Friday, May 11, 2018

ලංකාවේ කළුකෝට් බෑයන්ගේ අවනීතිය

 ලංකාවේ කළුකෝට් බෑයන්ගේ අවනීතිය 

ජනතාවගේ මුදලින් පිනට උගෙන කළු කෝට් බෑය දාගෙන අහිංසක ජනතාවට ගෑස් පෙන්වමින් සල්ලි ටික අරන් සාක්කුවේ ඔබාගෙන නඩුව කතා කරන කොට මිනිහා උසාවියේ නැති, තක්කඩි පෙරකදෝරුවන්ට ඉල්ලූ විට නොව සේවා දායකයාගෙන් ලබාගත් මුදලට සරිලන බිල්පත ලබා දීම අනිවාර්ය කළ යුතුමය...!

බොහෝ ටයි කෝට් දමා ගත්තු පාදඩ පෙරකදෝරුවන් තුළ කිසිදු වැදගත් කමක් හෝ චාරයක් නොමැත.

ඉදිමුනු ඔළු ගෙඩිය තුල තිබෙන්නේ තමාට වඩා ජගතෙක් තවත් ලෝකයේ නැතැයි යන තකතීරු සිතුවිල්ලය.

නිර්පාක්ෂික සෝභිතාවතාර සුවහසක් ජනතාව සමඟ.....
www.sobithawathara.blogspot.com
පිවිසෙන්න අඩවියට වෙනසකට මුල පුරන්න.
=============================================================
පුවතට සෝභිතාවතාරයෙන් අටුවාටිකාවක්....
18/May11

යමිකිසි සේවාදායකයකු නිතිඥවරයකුගෙන් නීති සේවාවන් ලබාගැනීමේදී ලබාදෙන සේවා ගාස්තුවට අදාළ වන රිසිට් පත ඉල්ලා සිටියදී එය ලබානොදී සිටීම වරදක් යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා කීය.
එලෙස කටයුතු කරන නීතිඥවරුන් සිටී නම් ඒ ගැන තම සංගමයට දැනුවත් කරන ලෙසත්, ඔවුන් වෙනුවෙන් වහාම පියවර ගන්නා බවද ඔහු කීය. විශේෂයෙන්ම කොළඹ අධිකරණවල පැවැත්වෙන විශේෂ නඩුවට විභාගයන්හි දී සේවාදායකයන්ගේ ස්වා ගාස්තුවලට අදාළ රිසිට් පත් නිකුත් නොකර මුදල් ලබාගත නොහැකි බවද හෙතෙම වැඩිදුරවිත් පැවසීය.
මහේස්ත්‍රාත් අධිකරණවල තිබෙන නඩු සංඛ්‍යාව දෙස බැලූවිට සියලු නඩුවලට රිසිට් පත් නිකුත් කිරීම ප්‍රායෝගික නොවූවඳ යමකිසි සේවාදායකයකු රිසිට් පතක් ඉල්ලූවිට එලෙස රිසිට් පත් නොදී සිටීම ගැන තම සංගමයට වාර්තා වුවහොත් එම නීතිඥවරුන්ට ඒ ගැන දැනුම් දී විනයානුකූල පියවර ගැනීමට කටයුතු කරන බවද නීතිඥ සංගම් සභාපතිවරයා කීය.
===========================================

 රිසිට් පතක් නොදෙන නිතිඥවරුන්ට වැඩ වරදී 

No comments:

Post a Comment