Thursday, November 10, 2016

“සෝභිත හාමුදුරුවෝ -සිංහ නාදය ඇති සංඝ සේනාපති“ වාර්තාමය වීඩියෝව නරඹන්න (VIDEO)

“සෝභිත හාමුදුරුවෝ -සිංහ නාදය ඇති සංඝ සේනාපති“ වාර්තාමය වීඩියෝව නරඹන්න (VIDEO)

ශ්‍රී ලාංකික ජනතාවගේ සැබෑ අධ්‍යාත්මික නායකයානන්ගේ ප්‍රථම ගුණානුස්මරණය වෙනුවෙනි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.09, ප.ව‍‍‍‍‍‍.‍‍‍11.30) ශ්‍රී ලාංකික ජනතාවගේ සැබෑ අධ්‍යාත්මික නායක දිවංගත මාදුළුවාවේ සෝභිත හිමියන් වියෝ වී වසරක් සැපිරෙන අවස්ථාවේදී එතුමන් නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේමහාචාර්ය සරත් විජේසූරිය සහ සිසිර ජයමහ දෙපොලගේ මෙහෙයැවීමෙන් ප්‍රවීන ද්‍රශ්‍යමාධ්‍යවේදී වසන්ත කුලතුංගයන් විසින් පිටපත ලියා නිර්මාණය කරන ලද වාර්තා වීඩියෝ පටයක් එළිදැක්විණ. 
“සෝභිත හාමුදුරුවෝ -සිංහ නාදය ඇති සංඝ සේනාපති“ නම් එම අග්‍රගන්‍ය දේශපාලනික වාර්තා වීඩියෝව සියළු ශ්‍රී ලාංකිකයන්ගේ හිත සුව පිණිස පහතින් ප්‍රදර්ශනය කරමු 

Tuesday, November 8, 2016

සෝභිතාවතාර අාතූරයා අද ඔයාල සේරම බලන්න අැවිත් ගියා.

සෝභිතාවතාර අාතූරයා අද ඔයාල සේරම බලන්න අැවිත් ගියා.

අප සියල්ලෝම සෝභිත හිමිගේ සාධාරන සමාජයක් බිහිකරලීමේ සිහිනය සෑබෑවක් වන තුරු ජනපති අද සවස පදනම් අායතනයේදී පැවසූ සේ අවබෝධයෙන් සහ විශ්වාසයෙන් යුතුව තව දුරටත් කැපවෙමු.

එනිසා එකෙකා පිලිබඳ සැක උපදවා ගෝත්රික කඩාකප්පල් කාරයින් හට ජනතාව මුලා කිරීමට ඉඩ නොතබමු.

සෝභිතාවතාර සෝභිත හිමිගේ ප්රතම ගුන සමරුව වෙනුවෙන් 
සටහන් තබනා වගයි.
2016/11/08






Monday, November 7, 2016

අප නොදන්නා සැඟවුනු චරිතය කෙසේ වෙතත්... ජීවන සහ ව්යාපාරික අත්දැකීම් තුලින් තවදුරටත් බහුශෘත වෙමින් පවතින සාර්ථක මිනිසකුගෙන් සබුද්ධිකයින් හට උකහා ගන්නට අගනා උපදෙස් මාලාවක්....

අප නොදන්නා සැඟවුනු චරිතය කෙසේ වෙතත්...
ජීවන සහ ව්යාපාරික අත්දැකීම් තුලින් තවදුරටත් බහුශෘත වෙමින් පවතින සාර්ථක මිනිසකුගෙන් සබුද්ධිකයින් හට උකහා ගන්නට අගනා උපදෙස් මාලාවක්....
නමුත් ඒකාන්ත වශයෙන් පැවසිය යුතු කරුනක් වන්නේ මෙම උපදෙස් වලින් ගත් සාරයෙන් තම ගමන් මග නිවැරදි කර ගන්නා උඩඟු කිසිවෙකු කිසිදා ඒ බව සඳහන් නොකරනු නියත බවය.

එවන් අත්දැකීම් සෝභිතාවතාර අත්විඳ අැත. නමුත් අදාල බහුශෘතයා තම දේශනය තුලින් එවන් ලද බාෙලඳ මානසිකාස්වාදයක් කිසිසේත් අපේක්ෂා නොකරනා බව පැහැදිලිය.

කෙසේ වෙතත් අදාල දේශක සුපිරි ව්යාපාරිකයා පිලිබඳ සමාජය තුල පවතිනා මිත්යාදෘශ්ඨික ප්රතිරූපය පුස්සක් කරලීමට ඔහුගේ ස්වයං විවේචනාත්මක වූ හරබර දේශනය සමත් වූයේ සැබවින්ම ඔහු කිනම් අාකාරයකින් සාර්ථක වුවත් ඒ සාර්ථකත්වය ඔහු ලබා අැත්තේ සත්යය වශයෙන්ම ඔහු තුල පැවති අතිදක්ෂ තර්කානුකූල බුද්ධිය නිසා බව පැහැදිලිවම... පැහැදිලි වූ නිසාවෙනි.

එහෙයින් අදාල දේශකයාටත් වඩා ඉහලින් සිටිනවා යැයි සිතා සිටි බොහෝ සුපිරි ව්යාපාරිකයින් හට සිතා සිටියාට වඩා තමන් කෙතරම් පුංචිදැයි යන අාත්ම ලජ්ජාව මෙම දේශනය අසා සිටියාට පසු අනිවාර්යයෙන්ම තම සිත්සතන් තුලට මොදු වූවාට සැකයක් සෝභිතාවතාරට නැත.


http://sobithawathara.blogspot.com/
2016/11/07

Tuesday, November 1, 2016

නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාට එකතුකර ගන්න යෝජනාවක්....

නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාට එකතුකර ගන්න යෝජනාවක්....

==================================================================

පුවතක්..

‘ලඟදීම වරදේ පින්තූරෙකුත් සමග දඩ කොලය තැපෑලෙන් ගෙදරට ලැබෙනවා‘ - ඇමැති සාගල කියයි



(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.01, ප.ව‍‍‍‍‍‍‍‍‍.10.00) ලඟදීම වරදේ පින්තූරෙකුත් සමග දඩ කොලය තැපෑලෙන් ගෙදරට ලැබෙන ආකාරයට පොලීසිය නව තාක්ෂනය යොදාගනිමින් නවීන තාක්ෂණයත් සමග කාලයට ගැලපෙන පොලිස් සේවයක් බිහිකරනවා යැයි නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. (සවිස්තර සඳහා පිවිසෙන්න....)
==================================================================

නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාට එකතුකර ගන්න යෝජනාවක්....


අමාත්ය තුමනි,
නවීන තාක්ෂනය යොදාගෙන රථවාහන නීති අලුත් කරනා විට මෙම යෝජනාවද සැලකිල්ලට ගන්න.
පොලිසිය ජනතාවට කිට්ටු වෙන්නට නම් ජනතාවගේ සහායද පාෙලිස් සේවයට දායක කරගෙන දිනපතාම ජනතාවගේ වටිනා කාලය අති විශාල ලෙස විනාශ කරනා මහා මාර්ග පද්ධතිය තුල සිදුවන මාර්ග නීති කඩකිරීම් සඳහා තාක්ෂනික දියුනුව නිසාම අද සෑම පුරවැසියකු සන්ත‍කයෙහිම අැති ජංගම දුරකතන මගින්ද ප්රයෝජන ගන්න. 
ඒ කෙසේද යත් මාර්ග නීති කඩකරනා රියදුරන්ගේ ඒ ක්රියාව තම ජංගම දුරකතනයේ අැති කැමරාව මගින් අදාල වාහනයේ හෝ වාහනවල අංක තහඩුද අැතුලත් වන පරිදි ඡායාරූප ගත කොට දැනුම් දී අැති අංක හෝ අංශ වෙත ඊමේල් කිරීම හෝ වයිබ කිරීම හෝ වට්ස් අැප් කිරීම වැනි ක්රමවේද තුලින් මාර්ග නීති තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු සිදුකලහොත් රථවාහන නීති කඩකරන්නන් බොහෝ සේ දුර්වල කල හැකි වනු නියතය.
මන්ද යත් විශාල වශයෙන් මාර්ග නීති කඩ කරනා සංඥා පුවරු අැති මන්සන්ධිවලදී විශාල වාහන තදබදයක් අැති වන උදයේ සහ සවස රථවාහන පාෙලිස් නිලධාරීන්ට පාලනය කල නොහැකි තත්ත්වයක් දැඩිව පවතී. 
එනිසා මේ වෙනුවෙන් එකී අපහසුතාවයට ගොදුරුවන ජනතාවගෙන්ම තාක්ෂනික සහාය රථ වාහන පොලිසීය වෙත ලබා ගැනීම කාලීන අවශ්යතාවයක් මෙන්ම රජය බලාපොරොත්තු වන්නා සේම ජනතාවට අාසන්න වීමටද කදිම පිටුවහලක් වනු අැත.
සෝභිතාවතාර අාතුරයා සත්පුරවැසියා
2016/11/01

Friday, October 28, 2016

මීලඟ අගමැති කවුද..!

මීලඟ අගමැති කවුද..!


සෝභිතාවතාර සත්පුරවැසියා වෙත සිහිනෙන් පැමින පැවසූ විස්තරේ පස්සේ කියන්නම්...


සෝභිතාවතාර සත්පුරවැසියා වෙත සිහිනෙන් පැමින පැවසූ විස්තරේ පස්සේ කියන්නම්...

2016/10/28

Monday, October 24, 2016

ඒක පූර්ව මතයක් නම් මේක පූර්ව සැකයකි....

ඊනිව්ස් නිර්නාමික (20­­­­16.ඔක්.24, ප.ව‍‍‍‍‍‍‍‍.11.45)  ලිපියට පිලිතුරක්....


ඒක පූර්ව මතයක් නම් 
මේක පූර්ව සැකයකි....


දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාවගේ උවත් ප්රග්ජන ගති ස්වභාවය එයයි.
==================================================================
කෝප් සභාපති හඳුන්නෙත්ති පූර්ව මතයක සිට කටයුතු කරමින් දේශපාලනික වාසි ගනු අටියෙන් SMS පනිවිඩ බලා තම පක්ෂයේ නියෝගවලට යටවී කමිටුවෙන් ඉවත්ව ගිය බවට ඊනිව්ස් ද පූර්ව මතයක පිහිටා සිට නිර්නාමික ලිපියක් මගින් ප්රකාශ නිකුත් කරන්නේ නම්...!

ඊනිව්ස් ද තම අභ්යන්තරික දේශපාලන ගජ මිතුරන්ගේ කෝන්තර සපුරාලාදීමේ මනදොල සපුරාලනු වස් මෙවන් වගකීමෙන් තොර නිර්නාමික ලිපි පල කරන්නේදැයි යන පූර්ව සැකයත් සබුද්ධික දේදුනු ප්රජාවගේ සිත්සතන් තුලට මෝදු වීමත් වැලැක්වීම අසීරුය.

දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව සමග සෝභිතාවතාර
======================================

ඊනිව්ස් 11 සහ 12 චේදවලින් මෙසේ කියැවේ...
(ලංකා ඊ නිව්ස් -20­­­­16.ඔක්.24, ප.ව‍‍‍‍‍‍‍‍.11.45)
-----------------------------------
අද සාකච්ඡා පැවැත්වේ ගෙන යද්දී කළ යුතු නිර්දේශ කෙටුම්පතේ නොමැති බව කියද්දී තම දුරකථනයට එන පණිවිඩ බලමින් සිටි හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා හදිසියේ කියා සිටියේ තමන්ට දේශපාලන චෝදනා ගෙන එන්නේ නම් තමා ද ඉවත්ව යන බවයි. ඉන් තේරුම් ගියේ පිටත සිටි ඔහුගේ පක්ෂයෙන් ඔහුට ඉවත්ව යන ලෙස ඔහුගේ දුරකථනයට ආ පණිවුඩයක් අනුව ඔහු ඉවත්ව යෑමට අර අඳින බවයි. 

ඕනෑම කමිටුවක සභාපතිවරයා යනු අපක්ෂපාතීව කටයුතු කළ යුතු පුද්ගලයා මිස පූර්ව මතයක සිට කටයුතු කරන පුද්ගලයා නොවේ.


සෝභිත හිමිගේ ශ්රී නාමයෙන් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන්න.

ගරු ජනාධිපති තුමනි,

දේදුනු ජනතාව ඔබ සමගයි

සම්මුතිවාදී අාණ්ඩුව බිහිකල මුල් සමයේ අගමැති රනිල් වික්රමසිංහ මැතිතුමා නොහොත් මිස්ටර් ක්ලීන් ලොකු විශ්වාසයකින් යුතුව විදෙස් රටක සිටි මිත්රයා මහ බැංකුවේ අධිපති ධුරය බාරදීමට මෙරටට ගෙන්වූයේ මෙවන් නස්පැත්තියක් නවනිංගිරාවක් රටට හෝ ජනතාවට අත්වේ යයි නොසිතා විය හැක.

නමුත්... මේ සම්බන්ධයෙන් අගමැතිවරයා  තුල පවතිනා නිහඬතාවය මහත් ගැටළුවකි. එමෙන්ම කෝප් කමිටු වාර්තාව වෙනස් කිරීමට බලපෑම් කිරීම එජාප මැතිඅැමති වරුන් හට අැති උවමනාව ඊටත් වඩා පුදුම සහගත නිසා මේ පසුපස අගමැතිවරයාගේ හස්තය අැත්ද යන්නත්....

එය එසේනම් ඒ මන්ද යන්නත් දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාවට මහත් වූ ගැටළුවකි. කරුනු උගතෝකෝටික බැවින්.....

ගරු ජනාධිපති තුමනි,

පාරදුෂ්යය භාවය උදෙසා.....

සෝභිත හිමිගේ ශ්රී නාමයෙන් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන්න.

දැන් සියල්ලන්ටම වඩා දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාවට විශ්වාස ඔබ පමනි.

අධයිර්යයවන්ත වන්න එපා. අභීතව නැගී සිටින්න. කවුරු නැතත් සෝභිත හිමිගේ බැල්මත්, අාශීර්වාදයත් දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාවත් ඔබ සමගයි.

සෝභිතාවතාර
2016/10/24