Tuesday, March 28, 2017

ලංකාඊනිව්ස් වෙත අාදරබර යෝජනාවක්... සෝභිතාවතාරයෙන්

ඊනිව්ස් පුවතක්...

ඇමැති බදුයිදීන්ගෙන් විශිෂ්ඨ වැඩක්..! සතොස ලාබ ගෙනදී පෙන්වයි..! රට පුරා සතොස ශාඛා 500 ක් අලුතින්..! ඉන් 50 ක් හෙට විවෘත කරයි..!!

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.27, පෙ.ව‍‍.6.15)

ලංකාඊනිව්ස් වෙත අාදරබර යෝජනාවක්... සෝභිතාවතාරයෙන්
===========================================================================================
දශක ගනනාවක සිට පැවති සෑම අාණ්ඩුවක් විසින්ම රටේ ජනතාවට අත්යාවශ්යය පාරිභෝගික භාණ්ඩ සපයන රාජ්යය අායතනයක් වූ සතොස ට කර අැති වින්නැහිය නොදන්නාේ නොවෙති.

ඉතිහාසය පුරාම සතොස භාරගත් කිසියම් හෝ අැමතිවරයෙක් සතොස නිසි ලෙස පරිපාලනය කලා නම් බදුයිදීන් අැමතිට ජනතා මුදල් තව දුරටත් කාබාසිනියා කරමින් රට පුරා සතොස අලෙවිහල් 500 අලුතින් දමන්නට සිදු වන්නේ නැත.

සතොස යන නාමය කොයි අාණ්ඩු කාලයේදීවත් යහපත් චරිත සහතික ලබා නොමැති නිසා සහ වත්මන් සම්මුතිවාදී රජයේ මේ වන විට සිටින්නේද අහසින් පහල ඌවන් නොව හිටපු උන්දැලා සෙට් එකේම බහුතරයක් නිසාත්....

මහජනතාවගේ විශ්වාසය මේ වන තුරු කිසිලෙසකින්වත් පලුදු කොටගෙන නොමැති ඊනිව්ස් අපි කුමටද බදුයිදීන් අැමතිට උවත් යහපත් චරිත සහතික ලියන්නට දැන්මම ඉක්මන් වන්නේ....

බලා හිඳිමු අපි මෙයාගේත් කෙරුවාව ටික කාලයක්. පාසලේදී උවත් අපහට චරිත සහතික ලබා ගත හැක්කේ පාසලින් සමුගත් පසුවනේ. ඒ නිසා අපි බදුයිදීන් අැමතිතුමාට ඉතිහාසය පුරා සතොස කල සිංහල අැමතීන්ලා හට ලැජ්ජා වන්නට තරම් පරමාදර්ශයක් ලබා දෙන්නට ඉඩහැර අවසානයේ මෙතුමන්ගේ චරිත සහතිකේ ලියමුයි යාේජනා කරමි.

එතෙක් ඊනිව්ස් අභ්යන්තර ඔත්තු සේවාවන්ගේ උකුසු අැස් මෙතුමානන්ගේ ඉදිරි ක්රියා මාර්ග සම්බන්ධයෙන්ද සතොස පරිපාලනය සම්බන්ධයෙන්ද යොමු කාෙට තබමු.   ස්තුතියී.

සෝභිතාවතාර
2017/03/29
https://www.facebook.com/sathpurawasiya/posts/387055011674483
http://www.lankaenews.com/news/5512/si

No comments:

Post a Comment