Sunday, March 4, 2018

නූපන් පරපුරටද ගැලවිය නොහැකි දේශප්‍රේමී හොරුන්ගේ ගසා කෑම්

Jvp Sweden (උපුටා ගැනීම - Face Book / 2018/03/05)
5 hrs
 නූපන් පරපුරටද ගැලවිය නොහැකි දේශප්‍රේමී හොරුන්ගේ ගසා කෑම් 
ඔබ මදක් සිතන්න ..! මේ රටේ සිදුවූ දැවැන්ත පරිහානියට වගකිව යුත්තේ කව්දැයි යන්න නිවැරදිව අවබෝධ කරගන්න . මේ අප වෙර දරන්නේ නිල් දියෙන් පිරුණු විලක් පල් වලක් කල සොරදෙටුවන්ගේ කෙරුවාවන් පිළිබඳව දත්ත සහිතව කරුණු ජනගත කිරීමටයි. ඉතින් මිනිසුනේ නුඹලා සදාකාලික මේ පල්වලේ ගිල්වා මරා දැමීමට තව දුරටත් මේ මජර දේශපාලනයට රට බාර දෙනවාද ? මදක් සිතන්න ..ඔබත් අපත් අද ගන්නා අඥාන තීන්දුවෙන් සදාකාලික පරාජයට පත්වන්නේ නුපන් දරු පරපුරය. අපට රටක් අහිමි කල මජර දේශපාලුවන්ගේ අමනකම් හේතුවෙන් නුඹලාගේ උර මතට වැටි ඇති මහා ණය කන්ද පිළිබඳව වරක් නොව දහස්වරක් සිතිය යුතුය.
රටේ ලාභ ඉපැයූ රාජ්‍ය ආයතන වලින් ඉදිරියෙන්ම සිටි ආයතන වුයේ ශ්‍රී ලන්කන් එයාර් ලයින් ය. චන්ද්‍රිකා රජයේ "ආර්ථික උපාය මාර්ගයක් "ලෙස මෙම සමාගම මුලින්ම එමිරේට්ස් සමාගමට නොනිල ලෙස විකුණා දමන ලදී. නැවත 2008 දී එය පුර්ණ රජය සතු සමාගමක් ලෙස නැවත පවරා ගන්නා ලද්දේ 99%11 ක් රජයටද , ඉතිරි කොටස් සේවක අර්ථසාධක අරමුදල හා සේවක කොටස් ලෙසය. එම පවරාගැනීමෙන් පසුව ගත වූ වසර 9 තුල මේ රටට සිදුකල මහා අපරාධය හා එකී අපරාධයට වන්දි ගෙවිය යුත්තේ කවරෙක්ද යන්න සොයා බලමු.
එමිරේට්ස් සමාගමෙන් අප රටට ගුවන් සමාගම බාර දෙනවිට 2007/2008 ගිණුම් ලේඛනවලට අනුව රුපියල් මිලියන 4428 ක (රුපියල් කෝටි 442.8 ) ශුද්ධ ලාභයක් ලැබූ ආයතනයකි. එවන් සුවිසල් ලාභයක් ලැබූ ආයතනයට රාජපක්ෂ කල්ලිය සිදුකල ජාතික අපරාධය දෙස බලමු. 2008/2009 ගිණුම් ලේඛනවලට අනුව ලැබූ ශුද්ධ අලාභය රුපියල් මිලියන 9306 ක් ලෙස වාර්තා විය. රාජපක්ෂ පවුලේ ජාතික ආලයත් , දේශප්‍රේමයත් කොතෙක්ද යන්න වැටහෙන්නේ මිලියන 4400 ක ලාභයක් ඉපවූ රජයේ ආයතනයක් වසරක් තුල දෙගුණයක අලාභයක් ගෙන එමෙන්ය. එම වසරේ සිට අඛණ්ඩව වසර 9 ක් දැවැන්ත අලාභයක් ලබමින් ඉදිරියට පැමිණි අතර , එම සමාගමේ කෙරුමා වූ තම අතිජාත මස්සිනා මෙන්ම පවුලේ සනුහරය ඇතුළු වර්තමාන රජය තෙක් සොරා කෑ ජාතික ධනය රුපියල් මිලියන 169,755 ක්. එනම් රුපියල් කෝටි 16,975 කි. 2016/2017 වසරේ ගිණුම් වාර්තාවට අනුව ලැබූ වාර්ෂික පාඩුව 28,930 කි. මෙම කාලය තුල නාමල් කුමරුගේ අන්තප්පුරය සඳහා ගුවන් සේවිකාවන් කිහිප දෙනෙකු අරලිය ගහ මැදුරේ නිත්‍ය යහන ගැබ තුල සේවය කල අතර , සේවයට වාර්තා නොකරම රුපියල් ලක්ෂ ගණනින් පඩි ලබා දුන්නේය. ඒ නාමල් පුතී ගසා කෑ වෙනත් ඩීල් වලට අමතරව කාම සුඛල්ලිකානු ජීවිතය සඳහා පමණි.
මෙම සුදු අලියා නඩත්තු කිරීම වෙනුවෙන් සියලු බර දරන ලද්දේ රටේ ජනතාවය. සියලු මුදල් හොරා කන ලද්දේ මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලියත් , ඉන්පසුව ඔහුගේ පරාජයෙන් පත්වූ වර්තමාන කසඩ පාලකයන් හා ඔවුන්ගේ ගෝල බාලයන්ය. ගුවන් සමාගමක් රටකට පවත්වාගැනීම වෙනුවෙන් 2011 සිට 2014 දක්වා රුපියල් මිලියන 46,470 ක් පොම්ප කරන ලද්දේ මහා භාණ්ඩාගාරය විසිනි. මහා භාණ්ඩාගාරයේ ඇත්තේ මහින්ද ගේ සොරා කෑ බුදලය හෝ මහා බැංකුව කැඩූ රනිල්ගේ බුදලය නොවේ. එහි සෑම ශ්තයකටම හිමිකරුවන් වන්නේ මේ රටේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවය. දැවැන්ත ජාතික ආර්ථික ව්‍යසනයක් කරමින් ඉදිරියට ඇදෙන මෙම ආයතනයේ ඉදිරි නඩත්තු කටයුතු වෙනුවෙන් නැවත භාණ්ඩාගාරය ඇපයට තමා මහජන බැංකුවෙන් හා ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 60,000 ක් ණයක් ලෙස ලබා ගෙන ඇත්තේ 2015 සිට 2017 අතර කාලය තුලය. මේ සියල්ලම ජනතාවට අයත් මුදල්ය. මේ සා සුවිසල් මුදලක් මේ රටේ දුක් විඳින ජනතාවට ස්වයන් රැකියාවක් කිරීමට ලක්ෂ 10 බැගින් ණය මුදලක් ලබා දුන්නා නම් අවම වශයෙන් 60000 කට එම සහනය ලබා ගත හැකිව තිබුණි.
රනිල් වික්‍රමසිංහ ගේ එජාප පාලනය තුලද වසරක මෙම සමාගමේ වත්කම් සෘණ තාවයට ගෙන ඒමේ වෙනස ද සුළු පටු නොවේ. මේ රටේ පාලන බලයට පැමිණි සියලුම ධනපති කල්ලි මෙන්ම රනිල් ගේ පාලනය තුලද ඇති වෙනසක් නොමැත. සියල්ලෝම කම්බ හොරුන්ගේ ලැයිස්තුවට අප ඇතුලත් කරන්නේ දත්ත හා සාධක ඇතුළත්වය. රනිල් ගේ කෙටි පාලන තුල ලැබූ පාඩුව දෙස නෙත් යොවමු . රාජපක්ෂ ගේ අවසන් හෝරාවේ එම සමාගම ලැබූ ජංගම වත්කම හා වගකීම අතර පරතරය රුපියල් මිලියන 73,434 කි. එම වසර වන විට ශුද්ධ වත්කම සෘණ රුපියල් මිලියන 87,781ක් විය. එම අගය 2016/17 වන විට ශුද්ධ වත්කම සෘණ 115 , 074 ක් දක්වා ඉහල නැග්ගේය . රනිල් ගේ පාලනය සමයේ වත්කම් සෘණ තාවයට පත් කිරීමේ වෙනස රුපියල් මිලියන 27,293 කි. භාණ්ඩාගාරයෙන් අති විශාල මුදලක් පොම්ප කරන අතරතුර ලංකා බැංකුව හා මහජන බැංකුවෙන්ද රුපියල් කෝටි 6000 ක් ලබා දී ඇති මොහොතක වසරකට මෙම ආයතනය රුපියල් කෝටි 2729 ක පාඩුවක් ලබන්නේ ගහන පිල්ලිවල තරම රටට පෙන්වමින්ය. ඉතින් මිනිසුනේ මේ සියලුම ණය ගෙවා දමන්නේ සොරා කන මහින්ද හෝ රනිල් නොව නුඹලාමය.නුඹලා පමණක් නොව නුඹලාගේ දරුවන්ගේ දරුවන්ද මේ ජාතික අපරාධ කරුවන්ගේ පව් වලට කරගසනු ඇත.

(උපුටා ගැනීම - Face Book / 2018/03/05) නිර්පාක්ෂික සෝභිතාවතාර ජවතාව වෙනුවෙන්....
https://www.facebook.com/photo.php?fbid=749042905299177&set=a.105112693025538.1073741826.100005804227377&type=3&permPage=1

No comments:

Post a Comment