Monday, June 25, 2018

දැන් මගේ අතේ මිටෙත් කීයක් හරි තියෙන හින්ද මාත් මේ කල්පනා කලේ විගණකාධිපති තුමාට කෝල් එකක් දාල මම පොඩි කාලේ ඉඳන් රටට අැති ණය ටික කීයද කියල අහල ගෙවල දාන්න පුළුවන්ද බලන්න ඕන......

25

Indunil Perera
රාජපක්ෂ කෞතුකාරය ඉදිකිරීමේ මූල්‍ය අවභාවිතාව ගැන කටඋත්තර දීමට පැමිනි දේශප්‍රේමී ජාතික නායක ගෝඨාභය රාජපක්ෂය මහතා අද දින (25) උදේ මූල්‍ය අපරාධ කොට්ටාශ මූලස්ථානයට ඇතුල් වෙමින් එසේ ප්‍රකාශ කරන ලදී.


WE ARE NOT THIEVES!

I WILL REFUND THE MISAPPROPRIATED GOVERNMENT FUNDS!
Former defence secretary Gotabaya Rajapksha arrived at the FCID this morning to make a statement over an alleged misappropriation of government funds to built a monument of his parents.

=================================================================================
දැන් මගේ අතේ මිටෙත් කීයක් හරි තියෙන හින්ද මාත් මේ කල්පනා කලේ විගණකාධිපති තුමාට කෝල් එකක් දාල මම පොඩි කාලේ ඉඳන් රටට අැති ණය ටික කීයද කියල අහල ගෙවල දාන්න පුළුවන්ද බලන්න ඕන......

..... අර රාජපක්ෂලා අම්ම තාත්තගේ සොහොන් හදන්න අාණ්ඩුවේ සල්ලි අරන් දැන් ඔය ඒව අාපහු ගෙවන්න යනව කියන්නේ... ඔය අර කොහේද හංගලා තියෙන සල්ලි වගයකින්ද කොහෙද.!

අනේද කියන්නේ.... 

මෙව්ව හරියට අම්මගෙන් බීපු කිරිවලට ණය වූ ගාස්තුව ගෙවන්න අහනවා වගේ වැඩ...

රටේ සදාචාරය වනසපු, අනාගත පරපුර ජාති ණය කරවපු මේ තක්කඩි රැල දැන් අාණ්ඩු බලය නැති උන නිසා නීතියෙන් ගැලවෙන්න දාන කස්තිරම් වැඩ මෙව්ව...

නිර්පාක්ෂික සෝභිතාවතාර

========================================

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමෙන් පසු  පිටව ගොස් තිබෙයි.
අද (25) පෙරවරු 09.00ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත  කැදවා තිබුණේ  ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව 
විභාග කිරීමටය.
එහිදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය,  ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය 02කට අාසන්න කාලයක් ප්‍රකාශ ලබාදී ඇති අතර අත්අඩංගුවට ගැනීමක් සිදුව නැත.
තම දෙමාපියන් වෙනුවෙන් වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ ඉදිකළ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ගොඩනැගීමේදී රුපියල් ලක්ෂ 900කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට  චෝදනා එල්ලවී තිබේ.
පොදු දේපළ පනත යටතේ අදාළ චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පසුගිය නොවැම්බර් මාසයේ

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සුදනම්වූ අවස්ථාවේ තමන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් ලබාගැනීමට ගෝඨාභය රාජපක්ෂට හැකි විය.
එදින පොලීසිය කළ ඉල්ලීමක් සළකා බලමින් ඉහත කී චෝදනා සම්බන්ධයෙන් ජුනි 25 වෙනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවට අධිකරණය ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබිණි.
ඔහු අද පැමිණියේ ඒ අනුවය.
 2014 වසරේ නොවැම්බර් 6 වෙනිදා  විවෘත කෙරුණු කෞතුකාගාරයට ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 900 ක්  වැයකිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුවේ.

කෞතුකාගාරය ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබුවේ ඩී. ඒ. රාජපක්ෂ පදනම හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ මණ්ඩලය සමග ඇති කරගත් නීත්‍යානුකූල එකඟතාවය මත බවත් මෙය සිවිල් ගණුදෙනුවක් බවත් පවසමින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් චෝදනා ප්‍රතික්ෂේප කරමින් අධිකරණයට කරුණු දක්වා තිබුණි.
මෙම චෝදනාවට අමතරව මිග් යානා ගනුදෙනුව, ඇවන්ගාඩ් සිද්ධිය සහ ඇපලෝ රෝහලේ කොටස් මිලදී ගැනීමේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවලට එරෙහිව ක්‍රියාත්මකවන පරීක්ෂණවලින්ද ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග ලබාදී තිබේ.
මෙම නඩුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හතර දෙනෙකු ඉවත්වීම සම්බන්ධයෙන්ද කතාබහක් ඇතිවිය.
http://www.gossiplankanews.com/2018/06/fcid-gotabhaya.html

No comments:

Post a Comment