Thursday, November 8, 2018

2015 ජනවාරි 08, අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ සැබෑ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ නිසල දේහය අභියස ඔබ සපත කල පොරොන්දුව කිසි ලෙසකින්වත් කඩ නාෙකරනු අැතැයි උන් වහන්සේගේ තෙවැනි ගුණ සමරුව යෙදී අැති අද දින වත්මන් ජනපතිඳුන්ගෙන් නැවත නැවතත් අපේක්ෂා කරමි. සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා. 2018/11/08

Nov08
රට තුළ සාධාරණ සමාජයක් ‍පිහිටුවීම වෙනුවෙන් ඇප කැප වී සිටියදී අපවත්වු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත
නායක හිමියන්ගේ තෙවන ගුණ අනුස්මරණය අද දිනට යෙදී තිබේ.
https://www.gossiplankanews.com/2018/11/sobhitha-thera-memo.html
==========================================================
හිටපු යමපාලකයිනුත් පැමිනි යහපාලකයිනුත් දිගින් දිගටම සිදුකල ජනතාවාදී නොවනා අත්තනාේමතික ක්රියා කලාපයන් සහ දූෂණ අක්රමිකතා සියල්ල ඉතාමත් නුදුරු අනාගතයේ සිදුවන්නට නියමිත ටෙලිපති සැලැස්මක ප්රතිඵලයක් ලෙස....

ක්ෂනිකව බිහි වන්නා වූ දේශපාලනික සුනාමියන් තුලින් සුන්නත්දූලි වී යාම පිනිස‍ දහසක් නින්දා අපහාස මධ්යයේ ජනපතිඳුන් විසින් සිදුකල වත්මන් දේශපාලනික ව්යාකූල තත්ත්වය අමරනීය වූ විපරීත ගැටයක් බව තවමත් සෝභිතාවතාර විශ්වාස කරයි.

හිතුමතේ ජීවිතේ සිරකරුවා මාධ්යය ඉදිරියේ පැවසූ පරිදි වත්මන් ජනපතිඳුන්ද ජේවීපී කාරයෙකුව සිටි යුගයකදී තමන් හා එක සිර මැදිරියේ විසූ බව...

සත්යයනම්ද.. මේ රට කිසියම් විප්ලවකාරී අාකාරයෙකින් හෝ නිසි මගකට ගැනීමට සත් භාවයෙන් යුතු හැඟීමක් තවමත් යටි සිතේ හෝ පවතීනම්ද...

ඒ සඳහා ජනපතිඳුන් හට තවමත් කාලය ඉතිරිව අැති බව සෝභිතාවතාරයේ විශ්වාසයයි.

එම නිසා 2015 ජනවාරි 08, අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ සැබෑ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ නිසල දේහය අභියස ඔබ සපත කල පොරොන්දුව කඩ නාෙකරනු අැතැයි උන් වහන්සේගේ තෙවැනි ගුණ සමරුව යෙදී අැති අද දින වත්මන් ජනපතිඳුන්ගෙන් නැවත නැවතත් අපේක්ෂා කරමි.

සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා.
2018/11/08

=============================================
හිතුමතේ ජීවිතේ සිරකරුවා මාධ්යය ඉදිරියේ පැවසූ තම ජීවිත කථා...
https://www.youtube.com/watch?v=_n43s-ipCXw



No comments:

Post a Comment