Tuesday, February 27, 2018

අභීත මුත් හැඟුම්බර අපගේ සිංහල මලයින්ට අයාචනයක්...

අභීත මුත් හැඟුම්බර අපගේ සිංහල මලයින්ට අයාචනයක්...
මෙම FB/ (Post) පෝස්ට් එකට පොඩි අටුවාටිකාවක්...

මිත්රවරුනි ජාතිඅාගම් කුලමල සියළු භේදයන්ගෙන් තොරව හෘද සාක්ෂියට එකඟව අාගමානුකූලව සිතා බලන්න ප්රභාකරන් අපට එරෙහි වූයේ අතීතයේ අපේ හිටපු අවස්ථාවාදී පාලකයින් විසින් සුළු ජාතීන් හට සිදු කල අසාධාරනකම් තව දුරටත් දරා ගත නොහැකි වූ කල්හි නොවේද කියා..!

නමුත් අපේ මහාකළු සිංහල පාලකයින් දශක ගනනාවක් පුරා අපේම රටට ජාතියට සහ විශේෂයෙන් රටේ දරුවන්ගේ අනාගතයට කර අැති මේසා විශාල අසාධාරනය සිදු කර අැත්තේ අපේ මුතුන් මිත්තන්ගේ කාලයේ පටන් අද දක්වා සිංහලයින් සිංහල පාලකයින් හට කුමන වරදක් සිදු කලාටද....

අපගේ මාපිය මුතුන් මිත්තන් සහ අද වන විට ඔබ අප සැම සිදු කල එකම වරද වී අැත්තේ කලින් කලට පාට පක්ෂ මාරු කරමින් සිංහල මුත් බලය ලද පසු ජනතාව අමතක කර උන් උන් කල්ලි ගැසී බලය හුවමාරු කර ගනිමින් මාරුවෙන් මාරුවට ජනතාවගේ (ඔබේ මගේ අප සැමගේ) ධනය සොරාකමින් රට සහ ජනතාව අගාදයට පත්කල ගෝත්රිකයින් පිරිසක් දිගින් දිගටම බලයෙහි පිහිටුවීම පමනක් නෙවේද...? එහි කෘතගුණ සැලකුම හෝ රට නගා සිටුවීම කෙසේ වෙතත් දැන් මුන් සේරම සිදු කර අැති එකම වින්නැහිය වන්නේ.. රටේ දරුවන් තව වසර ගනනාවක් පුරාවට ලෝකය හමුවේ ණය කාරයන් කරවීම නොවේද...?

නමුත් කෙදිනකවත් ප්රභාකරන් එවැනි අසාධාරනයත් තම ජාතියට සිදු කලා යැයි ඔබ අසා තිබුනාද..!

එනිසා අප පෙල ගැසිය යුත්තේ ඒ මහා අසාධාරනයෙන් මේ රට සහ අනාගත පරපුර බේරාගැනීමට මිස අපටත් වඩා අසාධාරනයකට පාත්රව සිටිනා අපගේ සහෝදර සුළු ජාතීන් හට කෙනහිලිකම් කිරීමේ පාපයට හවුල් වීමට නොවනු අැත. ඒ නිසා නිරතුරුවම අවස්ථාවාදී සිංහල පාලකයින්ගේ රැවටුම් බස් වලට හසු නොවී සියල්ල බුද්ධියෙන් විමසා බලන්න හුරුපුරුදු වන්න. ඊට කදිම සිතිවිල්ලක් ඔබ සැම හමුවේ මෙසේ තබමු.

කිසි විටෙකත් ශෝක, ක්රාේධ, සතුටු, පැහැදීම්, අැති වූ කිසිදු අවස්ථාවක වරක් දෙවරක් නොව සියක් වර හොඳින් සිතා බලා මිස තීරන ගැනීමත්.. පොරොන්දු දීමත් සිදු නොකරන්න.

මෙම අභාෂය තමා තුලට උකහා ගතහොත් කිසි දිනෙක කිසිවෙකුට කිසිදු කරුනක් වෙනුවෙන් ජීවිතයේ කිසිදු දිනෙක පසුතැවීමට හේතුවක් අැති නොවනු නියතය.

පැවති අසීරු වාතාවරනයන් යටතේ සැබවින්ම දෙපාර්ශවයෙන්ම එකිනෙකාට සිදුවූ අකටයුතුකම් මොහොතකට අමතක කොට සැබෑ ජනතාවාදී නායකයින් කෙසේ විය යුතුද යන්න සලකා බැලූ කල්හි  ජාතියේ විමුක්තිය උදෙසා දිවි හිමියෙන් කැපවූ නායකයෙකි ප්රභාකරන් යනු අතිශෝක්තියක් නොවනු අැත.

කෙසේ වෙතත් මේ යන අාකාරයට තව දුරටත් අපගේ රට ඉදිරියට ගෙන ගියහොත් සිංහලුන් අතරින්ම දූෂිත සිංහල නායකයින් නසනා සිංහල ප්රභාකරන් කෙනෙකු බිහි වීමට ඉඩකඩ නැතිව නොවේ...

....එදිනට ඒ ප්රභාකරන් හා එකතූවී කඳවුරු බැඳ දූෂිත පාලකයින් පන්නා දැමීමට ඔබ සැම කොන්දේසි විරහිතව සටනට පිහිසෙන බව නියතය..

එහෙම නේද සහෝදරවරුනි... තට්ටු කර බලන්න ඔබේම හදවතට...
-------------------------------------
නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට සැම කල්හිම සියළු ජනතාව වෙනුවෙන් අැප කැපව සිටිනා වගයි.
==============================================
https://www.facebook.com/permalink.php?story_fbid=1895534390691099&id=100007036684569

https://www.facebook.com/permalink.php?story_fbid=1895534390691099&id=100007036684569

No comments:

Post a Comment