Friday, October 19, 2018

ඩිම්බයක සහ ශුක්රානුවක සංයෝගයෙන් චිරාත් කාලයකට ඉහත මානවයා බිහි වන්නට අැති...! එහිදී තම්බි මරක්කල දෙමල පදු බොදු ගොවි මහා කලු සිංහල ලංසි බර්ගර් මැලේ ජර්මන් ප්රංශ අැමරිකන් චයින රදල හිඟන යන අාදී වශයෙන් ඩිම්බ සහ ශුක්රානු සංයෝගයෙන් බිහිවූ කලලය වර්ගීකරනයට ලක් නොවෙන්නට අැති...! 2018/10/20 මානවවාදී, සංහිඳියාවාදී, නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට..

මෙම FB Post දමපු මයිලනුවන්ලාට සිතන්නට යමක්...!
සෝභිතාවතාරයෙන්
2018/10/20

ඩිම්බයක සහ ශුක්රානුවක සංයෝගයෙන් චිරාත් කාලයකට ඉහත මානවයා බිහි වන්නට අැති...!
===================================
ඩිම්බයක සහ ශුක්රානුවක සංයෝගයෙන් චිරාත් කාලයකට ඉහත මානවයා බිහි වන්නට අැති...!

එහිදී තම්බි මරක්කල දෙමල පදු බොදු ගොවි මහා කලු සිංහල ලංසි බර්ගර් මැලේ ජර්මන් ප්රංශ අැමරිකන් චයින රදල හිඟන යන අාදී වශයෙන් ඩිම්බ සහ ශුක්රානු සංයෝගයෙන් බිහිවූ කලලය වර්ගීකරනයට ලක් නොවෙන්නට අැති...!

නමුත් ඉපදුනු පසු ප්රතග්ජන මානවයා භේද බින්නව වාර්ගික, අාගමික, කුලමල අැතිනැති පරතරයන් හදා ගන්නට අැති...!

නමුත් මේ නිස්සාර සියල්ලෙහි මැවුම්කාරිය අති උත්තම සෝභා දහම් මාතාව ජාති/අාගම්/කුලමල වශයෙන් භේද බින්න වූ මානව සංහතියේම ජීව රුධිරය රත් පැහැයෙන් පමනක් බල ගැන්වූ  අතරම ......ට තම දරුවෙකුට හෝ ඕනෑ වී කෙසේවත් සොයාගත නොහැකි උවහොත් මරක්කලයෙකුගේ දෙපා මුල වැඳ වැටී හෝ ලේ බිඳුවක් හිඟා කන්නට සලස්සවා පුහු මාන්නය දුරු කරවන්නට වගබලා ගන්නටද අැති...!

මානව දයාව තුට්ටුවකට නාෙතකා පුහු මාන්නයෙන් ඉදිමී තමන්ට වඩා ජගතෙකු මෙලොව තවත් නැතැයි සිතා සිටිනා ගෝත්රික ගති අැති සමහර වනචාරී අබුද්ධික මිනිසුන් තම අාදරවන්තයෙකු හට ලේ බිඳුවක් අවශ්යය උවහොත් තමන් විසින්ම කුලමල ලේබල අලවා කොන් කර සිටි ඕනෑම අඩුකුල පදුවෙකුගේ පය පාමුල වැඳ වැටෙන්නට උවද පැකිලෙන්නේ නැති තත්ත්වයට අැද දමන්නටද අැති...!

සංහිඳියාව ගරු නොකරනා මුග්ධ මිනිසාගේ පුහු මාන්නය දුරලන්නට විශ්වයේ පවතිනා වෙනස් කල නොහැකි මායාවන් මේවා වන්නට අැති...!


ජලය, මව්කිරි, රුධිරය කිසිසේත් නිෂ්පාදනය කල නොහැකි බව කියැවේ..!

අත්යාවශ්යය වූ විටකදී මේවා තම්බි/මරක්කලයෙකුගෙන් හෝ පර/දෙමලෙකුගෙන් හෝ ඉතාමත් යටහත් පහත්ව ඉල්ලා සිටීමට ඕනෑම මහකලු ජගතෙකු හට නියත වශයෙන්ම සිදුවනු අැති බව කවුරු කවුරුත් දැනගෙන විසුම යහපතක් විය හැකි විය හැක.!..!...!

මානවවාදී, සංහිඳියාවාදී, නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට...
2018/10/20
http://sobithawathara.blogspot.com/

================================================================================
මෙම FB Post දමපු මයිලනුවන්ලාට සිතන්නට යමක්...!
සෝභිතාවතාරයෙන්
2018/10/20

================================================================================




================================================================================
https://www.facebook.com/photo.php?fbid=491232898056574&set=a.130883380758196&type=3





















================================================================================



No comments:

Post a Comment