Monday, March 27, 2017

තවමත් නිසි ලෙස අවබෝධ කොට ගත නොහැකි ගුප්ත මර්වින් සිල්වා දෙස සෝභිතාවතාරයේ කුසු අැස අවධානයෙන්...

https://www.facebook.com/rupavahinisinhalanews/videos/1903317396605334/

තවමත් නිසි ලෙස අවබෝධ කොට ගත නොහැකි ගුප්ත මර්වින් සිල්වා දෙස සෝභිතාවතාරයේ කුසු අැස අවධානයෙන්...
කල පව් සෝදා ගැනීම අවශ්යයනම් ඔබගේ සංකල්පනාව යථාර්තයක් කල නොහැකි දෙයක් නොවනු අැත. කරන දෙයක් ප්වේශමෙන්.... කල වැරදිවලට සමාව ඉල්ලන ඔබට සමාව දෙන්න සූදානම්...

හැකිනම් හෙයා ඩයිවලින් වසාගෙන සිටි අද සුදු රැවුලින් සනාත කල වැඩිහිටි කමින් ලද අත්දැකීම් තුලින් මියෙන්නට පෙර හෝ රටේ අනාගත දරුවන්, මතු පරපුර වෙනුවෙන් හදවතින්ම යමක් සිදු කරන්න උත්සාහ කරන්න.

සත්යය වශයෙන්ම එවැනි දෙයක් කරන්නට රැඩිකල් මතධාරියෙකුගේ කැපවීමත් අවශ්යය වන්න පුළුවන්. නමුත් මෙය කිසිසේත් රංගනයක් නොවිය යුතුය. මෙය මහින්දගේ යමපාලනය නොවනා බවත් මෛත්රීගේ යහපාලනය බවත් අමතක නාෙකොට ගත යුතුය.

ඔබ කරන්නට හදනා දෙය අවංකනම් ඔබට රහසේ හෝ අනිවාර්යයෙන්ම මෛත්රීගේ අාශිර්වාදවය ලැබෙනු අැත. 2020 සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම වෙනුවෙන් ඔබතුමා හටද තවත් දිසාවෙකින් කඳවුරු ලා ගත හැක. නමුත් එය ඉතාමත් අවංකවද... විනිවිද භාවයෙන් යුතුවද.. ඉටු කල යුතුය.

යම් ලෙසකින් ඔබ ජනතාව අැන්දවීමට හෝ රැවටීමට කිසියම් උත්සාහයක් කලහොත් ඔබතුමා හට අවශ්යය දඬුවම් ලබාදීම ඔබතුමාගේ කැළණියේ විශ්ණු කෝවිලේ වැඩ වසනා විශ්ණු දේවෝත්තමයානන් හටම භාර කරනා බව අවධාරනය කරමි.

සෝභිතාවතාර
2017/03/28 


No comments:

Post a Comment