යවස්ථාවක්"
බිහි කර ගැනුමට අපේ පරමාධිපත්යය බලය නැවත අප වෙත ලබා ගනිමු.
සෝභිතාවතාර විශ්වයේ සිට..

සැමට එකසේ සාධාරන විය යුතු අති උතුම් මනුසත් දහම පාගා පොඩි කොට මමත්වයත්, අාත්මාර්ථයත් හඹා යන පාලක නොමිනිසුන් බිහිකරවනා වැරදි දේශපාලන ක්රමය උඩුයටිකුරු කිරීමට මෑතදීම සෝභිතාවතාර විශ්වයේ සිට වඩිනා වගයි.

ඒ උදෙසා අපි වෙනුවෙන් අපි ඒකරාශීව "ධර්ම රාජ්යය මහජන සමූහාණ්ඩු ව්යවස්ථාවක්" බිහි කර 2020 සිට දේශය නව මාවතකට ගෙන යමු.

*****************************************************************
මානවවාදී සමාජයක් තුල නියත ලෙස පැවතිය යුතු ප්රජාතන්ත්රවාදී අාකල්පයන්ගෙන් පෝෂිත සැමට පොදු එක නීති පද්ධතියක්වත් ස්ථාපිත කරන්නට අසමත්ව දශක ගනනාවක් පුරා අසාර්ථකව අැති පවතිනා දේශපාලන ක්රමය අතුගා දමා නිජබිම් කරුවන්ගේ මහා සංස්කෘතිය තුල සර්ව ජාතික, සර්ව අාගමික, සියළු ජන කොටස් සාමයෙන්, සතුටින්, සහජීවනයෙන් පැවතීමට අත්යාවශ්යයම සාධකයක් වන සාධාරන සමාජයක් බිහි කරලීම උදෙසා වන මහා මෙහෙයුම 2019 ජනාධිපතිවරනය මහා බලයකින් ජය ගැනුමට සියළු ජන කොටස් කොන්දේසි විරහිතව එක කඳවුරක එකට සිට ගනිත්වා.

ඒ වෙනුවෙන් අභීත නායකත්වය ගෙන දීමට සෝභිතාවතාර තම අාතූරයා මතින් තාවකාලිකව මෙසිරිලකට විජරාමාන වන වගයි. 2020 ජනතා ජයග්රහනයෙන් අනතුරුව ත්රයිනිකායික සංඝයා වහන්සේලා පෙරටු කොට, අගරද ගුරු අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් තුමා සහ අනෙකුත් සර්ව අාගමික පූජක උතුමන්ලා ප්රමුඛ උගත් බුද්ධිමත් විද්වත් සිවිල් ප්රජාවගෙන් සමන්විත භාරකාර මණ්ඩලයක් වෙත රාජ්යය භාර කෙරෙනු අැත. ඒ යටතේම රටේ සහ ජනතාවගේ අාරක්ෂාව නීතිය හා සාමය පවත්වාගෙන යාම ත්රිවිද හමුදා සහ පොලිසිය මගින් සිදු කෙරේ.

ඉන් අනතුරුව රටේ සමස්ත ජාතීන් හට බියෙන් සැකයෙන් තොරව සතුටින් සමාදානයෙන් විසුමට හැකි ජනහද ගැස්මට උචිත ධර්මානුකූල, විනයානුකූල ව්යවස්ථාවක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් සර්වාගමික නායක සැමගේ මාර්ගෝපදේශනය යටතේ නීති විශාරදයින් සහ විද්වතුන්ගෙන් සැදුම් ලත් මණ්ඩලයක් මගින් "ධර්ම රාජ්යය මහජන සමූහාණ්ඩු ව්යවස්ථාවක්" නිර්මානය කොට ජනතාව දැනුවත් කර අවසානයේ ජනමත විචාරනයෙකින් සම්මත කොට කලින් කලට රට පසුගාමී කරවනා අගාදයට අැද හෙලනා පාට පක්ෂ දේශපාලනය නොමැති එක රටක්, එක නීතියක්, එක අාණ්ඩුකරනයක් යටතේ නොනවතින සාමයක්, සමෘද්ධියක් කරා රට ජාතිය ඉදිරියටම පිය නගනු අැත.

සැ.යු. (*මෙය යෝජිත නව ව්යවස්ථාවේ මූලික හර පද්ධතියේ දල අදහස මිස සමස්ථය නොවනා බව සලකන්න. මෙහි විග්රහය පුළුල් පරාසයන් කරා විහිදේ)



දිනෙක අප මිය ගියද අප සැමගේ මතු පරපුර රැකෙනා ඒ උතුම් අරමුන පතා සියලු ජාතීන් භේද පසෙකලා කොන්දේසි විරහිතව එකට පෙල ගැසෙමු.

සෝභිත හිමියන් තම චිතකය දැවෙන මොහොතේත් පසක් කලේ ඒ යථාර්තයයි. මෙහි දැක්වෙනා ඒ වීඩියෝවෙන් පිලිබිඹු වන්නේද එ් උතුම් සංකල්පයේ ප්රායෝගිකත්වයයි.


බිඳුනු සිත් පහන් වේවාසැක බිය සංකා දුරු වේවා.
සාමය, සතුට, සෞභාග්යය, සපිරි අනාගතයක් උදාවේවා.
රාමසාන් දින සහජීවන පැතුම
සෝභිතාවතාර / Sobithawathara
2019/06/05 







No comments:

Post a Comment