Wednesday, October 17, 2018

රනිල් – මෛත්‍රී මේකට වගකියන්න ඕනි.. සුජීව සේනසිංහ දේශපාලනයෙන් සමුගන්න වෙන හේතු ගැන කියූ සංවේදී කථාව... ට පිලිතුරක් සෝභිතාවතාරයෙන්...

රනිල් – මෛත්‍රී මේකට වගකියන්න ඕනි.. සුජීව සේනසිංහ දේශපාලනයෙන් සමුගන්න වෙන හේතු ගැන කියූ සංවේදී කථාව...   ට පිලිතුරක් සෝභිතාවතාරයෙන්...

සුජීව සේරසිංහ සහෝදරයානෙනි... මේක තමයි ඔබගේ දේශපාලනික දිවියේ තීරක සන්ධිස්ථානය වී අැත්තේ. ඒ වගේම ඔබ මාධ්‍යය ඉදිරියේ උත්තර බැඳිය යුතු ඔබට වැනිම වූ තවත් කාරනාවක්ද තිබෙනවා කාලයක සිට දේදුනු ජනයා පිලිතුරු අපෙක්ෂාවෙන් පසුවනා.

ඒ තමයි එදා වත්මන් ජනපති පොදු අපේක්ෂකයා කොටගෙන පැවති ජනාධිපතිවරන සටනේදී ඔබ විශාල කැප කිරීමක් කලා හිටපු දූෂිතයින්ගේ වංහුං හෙලි කිරීම සම්බන්ධයෙන්...

එහිදී නාමල් රාජපක්ෂගේ ලැම්බෝගිනි ගුවන් යානා මගින් රට පටවනා ඡායාරූප සහිතව ඔබ විශාල හඬක් නැගුවා.

නමුත් බලයට පැමිනියාට පසු අද මේ වනතුරු ඔබ මීක් නෑ. ගොලුවත සමග හොරුන් අාරක්ෂා කරනු පෙනේ... නොසේනම් ඔබට අද සිදුව අැත්තා සේම ඔබ ඔවුන් හට ගැසූ මඩ ප්රහාරයක්ද දා ඒ සිදුවීම. නොසේනම් ඒ මෙහෙයුම සම්පූර්න කරන්න.

කෙසේ වෙතත් ඔබ අපගේ විශ්වාසය පසක් කර අැති ප්රබල දේශපාලනික චරිතයකි. තවමත් සියයට 100 ක් අප ඔබව සැක කර නොමැත. ඔබෙගෙන් ඉහල සිටිනා යම් යම් අය සම්බන්ධයෙන් ඔබ මෙන්ම අපගේද කිසිදු පැහැදීමක් නාෙමැති බවත් නොකියා බැරිය. ඒ අය ඔබ නිහඩ කරවා අැති බව අපගේ විශ්වාසයයි. ඒ වගේම කථා බහට ලක්ව අැති චෝදනාව සම්බන්ධයෙන් ඔබට වඩා ඉහල තලයක සිටිනා අදාල අමාත්යය වරයා මේ වන තුරුත් නිහඩය.  ඔබද බිලි බෝයි..! ජනතාවගේ පැනය යයි..?

කෙසේ වෙතත් මේ සියල්ල වෙනස් කිරීමට අවස්ථාවක් ඉතාමත් නුදුරු අනාගතයේදීම නිසි අවස්ථාව එලැඹෙනා තුරු සිටිනා දේශ හිතයිෂීන් හට හිමිවනු අැත. අප සැමගේ යුතුකම හා වගකීම විය යුත්තේ ලැබෙනා ඒ අවස්ථාවෙන් උපරිම ප්රයෝජනය ගැනුමය.

කෙසේ වෙතත් තම පවුල් පරපුරේ බහට කන් නොදීමේ විපාකයට නිසා හෝ මෙම ජරා ජීර්න ලාංකේය දේශපාලනික කුණු වලේ සමහර විට ඔබ නොදැන වැටුනු නිසා උවත් දැන් ඔබ ගොඩට පැමිනිය යුත්තේද ඒ කුණු වලෙහි කටින්මය.

2015 ජනවාරි 8 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ පාරිශුද්ධ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් විශ්වයේ වැඩ වසමින් සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ තම නොනිමි අභිප්රායය තුල තම අාතූරයා මගින් සෝභිතාවතාර අඩවිය තුලට ජනතාව ඒකරාශී කරවමින් ක්රියාන්විතයේ යෙදී සිටීයී.

ඒ නිසා එකී විප්ලවයේ වගකිවයුතු පංගු කාරයෙකු වන ඔබට ඉන් පහසුවෙන් ගැලවී යා නොහැක. සෝභිත හිමියන්ගේ අරමුන සාක්ෂාත් කරවනා තුරා අප ඒ කාර්යයේ නියැලී සිටිය යුතු වේ. ඔබගේ නායකයින් පොරොන්දු ඉටු කලත් නොකලත් යහපත් පැටිකිරියක්, ප්රපත්තියක්, අාත්ම ගරුත්වයක්, අභිමානයක් අැති මිනිසුන් ලෙස ඔබට අපට ඉන් කිසිසේත් මිදිය නොහේ.

සෝභිත හිමියන්ගේ විප්ලවයේ 2020 අවසන් අදියර ලඟාවෙමින් අැති මෙම උච්චතම අවස්ථාවේදී අපට සටන අත් හල නොහැක.

ඒ නිසා කෙතරම් අකමැත්තෙන් උවත් ඉතාමත් ඉවසීමෙන් යුතුව අවස්ථාව පැමිනෙන තුරු කල් මරන්න. අාණ්ඩුව විසිරවූ වහාම ක්රියාක්මක වන්න. ඒ උදෙසා කැපවීමට සූදානමින් සිටිනා රන්ජන් අැතුළු සෙසු සහෘදයින් ඒකරාශීව තබා ගන්න.

විප්ලවය විජයග්රහනයක් කරනා මීලඟ පාෙදු අපේක්ෂකයා හා ඒකරාශීව කඳවුරු බැඳ ඉලක්කය නියත වශයෙන්ම සපල කල යුතුය.

ඒ උදෙසා කැපවීමට සූදානමක් අැති සියළුම දේශපාලනික හා සිවිල් සංවිධානවල සිටිනා පාරිශුද්ධ වූ අදූශිත රටට අාදරයක් අැත්තන් හට සෝභිත හිමියන්ගේ නාමයෙන් අාරාධනය කරන්න.

මෙය ඔබ වෙනුවෙන් වන සෝභිත හිමියන්ගේ පරීක්ෂාවකි. හැකිනම් අභියෝගය භාරගෙන ඔබට අැති අභූත චෝදනාවලින්ද නිදහස් වීමට අවස්ථාව උදාකර ගන්න.

රටේ දුක්විඳිනා සබුද්ධික ප්රජාවට යුක්තිය ඉටු කර දීමට කැප වන්න. නොඑසේව දේශපාලනයෙන් සමුගැනීමෙන් ඝණ්දබ්බයන් හා විසූ මැක්කන් සමග මිස ඔබට නොයිඳුල්ව අාපසු යාමට නිවසක් නොමැත...

මග සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී සෝභිත හිමිගේ අවසන් මෙහෙයුමට කැප උනොත් දෙව්ලොව දකීයී.

සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ නියමුවානෝ නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර

https://sobithawathara.blogspot.com/
2018/10/17
=====================================================================

රනිල් – මෛත්‍රී මේකට වගකියන්න ඕනි.. සුජීව සේනසිංහ දේශපාලනයෙන් සමුගන්න වෙන හේතු ගැන කියූ සංවේදී කථාව

<a href='http://www.slstory.com/?p=27875&preview=true'>රනිල් – මෛත්‍රී මේකට වගකියන්න ඕනි.. සුජීව සේනසිංහ දේශපාලනයෙන් සමුගන්න වෙන හේතු ගැන කියූ සංවේදී කථාව</a>ජනතා සේවය කෙතරම් සිදු කළද, තමන්ට අඛණ්ඩව මඩ ප්‍රහාර හා පදනම් විරහිත චෝදනා එල්ල වෙමින් තිබෙන බවත්, මේ හේතුවෙන් දේශපාලනය ගැන කලකිරීමෙන් සිටින බවත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කළේය.

ජනතාව සතු කිසිවක් සොරකම් කර නොමැති බවත්, එසේ තිබියදී විදුලි දුම්රිය ව්‍යාපෘතියකින් කොමිස් ඉල්ලූ බවට මේ වන විට ප්‍රචාරයක් දියත් කරමින් සිටින බවත් අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.

මේ හේතුවෙන් දේශපාලනය තුළ තවදුරටත් සිටිනවාද, නැද්ද යන්න තීරණයක් ගන්නා තරමට කලකිරීමකට පත්ව සිටින බවද ඔහු සඳහන් කළේය.

මේ අතර තමන් ඇතුලූ අමාත්‍යවරුන්ට පදනම් විරහිතව අල්ලස් චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වගකිවයුතු බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඊයේ දිනයේදී පවසා සිටියේ ය.

කොළඹ ඊයේ පැවති උත්සවයකදී ඔහු ප්‍රකාශ කළේ එවැනි චෝදනා එල්ල කරන පුද්ගලයින් සඳහා දඩුවම් කිරීමට මෙරට කිසිදු ආයතනයකට නීතිමය බලයක් නොමැති බවයි.
‘‘ අපි දේශපාලනඥයෝ වශයෙන් පිරිසිදුව අද වෙනකල් දේශපාලනය කරලා තියෙනවා. හැබැයි අපිට මඩ ගහන්න, අපිට නිග්‍රහ කරන්න, අපේ දෙමාපියන්ට දුක ඇති කරන්න. මගේ අම්මා කතා කරලා අහනවා ඇයි මේ මඩ ගහන්නේ ඔයාට. ගමේ යහපාලනේ ගෙනැල්ලා ඕනම පුද්ගලයෙකුට රූපවාහිනිය ඉස්සරහට ඇවිල්ලා චෝදනාවක් කරන්න පුළුවන් නීතියෙන් කිසිම ප්‍රතිකර්මයක් නෑ දඩුවම් කරන්න.
ඕනම මෝඩයෙක්ට ඕනම බූරුවෙක්ට ඇවිල්ලා කියන්න පුළුවන් මේ අමාත්‍යතුමා අපෙන් කොමිස් මුදලක් ඉල්ලුවා. 10‍% ක් කියනවාල 5‍% ක් කියනවා. දැන් සුමාන තුන හතරක් මාධ්‍ය බලාගෙන ඉන්නේ අපිට මඩක් ගහනකල්. මම මඩ ගහන්න දෙන්නේ නෑ. සියළුම මාධ්‍ය ආයතන වලට විරුද්ධව මම නඩු දානවා. මම නීතිඥවරු හම්බවෙලා තියෙන්නේ. වල් බූරු මාධ්‍ය නිදහසක් මේ රටේ ඇතිකරලා තියෙනවා. කියන්න තියෙන්නේ සුජීව සේනසිංහ අපෙන් පගාවක් ඉල්ලුවා කියලා විතරයි කාට හරි ටීවී එකට එන්න ඕන නම්, නම් හදාගන්න. මාධ්‍ය වට කරලා මේක ගහනවා. ගහලා ඊට පස්සේ දානවා මලික් සමරවික්‍රම ප්‍රතික්ෂේප කරයි. සුජීව සේනසිංහ ප්‍රතික්ෂේප කරයි එච්චරයි නිවුස් එක.
ඉතිං අපි දේශපාලනය කරනවද නැත්නම් හොරුන්ට මේක ඉතුරු කරලා යනවද කියලා අපිට තීන්දු කරන්න වෙනවා ඉදිරියේදී. මේකට ජනාධිපතිතුමත් අගමැතිතුමත් වගකියන්න ඕන. නායකයෝ වශයෙන් තීන්දු තීරණ ගන්න ඕන’’

No comments:

Post a Comment