Monday, October 24, 2016

ඒක පූර්ව මතයක් නම් මේක පූර්ව සැකයකි....

ඊනිව්ස් නිර්නාමික (20­­­­16.ඔක්.24, ප.ව‍‍‍‍‍‍‍‍.11.45)  ලිපියට පිලිතුරක්....


ඒක පූර්ව මතයක් නම් 
මේක පූර්ව සැකයකි....


දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාවගේ උවත් ප්රග්ජන ගති ස්වභාවය එයයි.
==================================================================
කෝප් සභාපති හඳුන්නෙත්ති පූර්ව මතයක සිට කටයුතු කරමින් දේශපාලනික වාසි ගනු අටියෙන් SMS පනිවිඩ බලා තම පක්ෂයේ නියෝගවලට යටවී කමිටුවෙන් ඉවත්ව ගිය බවට ඊනිව්ස් ද පූර්ව මතයක පිහිටා සිට නිර්නාමික ලිපියක් මගින් ප්රකාශ නිකුත් කරන්නේ නම්...!

ඊනිව්ස් ද තම අභ්යන්තරික දේශපාලන ගජ මිතුරන්ගේ කෝන්තර සපුරාලාදීමේ මනදොල සපුරාලනු වස් මෙවන් වගකීමෙන් තොර නිර්නාමික ලිපි පල කරන්නේදැයි යන පූර්ව සැකයත් සබුද්ධික දේදුනු ප්රජාවගේ සිත්සතන් තුලට මෝදු වීමත් වැලැක්වීම අසීරුය.

දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව සමග සෝභිතාවතාර
======================================

ඊනිව්ස් 11 සහ 12 චේදවලින් මෙසේ කියැවේ...
(ලංකා ඊ නිව්ස් -20­­­­16.ඔක්.24, ප.ව‍‍‍‍‍‍‍‍.11.45)
-----------------------------------
අද සාකච්ඡා පැවැත්වේ ගෙන යද්දී කළ යුතු නිර්දේශ කෙටුම්පතේ නොමැති බව කියද්දී තම දුරකථනයට එන පණිවිඩ බලමින් සිටි හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා හදිසියේ කියා සිටියේ තමන්ට දේශපාලන චෝදනා ගෙන එන්නේ නම් තමා ද ඉවත්ව යන බවයි. ඉන් තේරුම් ගියේ පිටත සිටි ඔහුගේ පක්ෂයෙන් ඔහුට ඉවත්ව යන ලෙස ඔහුගේ දුරකථනයට ආ පණිවුඩයක් අනුව ඔහු ඉවත්ව යෑමට අර අඳින බවයි. 

ඕනෑම කමිටුවක සභාපතිවරයා යනු අපක්ෂපාතීව කටයුතු කළ යුතු පුද්ගලයා මිස පූර්ව මතයක සිට කටයුතු කරන පුද්ගලයා නොවේ.


No comments:

Post a Comment