Thursday, March 1, 2018

වත්මන් ජනපතිඳුන් හට අවධාරනයෙන් යොමු කරනු ලබනා ජනතා පෙත්සමයි.


වත්මන් ජනපතිඳුන් හට අවධාරනයෙන් යොමු කරනු ලබනා ජනතා පෙත්සමයි.
==================
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි 08 සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවය හමුවේ පරාජයට පත්වී කසල ගොඩට විසිවූයේ මර්වින් සිල්වා වැනි තවත් පාදඩ දේශපාලකයින්ගේ වැරදි ක්රියා හමුවේ අඳ/ගොළු/බිහිරෙකු සේ සිටීම එක් ප්රභල කාරනයක් වූ නිසාය....

එහෙයින්... වත්මන් ජනපති තුමනි ඔබද ඒ තත්ත්වයට පත් නොවී මෙවන් අවස්ථාවන්හිදී පාට පක්ෂ න්යාය පත්රයන් කටුගා දමා රැඩිකල් විප්ලවවාදියෙකු සේ නොපැකිල නිර්භයව මෙවන් අපතයින් සම්බනන්ධයෙන් විනය පරීක්ෂනයන් සිදුකොට දේශපාලනයෙන් නෙරපා හැර සමස්ථ දේශපාලනයටම පරමාදර්ශී වන්න...

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට අවධානයෙන්....
==========================================
නීතිය උඩු යටිකරු වෙයි: ඌව මහ ඇමැති දණගැස්සූ විදුහල්පතිනියගෙන් කෝටි 50 ක් වන්දි ඉල්ලයි

(ලංකා ඊ නිව්ස් - 2018.පෙබ.27, පෙ.ව‍.6.10) බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ ආර්. භවානි මහත්මිය දණගැස්වීම නිසා දැනට ඇප මත නිදහස්ව සිටින ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක නීතිය උඩු යටිකුරු කරමින් විදුහල්පතිනිය තමන්ට අපහාස කළා යැයි කියා ඇයගෙන් රු.මිලියන 500 ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

ප්‍රධාන ඇමැති මෙලෙස එන්තරවාසි යවා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම විසින්ද පරීක්ෂණයක් සිදුකරන අතරතුරදී ය.

මෙවැනි පසුබිමකදී අගතියට පත් පැමිණිලි කාරියට මහ ඇමැති තම බලය පෙන්වා එන්තරවාසි යැවීම ඇයට කරන ලද තර්ජනයක් ලෙස සැලකිය යුතුය. දේශපාලන බලවතෙකු විසින් සිය බලය අයුතු ලෙස යොදා රජයේ සේවකයන් දණ ගස්වද්දී ඒ සම්බන්ධ නඩු විභාග වෙද්දී අපහාස කළා යැයි එන්තරවාසි යවමින් අගතියට පත් අය බියට පත් කරන්නේ නම් රටේ දේශපාලන බලවතුන්ට එරෙහිව නීතියක් ක්‍රියාත්මක කළ නොහැකි වනු ඇත. මෙවැනි අවනීතික එන්තරවාසියක් යැවූ නීතිඥයා කව්දැයි සොයා ඔහුට එරෙහිව කටයුතු කිරීමට නීතිඥ සංගමයද කටයුතු කළ යුතුය.



No comments:

Post a Comment