Thursday, June 30, 2016

සෝභිතාවතාර අනාවැකි...

පුවතක්...
‘අද සිට මගේ නායකයා රනිල්‘ - සරත් ෆොන්සේකා
‘හමුදා දෙක මුණ ගැහුනා, දැන් එක්වී පහර දෙනවා‘ - රනිල්
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයන් එජාප යාවජීව සාමාජිකත්වය ලබා ගනී (ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.30, ප.ව‍‍‍‍‍‍.7.00)
http://www.lankaenews.com/news/4212/si/si 
==================================================================
සෝභිතාවතාර අනාවැකි...
==================================================================
ශ්රීලාංකේය දේශපාලන යුග පෙරලියේ අද්විතීය ගමනක මීලඟ ප්රථිවිප්ලවීය දිගුවේ සමාරම්භයයි මේ. අනාගත යහපාලන සම්මුතිවාදී 2020 ජාතික අාණ්ඩුවේ අගමැති ධූරයෙන් පිදුම් ලබනා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමනි ඔබට ජයෙන් ජය...


සුදුස්සාට සුදුසු තැන හිමිකර දෙන අගමැති තුමනි. ඔබට බාෙහෝමත්ම ස්තුතියී.‍
සෝභිතාවතාර


(බොක්සිං ගේම්වලට එහෙම කැමති අය ඉන්නවානම් දැන්ම සිටම පුහුනු කටයුතු සිදුකර සූදානමින් හිටියොත් අැඟට ගුණය)


Wednesday, June 29, 2016

ඊනිව්ස් පාඨක ප්රජාව නියාේජනය කරමින් පුවතට පුවතක්...


ඊනිව්ස් පුවතක්...20­­­­16.ජුනි.28, පෙ.ව‍‍‍‍‍‍.8.15
============================================================================================
රාජිත සහ පූජිත සදා කුජීත වන්නේ මේ දහදුරා කුමන්ත්‍රණයට දායක වීමෙන් බව අනතුරු අඟවා තැබිය යුතුය.
============================================================================================
ජනවාරි 8 දේදුනු විප්ලවයට දායක වූ යහපාලනප්‍රේමී ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමක් මෙන්ම ප්‍රාර්ථනාවක් වූ දූෂිතයන්ට මිනීමරුවන්ට දඬුවම් දීමට කවර නම් බලවේගයක් අකුල් හෙලන්නේ නම් සහ කුමන්ත්‍රණය කරන්නේ නම් ඔවුන්ට එරෙහිව ගතයුතු නිසි ක්‍රියාමාර්ග ගැනීමට වීරෝධාර යහපාලන ප්‍රේමී ජනතාව පසුබට නොවනු ඇත.
සම්පූර්නයෙන් දැනගන්න පිවිසෙන්න  - www.lankaenews.com/news/4201/si
============================================================================================
ඊනිව්ස් පාඨක ප්රජාව නියාේජනය කරමින් පුවතට පුවතක්...
============================================================================================
යහපාලන ලැදි මුත් නිර්පාක්ෂිකවද ස්වාධීනවද කටයුතු කරමින් 24 පැයේම රටේ සිදුවන දෑ පිලිබඳ සුපරීක්ෂාවෙන් නීරීක්ෂනය කරනා සෝභිතාවතාර දේදුනු විප්ලවීය යහපාලන ප්රේමී පාඨක ප්රජාව වෙනුවෙන් මෙම පුවත සම්බන්ධයෙන් මතයක් පල කරන්නට අදහස් කලෙමු.

ඊනිව්ස් අන්තර්ජාල වෙබ් අඩවියේ පලවූ පලියටම එහි පල කරනා සියළුම පුවත් 100% ක් නිරවද්යය යැයි පිලිගැනීමටද සබුද්ධික දේදුනු ප්රජාව සූදානම් නැත.

ඊ නිව්ස්හි පලව අැති මෙම පුවත අැත්තද නැත්තද යන්න නොව, මෙහිදී අප ඊනිව්ස්හි අනාගත සුරක්ෂිත භාවය උදෙසා පාඨක ප්රජාව වෙනුවෙන් යම් අදහසක් ලෙස දන්වා සිටින්නේ....

නාමිකව හෝ නිර්නාමිකව තමන් හට ලැබෙනා ප්රවෘත්ති පිලිබඳ කිසියම් වගකීමකින් යුතු සොයා බැලීමක් සිදුකොට ඒ පුවත් පල කිරීමට කටයුතු කිරීම ප්රක්ඥාගෝචර බවයි.

මන්ද යත් ඉතිහාසය පුරා ඊනිව්ස් පලකල සමහර පුවත් නිසා යම්/යම් පාර්ශවයන් හට ඉතාමත් පහත් අාකාරයේ නිග්රහයන් සහ අපහාස සිදු උනු බව පැවසිය යුතුය.

නමුත් ඊනිව්ස් අමනාප කර ගැනීම ඒ නින්දා විඳ ගැනීමට වඩා භයානක බව දත් නුවනැත්තෝ ඒ වෙනුවෙන් ඊනිව්ස් හා වාදයකට හෝ භේදයකට නොපැටළුනි. එමෙන්ම යම් යම් අවස්ථාවන්හිදි ඊනිව්ස් අතින් එවන් අත්වැරදි සිදු උවත් තේරුම් ගත් පසු ඊනිව්ස් සිදු වුනු වැරදි නිවැරදි කරනා බවත් ඔවුන් දනිති. 

එමෙන්ම ඊනිව්ස් සේවයද යම් ජීවිත අවධානමක් ගෙන පසුගිය යමපාලනය පෙරලා දැමීමට සිදුකල කැපකිරීම දත් බොහෝ දෙනා ඊනිව්ස් අතින් සිදුවන අත්වැරදි සිදුකල සේවයේ අගය නිසා නොතකා හරිනු ලබයි.

කෙසේ වෙතත් ඊනිව්ස් සිදු කරන්නේ සුවිශේෂී වූ විප්ලවවාදී සමාජ මෙහෙවරක් බව සත්යයකි. නමුත් එම ප්රතිරූපය දඩමීමා කරගන්නා සමහර ඊනිව්ස් භාහිර හෝ පරිභාහිර නාමික සහ නිර්නාමික වාර්තා කරුවන් ඉතාමත් බාල අාකාරයේ සහ කිසිදු සත්යයක් නාෙමැති සමහර විට පුද්ගලික මඩ ස්වරූපයේ පුවත් මගින් සමාජය තුල මහා කලබැගෑනියක් අැති කිරීමට ගත් උත්හාහයන් දක්නට ලැබී අැත.

නමුත් නිරන්තරයෙන්ම බහුතරයක් වන අැත්ත සාෙයා යන ගවේෂනාත්මත ඊනිව්ස් පාඨක ප්රජාව ඊනිව්ස් තොරතුරු උවද තමා තුලට ග්රනය කර ගන්නේ හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නා ලෙසිනි. 

නමුත් වගකීමක් නොමැති සමහර ඊනිව්ස් පුවත් නිසා ඊනිව්ස් පාඨකයා ඊනිව්ස් පිලිබඳවද කලකිරුනු අවස්ථා නොමැත්තේ නොවේ....

ඒ පිලිබඳ අපේ අාදරනීය ඊනිව්ස් ප්රධාන කර්තෘ තුමා කිසියම් පසු විපරමක් සිදු කරනු අැතැයි ඊනිව්ස් පාඨක ප්රජාව විශ්වාසය පල කරයි.

යමපාලන දශකයේදී ඒ සමය තුල රාජපක්ෂ අාණ්ඩුවේ නිලතල දරා සිටි බොහෝ අය යහපාලන රජයේ වත්මන් ජනපති මෛත්රී සමග එක්ව කටයුතු කරනා බව සත්යයකි. නමුත් ඒ අය අතර ඉතාමත් අන්ත දූෂිතයන්/හොරු/තක්කඩි මෙන්ම අවිහිංසක/ අදූෂිත/නිර්මල/පවිත්ර වූවන්ද වැරදි අැතත් ගනන් නොගත යුතු තරමේ වැරදි අැති අයද නැතිව නොවේ...

එනිසා ඊනිව්ස් යම් යම් අවස්ථාවලදී පල කල සමහර ප්රවෘත්ති හේතුවෙන් යහපාලන රජයේ ප්රබලයන් කිහිප දෙනෙකුගේ පුද්ගලික ජීවිතයට, විවාහ දිවියට, දරුමල්ලන්ගේ පීතෘත්වයට සිදුවූයේ සුළුපටු හානි නාෙවේ. (මේවා දකිනා යමපල්ලන් හිටු පිනුම්, බඩ පිනුම් ගසනු නියතය)

නමුත් ඉහත දැක්වූ සියළු කරුනු සැලකිල්ලට ගෙන සහ දේදුනු විප්ලවයේදී ඊනිව්ස් වෙත අැති ණය ගැති භාවය සලකා ඒ සියළු අය ඊනිව්ස් හා දබරයකට නාෙපැටළුනි.

උදාහරන වශයෙන් පසුගිය මුල් සමයේදී ජනාධිපති මෛත්රීපාල මැතිතුමා ඉලක්ක කොට ඊනිව්ස් නොසොයා නොබලා ඉතාම පහත් ඝනයේ තොරතුරු ලිපි පල කලත් ඒවා....

ඊනිව්ස් සබුද්ධික පාඨක ප්රජාව තුල ජනාධිපති මෛත්රීපාල ඒ ජනතාවගේ හදවත් තුල කිඳා බැස්සවූ විශ්වාසය දිය කර හැරීමට තරම් සමත් නොවිනි.

එ් සියල්ල නිහඬව විඳගත් කෘතගුණශීලී ජනාධිපති මෛත්රීපාල මැතිතුමා ඊනිව්ස් හට හිටපු යමපාලන ජනාධිපති කල දේවල් සිදුකරන්නට සිහිනෙකින්වත් සිතුවේවත්... පැතුවේවත්... නැත.

එමෙන්ම දශක ගනනාවක් පුරා සමහර දූෂිත සේවකයින් නිසාද... සමහර දූෂිත වෘත්තීය සමිති නායකයින් නිසාද... ඒවාට තකට තක සිට කටයුතු කල හිටපු සමහර වනචර වරාය අැමතිලා ==(හරියට අර....කුඩු ලන්සාව බදාගත්ත හෙලිකොප්ටර් මහින්ද වගේ...සහ රූපවාහිනී මාධ්යය කරුවන් සහ කාරියන් පාරවල්වලදි බස්රථවලදි තැන තැන කපපු මදාවි  මර්වින් අාචාරියාව දැක්කේ නැති මහින්ද වම්බොට්ටා) == වගේ නොවී ජනපතිගේද.. අගමැතිගේද.. මහත් බලාපොරොත්තුවක්ව අැති දූෂිත වරාය සුද්ධ කරලීමේ ඉතාමත් අසීරු කාර්යය භාරයක නියැලී සිටිනා වත්මන් වරාය අමාත්යය අර්ජුන රණතුංග මැතිතුමාට ඊනිව්ස් බුද්ධි අංශ මගින් නිසි සාෙයා බැලීමක් සිදු නාෙකාෙට පල කරනා මඩ ප්රවෘත්ති මගින් එතුමා හට ද්රෝහීන් දූෂිතයින් අපේක්ෂා කල හානි කිසිවක් ජනතාව අතර හෝ ජනපති අගමැති අතර හෝ සිදු කිරීමට ඊනිව්ස් සමත් නොවිනි. සමත් විය හැකි වන්නේද නැත. මන්ද යත් සබුද්ධික දේදුනු ජනතාව දන්නා ඉතිහාසය තුල යහපාලනයට පෙර යමපාලන යුගයේදී පවා අර්ජුන මහතා තම පාරදුශ්යය භාවය කිසියම් අාකාරයකින් පසක් කර අැත. සැමදාම ඔහු සත්යය සහ යුක්තිය සොයා ගිය බවකි ජනතාව දුටුවේ. ඒ නිසාම මේ වන තුරු වරායේ පල්හොරු කුමන අාකාරයේ පුවත් මවා ජනතාව විශ්වාස කරාවී යැයි සිතා පලකරවන්නට යෙදුනු ඊනිව්ස් සවුත්තු උනාමිස... අර්ජුනට නම් වෙච්චි නස්පැත්තියක් නැත ඔහු තව තවත් පන්නරය ලැබුවා මිස...

ජනාධිපති අගමැති පවා ඒ පහත් පච ප්රවෘත්ති අළුයම හෙලූ කුණුකෙල පිඩක් සේ ඉවත දැමූ බවකි පෙනෙන්නට අැත්තේ...

අර්ජුන අැමති වරයා එතුමාව විශ්වාස කරනා සබුද්ධික ජනතාවට තේරුම් ගත නොහැකි වූ කිසියම් සුළු හෝ වරදක් සිදුකර අැත්නම් හෝ අත්වැරදීමකින් සිදුවී අැත්නම් හෝ සබුද්ධික දේදුනු ජනතාවගේ අාත්ම ගරුත්වය තකා හැකි ඉක්මනින් ඒවා නිවැරදි කරනා ලෙස අායාචනයක්ද මේ සමග සිදු කරමු...!
============================================================
ඊනිව්ස් පාඨක සත්පුරවැසියාගේ ඉහත සමාලෝචය අවසන් කිරීමට පෙර මෙම සටහන තැබීමට හේතු කාරකයා වූ (දූෂිතයන් ඝාතකයන් එක දිගට අල්ලද්දී FCID සහ CID ප්‍රධානීන් දෙදෙනා මාරු කිරීමට බලගතු කුමන්ත්‍රණයක් ..!(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.28, පෙ.ව‍‍‍‍‍‍.8.15)

යන මැයෙන් වූ ඊනිව්ස් මෙම (http://www.lankaenews.com/news/4201/si) නිර්නාමික පුවතට.... පදනම්ව අැති කාරනය සම්බන්ධයෙන්ද කිසියම් අදහසක් පලකල යුතුව අැත.

මෙම පුවතෙහිද කිසිදු පිලිගතහැකි ප්රායෝගික භාවයක් පාඨකයාට නොදැනේ...

මන්ද යත් FCID හෝ CID ප්රධානීන් තමන්ට රිසි සේ එහෙට මෙහෙට චෙස් ක්රීඩා කිරීමට රාජිතට හෝ පාෙලිස්පතිට හැකිනම් ජනාධිපති මෛත්රී නම්මවා ගන්නට අර...මහින්ද සමයේ ගෝඨා/බැසිල් සහ මර්වින් සිදුකලා සේ උවහොත්.... විප්ලවීය දේදුනු ජනතාවට බඩකපාගෙන මැරෙන්න තමයි සිද්ධ වෙන්නේ... 

දේදුනු විප්ලවය වෙනුවෙන් තමන් හා අත්වැල් බැඳ ගත්තද... තම අනුගාමිකයින් හට ඕනෑම දීන ක්රියාවක් සිදු කිරීමට ඉඩ දී පොට්ටයකු සේ කරබාගෙන සිටි මහින්ද නිවටයා සේ අප සිතා සිටි අර දර මිටි බැඳි උපාසක නයෙකු නොවනු අැත මෛත්රී නමැති කේසර සිංහයා කිසිදා... යනු දේදුනු ජනතාවගේ විශ්වාසය සහ පැතුමයි.

ඒ නිසා මෙම පුවතත් ඉහත පුවත් වගේ නිකම් ඊනිව්ස් ජනප්රිය වෙන්න මවන ඒවාද කියලයි අපටනම් හිතෙන්නේ....

කෙසේ වෙතත් තව දුරටත් දේදුනු විප්ලවීය සබුද්ධික අප දේශපාලකයින්ගේ කඳවුරේ නොවනා බවනම් අවිවාදයෙන් සපත කර සිටිමු.

ස්තුතියී.
අපක්ෂපාතී ස්වාධීන සෝභිතාවතාර එසේම වන්නා වූ සබුද්ධික ප්රජාව සමග ඒකාබද්ධව සැලකර සිටිනා වගයි...

Sunday, June 26, 2016

අපවත් වී වදාල සෝභිත හිමිගේ විශේෂ නිවේදනයක් ලෙස සලකා මෙම අායාචනය යහපාලන ලැදි දේදුනු විප්ලවයේ පාර්ශවකාර සියල්ලෝම ඉතාමත් නිහතමානීව පිලිගනිත්වා.

පුවතක් - 

මෛත්‍රී බලයට ගෙනා සිවිල් සංවිධාන සහ ජනාධිපති කෙටවීමට කුරුඳු පොලු පහර කෑ සර්පයාගේ කුමන්ත්‍රණයක්..! මහාචාර්ය සරත් විජේසූරිය ජනාධිපතිට කම්පාව සහ විරෝධය පළ කරයි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.25, ප.ව‍‍‍‍‍‍.11.30)
http://www.lankaenews.com/news/4191/si

දේදුනු විප්ලවයේ කොටස්කාර පාර්ශවයේ ඉහත ප්වෘත්තියට වැඩිමනත් වශයෙනි... 
===============================================
අපවත් වී වදාල සෝභිත හිමිගේ විශේෂ නිවේදනයක් ලෙස සලකා මෙම අායාචනය යහපාලන ලැදි දේදුනු විප්ලවයේ පාර්ශවකාර සියල්ලෝම ඉතාමත් නිහතමානීව පිලිගනිත්වා.
===============================================

බොහෝමයක් මනුශ්යයින් ඉහල තලවලට පිවිසෙන විට නැතහොත් මහාචාර්ය පට්ටම් වැනි තනතුරු තානාන්තර හිමිවන විට ඒ අයගේ සංයමයත් උපේක්ෂා සහගත භාවයත් ගිලිහී ගොස් ටිකක් නිකම් අප්සැට් ගතියක් අැති සෙසක් නැතහොත් ලද බොලඳ ලමා ගතියක් ඔවුන් තුලින් දෘශ්යමාන වන්නට පටන් ගනී. මෙය මහත් අවාසනාවන්ත තත්ත්වයකි. 

එනිසා සෝභිත හිමිගේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ජීවමාන විධායක තනතුරින් පිදුම් ලත් අපේ උගත් මහාචාර්ය තුමා මෙවන් චූටි කාරනාවන් හට ඔතරම් විශාල මාධ්යය ප්රකාශ නිකුත් කිරීම නොවටී.

ඔබ තුමානන් හට සියල්ලටම පෙර සිදු කිරීමට තිබුනේ මෙවන් වූ මහාචාර්යය වරයෙකුට නොගැලපෙනා වැඩ නාෙකොට ජනාධිපතිවරයාට කෙලින්ම දුරකතන අැමතුමක් ගෙන තත්ත්වය පැහැදිලි කර ගැනීමය. 

ඉන් පසුව අවශ්යය නම් පමනක් අදාල පුවත සම්බන්ධයෙන් මාධ්යයට නිවේදනයක් නිකුත් කිරීමට තිබුනි. කවදත් බාල වැඩ කරනා නිලධාරීන් සහ කවදත් බාල පුවත් මවන කැලෑ පත්තර කාරයින්ගේ විගඩම් සහ පච පුවත් නිසා ජනාධිපතිවරයා සහ ඔබ තුමන්ලා අතර පවතිනා සංහිඳියාවත් එකිනෙකා වෙනුවෙන් පවතින්නා වූ ගෞරවයත් හානි කරගත යුතු නැත. විශේෂයෙන් එවැනි දෑ එකිනෙකාගේ පෞරුෂයන් හටද නොගැලපේ. 

සියල්ලටම සිනාසෙන්නට කල්මරමින් සිටිනා දූෂිත නඩයට උඩගෙඩි දෙන මෙවන් අදුරදර්ශී වැඩ අප සැම අතින් බැරිවීමකින් හෝ සිදු නොවීමට යහපාලන ලැදි සබුද්ධික සැවොම මින් මතුවටවත් වග බලා ගත යුතුය.

අප අතර තිබිය යුත්තේ මෙවන් වූ ලද බොලඳ මැසිවිලි හෝ චෝදනා නොව... ඔබ සැමගේම ජීවිත පරදුවට තබා දිනාගත් දේදුනු විප්ලවය අවසන් අධියර තෙක් සාක්ෂාත් කරලීමට අවශ්යය අවවාද,අනුශාසනා සහ බුද්ධි තොරතුරු (සිඟන්නාගේ තුවාලය වන් සැමදා ජීවත් වීමට හැකි විවිධ පච විකුණලා ගාන බෙදාගෙන සවසට තැබෑරුමේදී සෙට් වන බාල පත්තරකාරයින් සහ කතුවරුන් විශ්වාස නොකොට) නිරතුරුවම අපි සහ අපව විශ්වාස කරනා මෙවන් වූ අන්තර්ජාල මාධ්යය ඔස්සේ අදාල ග්රාහකයා වෙත කෙලින්ම යාවත්කාලීන කරමින් අඛණ්ඩ අාත්ම විශ්වාසයෙන් යුතුව එකිනෙකා සතුරා හමුවේ හුදෙකලා නොවී මෙහෙයුම අවසන් අධියර තෙක් කණ්ඩායමක් ලෙස එකාවන්ව කටුයුතු කිරීමට අවශ්යය විශ්වාසය ගොඩනගා ගැනීමය.

නොඑසේව දශක ගනනාවක් පුරා වල්වැදි රටක් මාස 18 කින් ගොඩ ගත්තේ නැතැයි යන අඤ්ඥාණවන්ත නොඉවසීමේ නැතහොත් මඳක් ඉවසීමට නොහැකි නුගුණය (දියුණු නොකල ගුණය) නිසා අත පුලුස්සා ගන්නේ නැතිව සිටීම කෙතරම් වටීද.

අපවත් වී වදාල සෝභිත හිමිගේ විශේෂ නිවේදනයක් ලෙස සලකා මෙම අායාචනය යහපාලන ලැදි දේදුනු විප්ලවයේ පාර්ශවකාර සියල්ලෝම ඉතාමත් නිහතමානීව පිලිගනිත්වා.

සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා චිත්ත නියෝගය පරිදි සටහන තැබූ වගයි.

ඉතාමත් ස්තුතියී.
තුණුරුවන්ගේ පිහිටයි සියළු දෙවි රැකවරනයි.
සෝභිතාවතාර විශ්වයේ සිට අාශිර්වාද කරනා වගයි.
2016/06/26

Saturday, June 25, 2016

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය යනු විශ්වාසයකි.. අැදහිල්ලකි.. යථාර්තයකි.

පුවතක් - 

යහපාලනයට පෙර රට පාලනය කරන්න..! අසිපත මුවහත පිණිස ගලේ ඇතුල්ලුවා වැඩිය: දැන් එය ගෙවෙන්න පටන් ගෙනය

-නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්නගේ විග්‍රහය
(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.25, ප.ව‍‍‍‍‍‍.2.45) 
දේදුනු විප්ලවයේ කොටස්කාර පාර්ශවයේ ඉහත ප්වෘත්තියට වැඩිමනත් වශයෙනි... 
===============================================
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය යනු විශ්වාසයකි..අැදහිල්ලකි.. යථාර්තයකි.
===============================================
අවුලක් නැත. අපවත් වී වදාල සෝභිත හිමිපානන්ගේ පුරෝගාමීත්වයෙන් බිහිවුනු සාධාරන සමාජයක් බිහිකිරීම සඳහා වන දේදුනු විප්ලවය දියත් වී හමාරය. යලි එය කිසිදා නොනවතීයී...

වර්තමානය වන විට එය අැදහිල්ලක් බවටත්... විශ්වාසයක් බවටත්... යථාර්තයක් බවටත් පත්ව හමාරය.  

විනිවිදභාවය පසක් කරමින් පසුව එම විශ්වාසය තව දුරටත් යාවත්කාලීන කර නිර්පාක්ෂික අැදහිල්ලක් බවට පරිවර්තනය කල සෝභිත මාහිමිපානන් අපවත් වුවද තම සිහිනය තුලින් තවමත් බැහැරව නැත. උන්වහන්සේ සත්පුරවැසියා තම අාතූරයා ලෙස පත්කර ගත්තේද එම කාර්යය භාරය වඩාත් ප්රායෝගිකවද... කාර්යක්ෂමවද සිදු කිරීම උදෙසාය.

එය සැබෑවක් යථාර්තයක් වන තුරු උන් වහන්සේ අවතාරයක්ව විශ්වයේ සැරි සරමින් අපට මාර්ගෝපදේශකත්වයත් ධෛර්යයත් නිරන්තරව ලබා දෙමින් අදෘශ්යමානව වැඩ වසයි.

යහපාලන ලැදි සබුද්ධික තීරක ප්රජාව විසින් මෛත්රී රනිල් සුසංයෝගය වෙත අපේක්ෂා කල වෙනස ඉෂ්ඨ සිද්ධ කිරීම වෙනුවෙන් සංක්රාන්ති සමයක් ලබා දී අැත. මේ ගෙවී යමින් පවතින්නේ ඒ වටිනා කාල පරාසයයි. අසමත් වීමට පෙර ඔවුන් තම වගකීම සියයට 75 ක ප්රතිශතයකටවත් ලඟා කරවිය යුතුමය.

තවත් වසර තුනහමාරකින් මීලඟ ජනාධිපතිවරනය පැවැත්වේ. දේදුනු විප්ලව කරුවන් දේශපාලන අතකොළු හෝ ගැත්තන් නොවේ. සැම විටම ඔවුන් අරමුන දිනවීමේ නොනවතින අරගලය තුල පමනක් නිර්පාක්ෂිකවද සම්මුතිවාදීවද ජීවත් වෙයි. ඒ මන්ද යත් ඔවුන් හට අවශ්ය කරන්නේ තනතුරු තානාන්තර මිල මුදල් මත්පැන් බත්මුල් නොව.. රටේ සියල්ලන්ගේම පොඩි උන්හට (මතු පරපුර වෙනුවෙන්) ගරු කටයුතු ලෙස ජීවත් විය හැකි  පිරිසිඳු රටක් පමනි.

එනිසා මින් මතු යමපල්ලන් දූෂකයින් බලයට පත් කිරීමක් දේදුනු විප්ලවීය නොනවතින අරගලය පවතින තාක් මෙරට සිදු නාෙවනු නියතය.

වර්තමානය වන විට අවබෝධය ලබමින් සිටිනා මහින්ද මායාවේ අන්ධ කඩතුරාවෙන් දෑස් බැඳ සිටි 58 ලක්ෂය තුල සිටිනා සබුද්ධික ජනතාවද.. දිනෙන් දින 62 ලක්ෂයේ පාෙදු අපේක්ෂීය දේදුනු පදනම වෙත ගාල් වෙමින් පවතී. නුදුරු අනාගතයේදී එය මේ රට අාපසු හරවනා සුවිශේෂී මහා බලයක් වනු අැත. හැඟීම්වලට වහල් වී රට වෙනුවෙන් අක්ඥාණවන්ත තීරන ගත් පාට පක්ෂ දේශපාලනය කුණු කූඩයට දැමූ සම්මුතිවාදී දේශපාලනයේ පරම හරය වන්නා වූ ලෝක දේශපාලනයේ නව්යය වූ තාක්ෂනික දිගුවේ අැරඹුම වනු අැත.

එනිසා මෛත්රී/රනිල් සුසංයෝගය මෙම පලමු කඩඉම තුල දේදුනු විප්ලවයේ පරම සත්යය අරමුන කිසියම් ප්රමානයකට හෝ යථාර්තයක් නොකලහොත් ඔවුන් තවදුරටත් එම කටයුත්ත ඉදිරියට ගෙන යාමට සුදුස්සන් නොවනු අැත..!

ඉනික්බිති මේ රටේ අැතිවන්නා වූ දේදුනු විප්ලවයේ 2 න සංග්රාමය තුල ශ්රීලංකා යූඑන්පී යන පාට පක්ෂ දේශපාලනික සංකල්ප සාේදා පාළුවී යනු අැත. හොරු තක්කඩි දූෂක අපරාධ කරුවන් නොමැති නවමු බලවේගයක් සෝභිත හිමිපානන්ගේ විශ්ව බලය තුල නිර්මානය වනු අැත. එය ජයග්රහනය කොට මෙම රට මකා දමා අපුල්ලා අලුතින් යාවත්කාලීන කර හෙට දවසේ බිහිවන දරුවාට පිවිතුරු රටක් බිහි කරනු අැත.

නමුත් දේදුනු විප්ලවය අාරම්භයේදී නොපෙනුනු දුෂ්ඨ මායාවක් නිසා මෛත්රී රනිල් කිසියම් වූ සාධාරන ප්රායෝගික පටැලැවිල්ලක සිරවී සිටිනා බව සබුද්ධික දේදුනු ජනතාව අවබෝධ කොට ගත යුතුය. ඒ අන්කිසිවක් නොව මහින්ද මලපෙරේත දිස්ඨියේ මහා දෝෂයයි.

එවැන්නක් හිටපු ජනාධිපතිවරයෙකුගෙන් කිසිසේත් අපේක්ෂා කල හොහැකි තරම් දීන වෛර,ද්වේශ,ක්රෝධ,මෝහ සියළු පව් කැටිකල පහත් ප්රතිචාරයකි.

ඒ නිසාම මෛත්රී රනිල් සුසංයෝගය වෙනුවෙන් අදාල කර්තව්යය සඳහා අමතර කාලයක් ලබා දීමේ අවශ්යයතාව පවතී. 

මන්ද යත් එම දෙපලට මෙම අසීරු සුද්ධ පවිත්ර කිරීම සිදු කරන්නට සිදුව අැත්තේ හෙනරාජ තෛලය ගත තවරාගෙන අදෘශ්යමානව අායුධ අමෝරා ඔවුන් විනාශ කිරීමට සැදී පැහැදී කපන්න බැරි අත සිඹිමින් සිටිනා දූෂිත මහින්ද ගැත්තෝ යහපාලන රජය තුල ස්ථාන ගතව සිටිනා බැවිනි.

නමුත් මෛත්රී ඒ ද්රෝහීන් හා අකමැත්තෙන් මුත් මිත්රත්වයෙන් පසුවන්නේ යනඑන මං නැතිවී සිටිනා අවස්ථාවාදී මහින්දට සහ ඒ වනචර පිලට ශ්රීලංකා නිදහස් පක්ෂ චන්ද පදනමින් කොටසක්වත් ගලවා ගැනීමට ඉඩ අහුරාලීම සඳහා විය හැක. එනිසා මෙහිදී මෛත්රීගේ හැසීරීම සාධාරනීය කල හැක. නමුත් රනිල් ඒ ද්රෝහීන් හා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මුත් මිත්රත්වයෙන් පසුවන්නේ සැබවින්ම සම්මුතිවාදී යැයි මුවින් පැවසුවද යටි සිතින් තම පක්ෂය අාරක්ෂා කිරීම සහ තම අාසන්නතම අනුගාමිකයින් හට පක්ෂය අාරක්ෂාකර දීම සඳහා ශ්රීලංකා නිදහස් පක්ෂය මහින්ද ලවා දෙකඩ කරවීමේ දෙපිට කාට්ටු චින්තනයක් තුලද යන්න අවබෝධ කර ගැනීමට අප සැමද රනිල්ගේ ලෙච්චවී සම්මුතිවාදය තුල තව ටිකක් තෙම්පරාදු වෙමින් බලා සිටිය යුතුව අැත. මන්ද යත් මේ උන්දාගේ මැස්මොරයිස් වැඩ ඉතා සංකීර්න ස්වරූපයක් ගන්නා නිසාය.

කෙසේ වෙතත් කැමති උවත් අකමැති උවත්... කොතරම් අසීරු උවත් නැතත්... දේදුනු න්යාය පත්රය නිසි ලෙස සම්පූර්න කිරීමට මෙම දෙපල අනිවාර්යයෙන් බැඳී සිටීයි. ඒ මන්ද යත් සෝභිත හිමිපානන්ගේ දේදුනු සැලැස්ම නොවෙන්නට අද මේ දෙපලම මහින්ද මෙන් නිකම්ම නිකන් මන්ත්රීවරුන් පමනක් නිසාය. එම නිසා අපවත් වී වදාල සෝභිත හිමිගේ අවතාරයේ උදහසට පාත්ර නොවී නිතිපතා සහෝදර දේදුනු වාදීන් සහ සෝභිතාවතාර සියළු මාධ්යයන් ඔස්සේ යාවත්කාලීන කරනා අවවාද, උපදෙස් සහ බුද්ධි තොරතුරු නිසිලෙස අධ්යයනය කර මුල් අරමුන කරා රට ගෙන යාමේ නොනවතින මාවතේ යහපාලනවාදී දේදුනු ප්රජාව හා ගමන් කල යුතු වීම මෛත්රී සහ රනිල්ට අනිවාර්යය කොන්දේසියක් වෙයි...

ඒ වගේම ඔවුන්ගේ අනාගතය රැඳී පවතින්නේද මෙම අනිවාර්යය නියමය ඉෂ්ඨ කිරීම හෝ නොකිරීම මතය... එම නිසා විප්ලවීය දේදුනුවාදීන් හට සැකබිය අැති කර ගැනීමට අවශ්යය නැත. සෝභිත හිමිගේ පිරිත් නූල් ගැටය මෙම දෙපලට පාරාවලල්ලක් වී හමාරය. එනිසා මොවුන් වැඩේ නොකර ගෙදර ගියොත් මුන්ගේ අඹුවන් නසී... නොඑසේව මග සිටියොත් මුන් දෙපල මගදිීම නසීයී. තීරනය ඒ දෙපල සතු වේ..!

ස්තුතියී.
යහපාලන ලැදි සබුද්ධික සියළු ප්රජාව සමග සෝභිතාවතාර 

Friday, June 24, 2016

2016/06/24 දින ඔස්ලෝවට පසු දෙවන යාවත්කාලීන කිරීමයි... මරණීය දන්ඩනයට එරෙහි ඔස්ලෝහි ලෝක සමුළුවට එරෙහිව හඬගා කියන වගයි.

2016/06/24 දින ඔස්ලෝවට පසු දෙවන යාවත්කාලීන කිරීමයි...
මරණීය දන්ඩනයට එරෙහි ඔස්ලෝහි ලෝක සමුළුවට එරෙහිව හඬගා කියන වගයි.
දේශපාලනික සහ රාජ්යය පාලන යුග පුරුෂයන් වීමේ පරම අභිලාෂයෙන් සියළුම ලෝක දේශපාලකයින් මරන දණ්ඩනය අහෝසි කිරීම වෙනුවෙන් වැඩ පෙන්නුම් කලද ඉතිහාසය පුරාම අැතිවුනු දහස් සංඛ්යාත දූෂණ අපරාධ අතරින් මෙහි දැක්වෙන වීඩියෝවේ සඳහන් බාල අපරාධය වෙනුවෙන් අගතියට පත් පාර්ශවයන් හට සාධාරනය ඉටු කිරීම සම්බන්ධයෙන් නැගී සිටියෝ කවරහුද.... තමන්ගේ හෝ තම පරපුරේ කිසිවෙකුත් මෙවන් අපරාධ වලට ලක්වීමේ අවධානමක් අාසන්නයකවත් නැති නිසාද ඒ අසරනයින්ගේ දුක වේදනාව ඔය කෙරුමන්ලා හට නොවැටහෙන්නේ...! නැතහොත් ඒ අසරනයින්ගේ දුක් කඳුළු වෙනුවෙන් පෙනී සිටිනවාට වඩා ලෝක තලයේ ගොස් ලොකු සමුළුවල පවත්වන සමාරම්භක දේශනවලින් ලැබෙනා කීර්තිය ඊට වඩා වටිනා නිසාද...!
මහත්වරුනේ බුදු සමය පිලිබඳව හෝ අෑත ඉතිහාසයේ රජකම් කල සැබෑ රජවරුන්ගේ රාජ්යය පාලනයන් පිලිබඳව හෝ... අටුවාටිකා කථා කර පලක් නැත. සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා නොර්වේහි ඔස්ලෝ නගරයේ ප්‍රසිද්ධ ඔපෙරා ශාලාවේ 2016 ජූනි මස 21 සිට 23 දක්වා පැවැත්වූ, මරණීය දණ්ඩනයට එරෙහි 6 වැනි ලෝක සමුළුවෙහි නියෝජනය වුනු සියළුම රටවල් වලට අභියාේගයක් කර විමසා සිටිනවා... ඔබලාගේ මහා ලොකු මරණීය දණ්ඩනයට එරෙහි 6 වැනි ලෝක සමුළුව පැවැත්වුනු මොහොතේ ISIS ත්රස්තවාදීන් කඩා පැන ඔබ සැම මරනයට පත්කිරීම සඳහා සූදානම් වූවානම් ඒ ත්රස්තයින්ටත් ‍කතිකාවට ගත් ඔය නියමය ඒ අාකාරයෙන්ම පිලි පදිනවාද..... නැතහොත් කොමාන්ඩෝ භටයින් පැමින ඔවුන් වටලා මරා දමා හෝ ඔබලාගේ ජීවිත බේරා ගැනීම අපේක්ෂා කරනවාද... නැද්ද..... හෘද සාක්ෂියට එකඟව පිලිතුර දෙන්න... දීල ඒ නියායම දුකට පත් මෙවන් අසරයින්ටත් ලබා දෙන්න. වටින්නේ ජනතාවගේ කරමතින් උසස් තලවලට පිවිසි ඔබලාගේ හෝ ඔබලාගේ අාදර වන්තයින්ගේ ජීවිත පමනක් නොවේ. මෙවන් සුවහසක් වූ කාගේවත් පිලිසරනක් නාෙමැති අන්ත අසරන ජනතාවගේ පිහිටට ලෝක නායකයින්වත්... ලාේක නීතියවත්... නොමැති යැයි තහවුරු උනු දිනක ඒ ජනතාව නීතිය අතට ගතහොත් ඒ අය වෙනුවෙන් ඔබලාගේ ඔස්ලෝ සමුළුව කතිකාවට ගනු ලබන්නේ කිනම් එරෙහි වීමක් සම්බන්ධයෙන්ද...? ස්ත්රී සහ ලමා දූෂකයින් කෑලි කපා මරා දමනා නීතිය අතට ගත් ජනතාව මරණ දණ්ඩනයෙන් ගලවා ගැනීම වෙනුවෙන්ද...? ඉඩක් ලදහොත් තිරිසනුන් පවා අභිබවා යන තරම් පව් සිතුවිලිවලින් පොහොසත් මිනිසුන් වෙසෙනා සමාජයකට වරදේ ප්රමානයට අනුව නීති සහ දඬුවම් පනවා තිබීම අත්යාවශ්යය. එකී ප්රකාශය යමෙකු අභියෝගයට පත්කරන්නේ නම් ඕනෑම රටක නීති සහ දඬුවම් එක් පැය 24 ක් ඉවත් කර බලනා ලෙස ඉල්ලා සිටිනවා උසස් මනසක් අැතැයි පවසනා මිනිසතාගේ තරම කෙතරම්ද කියා දැන ගැනීම සඳහා ඔස්ලෝ කයිවාරු කාරයින් හට.... නීතියේ සිදුවන කිසියම් බැරිවීමක් නිසා නිවැරදි කරුවකු මරනීය දණ්ඩනයට පත්වුවහොත් වශයෙන් පවතින්නා වූ සුවිශේෂී කාරනය හමුවේ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා පමනක් නොව සිත මනස අැති ඕනෑම මිනිසකු විවාදයකින් තොරව එය දහස් වරක් පිලි ගනී... නමුත් ලෝක තලයේ පවතින්නා වූ මිනිස් නොමිනිස් ක්රියාකාරීකම් අනුව නීති සහ දඬුවම් ඒ ඒ යුගයන්ට සාපේක්ෂව තුලනය විය යුතුය. ශ්රීලංකාවේ අභ්යන්තරිකව පැවති යුධ සමයේදී සිදුවුනු අපරාධ හමුවේ කොටි ත්රස්තවාදීන් සහ හමුදා භට පිරිස් දහස් ගනනින් එකිනෙකා මරා ගන්නට සලස්වා ත්රතවාදය අවසන් විය යුතුය යන මතයේ ශ්රීලංකාව සහ ඔස්ලෝ කාරයින් අැතුළු මුලු ලොවම එකසේ සිටි බව තිත්ත අැත්තය. ඒ තුලද අනියම් අාකාරයෙන් සිදුවූයේ මරන දණ්ඩනය ක්රියාත්මක වීමමය.. ඒ තුල දහස් ගනනින් නිවැරදි කරුවෝද මිය ගිය බව යථාර්තයකි. නමුත් කවුරුවත් ඒ පිලිබඳ ඒ තරම් උනන්දුවක් නොදැක්වූයේ මමත්වය නිසාය. ත්රස්තවාදියා මර්ධනය නාෙකලහොත් ඒ තර්ජනය හෙට මට විය හැකිය යන යටි අදහස ඔස්ලෝ කාරයින්ගේ සිත තුල හොල්මන් කල නිසාය. නමුත් ඔස්ලෝ සමුළුවල මරන දණ්ඩනය ක්රියාත්මක වීමට එරෙහි වීම මාර නම්බුවකි. අසරනයාගේ දුකට පිහිටක් නැති බම්මුවෙ නම්බුව. අසරනයාගේ දුකට පිහිට යනු චුදිතයා එල්ලා මැරීමම නොවිය හැක. නමුත් අගතියට පත්වන්නන් හට සාධාරනය ඉෂ්ඨ වීමට වඩා චුදිතයින්ගේ සහ වැරදි කරුවන්ගේ සාධාරනය පිලිබඳ කථා කරන්නෝ සුලභය.... කුමක්ද මේ වෙනස..! කුමක්ද මේ අසාධාරනය...! ================================== බුදු සමය තුල එක් දිනක් අානන්ද හාමුදුරුවන්ද සමග කුඹුරක් මැදින් දානයක් සඳහා වඩිමින් සිටි අවස්ථාවකදී ගොවියන් කුඹුර කොටද්දී උදැල්ලට කැපී වෙන්වෙනා පනුවන් දැක අානන්ද හාමුදුරුවෝ බුදු සමිඳුන්ගෙන් මෙවන් ප්රශ්නයක් අසන්නට යෙදී අැත. ස්වාමීනී මෙසේ පනුවන් කැපීයාම පවක් නාෙවේද.? සත්පුරවැසියා අසා අැති මෙම ඉතිහාස කථාවට අනුව බුදුන් වහන්සේ ඊට කිසිදු පිලිතුරක් දී නාෙමැත. ඉනික්බිති තවත් සති ගනනාවකින් පසු ඒ අාකාරයටම ඒ කුඹුරු යාය මැදින්ම තවත් දානයක් සඳහා නැවතත් එසේ අානන්ද හාමුදුරුවන් සමගම වැඩ සිටීමට සිදුව අැත. නමුුත් එහි ගමන් කරද්දී පෙර අවස්ථාවේ මෙන් නොව කුඹුරු යාය ගොයමින් බරවී කරල් පැසී බිමට බරව පාදවලද දැවටෙමින් සරුවට වැඩී තිබෙනු දක්නට ලැබී අැත. එහිදී බුදුන් වහන්සේට පෙර අවස්ථාවේදී අානන්ද හිමි විමසූ පැනය සිහියට නැගී අැත. මෙම අවස්ථාව පෙර පැනයට පිලිතුරු සැපයීමට අවස්ථාවක් කර ගත් බුදු හිමියන්... අානන්ද දැන් කාෙහොමදැයි බලන්න යයි පවසා අැත. මා අසා අැති පමනින් නම් පිලිතුර එපමනකි. නමුත් සිතා ගත යුතු දේ බොහෝය.. ============================================== විඥා්ණයක් නොමැති පනුවාට මිනිසත් භවයක් ලැබීම බොහෝ දුර බව මා අසා අැත. එසේනම් විඥා්ණයක් නොමැතිව මනුලොව ඉපිද මෙවන් ලමා දූෂන අපරාධ සිදු කරනා උන් පැහැදිලි ලෙස ඔප්පු වන්නා වූ ලක්ෂයකින් එක් නරපනුවකු බැගින් හෝ මරන දණ්ඩනයට ලක්කොට වර්තමාන මිනිස් සමාජය වෙලා ගනිමින් පවතින දුෂ්ඨ ම්ලේච්ච ස්ත්රී සහ ලමා දූෂණ අපරාධ මර්ධනය සඳහා කිසියම් ප්රායෝගික කථිකාවතක් අැති විය යුතුමය. නොඑසේ වන ලෝක තලයේ කිසිදු මිනිස් සමාජයක් කිසිදාකත් සාධාරන සමාජයක් වන්නේ නැත. මෙවන් දඬුවමක් ක්රියාත්මක වීම හමුවේ අපරාධ කරුවාගේ පාර්ශවයේ අාදරවන්තයින්ද දුකට පත්විය හැකි බවට සාධාරන මතවාදයක් පැවතිය හැකි උවත්.... ...අගතියට පත් පාර්ශවකරුවන්ගේ වේදනාවත්... මතුවට මෙවන් වූ තවත් අපරාධ ඒ අපරාධ කරුවන් විසින්ම සිදු නොකරාවී... යන්නත්... සමාජය තුල පසක් වී තිබේද සහ හෙට දවසේ එවැන්නක් සිදු නොවේවි යැයි ඔස්ලෝ කාරයින් හට සපත කල හැකි පිලිගත හැකි සාධකය කවරේද...යන්නත් සැලකිල්ලට බඳුන් කල යුතුය. එසේනම් සත්පුරවැසියා දන්නා ප්රායෝගික දහමේ මූලධර්ම වලට අනුව පනුවා කැපී යනු දැක මුනිවත රැක්කද... කෙත සීසාන මීහරකාට කිසිවකු දැඩිව තැලුවා නම් හෝ පනුවන් කෑමට පැමිනි කොකුන් මරා මසට ගැනුමට සූදානම් වන අයෙකු දුටුවානම් බුදුරජු වුවද එසේ මුනිවත නොරකිනු නියතය... එනිසා ඒ අනුව හෝ මිනිසත් භවයක් ලැබුම පිංවත් කමක් යැයි බුදු බණේ දේශනා වුවද... ශත වර්ෂ ගනනාවක් පුරා පරිනාමය ලබා අැති මෙවන් අපරාධ වෙනුවෙන් වසර දහස් ගනනක් ඉපැරනි සංස්කෘතීන්වල පැවති අනපනත් ගෙන හැර අද යුගයට අාදේශ කර යුග පුරුෂ චින්තකයින් වීමට උත්සාහ කිරීමම පයට පැගෙන දුහුවිලි අංශු තුලත් දැත් දෙපා විසිකරනා විටත් හිංසාවට පත්වන්නා වූ පෙරේතයින් පුංභාණ්ඩයින් පිලිබඳ වූ ගැඹුරින් දහම අවබෝධ කොටගත් බුදු පියානන් පවා යම් යම් ප්රායෝගික සන්සිද්ධීන් හමුවේ තම මතය ප්රකාශයට පත් නාෙකර යථාර්තයට ඉඩ සලසා දීම බම්බුවේ ඔස්ලෝ කරුවන් සහ සමස්ථ ලෝක සෝබන කාර නායකකාරකාදීන් පූර්වාදර්ශයක් කාෙටගෙන සියලු තත්ත්වයන් නැවත පසුවිපරමකට බඳුන් කොට සියළුම අගතියට පත්වන්නන් හට නිසි සාධාරනයක් ඉටුවන ලෙස අනපනත් නීති රීති පුර්න ප්රතිව්යුහගත කිරීමකට ලක්කල යුතුමය. නොඑසේ උවහොත් බුදුන් පැවසූ ඒ උසස් මනස අැති මනුසතා අසාධාරනය ඉහවහා ගිය උච්ඡතම යම් අවස්ථාවකදී සිට නීතිය සහ දඬුවම තම අතට ගන්නා දිනය ඉතාමත් අාසන්න බව අනාවැකියක් ලෙස අවධාරනය කොට සමාප්තිය තබමි. ඔස්ලෝ කාරයින් හා කිසියම් සිත් තැවුලකින් පසුවන... සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා අගතියට පත් අහිංසකයින් සමග ඒකාබද්ධව අවධාරනය කර සිටිනා වගයි. මේ 2016/06/24 ඔස්ලෝවට පසු සංක්ෂිප්තයයි.

==============================================
 
පුවත් -


මැදමුලන ‘වෙන්ඩ රජා‘ මහ පාරේ රගර් ක්‍රීඩකයන් පවා මැරුවද පළමු සියවස් වලදී ලංකාවේ සැබෑ රජවරුන් මරණීය දණ්ඩනය දී නැතැයි මංගල යුරෝපයට කියා දෙයි


(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.23, ප.ව‍‍‍‍‍‍.11.30) ශ්‍රී ලංකාව වනචර දශකයක් පුරා යටත් කර ගෙන සිටි ‘මැදමුලන වෙන්ඩ රජා‘ තම පුතුන් සමග අමනාප වූ රගර් ක්‍රීඩකයන් පවා මහ මග මරා දැමුවද, පළමුවැනි තෙවැනි සහ සිව්වැනි සියවස් වල රජකම් කළ සැබෑ සිංහල රජවරුන් ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර නැතැයි අප දැනගත්තේ පසුගියදා ඔස්ලෝ නගරයේදී පැවැති කතාවකදී ය.

විදේශ ඇමැති මංගල සමරවීර මහතා පසුගියදා නොර්වේහි ඔස්ලෝ නගරය බලා ගියේ එහි ප්‍රසිද්ධ ඔපෙරා ශාලාවේ පැවැත්වූ, මරණීය දණ්ඩනයට එරෙහි 6 වැනි ලෝක සමුළුවෙහි ආරම්භක දේශනය පැවැත්වීමට ය. නොර්වේ අග්‍රාමාත්‍ය ඒර්නා සෝල්බර්ග් මැතිණිය හමුවූ ඇමැති මංගල මානව හිමිකම් පිලිබඳ මහා කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු සහ නොර්වේ විදේශ කටයුතු අමාත්‍ය බෝර්හේ බ්‍රෙන්ඩේ මහතා ද සමග මරණීය දණ්ඩනයට එරෙහි සමුළුව ඇමැතූ මංගල සමරවීර මහතා ජාත්‍යන්තරය ඉදිරියේ කියා සිටියේ අතීත ශ්‍රී ලාංකික රජවරුන් බෞද්ධ ඉගැන්වීම අනුව යමින් මරණ දඬුවම අහෝසි කිරීමට පියවර ගෙන ඇති බවත් පළමු, තෙවැනි, සිව්වැනි මෙන්ම දහතුන් වැනි සියවස් හි දී පවා ශ්‍රී ලංකාව තුළ මරණීය දඬුවම ක්‍රියාත්මක කොට නොමැති බවයි...
සමරවීර මහතාගේ සම්පූර්ණ දේශනය පහතින් දැක්වේ.
http://www.lankaenews.com/news/4184/si


Thursday, June 23, 2016

මරණීය දන්ඩනයට එරෙහි ඔස්ලෝහි ලෝක සමුළුවට එරෙහිව හඬගා කියන වගයි. 2016/06/23

මරණීය දන්ඩනයට එරෙහි ඔස්ලෝහි ලෝක සමුළුවට එරෙහිව හඬගා කියන වගයි.
මෙවන් ලමා දූෂක අපරාධ කරුවන් පාලනය කල නොහැකි මරණීය දන්ඩනයට එරෙහි ලෝක සමුළුවලින් අගතියට පත්වන පාර්ශවකරුවන් හට සුගතියක් අත්වේද...

එසේනම් ඉදිරි මෙවන් අපරාධ පිලිබඳ හඬක් නාෙනගන විජේදාසද... මංගලද... අල්හුසේද්ද.... වගකීම බාර ගන්නේ...
මෙසේ ගොබ්බසේනලා වගේ පුටුවලට බරක් වෙලා ඉන්නද ඔස්ලෝ ගියේ ලමා දූෂකයින් පිලිබද හඩක් නාෙනගා.....

වහාම අඩු තරමින් ස්ත්රී සහ ලමා දූෂකයින් වෙනුවෙන් ගතයුතු දැඩි ක්රියාමාර්ග සම්බන්ධයෙන් අලුත් කතිකාවතක් අරඹන්න මෑතදීම මිනිසුන් නීතිය අතට ගැනීමට පෙර..... 

අහිංසක මිනිසුන් වෙනුවෙන් යමක් සිදු නොකර පත්තරවල මූන දාගත්තට පලක් නෑ මහත්වරුනේනිකමුනේ...

අගතියට පත්වන පාර්ශව කරුවන්ගේ දුක හඳුනනා සෝභිතාවතාර ලෝකය පුරාම සිටිනා එවන් ජනතාව සමග ඒකාබද්ධව මරණීය දන්ඩනයට එරෙහි ලෝක සමුළුවට එරෙහිව හඬගා කියන වගයි.

2016/06/23

Tuesday, June 21, 2016

නුදුරු අනාගතයේදීම දේශපාලකයා ජනතාව අතරින් විසිවී හුදෙකලා වනු අැත... සාේභිතාවතාර අනාවැකි පල කරයි.

==================================================================
නුදුරු අනාගතයේදීම දේශපාලකයා ජනතාව අතරින් විසිවී හුදෙකලා වනු අැත...
සාේභිතාවතාර අනාවැකි පල කරයි.
==================================================================
පුවතක්....

ඇමතිවරුන්ට යළි කිසි දිනක අති සුඛෝපභෝගී වාහන එපා, පිලිපීනයේ ජනාධිපතිවරයා ගෙන ඇතී තීරණය ලංකාවේද ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා රන්ජන්ගෙන් ජනපතිට ලියුමක්
මෙම තීරණයට බහුතර දේශපාලකයන් විරුද්ධ වුවත් ජනතාවගේ බලාපොරොත්තුව මෙයයි. 
==================================================================
පුවතට... පුවතක්...
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා සුවහසක් දේදුනු ජනතාව සමග අදාල යෝජනාව ඒකමතිකව සම්මත කරනා අතරම පුවතට වැඩිමනත් වශයෙන් යමක් දේශපාලකයින්ගේ පූර්ව දැන ගැනීම පිනිස එකතු කිරීමට කල්පනා කලෙමි. 

දේශපාලකයාට රාජකාරී සඳහා ඕනෑම තැනකට ඉක්මනින් යාහැකි වාහනයක් තිබිය යුතුය යන මැසිවිල්ලටත් කිසියම් ප්රමානයක අනූකූලතාවයක් දක්වමින් මුත් ජනතාවට සේවය කිරීමේ පරම පවිත්ර චේතනාවෙන් දේශපාලනයට පිවිසුනා නම් තම සහෝදර ජනතාවත් රට දැයත් වෙනුවෙන් යම් යම් කැප කිරීම් කිරීමටද ඒ ජනතා නියෝජිතයාට හැකියාව තිබිය යුතුය. නොඑසේ වන්නන් නියම ජනතා නියෝජිතයින් වන්නේ නැත. 

වර්තමානය වන විට පාට පක්ෂ සහ මමත්වය, අාත්මාර්ථය කරපින්නා ගත් දේශපාලකයා ජනතාවගෙන් අෑතට තල්ලු වී හුදෙකලා වන ස්වරූපයක් අැති වෙමින් පවතින්නේ ඒ හද ගැස්ම අවස්ථාවාදී දේශපාලකයා තුලින් ගිලිහී ගොස් අැති බව වත්මන් තීරක ප්රජාව අවබෝධ කොටගෙන අැති නිසාය.

ඒ නිසා නුදුරු අනාගතයේදීම... දැනටද... ලාංකේය දේශපාලන කරලිය නියෝජිතයා සහ තීරකයා වශයෙන් දෙකඩ වී යනු අැත. දේශපාලකයා යනු සැබවින්ම ජනතාවගේ සේවකයෙකු වනු අැත. ඔහු පසුපස කොලපොත රැගෙන යදිමින් සිඟමනේ පැමිනෙන ගැත්තෝ නාෙමැති වනු අැත. උගත් වැදගත් බුද්ධිමත් අදූෂිත රාජ්යය පාලන කටයුතු සඳහා සුදුසු යැයි සබුද්ධික තීරක ප්රජාව විශ්වාස කරනා මහත්මා ගති අැත්තන් තම පරමාධිපත්යය බලය පාවිච්චි කොට පාර්ලිමේන්තුව නමැති අදට වඩා එදිනට යථාර්තයක් වන නීති සම්පාදන අායතනයට යවනු අැත. 

ඒ වෙනුවෙන් ඒ ජනතාව ඔවුන්ගෙන් මත්පැන්, බත්මුල්, රැකියා අවස්ථා, යනාදී දොල පිදේනි කිසිවක් අපේක්ෂා නොකරයි. අවශ්යය වන්නේ යැවූ කාරනය හැකි උපරිම තත්ත්වයෙන් ඉෂ්ඨ සිද්ධ කිරීම පමනි.

දේශපාලකයින්ගේ කඳවුර සහ ප්රජාවගේ (ජනතාවගේ) කඳවුර වශයෙන් මේ දෙක අතර බැම්මක් අැතිවේ. පාට පක්ෂ දේශපාලන මතවාද පිලිබඳ ජනතාව කුමන අාකල්ප දැරුවද ජනතාවගේ කඳවුරට දේශපාලකයාගේ නෑදෑකමක් අැති නොවනු අැත. 

ජනතාවගේ කඳවුරේ නායකත්වය ගනු ලබන්නේ කිසිදා දේශපාලනයට අවතීර්න වීමේ අදහසක් නැති මුත් රටට ජාතියට සත්යය වශයෙන්ම දේශපාලක සටකපටයාට වඩා අාදරය කරනා (උදාහරන වශයෙන් - අපවත් වී වදාල සෝභිත මාහිපානෝ වැනි සහ මහාචාර්යය සරත් විජේසේකර, වැනි සිවිල් බලවේගයන් හා රැඳී පවතිමින් රජයන් නිසි මග ගෙන යාම සඳහා බලපෑම් කරනා සහ අව්ශ්යය වුනු තීරක අවස්ථාවන්හිදී 2015 දේදුනු විප්ලවය සිදු කලා සේ සුදුසු පොදු අපේක්ෂකයෙකු තෝරා බලයට පත්කොට නිසි මග රට ගෙනයාමේ නොනවතින අරගලයයි.

නමුත් වත්මන් නායක සුසංයෝගය පිලිබඳ දේදුනු ජනතාව තැබූ අකලංක විශ්වාසය මඳක් ප්රමාද වී හෝ නොපිරිහෙලා ඉටුවන බවට පවතින අාත්ම තෘප්තිය දේදුන්නක් බවට පත් නොකරනු අැතැයි තව දුරටත් විශ්වාසය පල කරමු.

සෑම පක්ෂයකින්ම තෝරා යවනා දේශපාලකයින් ඡන්දයෙන් පසු සිදු කල යුතු වන්නේ වත්මන් යහපාලන ජනපති අගමැති දශක ගනනාවක තම දේශපාලන අත්දැකීම් අඹරා කලතා මිරිකා තැනූ චූර්නය නම් බේත අනුපානෙන් බීල රටත් ජනතාවත් සැමදාම බෙදා වෙන්කල කාලකන්නි පාට පක්ෂ දේශපාලන කුණු ගොඩ පැත්තකට විසික්ක කොට සම්මුතිවාදීව රාජ්යය කිරීමේ දේශපාලකයාගේ වගකීම නිසි ලෙස ඉෂ්ඨ සිද්ධ කිරීමට වග බලා ගැනීමයි.

සැමදාම සැමදේටම කකුලෙන් අදිනා රට ඉස්සරහට නොව පසු පසට ගිය බෙදී දේශපාලනය කල පාට පක්ෂ ක්රමය මේ වන විට යල් පැන ගිය නටඹුන් බවට පත්ව අැත. 

ඒවා යල්පැන යාමට හේතුව වූයේ අාත්මාර්ථය, මමත්වය සහ අත්නොහැරීම යන පව් සිතුවිලි ප්රතග්ජනයා තුල වඩ වඩාත් මෝදු වීමය.

එනිසා වර්තමානය වන විට මනුශ්යයින් හට රට කරවීමේදී තාක්ෂනික ක්රමවේද මිස හැඟීම් හෝ පවු පිං (මහින්ද පව්.. ගම්මන්පිල පව්.. බං) වැනි මෙවන් දුර්වල සිතුවිලි තුලින් කිසිදාකත් රටකට ඉදිරියට යාහැකි නොවනු අැත.

වත්මන් සබුද්ධික ප්රජාව දැන් සිටින්නේ ඒ අවබෝධය ලබා ගන්නා සංක්රාන්ති සමය පසුකරමින්ය. 

එනිසා මින් මතු කිසිදු කූට දේශපාලකයෙකු හට ජනතාව රවටා හෝ අඬවා හෝ බලය ලබා ගැනීමේ ලඳ බොලඳ භාවිතාවන් සබුද්ධික ජනතාව සමග සිදු කල නාෙහැකි වනු අැත.

ස්තුතියී.
සෝභිතාවතාර සියක් ලක්ෂයක ජනතාව සමග ඒකාබද්ධව අවධාරනය කර සිටිනා වගයි.
2016/06/21