Friday, March 31, 2017

කාන්තාවනි ඔබත් පෞද්ගලික රාේහල්වලදී මෙවන් අපහරනයන්ට මුහුන දුන්නාද.... උගන්වමු උන්ට මෙවන් පාඩම් මින්පසු

යස්ස පුවත්... කාන්තා අපහරනයේ තවත් පැති කඩක්....


කාන්තාවනි ඔබත් පෞද්ගලික රාේහල්වලදී මෙවන් අපහරනයන්ට මුහුන දුන්නාද.... උගන්වමු උන්ට මෙවන් පාඩම් මින්පසු

Mar31

 ස්කෑන් පරීක්ෂණයකට ගිය කත නිරුවත්කර වීඩියෝ කළ  මහනුවර විකිරණ ශිල්පියාට යස පාඩමක් උගැන්වූ වීර  කතක්

ස්කෑන් පරීක්ෂණයකට ගිය කත නිරුවත්කර වීඩියෝ කළ මහනුවර විකිරණ ශිල්පියා ට යස පාඩමක් උගැන්වූ වීර කතක්


http://www.gossiplankanews.com/2017/03/scan-man-abuse-patient.html

මහනුවර නගරයේ ඇති පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ රෝගී කාන්තාවක් ස්කෑන් පරීක්ෂණ කාමරය තුළ දී නිරුවත් කර ජංගම දුරකතනයකින් වීඩියෝගත කළ විකිරණ ශිල්පියකු මහනුවර මහෙස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

වකුගඩු රෝගයෙන් පෙළෙන මේ කාන්තාව ස්කෑන් පරීක්ෂණයක් සඳහා පෞද්ගලික රෝහලට ඇතුළත් වී තිබේ. ඉන් පසු කාන්තාව ස්කෑන් පරීකෂණය සඳහා ස්කෑන් පරීක්ෂණ කාමරයට ගිය පසු සැකකාර විකිරණ ශිල්පියා ඇගේ දෑස් බැඳ ස්කෑන් පරීක්ෂණය සිදුකරන ආකාරයෙන් ඇගේ නිරුවත ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කර තිබේ. ඒ පිළිබඳව සැක සිතූ මේ කාන්තාව දෑස් හැර බැලීමේදී සැකකාර විකිරණ ශිල්පියා ඇගේ නිරුවත වීඩියෝ කරන අයුරු දැක ඇති අතර ඇය එම ක්‍රියාවට විරෝධය පෑමත් සමඟ සැකකාර විකිරණ ශිල්පියා දිවගොස් ඇත. ඇය ඔහු පසුපස පන්නා ගොස් ඔහුගේ ජංගම දුරකතනය උදුරාගෙන සිද්ධිය පිළිබඳව මහනුවර පොලිසියට පැමිණිලි කර තිබේ.
====================================================
 නිසි බලධරයින්ගේ දැඩි අවධානය පිනිසයි....

මෙවන් තත්ත්වයන් තව කොතෙකුත් මේ රටේ සිදු වෙමින් පවතී. විශේෂයෙන් එක් තනි කාරමරයක් තුල එක් චැනල් වෛද්යය වරයෙකු කාන්තා රෝගීන් පරීක්ෂා කිරීමේදී අැඳට නග්ගවා කර්ටනයෙන් අාවරනය කොට ගෙන රෝග පරීක්ෂා කරනා මුවාවෙන් කාන්තාවන්ගේ උඩුකය සහ/හෝ යටිකය නිරාවරනය කොට මානසිකව විකෘති කාම සන්තර්පනයන්හි යෙදෙනා සිදුවීම් පිලිබඳ ප්රසිද්ධ රහස් ලෙස සමාජය තුල අසන්නට දකින්නට අැතත් මේ සම්බන්ධයෙන් ගැනුනු පියවරයන් කිසිවක් නාෙමැත.

කාන්තාවන් මේ පිලිබඳ තම සැමියන් හට පැමිනිලි නාෙකරනුයේ විශාල කලබැගෑනී අැතිවීම වැලැක්වීමටත් සහ වෛද්යවරයා තමන් හට ලියනා බෙහෙත් වට්ටෝරුව විකෘති කර ඒ මගින් හෝ තමන්ගෙන් පලි ගනීදෝ යන සැක/බිය නිසාය.

තවද එක්ස්රේ කාමර තුල කාන්තාවන් අැඳුම් මාරු කරනා විට බොරු හේතු මවමින් ඒවා තුලට රිංගා කාන්තාවන් දැඩි අපහසුතාවයන් හට ලක්කිරීම්ද සුලභ කරුනු මුත් අද මෙම පුවතේ දැක්වෙනා නිර්භීත කාන්තාව ලජ්ජා බය පැත්තකට දමා විකිරන ශිල්පියා හට උගන්වා අැති අාකාරයේ පාඩම් තව 10 ක් මේ රටේ සිදු වූවානම් යලිත් කවදාවත් රෝහල් තුලදී කාන්තාවන් අපහරනය කිරීම හමාර වනු අැත.

රෝග පරීක්ෂන කාමරයේ අැඳේ බුදි කරවා වෛද්යය නලාවෙන් කාන්තාවන්ගේ පපුව පරීක්ෂා කිරීමට සමහර වෛද්යය වරුන් හට තම සහායික නර්ස් ලවා අදාල රෝගී කාන්තාවගේ තනපටය පවා ගලවා උඩු කය සම්පූර්නයෙන් නිරුවත් කිරීම අවශ්යය වේ.

මෙවන් අවස්ථාවලදී රෝගි කතගේ සැමියා පවා දැඩි අසරන භාවයට පත්වන බවට මැසිවිලි හිතවතුන්ගෙන් අසන්නට දකින්නට නොමැත්තේ නොවේ.

කාන්තාවකගේ යටිබඩ පරීක්ෂා කලයුතු උවහොත් වෛද්යය වරයාට අැයගේ ගැහැනු අැඟේ රෝම පෙනෙනා තුරුම පෑන්ටිය පහලට කර පෙන්විය යුතු වන අවස්ථා ගැනද (විශේෂයෙන් පෞද්ගලික රෝහල් තුලදී) අප හිතවතුන් හට සිදු උනු අමිහිරි අත්දැකීම් කොතෙකුත් අසා තිබුනද අද මෙම වීර කාන්තාවගේ අභීත ක්රියාමාර්ගය පිලිබඳ මාධ්යයට නිරාවරනය වන තුරු සෝභිතාවතාරයන්ට මේ පිලිබඳ වගකිවයුතු නිසි බලධාරීන්ගේ අවධානය යොමු කරවනු වස් ලිපියක් ලියන්නට අතපසු වීම සමාජයේ මෙවන් අපහරනයන් හට ගොදුරුව අැති සුවහසක් කාන්තාවන්ගෙන් සමාව අයදිමින් සමාප්ත කරමින් ජනපති, අගමැති සහ සෞක්යය අමාත්ය වරයාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වනු අැතැයි විශ්වාස කරමි.

සෝභිතාවතාර
2017/03/31

No comments:

Post a Comment