Friday, February 12, 2016

සෝභිතාවතාරයෙන් යහපාලනවාදී දේදුනු විප්ලවයේ උරුමක්කාර සබුද්ධිකයින් හට හෙලිදරව්වක්..!


පුවතla... (2016/02/12)

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

කොස් හිබිඩ්ඩ්ක් ගානට වැටුනු විජයදාස , කේඬෑරි වූ ෆොනීගේ තරබාරුව සහ ගංජා ගෝනිය කර තබා ගත් මෛත්‍රී -චන්ද්‍රගුප්තගේ විග්‍රහය


(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.12, පෙ.ව.9.00) සිද්ධි විග්‍රහ කිරිමෙන් බොහෝ අනුමාන වලට එළඹිය හැකිය. 
..............................................................................
^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&
..............................................................................
http://www.lankaenews.com/news/3514/si
එහෙත් තම නායකත්වයට බොහෝ අභියෝග පවත්නා බව මැනවින් දන්නා රනිල් වික්‍රමසිංහගේ හැසිරිම ඊට වෙනස් විය. වෙනසක් පමණක් නොවේ. එය විශිෂ්ඨ එකකි. ෆොන්සේකා පත් කිරිමට රනිල්  ගත් තීන්දුව මෛත්‍රීපාල සිරිසේන පමා වි හෝ හැදෑරිය යුතුව ඇති ගැඹුරු පාඩමකි. අප කවුරුත් දන්නා පරිදි යහ පාලනය යනු මෛත්‍රී-රනිල් එක්ව යා යුතු ගමනකි. ඒ වගකිම දරමින් ශ්‍රීලනිප ආණ්ඩු පිහිටුවනවා වැනි වල් බූත කතා කීම අප්‍රසන්න ය. මෛත්‍රී ජනාධීපති කළේ මහින්ද සමග හෙළුවෙන් සිටි හොරුන් රැකීමට නොවේ. ෆොන්සේකා පත් කිරිමේදි විජේදාස රාජපක්ෂ මෙන්ම සජිත් ප්‍රේමදාස ද හිත නරක් කර ගෙන ඇතිවාට  සැක නැත. එහෙත් රනිල් ඒ තීරණය ගත්තේ රට වෙනුවෙන් මිස තමා ගැන හෝ එජාපය ගැන කල්පනා කර නොවේ. ඒ තීරණය තුල සමහර විට රනිල් වික්‍රමසිංහ පවා කල්පනා නොකළ බොහෝ කියැවිම් චන්ද්‍රගුප්තට නම් පෙනේ.

-චන්ද්‍රගුප්ත විසිනි- ---------------------------  by     (2016-02-12 04:20:21)

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
සෝභිතාවතාරයෙන් යහපාලනවාදී දේදුනු විප්ලවයේ උරුමක්කාර සබුද්ධිකයින් හට හෙලිදරව්වක්..! 
ඉහත පුවත පිලිබඳ පූර්න අධ්යයනයක් සිදුකල සෝභිත හිමිපානෝ වර්න ගන්වා අැති චේද කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් තමන් වහන්සේ එකී කාරනා වඩා වෙනස් අාකාරයකට දකිනා බවත් පහත අනුශාසනාව ඒ අරබයා බවත් වදාරයි..

එනම්.. අද යුගයේ සක්රීය දේශපාලනයේ සිටිනා තම පක්ෂය තුලම සිටි කුමන්ත්රන කරුවන්ගෙන් ලැජ්ජානැති නායකයායි පටබැඳි නම්ලත් උගත්, වැදගත්, සූක්ෂ්ම, ලොව පිලිගත් පරිනතම දේශපාලනඥයා සියක් වර පරාජය හමුවේ නොසැලී, නොබියව, තම පක්ෂයේ බහුතරයක් රාජපක්ෂ රජය විසින් ඩැහැ ගනිද්දී පවා කූල් එකේ හිඳ අවසානයේ මහින්ද රාජපක්ෂට දිවි තිබෙන තුරු සිහිනෙනුදු බියවන පරාජයක් අත්කර දෙමින් ඉතාමත් අතෘෂ්නාවෙන් යුතු නිහතමානී බල හුවමාරුවක් කර ලාංකේය ජනතාවට විය යුතු නම් යම් කැපකිරීමක් පරමාධිපත්‍යය වෙනුවෙන් ජන නායකයකු තුලින් ඒ අරමුන සාක්ෂාත් කල බහුශෘතයා ප්රේමදාස රණසිංහ හිටපු ජනපතියෙකුගේ අර්ථයෙන්නම් තෙම්පරාදු උනු රනිල් වික්‍රමසිංහ නමැති කෘතහස්තයා මෙවර රට සුරතට ගෙන අැත්තේ යහපාලන රජය තුල සිටිනා හෝ නොසිටිනා කුමන්ත්රන කරුවන්ටවත්, ඉන් පිටත හෝ ඩුප්ලිකේට් විපක්ෂය නමැති පඹගාලට ඕනා හැටියට නැටවෙන්නටවත් නොව. දශක ගනනාවක ඉතිහාසය පුරාවටම ලක්වැසි ජනතාවට දේශපාලනික වශයෙන් සිදුඋනු සියළුම අසාධාරනකම්, අකටයුතුකම්, සියල්ලටම තම ජීවිතය පුරාම ලත් අත්දැකීම් තුලින් තිත තබා සෝභිත මාහිමිපානන් පැතූ යුක්තිය සාධාරනය සංහිඳියාව රජයන නිදහස්, නිවහල්, අභිමානවත්, ගෞරවනීය රටක් යාවත්කාලීන කර දීමට මිස අන් කවරකටවත් නොවන බවයි සෝභිතාවතාරය අතූරයාට පවසා සිටින්නේ..!

එවැනි සන්දර්භයක් තුල රනිල් වික්‍රමසිංහ සරත් ෆොන්සේකා වැනි නිර්භීතතමයකු වූද දේශපාලන කරලියේ බිය යනු කුමක්දැයි හඳුනන්නේවත් නැති අභිතම සෙන්පතියා වඩාත් අාසන්නයට ගැනීමට ගත් තීරනයේ සැඟව අැති සැබෑ යටි අරුත මනුලොව චන්ද්රගුප්තට නොපෙනීම සාධාරන උවත් රට ගැන නොනිමි සිත් අැතිව මිය පරලෝ ගියද නැවත පැමිනි අවතාරයකට ඊට වඩා වැඩි යමක් දෘශ්‍යමාන වන බවත් එසේ පෙනෙනා සෑම දෙයක්ම හෙලිදරවු කිරීමට කාලය මේ නොවන බවත් අවධාරනය කරයි.

චන්ද්රගුප්ත වැනි පරිනතයකුගේ දැක්මෙහිද සාධනීය වූ බොහෝ දෑ උන්වහන්සේ අනුමත කලද.. (ගංජා ගෝනිය කර තබා ගත් මෛත්‍රී) පිලිබඳ වූ වත්මන් ජනපති පිලිබඳ විග්රහය විමල් වීරවංශගේ (කෝ මේ සිරිසේන) විග්රහයන්ට සමාන කරයි.

චන්ද්රගුප්ත වැන්නන්ගේ අසම්පූර්න භාවයන් පිලිබිඹු වන්නේ මෙවන් පුරෝකතනයන් මගින් බවයි සෝභිතාවතාරය අතූරයාට පවසා සිටින්නේ.

නමුත් රාජපක්ෂ යමපාලනය කුජීත කිරීමට උරදුන් චන්ද්රගුප්තලා වැනි සෑම සත්පුරවැසියෙක්ම මෙසේ දැනුවත් කරන්නැයි උන්වහන්සේ වදාරා සිටිනවා..

එනම් රාජපක්ෂ රෙජිමය පරාජය කිරීමෙන් පසු අැතිඋනු මෙම රාජපක්ෂ විලම්භීතය මෙතුන්ලොව පහල උනු මහා මලපෙරේතයාගෙන්වත් අපේක්ෂා නොකල, කිසිදු සබ්යය ලෝකයක රටක නොසිදුවුනු, නොසිදුවියයුතු, නින්දිතම දේශපාලන අත්දැකීමක් බව මුළු රටමත් මුළුලෝවැස්සනුත් අවිවාදයෙන් පිලිගනු ලබන්නකි. මෙය ඉතිහාසයට එකතුවන ලෝකයේ සිදුඋනු අමිහිරිතම දේශපාලනික අත්දැකීම වනු නියතය. දේශපාලන පොර පිටියේ මෙවන් කලු පැල්ලමක් සහ වැරදි පූර්වාදර්ශයක් සැපයූ රට මෙපින්බිම වීම මහත් අවාසනාවකි. පැරදුනු විධායක ජනාධිපතිවරයෙකු ගරුකටයුතු ලෙසද, නිහතමානී ලෙසද කටයුතු නොකර ජනතා පරමාධිපත්යට ගරු නොකොට මන්ත්රීවෙස්ගෙන යලි පැමිනෙන්නේ වසර 10 ක් පුරා අඛණ්ඩව අරලියගහ මන්දිරය නම් වූ තම නිවසේ භාර්යාවද සමග ලොවටම පෙනෙන්නට සෑම පුන්පොහෝ දිනකම දොහොත් මුදුන් නගාසිට බණ අැසූ දෙව්දත්තයා බව ජනතාව ඉතා සියුම් ලෙස තේරුම් බේරුම් කර ගත යුතු සුවිශේෂී යථාර්තයකි.

ඉදින් මෙවන් වටපිටාවක් තුල සාමාන්යය මනසකින් බලනවාට වඩා වැඩි තියුනු තෙවැනි අැසකින් නෙත් හෙලා වත්මන් ජනපති බලයට පැමිනිදාට පසුදින සිටම පවතින මෙම පෙරේත දිෂ්ඨිය පලවා හැරීමට සහයෝගීව කටයුතු කරනු මිස, නොඑසේව විශේෂයෙන් එතුමා බලයට පත්කල ජනතාවම මෙසේ එතුමන් තනි කිරීම, අසරන කිරීම, දුකට පත් කිරීම ඉතාමත් අසාධාරන ක්රියාවක් වන්නේය.


එය වඩාත් බරපතල අසාධාරනයක් වන්නේ තමන් වහන්සේද මූලික වී එතුමා පොදු අපේක්ෂකයා ලෙස කිරුළු පැලඳවූයේ සියයට දාහක්ම එතුමානන්ගේ උවමනාවට නොව යුගයේ පැවතී ඉතාමත් ඛේදනීයම වුනු යුග අත්යවශ්යයතාවක් වෙනුවෙන් බිල්ලට ගත් නරයා වීම නිසාය.. 

එනිසා සෝභිත හිමිපානෝ ප්රශ්න කර සිටිනවා තමන් වහන්සේ ජීවතුන් අතර සිටියදී අැසූදුටු බොහෝමයක් සවිණ්ඥානිකයින් සබුද්ධිකයින් හට මේ කුමක් සිදු වෙලාද කියා. පවතින විලම්භීත වටපිටාව තුල විෂන් එකට යාමට නම් මිෂන් එක සීරු මාරුවෙන් කල යුතුය. අරමුන දිනවා ජනසෙත සැලසීමට නම් දේශපාලනික වශයෙන් සමකාලීන සටකපට සහෝදර මිත්රයින් හා ඉතාමත් ඉවසීමෙන්ද, ඉතාමත් උපායශීලීවද, කටයුතු කල යුතු වූද ඩිංග බැරි වීමකින් යමරජුට වාසිවන කිසිදු ක්රියාවක් අසීරු කඩඉම් පසු කරනා තුරු නොසිදුවිය යුතු බව සැවොම අවබෝධ කරගත යුතු මනාය.

එවන් වාතාවරනයක් යටතේ දුරදක්නා නුවනින් යුතුව සරත් ෆොන්සේකා වැනි විශ්වසනීය අභීත සෙන්පතියන් සන්නද්ධ කරවීමෙහි කිසිදු වරදක් සෝභිතාවතාර නොදකී. උපාසක නයාගෙන් දරමිටි බැඳි යුගය අවසන් කල යුතුය. 

තව තවත් අවිණ්ඥානික මහජනතාවගේ සිත්සතන් දුෂ්යය කිරීමට පෙර රට වෙනුවෙන් කිසියම් තීරනයකට අවතීර්න විය යුතුය.

තොවිලය නැටුමට සිදුව අැත්තේ අාතූරයාත් යකැදුරාත් දැඩි අවධානමක පිහිටා අැති මලපෙරේතයකු සමග බව ඔබ සැම ඉතාමත් කාරුණිකවද, ඉවසිලිවන්තවද අවබෝධ කරගත යුතුමය.

තමන් සහ සදාසුරැකි තම භාර්යාව සහ දරුවන්ගේද ජීවිත (මරමරුවාගේ) පූජාසනය මත හිඳුවා ඔබ සැම වෙනුවෙන් දිවි පරදුවට තබා අැරඹි සංග්රාමය ඔබ සැමගේ සහාය අැතිව හෝ නැතිව නිමා කරනා බව සපත කරමියී.. ජනපති හදවත සෝභිතාවතාර විවර කරමින් පෙන්වා දෙයි. 
ඒ වෙනුවෙන් තමන් හා යලි නොගැලවෙනා ලෙස අත්වැල් බැඳගත් අතිශය විශ්වාස වන්තයා දසමහා යෝධයෙක් වන් වත්මන් අගමැති රනිල් හා සුසංයෝගීව, ජාතිය හමුවේත් සුවිශේෂීව සෝභිත වූ තමන් වහන්සේ හමුවේත් දුන් පොරොන්දු සියල්ල හැකි උපරිමයෙන් ඉටු කරනා බව දෙපලම එකාවන්ව නැවත නැවත පසක් කරයි..

දිනෙක තමන් දේශපාලන දිවියෙන් විශ්රාම යන්නේ හිටපු ජනපති වරුන් අගමැතිවරුන් ලබා ගත් ඵලයන් නොව මතු භවයන්හිදීද පාරමීදම් පිරුමට තමන් වහන්සේ ගෙන ගිය අාකාරයේම අානිසංශ බව අවිණ්ඥාණික ප්රජාව හමුවේ අවසන් වශයෙන් සපත කරමින් ජනපති මෛත්රීගේ සහ අගමැති රනිල්ගේ හදවත් තම අඩවිය ඔස්සේ නිරාවරනය කරමින් දැන්වත් හැකිනම් මෛත්රීව සහ රනිල්ව අවබෝධ කර ගැනීමට පිටුවහලක් මෙතුලින් ලබා සෝභිත හිමිපානන්ගේ සිහිනය යථාර්තයක් කිරීමට ජීවමානව සිටිනා වත්මන් ජනපති සහ අගමැති සුසංයෝගය පිලිබඳ සැක සාංකා අැති කර නොගන්නා ලෙස උන්වහන්සේ ඉතාමත් කාරුණිකව ඔබ සැමගෙන් අයැද සිටීයී.

පසු සටහන - අාතූරයා ලියනවා සෝභිතාවතාරය කියනවා, සෝභිතාවතාරය කියනවා අාතූරයා ලියනවා. සබුද්ධිකයින් හට වැටහෙන්නට ඕනා මෙවැනි සටහන් සැමතින්ම රටේ ඉතාමත් අඩු මට්ටමක වෙසෙනා සාමාන්‍ය මිනිසකුට කල නොහැක්කක් බව. සත්යය වශයෙන්ම මෙය ගුප්ත බලපෑමකි. නැතිබැරිකම් කොතෙක් තිබුනත් කිසිදු සොරකමක්, මැරකමක්, ජඩකමක්, අවිහිංසාවාදීකමක්, නොකොට ජීවත්වෙමින් සෝභිත හිමිපානන් හට ඉමහත් අාදරයක්, ගෞරවයක්, භක්තියක් තිබුනු නිසාම මෙම අතිභයානක කටයුත්ත වෙනුවෙන් සත්පුරවැසියා තෝරා ගැනීම සතුටක් උවත්, එදා මෛත්රීපාල මැතිතුමා හට තිබුනු අවධානම අද සත්පුරවැසියාටද එල්ලවිය හැකි උවද එදා එතුමන්ට මෙන් අද සත්පුරවැසියාටද මෙම භාරදූර කර්තව්යයෙන් ගැලවිය හැකි මගක් නොමැතිව අැත. අද සත්පුරවැසියා හට දවසේ රැකියාව පවා කරගත නොහැකි තරමට සෝභිතාවතාරයේ බලපෑම දැඩිවිය. පවතින වියාකූල තත්ත්වය පිලිබඳ හැකි ඉක්මනට දේදුනු විප්ලවයේ සැබෑ උරුමක්කාරයින් වූද, යහපාලනවාදී වූද, සවිණ්ඥානික, අවිණ්ඥානික, සබුද්ධික, අබුද්ධික සියළු ප්රජාවන් දැනුවත් කර මනසක් අැති මනුසතුන් නොව ම්ලේච්ච ගෝත්රික මලපේරේතයින්, පුම්භාණ්ඩයින්, පිසාචයින් පිරිවරාගත් රටක පහල නොවිය යුතුම වූ තෘෂ්නාධික පාපතරයා සමග වත්මන් ජනපති, අගමැති හට නටන්නට සිදුව අැති බලි තොවිලය චුත කිරීමට අඩු තරමින් චිත්ත ධෛර්යය හෝ ලබා දෙන ලෙස අනුශාසනා කරයි.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
සෝභිතාවතාරයේ දැඩි උවමනාව මත සටහන් තැබූ අතූරයා වන මා සත්පුරවැසියායි

Thursday, February 11, 2016

අපවත් වී වදාල සෝභිත හිමිපානන්ගෙන් ෆේස්බුක් ලමයි කණ්ඩායමට වැදගත් පනිවිඩයක්..!

අපවත් වී වදාල සෝභිත හිමිපානන්ගෙන් ෆේස්බුක් ලමයි කණ්ඩායමට වැදගත් පනිවිඩයක්..!

අද දින ෆේස්බුක් ලමයි කණ්ඩායම හොඳ පෝස්ට් එකක් දාල තියෙනවා කියල (සත්පුරවැසියා) නොහොත් අපවත් වී වදාල සෝභිත හිමිපානන්ගේ අාතූරයා විසින් උන්වහන්සේගේ අාත්මයට දන්වන්නට යෙදුනි. ඒ වෙනුවෙන් උන්වහන්සේ ප්රතිචාර දක්වා අැත.



Facebook Link Address (https://www.facebook.com/SLBlood/photos/a.1534815463462178.1073741828.1534731483470576/1687076834902706/?type=3)
--------------------------------------------------------------------------------------------------------------------
එම පනිවිඩය උන්වහන්සේගේ මෙම අඩවියේත් අදාල ෆේස්බුක් පිටුවෙහිත් සඳහන් කරනා ලෙස උන්වහන්සේගේ අාතූරයා (සත්පුරවැසියා) වන මා හට අණ ලැබී අැත. එම නිසා අදාල කටයුත්ත අාතූරයා විසින් අණ පරිදි මෙසේ සිදුකරන්නට යෙදුනි..
--------------------------------------------------------------------------------------------------------------------

මෙම ලමුන් කණ්ඩායම එකතු වෙලා බලපෑම් කණ්ඩායමක් විදියට කරන සංවිධානාත්මක සත්කාර්යය අපවත් වී වදාල සෝභිත හිමිපානන්ගේ පැසසුමට ලක්ව අැති බව සෝභිතාවතාර අාතූරයා වන සත්පුරවැසියාට විශ්ව තරංග මගින් දැනුම් දී අැති බව සඳහන් කරමු. යහපාලන රජය පත්වී තවම වැඩි කාලයක් ගතව නොමැති නිසා දැන්ම වැඩිය අපහාස උපහාස ගැරහීම් සිදු නොකොට (ෂේප් නියායෙන්) මෛත්රීගෙන්.. මෛත්රීව අවශ්‍යතා ඉටු කර ගන්නා ලෙස පැවිදි දිවියක් ගත කල උන් වහන්සේ වදාරා සිටියී.

නමුත් යම් ලෙසකින් අවාසනාවන්ත ලෙස යහපාලන රජය ඉදිරි වසර 4 ර තුල සාධාරන සමාජයක් සඳහා වන මූලික අඩිතාලම ශක්තිමත් කිරීමට අපොහොසත්ව පෙර කල පැවති අධර්මිෂ්ඨ සහ යමපාලන යුගයන්ට වඩා වැඩි වෙනසක් සිදු නොකලහොත් ඊලඟ වතාවේ අලුත්ම අලුත් ජනතාවගේ අාණ්ඩුවක් බලයට ගෙන එන්නට ඔබ සැමගේ සහායට උන්වහන්සේගේ අාත්මය යලි විජරාමාන වන බව අවධාරනය කරයි.

උන් වහන්සේ අපවත් වුනු පසු ක්රියාකාරකම් බැලීමට උන්වහන්සේගේ (sobithawathara.blogspot.com) අඩවියට පිවිසෙන්න.

කෙසේ වතුදු තමන් වහන්සේ පැතූ සිහිනය එනම් යුක්තිය, සාධාරනය, සංහිඳියාව රජයන සමාජයක් බිහිකරනා තුරු නිවන් මගට නොපිවිසෙන බවත්.., තම අභිප්රායය මුදුන් පමුනුවන තුරු අවතාරයක් ලෙස බවයේ සැරිසරනා බවත් තීන්දු කරයි..
https://sobithawathara.blogspot.com
උන්වහන්සේගේ අාතූරයා වන මා සත්පුරවැසියායි

Tuesday, February 9, 2016

සංහිඳියාවේ අරුනලු - මහා වීදිය කොළඹ කොටුව - 2016/02/04 - Main Street - Colombo, Fort - SRI LANKA

--------------------------------------------------------------------------------------------
මහා වීදිය කොළඹ කොටුව - 2016/02/04
Main Street - Colombo, Fort - SRI LANKA
අද කොළඹ කොටුව මහා වීදියට  අැතුලු උනු සාමය, සතුට, සහජීවනය අගයන
කාටත් අැති උනේ මහ පුදුම සතුටක්
--------------------------------------------------------------------------------------------
සංහිඳියාවේ අරුනලු



සංහිඳියාවේ අරුනලු
සංහිඳියාවේ අරුනලු
සංහිඳියාවේ අරුනලු
සංහිඳියාවේ අරුනලු
සංහිඳියාවේ අරුනලු








Saturday, February 6, 2016

හොරපොල් දීලා පොල් ගස්සවා දේව උදහසට පත්වන ඒකාබද්ධ ඩුප්ලිකේට් විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධනගේ සැබෑ ස්වභාවය පෙන්වන්න දෙවොල් දෙවියන්ට භාර කරමු!

පුවතla... (2016/02/06)

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

රාජපක්ෂ හොරු බේරා ගන්න හොරෙන් කැඩූ පොල් ගැසීමට සීනිගම දේවාලයට ගිය දිනේෂ්ට දෙවියන් අපූරු දඬුවමක් දීලා...


(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.06, ප.ව.6.40) රජයේ ඉඩමක හොර පොල් කඩා රාජපක්ෂ හොරුන් බේරා ගන්නැයි පොල් ගැසීමට ගිය දිනේෂ් ගුණවර්ධනගේ මුදල් පසුම්බිය හොරු අරගත් අපූරු පුවතක් වාර්තා වේ.
^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&

             http://www.lankaenews.com/news/3478/si

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
දෙවොල් දෙව් විමන - සීනිගම 

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
අද මෙම පුවත දැකල සෝභිත මාහිමිපානෝ.. මා හට නිදාගන්නට නොදී මහත් අමන්දානන්දයෙන් යුතුව හාස්‍යජනක ලෙස බොහෝ දේ දෙසුවේය. නමුත් පැවිද්දකු ලෙස උන්වහන්සේ දෙසූ බුදු බණෙහි අැති සමහර පාලී වදන් ගිහියකු වන සත්පුරවැසියාට හරි හැටි මතක නැත. නමුත් උන් වහන්සේගේ සමාලෝචනයේ සංක්ෂිප්තය මා හට මෙසේ විග්රහ කල හැක...

උන් වහන්සේ අපවත් වීමට පෙර සිටියදී යම් යම් කාරනා විවේචනය කල අාකාරයෙන්ම පටන් ගන්නට යෙදුනි.

සමහර අවස්ථාවලදී මට මහත්තයෝ කියලාත් අාමන්ත්රනය කරනා උන් වහන්සේ අෑ.. මහත්තයෝ මේක හරි කෙලියක්නෙයි... කියා පටන් ගත්තේය..

හොරපොල් දීලා හෝ කඩෙන් පොල් අරන් දීලා හෝ පොල් ගස්සවනා රටක් තමන් වහන්සේට අසන්නට දකින්නට ලැබුනු ප්රතම අවස්ථාව මෙය බවයි පැවසුවේ.


සීනිගම දේවාලය යනු ඉතාමත් අනුහස් පවතින ස්ථානයක් බවත් එවැනි පූජනීය ස්ථාන ඉලක්ක කර දේශපාලනික වාසි ලබා ගැනීම හෝ ලාංකේය බැතිමතුන්ගේ ජනවිඥාණයට නිගරු කිරීමක් හෝ නොකල යුතු මනාය..

කෙසේ නමුත් කිසියම් පුද්ගලයකු කිසියම් කාරනාවක් සම්බන්ධයෙන් තමන් තුල පවතින්නාවූ යම් යම් අැදහිලි කරන කොටගෙන දැඩි විශ්වාසයකින් යුතුව දැඩි භක්තියකින් ඉහත කී අාකාරයේ පොල් ගැසීමක් සිදු කරයි නම් කිසිදාකත් එය අන් අයකු ලබා දෙන පොල් ගෙඩියකින් නොව තමන්ගේ මුදලින් හෝ තම නිවසින්ම පිවිතුරු සිතින් ගෙනෙන ලද පොල් ගෙඩියකින් එම කටයුත්ත සිදු කිරීම බවයි අපේ ඉතිහාසය පෙන්වා දී අැත්තේ.

එම නිසා මෙම පොල් ගැසීමට සම්බන්ධ වූ අහිංසක ජනී ජනයා පිලිබඳ අනුකම්පා සහගතව කරුනු කියා පානා සෝභිත හිමියන් පවසන්නේ දෑතේ අතැඟිලි වලටත් වඩා අඩු සැඟව සිටිනා නිවට නියාලු, තක්කඩි, අවස්ථාවාදී, සීමිත පිරිසකගේ බලපෑම්වලට යටත්ව අැති මෙම අහිංසක මිනිසුන් හට දෙවොල් දෙවියන් අනුකම්පා කරනු අැති බවයි.

නමුත් මෙම කටයුත්තට ප්රබල දේශපාලනික නායකත්වයක් ලබා දුන් දිනේෂ් ගුණවර්ධන මහතා අනිවාර්යයෙන්ම දෙවොල් දෙවියන්ගේ පරීක්ෂාවට ලක්වන බවත්.. එමෙන්ම මීලඟ කෙම්මුර දින වන විට පරීක්ෂාවේ ප්රතිඵලය දැක බලා ගත හැකි වන බවත් දැඩිව අවධාරනය කරනු ලැබීය.

දිවිය පුරාම දේශපාලනික අනාථ නාතයෙක්ව සිටි දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉතිරි අායුෂ ටිකත් අනාතාභිජනනීයවම ගෙවී යන්නට නොදී හිටපු ජනපති තුමන් මෙතුමන් තම අාණ්ඩුව තුලට ගෙන බලතල ලබා දීම නිසා දිවි අැති තුරාවත් ගෙවා නිම කල නොහැකි මතු භවයන්හිදීත් ගෙවීමට ඉතිරි වන පූරුවේ ණයක් ගෙවීමට මෙතුමන් හට සිදුව අැත. (අහෝ දුකකි..)

එනිසා ගන්දබ්බයෙක් සහ පාවාදුන්වංශ වගේ චංචනිකව අාත්මාභිලාභ තකා නොව මෙතුමා සත්භාවයෙන්ම කෘතගුණ දක්වන බවක් පෙනෙන්නට අැත. කෙසේ වෙතත් කාට කොයි අාකාරයෙන් කවුරු කෘතගුණ ශීලීත්වයන් දැක්වූවද සීනිගම දෙවොල් දෙවියන්ට හෝ මුන්නේශ්වරමේ කාලීමෑණීන් (http://www.divaina.com/2015/06/14/naka06.htmlහට ගැටළුවක් නොමැත.

නමුත් වෙනත් යටි/පටු අරමුනු වෙනුවෙන් කිසියම් පාලකයෙක්, නායකයෙක්, රජෙක්, ගන්දබ්බයෙක්, පාවාදුන්නෙක් තම යටත් වැසියන් හෝ කාව හෝ රවටයිනම්.... තිස්දෙදාස්අනූනවලක්ෂඅනූනවදාස්නවසියඅනූනවයක් දෙවිවරු ඉවසූවත් අනුකම්පා කලත් සීනිගම දෙවොල් දෙවියන්ගේ නම් අනුකම්පාව හෝ සමාව බොරුය.


අපි බලමු ඉදිරි දින කීපය තුල දිනේෂ් ගුණවර්ධන මහතා රවටලා තිබෙන්නේ ජනතාවද... නොඑසේනම් හිටපු ජනපති අැතුළු ඒකාබද්ධ ඩුප්ලිකේට් විපක්ෂයේ මුළු නඩයම වද කියලා... 

ඔහු හෘද සාක්ෂියට එකඟවම ජනතාව රවටා අැත්නම් විපාක අනිවාර්යයයි, නමුත් කෘතගුණ ශීලීත්වය වෙනුවෙන් රාජපක්ෂලා රැවටීම උදෙසා හෘද සාක්ෂියට විරුද්ධව යම් රඟපෑමක් සිදු කලා නම් සීනිගම දෙවොල් දෙවියන් මොහුටද අනුකම්පා කරනු අැත.

සෝභිතාවතාර වෙනුවෙන් සත්පුරවැසියා සටහන් තබන්නට යෙදුනි.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මෙම උපුටා ගැනීම් -  http://www.divaina.com/2010/12/19/nimna04.html

සීනිගම දෙවොල 


තොටගමු රාජ මහා විහාරයට හා එහි විජයබා පිරිවෙණට උක්‌ සකුරු හා සීනි සැපයූ ගම "සීනි ගම" ලු. කහව- තෙල්වත්ත - පැරූලිය පසු කළ විගස අපට හමුවන්නේ සීනිගම. දැන් සීනිගම ප්‍රචලිත අන් කිසිවක්‌ සඳහාත් නොව එහි පවතින දෙවොල් දෙවියන්ගේ දේවාලය නිසායි. නැතහොත් සීනිගම දේවාලය නිසා. මුහුද මැද දූපතක පිහිටා තිබෙන මේ දේවාලයේ පරිවාරක දේවාලය ගාලුපාර අද්දර පිහිටා තිබෙනවා. අපි සීනිගම දේවාලය වැඳ පුදාගෙන එහි තොරතුරු සොයා බලන්නත් අමතක කළේ නැහැ. 

ප්‍රකටම දෙවිවරයෙක්‌ නොවුවත්, දෙවොල් දෙවියන් "දෙවොල් මඩු" ශාන්තිකර්මයේදී සිහිපත් කෙරෙනවා. ඉන්දියාවේ "දෙබාල්" දේශයේ (වෙළෙඳ මධ්‍යස්‌ථානයේ) පැවැති දෙවොල් දෙවි ඇදහීම ලංකාවට ගෙන ආවේ පැරැණි යාත්‍රාකරුවන් විසින් බව එක්‌ මතයකින් කියන අතර තවත් මතයකින් කියෑවෙන්නේ ඉන්දියාවෙන් ලක්‌දිවට දෙවොල් දෙවියන් පැමිණි බවයි. කෙසේ වෙතත් සීනිගමට අරක්‌ගෙන මෙම දෙවියන් වැරැදි කරන වුන්ට දඬුවම් දෙන, යහපත් අයට සෙත සලසන දෙවි කෙනෙක්‌ හැටියට ප්‍රකටයි. වැරැදිකරනවුන්ට පළි ගසා ගම්මිරිස්‌ ඇඹරීම මෙම දෙවොල් දේවාලය හා බැඳී පවතී. නීතියෙන් හා විවිධ කරදර බාධකවලින් සාධාරණය පතා රටවටෙන් මෙහි පැමිණෙන බැතිමතුන් බොහෝමයි.

ස්‌තුතිය - දේ. සු. ද සොයිසා, තොටගමුවේ රාජ මහා විහාරාධිපති පූජ්‍ය පිටුවල සුමන හිමි
අදහස්‌ ratawata.divaina@gmail.com



පුවතla.... (2016/02/04)


සෝභිත හිමි පිලිරුව තැනීම අත්හිටුවයි

^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&

http://www.inside.gossiplankanews.com/2016/02/fidans-ysn-mssrej-eksu-waysgqjhs.html


----------------------------------------------------------------------------------------------------------------------

ඉහත පුවතට සෝභිත පිලිතුරු'''

සියළු ජාතීන්,සියළු අාගම් වෙනුවෙන් සාධාරන සමාජයක් බිහිකිරීම උදෙසා දිවි හිමියෙන් අැප කැපව හිඳ අප අතරින් භෞතික කයින් වෙන්ව ගියද.. තම අරමුන සාක්ෂාත් වන තුරු නිවනට නොපිවිස තම අාත්මය විශ්වය තුල සැරිසරමින් සත්පුරවැසියාගේ අාත්මය තුලට වරින් වර පිවිස යහපාලන රජයට බලපෑම් කරවනා අපවත් වී වදාල සෝභිත මාහිමිපානෝ....

මෙම පුවත සම්බන්ධයෙන්ද උන්වහන්සේ දක්වන අදහස වන්නේ.. තමන් වහන්සේගේ අපේක්ෂාව වනුයේ ගල්පිලිම හෝ පිලිරූ නොව තම සිහිනය වූ සියළු රට වැස්සන් හට කිසිඳු භේදයකින් තොරව යුක්තිය සාධාරනය රජයන යහපාලනයක් රට තුල ජනිත වීම දැකීම බවයි. එම අරමුන ඉෂ්ඨ කරවනා තුරු තමන් වහන්සේ මෙම භවය හැරදා නොයන බවද අවධාරනය කරයි.

යුක්තිය සාධාරනය අගයන සියල්ලන්ගේම හදවත් තුල තමන් වහන්සේගේ ගුණ සුවඳ අමරනීය බැවින් කපුටන් වසන ගල් පිලිම පිලිරූ සම්බන්ධයෙන් ප්රසාදයක් නොමැති බවද පසක් කරයි.

නමුත් තමන් වහන්සේ වෙනුවෙන් උපහාර පිනිස එවැනි අවශ්‍යතාවක් බැතිමතුන් හට අැත්නම් ගැටළුකාරී නොකරගෙන තමන් වහන්සේ වැඩසිටි කෝට්ටේ නාග විහාර භූමියේ බෝසෙවනේ ප්රධාන මාර්ගයට නිරාවරනය වන ලෙස ඉදිකරන්නැයි විශ්ව තරංග ඔස්සේ මා හට දන්වන ලදී.

සෝභිතාවතාර

Wednesday, February 3, 2016

යෝජිත නව ව්‍යවස්ථාවට බරපතල ප්රශ්නයක්... (2016/02/04)

*******************************************************************************************
යෝජිත නව ව්‍යවස්ථාවට බරපතල ප්රශ්නයක්...
*******************************************************************************************
නිවහල්/නිදහස් යනුවෙන් නාම මාත්රිකව පවතින බොල් වචන යහපාලනයෙන් විචිත්රවත් යථාර්ථයක් කරමු.

රට පුරා බොහෝ පෙදෙස්වල දක්නට අැති සුවිශේෂී වූ අරබුදකාරී කාරනයක් අද ජාතික නිදහස් දිනයේදී ජනගත කිරීමට සත්පුරවැසියා කල්පනා කලේ යහපාලනවාදීන් සියල්ලෝගේම අවධානයට පත්කොට ව්යවස්ථාපිතවම පිලිසරනක් ලබා ගනු අටියෙනි. ඒ උදව්ව සත්පුරවැසි සියල්ලෝම වෙනුවෙන් ඉෂ්ඨ වනු අැතැයි විශ්වාස කරමු.

එම නිසා මෙම පනිවිඩය අහන්න දකින්න ලැබෙනා සියළු ජනතාවද, සියළු දේශපානක්ඥයින්ද, අාගමික උතුමන්ලාද වර්තමාන සමාජයේ මහත් අරබුදයක්ව අැති අප කාටත් පොදු හිරිහැරයක්ව අැති පහත කාරනාව ඉෂ්ඨ සිද්ධ කරගැනීම වෙනුවෙන් මැදිහත් වන ලෙස අායාචනය කරමු.

විශේෂයෙන් මෙම ගැටළුව නිසි ලෙස අගමැති තුමානන් හට යොමුකර ගතහොත් අනිවාර්යයෙන්ම විසඳුමක් ලැබෙනා බව මා හට විශ්වාස මන්ද යත්...

1980 දශකයේදී පැවති එක්සත් ජාතික පක්ෂ රජය කාලයේ පිහිටුවන්නට යෙදුනු මහකොළඹ අාර්ථික කොමිසම මගින් මෙම ගැටළුව නිසි ලෙස පාලනය වුනු නිසාය. 

නමුත් අද එම නීතිමය තත්ත්වය පවතීන්නේද නැද්ද යන්න පවා ගැටළුකාරී වී අැත්තේ පවතින ව්යාකූල තත්ත්වය නිසාය.

ගැටළුව වන්නේ පලමුවෙන් රටේ මහජනතාවට නිදහසේ ජීවත්වීමට අැවැසි පසුබිමක් නොමැති වී තිබීමය. පෙර කල කර්මාන්තයක් කිරීමට නම් එය කර්මාන්ත පුරවරයකට ගෙන යා යුතුය. නිවසක් සාදන්නේ නම් තාප්පයක් බඳින්නේ නම් හෝ වැසිකිලියක් සාදන්නේ නම් අදාල අනපනත් සම්පූර්න කල යුතුය. 

නමුත් වර්තමානයේ රටේ බොහෝ පෙදෙස්වල මෙම තත්ත්වය ඉතාමත් අවධිමත්ය. රු.ලක්ෂ ගනනක් වැය කොට ඉඩම් කට්ටියක් ගෙන ගෙයක් දොරක් සාදාගෙන නිදහසේ ඉන්නට සිතුවද අද එය පුස්සක් වී අැත. මන්ද යත් හෙට දිනයේ අල්ලපු ඉඩමට ශබ්ද දූෂණය හෝ වායු දූෂනය කරනා හෝ මහා මාර්ගය අවහිර කරනා හෝ අවිධිමත් ව්‍යාපාරයක් ස්ථාන ගත කරයි. මේවා කිසිවකට පරිසර වාර්තා, වීථි රේඛා කිසිවක් නැත. නමුත් ඒ සියල්ල පී.එච්.අයි. මහතාට හෝ ටී.ඕ. මහතාට දෙනු ලබන අල්ලසින් යටපත් වේ.

නමුත් රටේ සියළු නීති රීතීන් වලට ගරු කොට ඒ සියල්ල සපුරා වසන වැදගත් රටවැසියන් හට සැනසිල්ලේ විසුමට ඉඩක් නැත. සිදුව තිබුනේ නම් තමාගේ එකම සන්තකය අල්ලපු ඉඩමේ ඉන්න නීති විරෝධී කටයුතු කරන්නාටම තුට්ටු දෙකට විකුණා දමා රට අත්හැර යාම පමනි. 

ඒ තරමටම රාජපක්ෂ සමය රට අරාජික  කොට තිබුනි. නීතියක් නැත. සම්මතයක් නැත. ඉහල සිට පහලට හැම එකාම අල්ලසට (ජරාව කෑමට) නිවසේ කුණුටික ගෙනියන්න එන අය දක්වාම. (එයාටත් අල්ලස් නොදුන්නොත් අායි කවදාවත් කුණු ටැක්ටරය නවත්වන්නේ නැත)

නීතියානුකූලව කටයුතු කරනා ව්යාපාරිකයාගේ ස්ථානය ඉදිරිපිට මහාමාර්ගයේ (පේමන්ට් එකේ) හෝ රජයට අයත් ඉඩම් සීමාවන්හි නීතිවිරෝධී ලෙස බලහත්කාරයෙන් සිදු කරන්නා වූ පැරෂූට්කාර වෙළෙන්දන් නිසා රජයට සියළු බදු ගෙවනා ව්යාපාරිකයින් හට තම ව්යාපාර තව දුරටත් කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව අැත. 

රාජපක්ෂ යුගයේදී මේවා කථා කිරීමටවත් බැරි ප්රශ්නය. රාජපක්ෂ මැතිතුමා නිරතුරුවම තම දේශපාලනික සගයින් මිතුරන් සේ සැලකූ නිසා ඒ පවර් එක (උණ) අැඟට ගත් ප්රාදේශීය මන්ත්රීවරයා දක්වාම චන්ඩිකම ප්රචලිත විය ඉහවහා යනු ලැබීය. 

මෙම වාතාවරනය යටතේ නීතියට සාමයට වැදගත් කමට සාරධර්ම ගුණදර්ම කිසිවකට ගරු නොකරන, හිස නොනමන, රස්තියාදු කාරයන්ද, සමහර ඩිමෝ බට්ටන්ද, සමහර කාඩ ත්රීවීල් කාරයන්ද, සමහර පේව්මන්ට් කාරයන්ද, නිසා අවිහිංසකවද, නිහඬවද, වැදගත්වද, වෙසෙනා මධ්‍යම පන්තිකයාට අසාධාරනයෙන් තැලී පොඩිවී මිරීකී විසුමට සිදුව තිබේ. 

පී.එච්.අයි. ට හෝ ටී.ඕ. ට නීතිය කියලා දෙන්න ගියොත් ඉන් පසු ඔවුන් අපට කොයි මොහොතේ හෝ වරදක් පටවා දඩයක් හෝ නඩුවක් දෙන්නට මාන බලයි. 

ටිකක් ලොකු ගේමක් නම් හොරායි හොරාගේ අම්මයි දෙන්නම එනම් ප්රාදේශීය සභාවේ සභාපතිද සමග එකතු වී කුට්ටිය ගිලියී.

පී.එච්.අයි. මහතා පැමිනිලි කරුද රැගෙන විත්තිකරුගේ ඉඩමට ගොස් එතැන සිට විත්තිකරුට ජංගම දුරකතනයෙන් අමතා එතැනට ගෙන්වා අපූරු නඩු විභාගයක් කර පැමිනිලි කරුට යන්න කියා විත්තිකරුගේ වාහනය පසුපසින් කොහේදෝ යයි... ඉන්පසු විත්තිකරුගේ කොන්ත්රාත්තුව ගන්නා කුඩ්ඩාගේ දැලිපිහි පාර කනකම් පැමිණිලි කරුට දෙයියන්ගේම පිහිට පමනි.

පොලිසියද යම් යම් අවස්ථාවල පුදුම දේවල් සිදු කරයි. 119 ට පැමිනිල්ලක් කල විට අදාල පොලිසිය පැමිනෙන්නේ විත්තිකරුට අමතා අදාල ක්රියාව සඟවන හෝ නවතන ලෙස ජංගම අැමතුම් දීලාය. (සැ.යු. - බොහෝ විට මේවා සිදුවන්නේ පොලිස් දුරකතන වලට රහසින් කන්දෙන වෙනත් නිලධාරීන්ගෙනි) 

ඉතින් කොහොමද යුක්ති ගරුක මිනිසුන් රටේ වසන්නේ.. වැඩිම අසාධාරයක් සිදුව අැත්තේද යුත්තිගරුක මිනිසුන් හටය. රටකට මෙය ඉතාමත් අයහපත් තත්ත්වයකි. රට හදා ගන්නට බැරිනම් විකල්පයක් නොමැති මෙවැන්නන් හට කිරීමට අැති එකම දෙය සදහටම රටින් සමුගන්නටය.(සමීක්ෂනයක් සිදු කලහොත් හඳුනා ගත හැකි වේවි රට අත්හැර ගොස් අැති බහුතරයක් රටක සිටිය යුතුමයන් නොවේද කියා) නමුත් පසුගිය යමපාලනයට අවශ්යව තිබුනේද එයමය. අසාධාරනයෙන් දුස්සීලයෙන් රට කරන්නට නම් සාධාරනය අගයන්නන් සිල්වතුන් යහපාලනවාදීන් නොසිටිය යුතුය යන්නය. එනිසා ඔවුන් හට රට එපා වන දේම සැමත සිදුවිය.


නමුත් ප්රමාද වී හෝ රටේ වාසනාවට පිනට පහල උණු යහපාලනය සෝභිත මාහිමිපානන් පැතූ සාධාරන සමාජය බිහි කරනා බව අපට විශ්වාසය.

කල්පනා කර බලන්න යහපාලනවාදී ඔයාලට ඕනා කොලනියක රජ කම් කරන්නද..! නොඑසේනම් යුක්තිගරුක මිනිසුන් හා යෙහෙන් වැජඹෙන්නද කියා..! 

කාරුණික මැති අැමති තුමනි/තුමියනි. පාර්ලිමේන්තුවට යන්න කලින් ඉස්සර ඔබලා හෝ ඔබලාගේ අම්මලා/තාත්තලා හෝ සහෝදරියක්/සහෝදරයෙක් හෝ අඩුතරමින් ඥාතියෙක්/මිත්රයෙක් හෝ මෙම පීඩාවන් අත්විඳිනවා දැක අැති ස්ථිරවම. අද ඔබලා තීරක ජනතාවගේ ඡන්දයෙන් දේශපාලනික බලපුළුවන් කාරයින් වෙලා නිසා ඒ ඔබලාගේ අයගේ ගැටළු සමහර විට නිරාකරනය කර දීලා අැති. නමුත් මා ඉහත විස්තර කල රටේ වැදගත් අහිංසක නිහඬ ජනතාවගේ ගැටළු නිරාකරනය වන්නේ කවදාකද...!

යහපාලනය පිලිබඳ මහත් වූ විශ්වාසයක් අැති මුත් ඉහල සිට පහලට ධාරාව ගලාගෙන යන්නට කොපමන කල් ගත වේද...
පොඩි උදාහරනයක් වශයෙන් අපේ ගමේ පන්සලට ටිකක් අෑතින් තිබුනු පුරන් කුඹුරක ඕවිටේ මීට කලකට ඉහත කන්ටේනර ටැංකියක් බහාලූයේය. එය අද වන විට අවට ගොඩ මඩ ඉඩම් අක්කර ගනනක් යටපත් කරගත් මහා මාර්ගයද මායිම් කර ගත් පන්සලින් කෙලවර උනු මහා විශාල කන්ටේනර අංගනයකි. ලෙඩ ගානේ වැඩ වසන නායක හිමිපානෝ මහත්තයෝ මට රෑට දායක මහත්තුරුන්ගේ ගෙවල්වල ගිහිල්ල බණ කියල මහන්සි වෙලා අැවිල්ල සැනසිල්ලේ ඩිංගක් නිදාගන්න නෑ රෑ එලිවෙනකම් ටැංකි බානවා පටවනවා සද්දේ ඉවරයක් නෑ කියල අසරනව කියනකොට අපිත් අසරනයි. මන්ද යත් මේවාට විරුද්ධව ලියන්න ගියොත් දේශපාලනික අදිසි හස්තයන් මගින් අපට කුමක් වේදැයි යන බිය නිසාය. 

ප්රාදේශීය සභාවට ගොස් එහි සිටිනා නෝනා මහත්වරුන් හට කුණු/කුණු ගාල කනට කර කීවාම ඔවුන් පවසන්නේ පැමිනිල්ලක් ලියල එවන්න කියලායි. ලියල යැවූ පසු අපව හතුරන්ගේ ගොදුරු බවට පත්කර සභාපති තුමා පැමිනිල්ල කුණු බක්කියට දමයි. අපිට දැන් අැති වෙලා. රටේ ඉන්නම බැරි තත්ත්වයක් තිබුනේ. දැනට චූටි විරාමයක් වගේ තියනවා. යමපාලනය කම්මුතු නිසා...

නමුත් මේවා මෙහෙම කරන්න බැහැ. ඉස්සර 80 දශකයේ රනිල් අාණ්ඩුව කාලේ වගේ පී.එච්.අයි. හෝ සුදුසුකම් සපුරා අවසන් සීල් එක (මුද්රාව) තබන තුරු හැම තැනම සිද්ධවන මේ අවිධිමත් කටයුතු සියල්ලට ව්‍යවස්ථාපිතවම (කරුණාකර) නීති හදන්න. මිනිසුන්ම පැමිනිලි කර අවධානමට ලක් වන්නට තබන්න අවශ්‍ය නෑ එවිට. 

රටක් තුල වසනා ජනීජනයා හට නිදහසේ ඉන්නට බැරි පරිසරයක් නම් තිබෙන්නේ. අපි නිදහස් නිවහල් යැයි කෙසේ පවසන්නද...

එම නිසා සංහිඳියාව රජයන මේ උතුම් යහපාලන රජය අද දින සමරනු ලබන 68 වැනි නිදහස් උලෙලින් පසු මෑතදීම එලි දකින්නට නියමිත ජනතාවාදී ව්යවස්ථාව මගින් මෙම සුවිශේෂී කාරණය පිලිබඳ අවධානයක් යොමු කරවනු අැතැයි ඉතාමත් කරුණාවෙන් අයැද සිටින්නේ. සුවහසක් වූ  අවිහිංසක නිහඬ ප්රජාව වෙනුවෙනි (සත්පුරවැසි මාද අැතුළුව) ස්තුතියී.

ජනපති/අගමැති අැතුළු ව්යවස්ථාදායක සභාවේ සියළු මැති අැමති සහ සිවිල් ක්රියාදරයින් හට තුණුරුවන් සරණයි. සියළු දෙවි රැකවරනයි.

21 සියවසේ ලාංකේය සංහිඳියාවේ නියමුවානන් වහන්සේ 68 වැනි ජාතික නිදහස් දිනයේදී බැතිසිතින් සිහිපත් කරමු.

සෝභිත මාහිමිපානෝ අප අතර සැමදාමත් ජීවමානයි

21 සියවසේ ලාංකේය සංහිඳියාවේ නියමුවානන් වහන්සේ 68 වැනි ජාතික නිදහස් දිනයේදී බැතිසිතින් සිහිපත් කරමු.



















මුල් පිටුව අද නැවතත්...    


සෝභිත මාහිමිපානෝ අප අතර සැමදාමත් ජීවමානයි

උන්වහන්සේගේ අාත්මීය අාශිර්වාදය අැතිව උන්වහන්සේගේ චිත්ත අභිප්‍රායයේ නාමයෙන් උන්වහන්සේගේ තෝරාගැනීමේ ගෞරවයට පත් සත්පුරවැසියා විසින් උන්වහන්සේට නිවන් සුව පිනිස  සෝභිතාවතාර බ්ලොඩ් අඩවිය නාමයෙන් යහපාලනයට වසරක් සපිරෙන අතිඋතුම් අද (2016/01/08) දිනයේ සිට පවත්වාගෙන යනු ලබයි.

එහෙයින් අවශ්‍ය තන්හිදී සත්පුරවැසියා සෝභිතාවතාරද වේ...


ජාති, අාගම්, කුලමල භේදයෙන් තොරව සැමගේම ඉමහත් ගෞරවාදරයට පාත්‍රව සිට ශාරීරික වශයෙන් අප අතරින් වෙන්ව ගියේ අන් කිසිවක් නිසා නොව බාධාවලින් තොරව වඩාත් හොඳින් තම අරමුන කරා පිවිසීමට බවයි උන්වහන්සේ සිහිනෙන් පැමින සත්පුරවැසියාට පවසා සිටියේ...

යහපාලන නායකකාරකාදීන් හමුවීමට, අදහස් පල කිරීමට අවශ්‍ය උපදෙස් සහ මාර්ගෝපදේශ ලබා දීමට වෙනදා පැවති බාධා කිසිවක් දැන් නොමැති බවයි උන්වහන්සේගේ නවතම අදහස. තමන්වහන්සේ හට සිත් පහල වුනු ඕනෑම මොහොතක අාත්මිකව ඔවුන්ගේ නිදි යහන කරා පිවිස හෝ දැන්විය යුතුදේත් උපදේශනයත් නිසි ලෙස සිදුකර අරමුන සාක්ෂාත් වන තුරු උත්සාහය අත්නොහලන බවත්.. 

යම් ලෙසකින් සැමට සාධාරන සමාජයක් බිහිකිරීම වෙනුවෙන් යන්නාවූ මේ ගමන් මග හරස් කිරීමට හෝ එය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන්නන් හට නිසි දඞූවම් පැමිනවීමට පසුබට නොවන බවත් පවසා සිටියී. 
 (අාරම්භක පිටු නැවත බැලීමට පහල Old Post වලට පිවිසෙන්න)