Thursday, June 28, 2018

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි සෝභිත හිමියන්ගේ නිසල දේහය අභියස සපථ කළ පොරොන්දු කඩ නොකරනු.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි සෝභිත හිමියන්ගේ නිසල දේහය අභියස සපථ කළ පොරොන්දු කඩ නොකරනු.

දයාන් ජයතිලක යනු සුපැහැදිලි ලෙසම රාජපක්ෂවාදී කුක්කෙකි. සෝභිත මාහිමිපාණන්ගේ දේදුනු විප්ලවයට දිවි හිමියෙන් උරදුන් නිසි සුදුස්සෙකු තෝරා පත් කරනු මිස... මෙම තනතුරට  දෙපිටකාට්ටුවෙකු පත්කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි සෝභිත හිමියන්ගේ නිසල දේහය අභියස සපථ කළ පොරොන්දු කඩ නොකරනු.
නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට සබුද්ධික දේදුනු ප්‍රජාව සමග අවධාරණය කරයි.
========================================================================================
යහපාලනද්‍රෝහී ජනාධිපති විනාශකාරී තානාපතියෙක් පත් කිරීමට එරෙහිව බුද්ධිමතුන් සිවිල් සංවිධාන 108 ක් පාර්ලිමේන්තුවට කරුණු කියති.
https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/1926754974056325/?type=3
(ලංකා ඊ නිව්ස් -2018.ජුනි.27,ප.ව.8.20) යහපාලන සංකල්ප වලින් සම්පූර්ණයෙන්ම අංශක 180 ක් කරකැවී ප්‍රතිවිරුද්ධව කටයුතු කරන යහපාලනද්‍රෝහී මඤ්ඤං ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ විසින් තම රුසියානු යුද නැව් ඩීල් සාක්ෂාත් කර ගැනීම සඳහා නොබෝදා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කරන ලද විනාශකාරී දයාන් ජයතිලකට එරෙහිව රටේ බුද්ධිමතුන් සහ සිවිල් සංවිධාන 108 ක් ඉහළ නිලතල පිලිබඳ පාර්ලිමේන්තු කමිටුව වෙත කරුණු දක්වා තිබේ. පහත දැක්වෙන්නේ එම ලිපිය සහ අත්සන් තබන ලද පිරිසයි

ලේකම්,
ඉහළ නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ.

ආචාර්ය දයාන් ජයතිලක රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කිරීම පිළිබඳ ප්‍රතිචාර ඉදිරිපත්කිරීම.
--------------------------------------
රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කරනු ලැබ යැවීම පිණිස ආචාර්ය දයාන් ජයතිලක මහතාගේ නම යෝජනාකිරීමට ශ්‍රී ලංකා රජය කටයුතුකර ඇතැයි පළව ඇති තොරතුරු සම්බන්ධයෙන් පහත අත්සන් කර අනුමැතිය පළකරන පුද්ගලයන් සහ සිවිල් සමාජ සංවිධාන බලවත් සේ අවධානයෙන් පසුවේ. ඉහළ නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව විසින් දයාන් ජයතිලක මහතාගේ යටකී පත්වීමද ඇතුළත්ව තවත් පත්කිරීම් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර පළකිරීමට අවස්ථාව සලසමින් 2018 12 වන දාතමින් යුතුව පළකළ ප්‍රසිද්ධ දැන්වීම ප්‍රකාරව අප අපගේ පහත ප්‍රතිචාරය ඉදිරිපත් කරන්නෙමු.

ජාත්‍යන්තර ප්‍රජාව සමග සබඳතාවයන් පවත්වාගෙන යාම විෂයෙහි ශ්‍රී ලංකාවෙහි ඉතිහාසය බොහෝ සෙයින් සාධනීය එකක් බව ආරම්භයක් වශයෙන් සඳහන් කළ යුතුය. ජාත්‍යන්තර සබඳතා විෂයෙහි ශ්‍රී ලංකාව විසින් නඩත්තු කරන ලද සුවිශේෂී ප්‍රමිතීන් සමූහයක් ඇත. එලෙසින්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බහු-පාර්ශවීය සංසදයන්ද ඇතුලත්ව මිත්‍ර පාර්ශව වෙතින් මේ කාරණය සම්බන්ධව මහත් ගෞරවයක් දිනාගන්නටද ශ්‍රී ලංකාව එහි ඉතිහාසය තුළ සමත්ව ඇති බව ද සඳහන් කළ යුතුව ඇත. වාර්ගික ගැටුම් මූලික කරගෙන ශ්‍රී ලංකාව තුළ ප්‍රචණ්ඩ භාවිතයන් වර්ධනය වූ 1980 දශකයේ අගභාගයේ පටන්ම එවකට පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මෙන්ම, පසුව යටකී කොමිසම වෙනුවට පිහිටුවා ක්‍රියාත්මක කරවූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ද දිගින් දිගටම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරද්දි වින්දිතයන්ගේ පාර්ශව, සිවිල් සමාජය මෙන්ම දිගින් දිගටම පත්වූ රජයන්ද එකී සාකච්ඡාවන් හා අඛණ්ඩව සම්බන්ධවීමද මේ හා සමගම සඳහන් කළ යුතුය.

මෙකී සාධනීය තත්ත්වයේ තදබල වෙනසක් දකින්නට සිදුවනුයේ සාමාන්‍ය පුරවැසියන්, සිවිල් සමාජය, ජනමාධ්‍යවේදීන් සහ සමාජයේ සෙසු මතවාදී නායකයන් ඉලක්කක කරගනිමින් පෙර නොවූ විරූ මර්දනයක් මුදා හැරි පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේදීය. ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියේ පැහැදිලි විතැන්වීමක් මෙම යුගය තුළ අප හඳුනාගන්නෙමු. මෙම කාලය තුළ ස්විස්ටර්ලන්තයේ ජිනීවාහී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස කටයුතු කළ ආචාර්ය දයාන් ජයතිලක ශ්‍රී ලංකාව තුළ සිදුවූ ප්‍රචන්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් වන සාකච්ඡා අතරතුර බරපලතල එදිරිවාදී ස්වභාවයකින් සහ ප්‍රචණ්ඩ ක්‍රියා උත්කර්ෂයට නංවන ආස්ථානයකින් කටයුතු කරනු දැකිය හැකිවිය. 2009 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාකිරීමට විශේෂ සැසිවාරයක් කැඳවූ අවස්ථාවෙහි ඔහු හැසිරුනු ආකාරය මෙහිලා නිදසුනක් වශයෙන් දැක්විය හැක. මෙම සැසිවාරය අතරතුර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වූවන් කෙරෙහි සතුරු ආකල්පයකින් ප්‍රතිචාර දක්වන්නට ඔහුගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිස කටුයතු කරනුද ඔහුගේ මතය විවේචනය කළ පුද්ගලයන් සෘජුවම ඉලක්ක කරගනිමින් වාග් ප්‍රහාර එල්ලකිරීමට ආචාර්ය දයාන් ජයතිලක කටයුතු කරනු ද නිරීක්ෂණයව ඇත. ශ්‍රී ලංකාවේ යටකී ස්ථාවරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය බරපතල දෙදරවීමකට ලක්කිරීමට හේතුවූවාක් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව සමග අතිශය රාජ්‍යතාන්ත්‍රික ලෙස ගනුදෙනුකිරීමේ පරිචය සහිත රටක් වශයෙන් ශ්‍රී ලංකාවට හිමිව තිබූ කීර්තියද එයින්ම බරපතල ලෙස හානිවිය. එක්සත් ජාතීන්ගේ සෙසු රාජ්‍ය නියෝජිත පාර්ශව සහ එක්සත් ජාතීන්ගේ සෙසු සංවිධාන අතර ඉහත සැසිවාරය මානව හිමිකම් කවුන්සිලයේ ඒකාග්‍රතාවය සම්බන්ධයෙන් ඇතිකළ සෲණාත්මක බලපෑම මෙන්ම ගෝලීය වශයෙන් මානව හිමිකම්හි ප්‍රවර්ධනය සඳහා කවුන්සිලයේ භූමිකාව සම්බන්ධයෙන් ද බරපතල කැළඹීම් ඇතිකරන්නට ශ්‍රී ලංකාව විසින් ඇතිකළ යටකී බෙදීම සමත්විය.

යථෝක්ක විශේෂ සැසිවාරයේදී ශ්‍රී ලංකා ධුත පිරිස විසින් ගනු ලැබූ ස්ථාවරය ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂයන්ට හානිකර තත්ත්වයක් වශයෙන් වර්ධනය වූ බවද අප විසින් මෙහිලා සඳහන් කර තැබිය යුතුව ඇත. වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් ඉතා නිරවුල් ලෙස පෙන්වාදී ඇති පරිදි 2009 මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ආචාර්ය දයාන් ජයතිලක විසින් පෙන්වූ හැසිරීම සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්වූ යෝජනාවක් ‘ජයග්‍රහණය’ කරමින් උතුරු-නැගෙනහිර යුද්ධය සිදුකළ ආකාරය අගයකරන ස්ථාවරයකට ජාත්‍යන්තරය ගෙන එන්නට සමත්වූවායැයි ඔහු විසින් දිගින් දිගටම කළ උදම් ඇනීම්ද ඉන් පසුව කාලය තුළ ශ්‍රී ලංකාවට බරපතල ප්‍රතිඵල උදාකර ඇත. ශ්‍රී ලංකා ධූත මණ්ඩල විසින් දිගින් දිගටම මතවාදාත්මක වශයෙන් නොසලකාහැරි ජිනීවා ක්‍රියාකාරීන් බරපතල කම්පනයකට ලක් කරන්නට එකී ක්‍රියාකාරීත්වය සමත්විය. 2009 මානව හිමිකම් කවුන්සිල විශේෂ සැසිවාරය හා බැඳුණු මෙකී සිද්ධි දාමය අවසන්වූයේ ශ්‍රී ලංකාව තුළ නිසැක වශයෙන්ම බරපතල ගණයේ මානව හිමිකම් උල්ලංඝනයන් සිදූව ඇත යන්නත් ඒවා සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් නිසැකවම සිදුවිය යුතු බවත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික ජාත්‍යන්තර ප්‍රජාවට ඒත්තු යාමෙනි. ආචාර්ය දයාන් ජයතිලක විසින් ඉදිරියට ගෙන ආ යටකී එදිරිවාදී සහ ස්වඋත්කර්ෂවත් ප්‍රවේශය බරපතල මට්ටමේ අකාර්යක්ෂම එකක් වූ අතරම 2012, 2013, සහ 2014 යන වර්ෂවල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දිගින් දිගටම යෝජනාවලීන් ඉදිරිපත්වන තත්ත්වයකටද එය මගපෑදීය. එලෙසින්ම පසුකාලීනව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්වූ කල්හි ආචාර්ය දයාන් ජයතිලක ඉහත සඳහන් කළ මානව හිමිකම් කවුන්සිල යෝජනාවලට පක්ෂව ඡන්දය දීමේ ප්‍රංශ රජයේ ස්ථාවරය වෙනස්කිරීමට ද අසමත්වූ බව අප මෙහිලා පෙන්වා දීමට කැමැත්තෙමු. එය රාජ්‍ය තාන්ත්‍රික ධූත මණ්ඩලයක ප්‍රධානයා වශයෙන් කටයුතුකිරීමෙහිලා ඔහු සතු නුසුදුසුභාවය පැහැදිලිකරන්නකි.

2015 ඇතිවූ දේශපාලන වෙනසින් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ යහපාලන රජය සංහිඳියාව කෙරෙහි වඩාත් නැඹුරු ප්‍රවේශයක් දක්වා නැවත ගමන්කරනු දැකීම අපගේ සතුටට හේතුවිය. අතීතයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිගැනීම මෙන්ම සංහිඳියාව ඉලක්කකරගත් පැහැදිලි ප්‍රතිසංස්කරණද මෙම කාලය තුළ ආරම්භවනු දැකිය හැකිවිය. හුදෙක් ජාත්‍යන්තර ප්‍රජාව නොමග යැවීමේ උත්සාහයකට වඩා සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් පිළිගන්නා ආස්ථානයක කටයුතු කරමින් මානව හිමිකම් පිළිබඳ ගැටලුව දේශීය ප්‍රශ්නයක් වශයෙන් ගෙන ආමන්ත්‍රණයකිරීමක් ඒ තුළ විය. ජාත්‍යන්තර ප්‍රජාව සමග සබඳතා ප්‍රතිපිහිටුවාගනිමින් කටයුතුකිරීමට ශ්‍රී ලංකාව යොමුව තිබෙනු දැකීම අතිශය වැදගත්ය. එලෙසින්ම එම ක්‍රියාකාරීත්වය තුළ රටක් වශයෙන් පොදුවේ ශ්‍රී ලංකාවේ අභිලාෂයන්ට මිස තනි පුද්ගලයෙකුගේ උවමනා එපාකම්වලට මුල්තැන දීමක් සිදු නොවෙමින් තිබීමද සිවිල් සමාජය වශයෙන් අපගේ සතුටට හේතුවකි. ජපානයේ පැවති G7 සමුලුව සහ 2016 වර්ෂයේ මහා බි්‍රතාන්‍යයේ පැවති දූෂණ පිටුදැකීම සඳහාවන සමුලුව වැනි ජාත්‍යන්තර සභාවන්හට සහභාගීවීමට මෙරට ජනාධිපතිවරයා වෙත ආරාධනා ලැබීම ජාත්‍යන්තර සබඳතා විෂයෙහි ශ්‍රී ලංකාවේ මෙම සුබවාදී ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රජාවෙහි ඉහළ පිළිගැනීමකට ලක්ව තිබෙන බව පැහැදිලිව ගම්‍යකරන්නකි.

සත්‍ය වශයෙන්ම ප්‍රජාතාන්ත්‍රීය, බහුවිධ සහ රටෙහි වාසය කරන සියල්ලන් සමානයන් ලෙස සැලකෙන, ජාත්‍යන්තර සබඳතා විෂයෙහි ගෞරවනීය ස්ථාවරයක් නඩත්තු කරන රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව යළි ඉදිරියට ගෙන යාමේ අසීරු ප්‍රයත්නයන්හි ගෞරවය පවා පසුගිය රජයේ වැරදිවලට වගකිවයුත්තන් වන, එපමණකටම, අද මේ මොහොත දක්වාත් එකී රජය කරවූවන් කෙරෙහි වඩාත්ම ලැදියාවකින් කටයුතු කරන්නන් යළි ඉදිරියට ගෙන ඒමේ උත්සාහයන් නිසා හානියට පත්විය හැක.

ආචාර්ය දයාන් ජයතිලක විසින් දරණ මතවාදයන් හා 2015 ජනවාරි 08 වනදා සිදුවූ වෙනස ව්‍යූහගත කළ මතවාදය යනු සම්පූර්ණයෙන්ම වෙනස් අන්ත දෙකක මතවාද දෙකක්ය යන්න අපගේ පිළිගැනීමයි. යහපාලනයෙහි අතිශය හරයාත්මක මූළධර්මයන් මෙන්ම යහපාලන රජය වෙනුවෙන් පෙනී සිටින්නන්ද ආචාර්ය දයාන් ජයතිලක අතින් නිග්‍රහයට පත්ව ඇත. ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණයන් සහ සංහිඳියාව ඇතිකිරීමේ උත්සාහයන් සම්න්ධයෙන් මන්දෝත්සාහී වෙමින් ඔහු ඒවාට විරුද්ධ ආස්ථානයක සිට කටයුතු කර ඇත. අනෙක් අතට රජයේ සන්නද්ධ අංශ වෙතින් රඳවාගෙන සිටි පුද්ගලික ඉඩම් යළි ඒවායේ මුල් අයිතිකරුවන් වෙත මුදාහැරීම සහ දහස් ගණනක් වන අතුරුදහන්වූවීමේ සිදුවීම් සම්බන්ධයෙන් ස්ථාවර කාර්යාලයක් පිහිටුවීම වැනි යුද්ධය නිසා විපතට පත්වූ පාර්ශවයන් වෙනුවෙන් ගනු ලැබූ ඇතැම් පියවර සාධනීය කාර්යයන් වශයෙන් හඳුනාගත් රජයේ ප්‍රගතිශීලී අමාත්‍යවරුන් සහ සෙසු නායකයන්ට එරෙහිව දිගින් දිගටම ප්‍රකාශ නිකුත්කිරීමද ඔහු කටයුතු කළහ. ආචාර්ය දයාන් ජයතිලක යනු පැවති රජය විසින් සිදුකළ දාමරික ක්‍රියාකාරකම් වශයෙන් සිවිල් සමාජය විසින් බිය පළ කරන බොහෝ සිදුවීම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දායකත්වය මෙන්ම ඔහු විසින් නඩත්තු කළ දරදඬු ප්‍රවේශයන්ද එකසේ අගය කළ පුද්ගලයෙකි.

ආචාර්ය දයාන් ජයතිලක රාජ්‍ය තාන්ත්‍රික ධූත මෙහෙවරක් සඳහා පත්කර යවනු ලැබූ පෙර අවස්ථා දෙකෙහිදිම, එනම් ජිනීවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා වශයෙන් පත්වූ අවස්ථාවේත්, ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්වූ අවස්ථාවේත් ඔහු විසින් ක්‍රියාත්මක කරනු ලැබූවේ ශ්‍රී ලංකාවට රටක් වශයෙන් වඩාත්ම වැදගත් මිත්‍ර පාර්ශවයන් වෙතින් එය ඈත් කරන තරමේ ප්‍රතිවිපාක සහිත පුද්ගලික න්‍යාය පත්‍රයකි. ආචාර්ය දයාන් ජයතිලකගේ මතවාදීමය දැක්ම සමග අතිශය සමපාත ක්‍රියාකාරීත්වයක් පැවති රාජපක්ෂ රෙජීමය සමයේ පවා ඔහුගේ ක්‍රියාකාරීත්වය මේ ආකාර නම් ජාතිකත්වය මත පදනම්වූ ඔහුගේ වර්ගවාදී මතවාදයන්ට සමීපතාවයක් පෙනෙන්නට නොමැති යහපාලන රජය තුළ රාජ්‍ය තාන්ත්‍රික තනතුරක් දරමින් ඔහු විසින් සිදුකරනු ඇති හානීන්ගේ තරම අතිමහත් වනු ඇත.

ආචාර්ය දයාන් ජයතිලක මහතා ජ්‍යේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික තනතුරක් සඳහා නිරේදේශකිරීමේ පදනම අප විසින් ප්‍රශ්න කරනුයේත් එම පත්කිරීම සඳහා වන නිර්දේශය ප්‍රතික්ෂේප කරන ලෙස අප පාර්ලිමේන්තුවේ ඉහළ නිලතල පිළිබඳ කමිටුවෙන් ඉල්ලා සිටිනුයේත් මෙම පසුබිම මතය. එසේම 2015 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නැවත ගොඩනැංවීම පිණිසත් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ප්‍රතිපත්තිමය පෙනී සිටිමක් සහිත රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමටත් යහපාලන රජය මේතාක් ගෙන ඇති උත්සාහයන් පිළිබඳ යළි හැරී බලන ලෙස අප ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින්නෙමු. එකී උත්සාහය පරිද්දෙන් ඉහතකී ආකාරයේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවර සඳහා පත්විය යුත්තේ 2015 වර්ෂයේ පටන් මේ දක්වා රජය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිසංස්කරණ වැඩසටහන නිසි ලෙස නියෝජනය කළ හැකි පුද්ගලයෙකු මිස එකී වැඩපිළිවෙල සිතාමතාම අවතක්සේරුවට ලක්කිරීමට කටයුතු කරන්නෙකු නොවන බවද අප විසින් අවධාරණය කරන්නෙමු.

අත්සන් තබන ලද්දේ

Individuals
------------------
1. A.C. Mohamed Rumaiz
2. A.D.J Rajani
3. A.L. Ratnayake
4. Anurasiri Hettige
5. A.R.A Ramees
6. Bennette Ratnayake
7. Bhavani Fonseka
8. Bishop Kumara Illangasinghe
9. Brito Fernando
10. C. Ranitha Gnanarajah- Attorney-at-law
11. Chandra Jayaratne
12. Chandra Hewa Gallage
13. Chandraguptha Thenuwara
14. Cyril Pathiranage
15. Danesh Casie Chetty
16. Deekshaya Illangasinghe
17. Dharmasiri Bandaranayaka
18. Dileep Rohana
19. Dr. P. Saravanamuttu
20. Dr. Ranjith Pathirana
21. Faaiz Ameer- Attorney-at-law
22. Faheema Begum Marsook
23. Fathima Fayaza
24. Freddy Gamage
25. Gamini Viyangoda
26. Gnaweera Dissanaike
27. H.M Premasilee
28. Harsha Gunasena- Charted Accountant
29. Harshana Makalanda
30. Helen de Alwis
31. Herman Kumara
32. J. Subashini
33. Jayatilleka Bandara
34. Jayanta de S Wijeratne
35. Jeanne Samuel
36. Jeyakanthi Jena
37. Juwairiya Mohideen
38. K.M.D Nilasini
39. K.W Janaranjana
40. Kaushalya Fernando
41. Keerthi Kariyawasam
42. Lakshman Gunasekara
43. Lal Wijenayaka
44. Lal Hegoda
45. Lionel Guruge
46. Lucian Bulathsinhala
47. Lukshman Mendis
48. M.D Mahindapala
49. Mahaluxmy Karushanthan
50. Mahesh Senanayaka- Senior Lecturer, Colombo University
51. Mahinda Ratnayaka
52. Mangalika Fernando
53. Marian Pradeepa
54. Marshal Fernando
55. Mohammed Dilshan
56. Mujeebur Rahman
57. Nigel Nugawela
58. Nihal Attapattu
59. Noel Christine Fernando
60. P. Manoharan
61. P.D. Dissanayake
62. P. D. Gunathilaka
63. Padmini Weerasooriya
64. Philip Dissanayake
65. Prabodha Rathnayaka
66. Prasanga Fernando
67. Priyadarshani Ebenezer
68. Prof. Arjuna Parakrama
69. Prof. Camena Guneratne
70. Prof. Desmond Mallikarachchi
71. Prof. Jayadeva Uyangoda
72. Prof. Kumar David
73. Prof. Sarath Wijesuriya
74. Raisa Wickrematunge
75. Roshaan Hettiaratchi- Attorney-at-law
76. Saman Ratnapriya
77. Sampath Samarakoon
78. Sandun Thudugala
79. Sandya Ekneligoda
80. Sanjana Hattotuwa- Senior Researcher, Centre for Policy Alternatives
81. Sarah Arumugam- Attorney-at-law
82. Seetha Gamage
83. Shaheera Lafeer
84. Shanthi Dissanayaka
85. Shreen Saroor
86. Sumika Perera
87. Sumathipala Kariyawasam
88. Sunil Perera- Gypsies
89. Titus Fernando
90. Tharanga L. Patabandhi
91. Upul Kumarapperuma
92. Ven. Dhambara Amila Thero
93. Ven. Mahagalkadawala Pungnasara Thero
94. Visaka Dharmadasa

Organisations
----------------------
95. Association of War Affected Women
96. Centre for Policy Alternatives
97. Families of the Disappeared
98. Janasansadaya
99. Mothers and Daughters of Lanka
100. Muslim Women’s Development Trust, Puttalam
101. Northern Muslim Civil Society
102. Northern Muslim Forum
103. Platform for Freedom
104. Rights Now Collective for Democracy
105. South Asian Centre for Legal Studies
106. Women’s Action Network
107. Women’s Centre
108. Women’s Resource Centre, Kurunegala

Monday, June 25, 2018

දැන් මගේ අතේ මිටෙත් කීයක් හරි තියෙන හින්ද මාත් මේ කල්පනා කලේ විගණකාධිපති තුමාට කෝල් එකක් දාල මම පොඩි කාලේ ඉඳන් රටට අැති ණය ටික කීයද කියල අහල ගෙවල දාන්න පුළුවන්ද බලන්න ඕන......

25

Indunil Perera
රාජපක්ෂ කෞතුකාරය ඉදිකිරීමේ මූල්‍ය අවභාවිතාව ගැන කටඋත්තර දීමට පැමිනි දේශප්‍රේමී ජාතික නායක ගෝඨාභය රාජපක්ෂය මහතා අද දින (25) උදේ මූල්‍ය අපරාධ කොට්ටාශ මූලස්ථානයට ඇතුල් වෙමින් එසේ ප්‍රකාශ කරන ලදී.


WE ARE NOT THIEVES!

I WILL REFUND THE MISAPPROPRIATED GOVERNMENT FUNDS!
Former defence secretary Gotabaya Rajapksha arrived at the FCID this morning to make a statement over an alleged misappropriation of government funds to built a monument of his parents.

=================================================================================
දැන් මගේ අතේ මිටෙත් කීයක් හරි තියෙන හින්ද මාත් මේ කල්පනා කලේ විගණකාධිපති තුමාට කෝල් එකක් දාල මම පොඩි කාලේ ඉඳන් රටට අැති ණය ටික කීයද කියල අහල ගෙවල දාන්න පුළුවන්ද බලන්න ඕන......

..... අර රාජපක්ෂලා අම්ම තාත්තගේ සොහොන් හදන්න අාණ්ඩුවේ සල්ලි අරන් දැන් ඔය ඒව අාපහු ගෙවන්න යනව කියන්නේ... ඔය අර කොහේද හංගලා තියෙන සල්ලි වගයකින්ද කොහෙද.!

අනේද කියන්නේ.... 

මෙව්ව හරියට අම්මගෙන් බීපු කිරිවලට ණය වූ ගාස්තුව ගෙවන්න අහනවා වගේ වැඩ...

රටේ සදාචාරය වනසපු, අනාගත පරපුර ජාති ණය කරවපු මේ තක්කඩි රැල දැන් අාණ්ඩු බලය නැති උන නිසා නීතියෙන් ගැලවෙන්න දාන කස්තිරම් වැඩ මෙව්ව...

නිර්පාක්ෂික සෝභිතාවතාර

========================================

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමෙන් පසු  පිටව ගොස් තිබෙයි.
අද (25) පෙරවරු 09.00ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත  කැදවා තිබුණේ  ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව 
විභාග කිරීමටය.
එහිදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය,  ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය 02කට අාසන්න කාලයක් ප්‍රකාශ ලබාදී ඇති අතර අත්අඩංගුවට ගැනීමක් සිදුව නැත.
තම දෙමාපියන් වෙනුවෙන් වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ ඉදිකළ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ගොඩනැගීමේදී රුපියල් ලක්ෂ 900කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට  චෝදනා එල්ලවී තිබේ.
පොදු දේපළ පනත යටතේ අදාළ චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පසුගිය නොවැම්බර් මාසයේ

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සුදනම්වූ අවස්ථාවේ තමන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් ලබාගැනීමට ගෝඨාභය රාජපක්ෂට හැකි විය.
එදින පොලීසිය කළ ඉල්ලීමක් සළකා බලමින් ඉහත කී චෝදනා සම්බන්ධයෙන් ජුනි 25 වෙනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවට අධිකරණය ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබිණි.
ඔහු අද පැමිණියේ ඒ අනුවය.
 2014 වසරේ නොවැම්බර් 6 වෙනිදා  විවෘත කෙරුණු කෞතුකාගාරයට ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 900 ක්  වැයකිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුවේ.

කෞතුකාගාරය ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබුවේ ඩී. ඒ. රාජපක්ෂ පදනම හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ මණ්ඩලය සමග ඇති කරගත් නීත්‍යානුකූල එකඟතාවය මත බවත් මෙය සිවිල් ගණුදෙනුවක් බවත් පවසමින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් චෝදනා ප්‍රතික්ෂේප කරමින් අධිකරණයට කරුණු දක්වා තිබුණි.
මෙම චෝදනාවට අමතරව මිග් යානා ගනුදෙනුව, ඇවන්ගාඩ් සිද්ධිය සහ ඇපලෝ රෝහලේ කොටස් මිලදී ගැනීමේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවලට එරෙහිව ක්‍රියාත්මකවන පරීක්ෂණවලින්ද ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග ලබාදී තිබේ.
මෙම නඩුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හතර දෙනෙකු ඉවත්වීම සම්බන්ධයෙන්ද කතාබහක් ඇතිවිය.
http://www.gossiplankanews.com/2018/06/fcid-gotabhaya.html

Sunday, June 24, 2018

අද පාර්ලිමේන්තුවේදී සිදුකළ ආන්දෝලාත්මක කතාව.... තුලින්ම තමන්ගේ පාරදුෂ්යය භාවය පසක් කල රන්ජන් රාමනායක නිර්භීත දුර්ලභ දේශපාක්ඥයානනි.... ඔබට 2015 ජනවාරි 8 දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාව සමගින් සෝභිතාෂීර්වාද පතමු. නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට...


අද පාර්ලිමේන්තුවේදී සිදුකළ ආන්දෝලාත්මක කතාව.... තුලින්ම තමන්ගේ පාරදුෂ්යය භාවය පසක් කල රන්ජන් රාමනායක නිර්භීත දුර්ලභ දේශපාක්ඥයානනි.... ඔබට 2015 ජනවාරි 8 දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාව සමගින් සෝභිතාෂීර්වාද පතමු. නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට...

ඒ කථාව ඔබගේ දෙනෙතින් බලා දෙකනින් අැසීමට පිවිසෙන්න....





චීන ණය උගුල් දේශපාලනය = ගමේ ගිනිපොලියාගේ භූමිකාව

 චීන ණය උගුල් දේශපාලනය = ගමේ ගිනිපොලියාගේ භූමිකාව 
Lankaenews
හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී කීර්ති රත්නායකගේ මෙම අති විශිෂ්ඨ පැහැදිළි කිරීම මේ රටේ අබුද්ධික රාජපක්ෂ සරණං ගච්ඡාමි ගෝත්‍රිකයි හට කෙසේ නම් පැහැදිලි කරන්නද.....
නිර්පාක්ෂික සෝභිතාවතාර සෝභිත මාහිමිපාණන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාව සමගින්.....

චීන ණය උගුල් දේශපාලනය; නේපාලය සහ ශ්‍රී ලංකාව; ගෝඨා සහ ඇලයිනා…!
-කීර්ති රත්නායක ලියයි-

(ලංකා ඊ නිව්ස් - 2018.ජුනි.23, පෙ.ව‍.0.30)
ගමේ ගිනිපොලියාගේ භූමිකාව
----------------------------------
පුද්ගලයෙකුගේ ආදායම සිය වියදම් පියවා වැනීමට නොසෑහේ නම් ජනප්‍රිය විකල්පය වන්නේ ණය ගැනීමය. බැංකුවකින් ණයක් ලබාගැනීමට කොන්දේසි මාලාවක් සම්පූර්ණ කළ යුතු වෙයි . නමුත් ඉහල පොලී කොන්දේසි මත ගමේ ගිනිපොලියාගෙන් පහසුවෙන්ම ණයක් ලබා ගත හැක. ඉඩම් ඔප්පුවක් හෝ කණකර ඇපයේ තබා විශාල මුදලක් වුවද ඔහුගෙන් ඉක්මනින් ලබා ගත හැකිය. ණය ලබා ගන්නේ මන්ද? ඒවා පියවන්නේ කෙසේද? වැනි කරුනු කාරනා ඔහුට නොවැදගත්ය. බොහෝ ගිනිපොලී කාරයින් ණය නොපියවන තරමට කැමතිය, මක්නිසාදයත් ණය නොගෙවුව හොත් ගේ දොර ඉඩකඩම් පමනක් නොව ණය ගැතියාගේ අඹුවද සින්නයට ගත හැකි බැවිනි. ගිනි පොලීකාරයන්ගේ ණය උගුල්වලට හසුවී ගේ දොර අහිමි වූවන් ඕනෑ තරම් අප අතර ඇත. ලීසිං කොම්පැනි වලට ණය වී බොරු සෝබන පෙන්වීමට ගොස් වැඩ වරද්දා ගත්තවුන් ඕනෑ තරම් ඇත. ණය බර නිසා සිය දිවි හානි කරගත් උන් ද එමටය. එවැනි බුන්වත් අයෙකු ලෙස ජීවත් වුවද සමාජයේ උපහාසයට ලක්වීම නොවැලැක්විය හැකිය.
චීන ගිනි පොලියාගේ පැටිකිරිය
----------------------------------
භූ දේශපාලන කරලියේද ගිනි පොලියට ණය අරන් බුන්වත් වූ රටවල් දැකිය හැක. එලෙස බුන්වත් වූ රාජ්‍ය නාමලේඛනයේ අද උඩින්ම සටහන් වන්නේ මෙසිරි ලංකාවේ නමයි . අද බොහෝ දෙනෙකු කථා බහ කරනුයේ 8% වැනි ඉහල අනුපාතයකට ණය දෙන චීන ගිනි පොලියා පිලිබඳවය. චීනය ගිනි පොලියට ණය දුන්නද 1-3 % වැනි සහන පොලී අනුපාත යටතේ ණය දෙන ආයතන ලෝකයේ ඇත. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව , ජපන් ජාත්‍යන්තර සහොයෝගීතා ඒජන්සිය ඒවා අතරින් කිහිපයකි. මෙම ආයතන වලින් ණය ලබා ගැනීමට නම් ආදාල ව්‍යාපෘති වල සාධ්‍යතා වාර්ථා, ශක්‍යතා වාර්ථා සහ පාරිසරික වාර්ථා ඉදිරිපත් කළ යුතුය. ව්‍යාපෘතියේ පිරිවැය, ඉන් අත් වන ප්‍රයෝජන, පාරිසරික බලපෑම ආදිය පිලිබඳව සෑහීමකට පත්වන්නේ නම් පමණක් මෙම ආයතන ණය ලබාදෙන්නේය . මෙම ණය සඳහා අතරමැදියන් නැති අතර ණය මුදල කෙලින්ම රජයට ලබා දේ. ව්‍යාපෘතියක වාසි දීර්ඝ කාලයකින් ලැබෙන විට ඒ සඳහා මෙවන් දීර්ඝ කාලීන සහ අඩු පොලී ණය ලබා ගැනීම ඉතා වැදගත් වෙයි.
ප්‍රමුඛ ජාතික අවශ්‍යතා හඳුනා ගැනීම සහ සැලසුම්කරණය
----------------------------------
විශාල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර මුලින්ම සිදුවන්නේ සාධ්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමය (Feasibility Study) එනම් අදාල ව්‍යාපෘතිය හරහා ඉලක්ක ගත අරමුණු වලට යා හැකිවේද යන්න සොයා බැලීමයි. අදාල ව්‍යාපෘතිය හරහා ඉලක්ක ගත අරමුණු සපුරා ගත හැකි බව පෙනී ගිය හොත්, ඉන් පසු ශක්‍යතා අධ්‍යයනයක් සිදු වෙයි. (Capability Study) . එනම් ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට පවත්නා හැකියාවන් ප්‍රමාණවත් වේද යන්න අධ්‍යයනය කිරීමයි. මෙම ක්‍රියා පටිපාටියට අනුගතව සාර්ථකත්වය කරා ගිය ව්‍යාපෘතියකට උදාහරණයක් ලෙස කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය දැක්විය හැකිය. මහවැලිය හරහා බිහි වු ගොවි ජනපද හේතුවෙන් සහලින් රට ස්වයංපෝෂිත විය. ජාතික බලශක්තියට ජල විදුලිය එක්විය. උතුරු නැගෙනහිර මා ඉමේ මිනිස් දම්වැලක් ලෙස සිංහල ගොවි ජන පද බිහිවිය. මහවැලිය වෙනුවෙන් 2% වැනි පොලී අනුපාතයකට ලබාගත් ණය අවු12 ක් ඇතුලත ගෙවා නිම කිරීමට රජයට හැකි විය.
සංවර්ධනයට මුවා වී රට කොල්ලකෑ හොරු ‍රැල
----------------------------------

යුද්ධය අවසන් වීමත් සමගම රාජපක්ෂලා සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් කරලියට ගෙන ආවේය. රටේ ජාතික අවශ්‍යතාවයට වඩා ඔවුන්ට වැදගත් වූයේ සංවර්ධනයට මුවා වී කොල්ල කෑමය . රාජපක්ෂලා දියත්කල ව්‍යාපෘති කිසිවක් පිලිබඳව නියම සාධ්‍යතා අධ්‍යයනයක්, ශක්‍යතා අධ්‍යයනයක් සිදු නොකෙළේ ය. සහන පොලියට ණය දෙන ආයතන වෙනුවට ගිනි පොලියට අත යටින් ණය දෙන චීනය සරණ ගියේය. 6-8% වැනි ගිනි පොලියට චීනයෙන් ලබාගත් ණය, වරායෙ, ගුවන්තොටුපල, ක්‍රිකට් පිටි, සම්මන්ත්‍රණශාලා, සිනමා ගම්මාන, පරිපාලන ගොඩනැගිලි, උද්‍යාන වැනි ප්‍රෝඩාකාරී ව්‍යාපෘති වල ආයෝජනය කෙළේය. රාජපක්ෂලාගේ සාක්කුවට වැටුනු කොමිස් කුට්ටිය මිස මෙම ව්‍යාපෘති කිසිදු ආදායමක් නොගෙනාවේ ය. මහජනයාට ඉන් අත්වන සේවයක් ද නොමැති විය. අවසානයේ ජාතික ආදායමින් ණය වාරික ටිකවත් ගෙවා ගැනීමට නොහැකි අවදානම් අඩියකට රට පත් වීය. රජපක්ෂලාගේ ගැහිලි නිසා ගමේ ගිනි පොලියාට ගෙදර ඔප්පුව සින්න වූ සන්තෑසිය රටට අත්විය.
රෙද්ද පල්ලෙන් බේරෙන දේශප්‍රේමය
----------------------------------
රනිල්ට එරෙහිව කවර චෝදනා ගොනු කළ ද, ඔහු අකාර්යක්ෂම පරිපාලකයෙකු නොවේ. 2001 වර්ශයේ දී රනිල් බාරගත්තේ හිස් භාන්ඩාගාරයක් සහ සෘණ ආර්ථිකයකි. නිසි කළමනාකරණය හේතුවෙන් අවුරුදු 3 ක් ඇතුලත ආර්ථිකය ගොඩ දැමීමට රනිල්ට හැකි විය. 2015 දී රනිල්ට බාර ගැනීමට සිදුවූයේ ඉතිහාසයේ කිසි දිනෙක නොවූ විරූ චීන ණය උගුලේ සිර වූ රටකි. රාජපක්ෂ පවුල් පාලනය විසින් චීනයට උගස් කළ රටකි. චීන ණය නිසා උඩු යටිකුරු වූ රාජ්‍යයකි. රාජපක්ෂලාගේ සාක්කුවට වැ‍ටුන කුට්ටිය වෙනුවෙන් රටට කල විනාශය තවමත් පොදු මහජනතාව හරි හැටි තේරුම් ගෙන නොමැති සේම තේරුම් ගැනීමට උත්සාහයක්ද නොමැත . රට වැසියන් මුග්ධ නිහැඬියාවක පසු වුවද ලෝකයා රට පත්ව ඇති ඛේදජනක ඉරණම සහ සුද්දයෙන්ම දනී. එහි ප්‍රතිවිපාක ලෙස අද අප චීනයේ වහලෙකු බවට පත්ව ඇත. රෙද්ද පල්ලෙන් බේරෙන දේශප්‍රේමය සහ ඊනියා බටහිර විරෝධ හණ මිටි විසින් අප වළ පල්ලටම ‍රැගෙන ගොස් ඇත. අද ලෝකයා අප දෙස බලන්නේ උපහාසයෙනි; හාස්‍යයෙනි; විස්මයෙනි.
චීන ණයෙහි ආදීනව පෙන්වන උදාහරණය
----------------------------------
චීන ණය නිසා අද අප කොතරම් හෑල්ලුවට ලක්වී ඇතිද යත්, චීන ණයෙහි ආදීනව පෙන්වීමට අප්‍රිකානු රටවල් පවා උදාහරණ ලෙස ගන්නේ ශ්‍රී ලංකාවයි. එනමුත් ලක්වාසීන් තවමත් බටහිර ආක්‍රමන ගැන මුග්ධ දේශන පවත්වනවා මිස ඇස් ඉදිරියේ සිදුවන චීන ආක්‍රමනය ගැන කථා නොකරයි. චීන ණය මරාලය මුලු ලෝකයම දන්නා නමුත් අපේ රටවැසියන් තවම නොදන්නා ඛේදාන්තයක් වී ඇත්තේ එහෙයිනි. එය එසේ වීමට ප්‍රධාන හේතු කිහිපයකි. පාලකයන් , මාධ්‍ය කරුවන්, සමාජ ක්‍රියාකාරීන් චීන යුවාන් ඉදිරියේ ගොළුය. ණය උගුල නිසා මුල් පුරවැසියගේද මුඛ පූට්‍ටු වී ඇත. අනෙක් කරුණ නම් ස්වදේශිකයන් තුල ඓතිහාසිකව මුල් බැස ඇති බටහිර විරෝධය සහ චීන හිතැති චිත්‍රයයි. උදාහරණයක් ලෙස හම්බන්තොට වරාය සහ ඒ ආශ්‍රිත අක්කර 15000 ඉන්දියාවට හෝ ඇමෙරිකාවට බදු දුන්නේ නම් ස්වදේශිකයන් ඊට එරෙහිව අනිවාර්යෙයන්ම පොලු මුගුරු ගන්නවා නියතය.
බටහිර සහ ඉන්දියන් විරෝධයේ නුදු‍ටු පැත්ත
----------------------------------
බටහිරයන් කෙරේ සතුරු ආකල්පයකුත් චීනය කෙරේ මිතුරු ආකල්පයකුත් දැරීමට අමිහිරි යටත් විජිත ආවර්ජන හේතු වන බව අවිවාදිතය. නමුත් බටහිර සහ ඉන්දියන් විරෝධය හුදෙක් යටත් විජිත නිසා ඇති වූවක්ම නොවේ. ඒ අරභයා චීන සැලසුමක්ද ක්‍රියාත්මක වී ඇත. චීනය භූ දේශපාලන සැලසුම් පිළියෙල කරනුයේ ඉදිරි වසර කිහිපයකට නොව ඉදිරි දශක කිහිපයක ඉලක්ක පුරෝකථනය කරමිනි. උදාහරණයක් ලෙස සේද මාවත පදනම් වූ එක් තීරයක් ව්‍යාපෘතිය 2050 වර්ෂය ඉලක්ක කොට දියත් වන්නකි . හැට හැත්තෑව දශක වල චීන සඟරා රටේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගියේය. චීන සඟරා කොළඹ චීන තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් මුද්‍රණය වූ අතර අඩු මිලකට ලබා ගත හැකිවිය. පුස්තකාල වැනි ආයතන සඳහා චීන සඟරා නොමිලේ ලබා දුන්නේය. ඉන්දීය සහ බටහිර විරෝධී බීජය පැල කිරීමට චීන සඟරා විශිෂ්ඨ ලෙස දායක වූයේය. ජ.වි.පෙ නිර්මාතෘ රෝහණ විජේවීර 1971 පොලීසියට දුන් කට උත්තරයේ, ඔහුගේ සුප්‍රකට පන්ති පහේ එක් පන්තියක් වූ ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ පිලිබඳ සංකල්පය පැල කලේ චීනය විසින් බව පැහැදිලිව සඳහන් කර ඇත. තවද එය චීනයේ අතේ රෝලක් බවද විජේවීර විසින්ම සඳහන් කොට ඇත . අද දේශපාලන වේදිකාවේ යටිගිරියෙන් කථා පවත්වන බොහොමයක‍ගේ දේශපාලන පෙකණි වැල කපා ඇත්තේ විජේවීර සහ ජවිපෙ ය.
චීන ණය උගුල් දේශපාලනය
----------------------------------
අද ලොව පුරා රටවල් 25 කට වැඩි ගණනක් චීන ණය උගුලේ පැටලී ඇත. අසාධ්‍ය තත්වයට පත්වු රටවල් අතර ලංකාව ඉදිරියෙන්ම සිටියි. ග්‍රීක ට්‍රෝජන් යුද්ධයේ වීර කාව්‍ය නොදන්නා කෙනෙකු නැති තරම්ය. පයිරියස් වරාය ට්‍රෝජන් යුද සමයේ පටන් ග්‍රීකයන් සතු මුලෝපායික වරායකි. නමුත් වර්තමානයේ පයිරියස් වරාය චීනය විසින් අත්පත් කරගෙන ඇත. ඔස්ට්‍රේලියාවේ ඩර්වින් වරාය 99 අවුරුදු බදු පදනමක් යටතේ චීනය විසින් අත්පත් කරගෙන ඇත. රතු මුහුදේ මර්මස්ථානයක පිහිටි ජිබුටි වරායේ ඇමෙරිකාව, ඉතාලිය , ප්‍රංශය සහ ජපානය වසර ගණනාවක් සිට කඳවුරු බැඳ සිටියි. වර්තමානයේ ඇමෙරිකාවටද අභියෝග කරමින් ජිබුටි වරායේ අයිතියෙන් 25% සහ කන්ටේනර් පර්යන්තයෙන් 70% ක අයිතිය චීනය අත්පත් කරගෙන ඇත. අසල්වැසි පකිස්ථානයද චීන ණය උගුලේ පැටලුනු රටකි. පැනමා පේපර්ස් හරහා පකිස්ථාන අගමැති චීන ව්‍යාපෘති වලින් සොරා කෑ ආකාරය හෙලිදරව් විය. එම හෙලිදරව්ව ඔහුගේ අගමැති තනතුර අහිමි කිරීමට හේතු විය. මෙම තත්වය පකිස්ථානයේ නවාෆ් ශරීෆ්ලාට හෝ ලංකාවේ රාජපක්ෂලාට පමනක් සීමා වූවක් නොව චීනය සමග ගනුදෙනු කරන ඕනෑම රටකට පොදු තත්වයකි. රට විකුණන පාලකයන්ට සහ නිලධාරීන්ට නොමසුරුව සංග්‍රහ කිරීම චීන පිළිවෙතයි.
චීනයට එරෙහි ‍රැල්ලක වර නැග්ම
----------------------------------
චීනයේ ණය උගුල් භූ දේශපාලනයට එරෙහිව මුලින්ම නැගී සිටි රට වන්නේ නේපාලයයි. හම්බන්තොට වරාය මෙන් දෙගුණයකටත් වැඩි පිරිවැයක් යටතේ ඉදිකිරීමට යෝජිත වූ ‘‘බුද්දි ගන්ධාකි’’ ජල විදුලි යෝජනා ක්‍රමය ඇතුලු ව්‍යපෘති ගණනාවක් නේපාලය හකුලා ගත්තේය. නේපාල රජය විසින් චීන ණය ප්‍රතික්ෂේප කෙළේය. නේපාලයෙන් ඇරඹි චීන ණය ප්‍රතික්ෂේප කිරීම අද භූ දේශපාලන කරලියේ ‍රැල්ලක් බවට පත්වී ඇත. මැලේසියාව, පකිස්ථානය , කෙන්යාව ඇතුලු රටවල් ගණනාවක් චීන ගිවිසුම් අවලංගු කිරීමට කටයුතු යොදමින් සිටියි. චීනයේ ණය උගුල් දේශපාලනයට එරෙහිව නේපාලය අවදි කලේ එහි ඇමෙරිකන් තානාපතිනිය වූ ඇලයිනා ටෙප්ලිට්ස්ය. ආධාර මුවාවෙන් අට වන චීන ණය උගුල් පිලිබඳව දේශපාලකයන් සහ සිවිල් ප්‍රජාව දැනුවත් කිරීමට ඇය විසින් වැඩ මුලු සංවිධානය කළාය. කතා පවත්වන වැඩ මුලුවලට පමනක් ඇගේ මෙහෙයුම් සීමා නොවිනි . ණය උගුල් දේශපාලනය පිලිබඳව නේපාලයේ ප්‍රධාන පුවත්පත් වලට ඇය ලිපි ලියූවා කිව හොත් ඔබ පුදුම වනු නියතය. නමුත් එය සත්‍යකි. ඇය ඇගේ නමින්ම නේපාලයේ ප්‍රධාන පුවත්පත් වලට ලිපි ලියූවාය.
චීන කොන්ත්‍රාත්තුව සහ ගෝටාබයගේ හෙට දවස
----------------------------------
චීනය මීයක් කඩන්නේ අත ලෙව කෑමට නොවේ. ශ්‍රි ලංකාව චීනයේ කොලනියක් බවට පත්කිරීමේ කොන්ත්‍රාත්තුව ගෝටාබය රාජපක්ෂ වෙත වෙත ලැබී ඇත . චීන කොන්ත්‍රාත්තුව ඉ‍ටුකිරීමට නියම සුදුස්සා තමා බව ගෝටාබය ක්‍රියාවෙන් ඔප්පු කොට ඇත. වියත් මග මහා සමුළුවේදී ජනගත කෙළේ චීනයට රට විකුණන නව ලිබරල් උපාය මාර්ගයන්ය. ගෝටාබය රටේ යුද්ධ හමුදාව නංනත්තාර කරමින් හමුදා මූලස්ථානය පිහිටි ඉඩම සින්නක්කර අයිතියට චීන ශැන්ග්‍රිලා හෝටලයට විකුණුවේය. මැතිවරණ මෙහෙයුම් දියත් කිරීමට චීන නිලධාරීන් ගෙන්වා ගත්තේය . ඇමෙරිකන් පුරවැසියෙකු වන ගෝටාබය ප්‍රසිද්ධ වේදිකාවේ දී ඇමෙරිකාව දෙකේ කොලයට දමමින් චීනයට හූ මිටි තබන්නේය . නමුත් අද චීනය සහ ගෝටාබය එක්ව සැදූ මැතිවරණ සිතියම බලාපොරොත්තු නොවූ අන්දමේ තර්ජනයකට මුහුන පා ඇත. ඇමෙරිකන් නව තානාපතිනියගේ ආගමනය චීන-ගෝටා සැලසුමට එරෙහිව සිටිය හැකි බව සාක්ෂි සහිතව පෙනී යයි. ඇලයිනා ටෙප්ලිට්ස් 2018 ජූලි මස 1 වන දින මෙරටට පැමිණ සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
කීර්ති රත්නායක විසිනි
හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී
ලියුම්කරු ලියූ පෙර ලිපි

“ඔව්, විදෙස් ආධාර රැගෙන එන්නන්ගෙන් කරන විමසීම් දැඩි කරන්න” -ඇලයිනා ටෙප්ලිට්ස් (ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය)


23 hrs
“ඔව්, විදෙස් ආධාර රැගෙන එන්නන්ගෙන් කරන විමසීම් දැඩි කරන්න” -ඇලයිනා ටෙප්ලිට්ස් (ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය)

(ලංකා ඊ නිව්ස් - 2018.ජුනි.23, ප.ව‍.6.20) ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ධුරයෙහි 2018 ජුලි 1දින අසුන් ගන්නා ඇලයිනා ඩී ටෙප්ලිට්ස් මහත්මිය 2018 මැයි 30 නේපාලයේ හිමාලයන් ටයිම්ස් පුවත්පතට සැපයූ ලිපිය ශ්‍රී ලාංකිකයන් වන අපටද වටිනා බැවින් එහි සිංහල පරිවර්තනයක් පහතින් දැක්වේ.

මී ලඟ පස්වසර පුරා, නේපාලයේ සංවර්ධනාත්මක අත්පත් කරගැනීම් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.2...
Continue Readinghttps://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/1920394508025705/?type=3
“ඔව්, විදෙස් ආධාර රැගෙන එන්නන්ගෙන් කරන විමසීම් දැඩි කරන්න” -ඇලයිනා ටෙප්ලිට්ස් (ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය)
(ලංකා ඊ නිව්ස් - 2018.ජුනි.23, ප.ව‍.6.20) ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ධුරයෙහි 2018 ජුලි 1දින අසුන් ගන්නා ඇලයිනා ඩී ටෙප්ලිට්ස් මහත්මිය 2018 මැයි 30 නේපාලයේ හිමාලයන් ටයිම්ස් පුවත්පතට සැපයූ ලිපිය ශ්‍රී ලාංකිකයන් වන අපටද වටිනා බැවින් එහි සිංහල පරිවර්තනයක් පහතින් දැක්වේ.
මී ලඟ පස්වසර පුරා, නේපාලයේ සංවර්ධනාත්මක අත්පත් කරගැනීම් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක් (රුපියල් බිලියන 120ක්) ස්ථාන ගත කර තිබේ. නේපාලීය ප්‍රමුඛතාවන්ට සහ උපක්‍රමයන් ප්‍රමුඛත්වයෙහි තබා ගනිමින්, මෙම විදේශාධාරය සැලසුම් කර ඇත්තේ, නේපාල රජය සමග සහයෝගයෙනි. නේපාලීයනට ප්‍රතිඵල අත්කර දෙන, සෙමෙන් පියවර නගමින් ලඟාවන මෙම වැඩ සටහන එන්නේ ණය වශයෙන් නොව, වාරික වශයෙන් කෙරෙන ප්‍රදානයන් ලෙස ය. රටට ලැඛෙන විදෙස් ණය ප්‍රශ්න කිරීමට අයිතියක් නේපාල රජයටත්, ජනතාවටත් තිබේ. නේපාලීයයන් දත යුතු නිසා, මෙහි ලා, එක්සත් ජනපදයේ ආස්ථානය ට අදාල කරුණු ඔවුන් සමග බෙදා ගැනීමට මට ඉඩ දෙන්න. මූලික වශයෙන් එය:
1) අරමුණ - අපට නම් එය, ශක්තිමත්, ස්ථාවර, සමෘද්ධිමත්, ස්වාධීන නේපාලයකි
2) අරමුණ - සැබෑ අවශ්‍යතාවන් සපුරාලීම
3) අරමුණ - වැඩ සටහනේ ගුණාත්මකභාවය
4) අරමුණ - දේශීය සහභාගිත්වය සහ
5) අරමුණ - විනිවිදභාවය සහ වගවීම.

එක්සත් ජනපදයට මානවහිතවාදය පිලිබඳ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිඛෙන අතර, අවසන් වශයෙන් අප අවධාරණය කරන දේ වැඩි දියුණු කර ගැනීම සඳහා අපි ආධාර සපයමු. ආසියාවේ හදවතෙහි ස්ථාවරත්වය තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රීය නේපාලයක් පැලපදියම් කරවීම එක්සත් ජනපදයේ අවධාරණයන් අතර තිබේ. ඇමරිකාවට වෙළඳ සහායකයකු වියයුත්තේ, දිදුලන නේපාලීය ආර්ථිකයකි. අපේ වෑයම, හිමාල අඩවියෙහි සිය හැකියාවන් සපුරා දියුණු කරගත්, සුවසම්පන්න, වියත්, සහ සුරක්ෂිත ආහාර භුක්ති විඳින නේපාලීය ජනතාවක් සඳහා වූ සැබෑ කර ගත හැකි ‘ඇමරිකානු සිහිනයේ,’ නේපාලීය පිටපත වෙනුවෙන් කැපවීමට ය. මෙය ඇමරිකානු මෙන් ම, නේපාලීය සංවර්ධන අරමුණු ඉදිරියට ගෙන යයි. එම අරමුණු ඉටුවන බව සහතික කෙරෙන සහකරුවකුගේ සාර්ථකත්වය වෙනුවෙන් ආයෝජනය කිරීමට අපි කැමැත්තෙමු. අරමුණු මුදුන් පමුණුවාගත් නේපාලය අන් අයගේ ණයකරුවකු නොවියයුතු නිසා, එක්සත් ජනපදය සපයන්නේ ප්‍රදානයන් ය, ණය නොවේ.
අපේ සම්පත් සමග ජව සම්පන්න වීම යනු, ඒවා, ඒවාට සැබෑ වටිනාකමක් ලැබෙන තැනක තැබීම මිස, නිරපරාදේ මුදල් දීම නොවේ. දායක වීම සහ කොටස්කරුවෙකු වීම අතර වෙනස එයයි. පෙර දින අප, භාරත්පූර් සිට හෙතාවුදා දක්වා මාර්ගය, මුල් ම නේපාලීය දුරකථන හුවමාරුව, සහ භෝතේ කොෂී ජල විදුලි බලාගාරය ඉදි කළ බව සැබෑ ය. අපේ එම්සීසී කම්පැක්ට් ආයතනය උත්පාදනය කෙරෙන විදුලිය ව්‍යාපාර සහ පාරිභෝගික ජාලයන්ට සම්බන්ධ කෙරෙන සම්ප්‍රේෂණ මාර්ගයක් නොපමා ව සපයනු ඇත. එහෙත්, යකඩ සහ කොන්ක්‍රීට් ඇතිරීම බොහෝ දෙනෙකුට කළ හැකි ය. අපේ නවෝතපාදනයන් සහ දක්ෂතාවන් බෙදාගන්නා එක්සත් ජනපදයට අවශ්‍ය නොකඩවා ඉහළ යන වටිනාකමක් මිස, ඉදිකිරීම් නොවේ. වසර 70ක කාලයක් තිස්සේ, එක්සත් ජනපදය මැලේරියාව අතුගා දැමීමට නේපාලයට උදව් කළේ ය, වනාන්තරවලින් ප්‍රයෝජන ලබන්නන් කණ්ඩායම් නිර්මාණය කළේ ය, ස්වේච්ඡා ප්‍රජා සෞඛ්‍ය සේවිකාවන් සහ නියාමක නව කෘෂි-තාක්ෂණ ව්‍යාපෘති හඳුන්වා දී, පසුගිය භූමිකම්පාවෙන් හානියට පත් ඓතිහාසික ගාද්දිබයිතාක් රාජ සභා මන්දිරය ද ප්‍රතිෂ්ඨාපනය කළේ ය.
නව ව්‍යාපෘති මගින් අවබෝධය සඳහා කියවීම සැලසුම් කෙරෙන අතර, ස්වේච්ඡා සාම හමුදාවෝ පරපුරකට ඉංග්‍රීසි කථනය ඉගැන්වූහ. ගොර්ඛා භූ කම්පනයේ සුන්බුන් අතරින් නැවත ගොඩනැගීම නේපාලීයයන් අතින් ම සිදුවීම තහවුරු කරන්නේ, අපේ පෙදරේරුවන් සහ ඉදිකිරීම් වැඩ පරීක්ෂකයන් පුහුණුවේ ස්වභාවයයි.
වේගයෙන් වෙනස් වෙමින් පවත්නා ලෝකය තුළ, සංවිධාන සහ ප්‍රජාවන්ගේ පැවැත්ම හැඩගැස්වීම සහ ප්‍රකෘතිමත් කිරීම සඳහා අවශ්‍ය කුසලතා, නවෝත්පාදන, හැකියාවන්, ක්‍රියාවලීන් සහ සම්පත් සංවර්ධනය සහ ශක්තිමත් කිරීම සඳහා ගත කළ දශකයන් සහ තාක්ෂණික සහාය එක ගඩොලක් හෝ නොඅතුරවා නේපාලයේ ජයග්‍රහණය සඳහා සහාය වී තිබේ. ජයග්‍රාහී රටකට ශක්තිමත් රජයක් නොව, සුදුසු සමාජයක් අවශ්‍ය ය. නේපාලයේ සාර්ථකත්වය සහතික කරමින්, ප්‍රකට ලාභ නොලබන අන්තර්ජාතික ආයතන සමග වැඩ කිරීමෙන් අපි, රජය සහ සාමාන්‍ය සමාජය යන දෙපාර්ශවය තුළ ම ශක්‍යතා වර්ධනයක් කෙරෙන අයුරු ලොවපුරා පැතිරුණ දක්ෂතාවන් බෙදා ගනිමු. ලොව පුරා යොදා ගැනෙන හොඳ ම ක්‍රියාමාර්ග එක් කරමින්, දත්ත සහ සාක්ෂි මත පදනම් වූ අපේ ප්‍රයත්නයන් යොදා ගැනීමෙන් සහ නිසි නියාමනයෙන්, ගුණාත්මක ප්‍රයත්නයන් ඵල දායක වන බවට අපි සහතික වෙමු.
ඩොලර්වලින් අප සපයන සහාය වෙනුවෙන් ඇමරිකානු බදු ගෙවන්නෝ බොහෝ මහන්සි වී වැඩ කරති. එහෙයින්, ඉතිරි වන ප්‍රතිලාභයක් අපි අපේක්ෂා කරමු. ස්වදේශිකයන්ට අයත් බව මිස, පැවැත්ම තහවුරු කරන අන් යමක් නැත. අපගේ පොදු අවශ්‍යතාවන් නේපාලීයයන්ගේ ම ප්‍රමුඛතාවන් හා එක් කරමින් ප්‍රතිලාභ ලබන ප්‍රජාවන් සෘජුව ම සම්බන්ධ කරගනිමින් එක්සත් ජනපද සහාය ඇරඹෙන්නේ එනිසා ය. සහශ්‍රක අභියෝග සමායතනික ගිවිසුමකට මග සැලසූයේ නේපාලයේ ම ඇති වූ මේ සංවර්ධනයයි. ආර්ථිකයේ හැසිරීම දැඩි ලෙස සීමා කරන්නේ කවුදැයි විමසා බැලීමට අපි එකතු වූ අපට පෙනුණේ, විදුලි බල සහ ප්‍රවාහන පිරිවැය මූලික වන බව ය. ඒවා හඳුනා ගැනීමෙන් පසුව, දැවැන්ත එක්සත් ජනපද ප්‍රදානයකින් නේපාල රජයේ ම විදුලිය බෙදාහැරීමේ සහ මාර්ග නඩත්තුව පිලිබඳ මූලික සැලැස්මක් වේගවත් කළ හැක්කේ කවර උපායන් මගින් දැ යි සොයා ගැනීමට අපි බලශක්ති, ප්‍රවාහන, සහ මුදල් අමාත්‍යාංශ සමග වැඩ කළෙමු.
නේපාලය තුළ සන්ධීය ආණ්ඩුකරණය පිලිගැනුණෙන්, වඩාත් හොඳ සේවාවක් සැපයෙන සේ ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන සැලසුම් කිරීම පිලිබඳ අපේ වැඩසටහන් සංවාදයට භාජනය කිරීම සඳහා ප්‍රාදේශීය නිලධරයන් සහ ප්‍රජාවන්ගේ හරස්කඩක් අතට පත්වීම ප්‍රගතිශීලී පියවරක් විය. ඡන්දය පාවිච්චි කිරීම පිලිබඳ ඡන්ද දායකයන් දැනුවත් කිරීම සඳහා වූ වැඩ සටහන් සඳහා මැතිවරණ කොමිසම සමග සෘජුව ම සම්බන්ධ වී අපි වැඩ කළබවට නිදසුන් බහුල ය. අපේ කාර්යාවලිය තුළ අපි ඇමරිකානු ධජය මුල් තැනෙහි ලා සනිටුහන් කළෙමු. ඒ හුදෙක් සම්පාදනය කෙරුණ සහාය ගුණාත්මක වශයෙන් ඉහළ ම තැන තිබෙන බව දැක්වෙන සලකුණක් වශයෙන් පමණක් නොව, ක්‍රියාත්මක වීමේ දී ඇති විය හැකි ගැටලූවලට අප වගවෙන බව ප්‍රජාවන්ට සහතික වීමක් ද වශයෙනි.
වගවීම එක්සත් ජනපදයට වැදගත් ය. ඔවුන්ගේ බදු මුදල් කොතැන, කෙසේ වැය වන්නේ දැයි දැන ගැනීමට තිබෙන ඇමරිකානුවන්ගේ අභිලාශය බලවත් ය. නියාමනයේ සහ ඇගයීමේ යෙදෙමින් අපි බොහෝ වේලාවන් ගත කළෙමු. මෙම ප්‍රයත්නයන් අප ප්‍රතිඵල ලබමින් සිටින බවත්, ලඟ නොමැති විටත්, වැඩ සටහන නිවැරදි ව පවත්වාගෙන යාම සඳහා මැදිහත් කර ගතහැකි යාන්ත්‍රණයන් කල් ඇති ව ඉදිරිපත් කරන බවත් සත්‍යාපනය කිරීමට, මූලික දත්ත ලබාදුන්නේ ය. ඇමරිකානුවන්ට වගවීමට එහා, ඔවුන්ගේ රට තුළ සිදුවෙමින් තිබෙන්නේ කුමක් දැයි නේපාලීයයන් ද දතයුතු ය. විසඳුම නම්, විනිවිද භාවයයි. සෑම වසරක ම, අපි එක්සත් ජනපද කොංග්‍රසයටත්, නේපාල රජයටත්, හවුල් වාර්තා වාර්ෂික ව ඉදිරිපත් කරමු. තවදුරටත්, එක්සත් ජනපද ආධාර අයවැය තොරතුරු foreignassistance.gov.usa මගින් ඕනෑ ම කෙනෙකුට ලබාගත හැකි අතර, usaid.gov වෙබ් අඩවියෙන් වසර පණහක ඇගයීම් සහ වාර්තා බාගත හැකි ය. සොයා බලන්න, එය තිබෙන්නේ ඔබ සඳහා ය.
සිංහල පරිවර්තනය -කුඩගම්මන සීලරතන හිමි.