Monday, October 24, 2016

සෝභිත හිමිගේ ශ්රී නාමයෙන් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන්න.

ගරු ජනාධිපති තුමනි,

දේදුනු ජනතාව ඔබ සමගයි

සම්මුතිවාදී අාණ්ඩුව බිහිකල මුල් සමයේ අගමැති රනිල් වික්රමසිංහ මැතිතුමා නොහොත් මිස්ටර් ක්ලීන් ලොකු විශ්වාසයකින් යුතුව විදෙස් රටක සිටි මිත්රයා මහ බැංකුවේ අධිපති ධුරය බාරදීමට මෙරටට ගෙන්වූයේ මෙවන් නස්පැත්තියක් නවනිංගිරාවක් රටට හෝ ජනතාවට අත්වේ යයි නොසිතා විය හැක.

නමුත්... මේ සම්බන්ධයෙන් අගමැතිවරයා  තුල පවතිනා නිහඬතාවය මහත් ගැටළුවකි. එමෙන්ම කෝප් කමිටු වාර්තාව වෙනස් කිරීමට බලපෑම් කිරීම එජාප මැතිඅැමති වරුන් හට අැති උවමනාව ඊටත් වඩා පුදුම සහගත නිසා මේ පසුපස අගමැතිවරයාගේ හස්තය අැත්ද යන්නත්....

එය එසේනම් ඒ මන්ද යන්නත් දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාවට මහත් වූ ගැටළුවකි. කරුනු උගතෝකෝටික බැවින්.....

ගරු ජනාධිපති තුමනි,

පාරදුෂ්යය භාවය උදෙසා.....

සෝභිත හිමිගේ ශ්රී නාමයෙන් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන්න.

දැන් සියල්ලන්ටම වඩා දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාවට විශ්වාස ඔබ පමනි.

අධයිර්යයවන්ත වන්න එපා. අභීතව නැගී සිටින්න. කවුරු නැතත් සෝභිත හිමිගේ බැල්මත්, අාශීර්වාදයත් දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාවත් ඔබ සමගයි.

සෝභිතාවතාර
2016/10/24

No comments:

Post a Comment