Wednesday, September 20, 2017

ලේ මාපිලාගේ තත්පරය...!

ලේ මාපිලාගේ තත්පරය...!
=========================
නින්දේ පසුවෙද්දී ලේ උරා බොන ලේ මාපිලුන් සේ ග්රාහක
ජනතාවගේ නිසි අවසරයකින් තොරව විවිධ SMS පනවිඩ ලැබෙන්නට සලස්වා සහ වෙනත් නොයෙකුත් කූඨ තාක්ෂණික උපක්රම මගින් ජනතාවගේ ජංගම දුරකතනවල අැති මුදල් සූරා කන ඩයලොග්, මොබිටෙල්, එටිසලාට්, එයාටෙල් යන සියළුම ජංගම දුරකතන අායතන කෙරෙහි ජනතාවාදී යහපාලන රජයේ සහ ජනාධිපතිවරයාගේ සහ විදුලි සංදේශ නියාමන අමාත්යය වරයා සහ සභාපති ජනාධිපති මලයාගේ දැඩි අවධානය යොමු කරවා මෙම අසාධාරන සූරාකෑම් වෙනුවෙන් අනපනත් නීති රීති අැති කරවනා ලෙස යෝජනා කර සමස්ථ ජනතාවගේ හිත සුව සහ යහපත පිනිස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ලිඛිත අවසරයෙකින් තොරව ජංගම දුරකතනයන්හි අනවසර පැකේජ සහ වෙනත් නොයෙකුත් විකාර සක්රීය වීම වහාම අත් හිටුවන්න.‍

ඩයලොග් කාරයා යම් ලෙසකින් එක් දිනක එක් තත්ත්පරයකදී තම ග්රාහක ජනතාවගෙන් රු.1 ක් බැගින් අනවසරයෙන් සූරා ගතහොත් එය රු. මිලියන 11 කි. එක් දිනක තත්ත්පරයකින් රුපියල් කෝටි 1.1 කි. එය වසරකට රුපියල් මිලියන 4015 ක් හෙවත් රුපියල් කෝටි 401.5 කි. කොම්පැනියේ සමස්ත සේවකයින්ගේ වැටුප් සහ අනෙකුත් වියදම් සඳහා වුවද එයම සෑහෙනවා හෝ ඉතිරි වනවාද විය හැක.

අපේ රටේ නෙට්වර්ක් කාරයන් කරනා තාලයේ බරපතල සොරකම් මේ රටේ පහලවුනු කිසිදු සොරෙකු සිදුකර නැත.

මුන් ජනතාවට හොරෙන් ජනතාවගේ මුදල් සූරා කන්නේ රාජපක්ෂ රෙජීමය සහ ඔවුන්ගේ ගජ මිතුරන් ජනතා මුදල් සූරා කෑවාටත් අන්ත ලෙස සහ මහ බැංකු බැඳුම්කර සොරුන් ජනතා මුදල් සූරා කෑවාටත් අන්ත ලෙසටය.

රටේ ජනතාවට කිසිදු පැත්තකින් ඔළුව උස්සා ගන්නට මේ රටේ අැති හැකි උන් කිසිවෙකු ඉඩ දෙන්නේම නැත.

ජනතාවගේ මෙම ඉවසීමේ සීමාව ඉක්ම ගිය දාක සුනාමිය පරයා වූ ජනතා නැගී සිටීමක් අැතිවී කොහෙන් කෙලවර වේවිදැයි දන්නේ දෙවියන් සහ සෝභිතාවතාර පමනි.

විශ්වයේ සිට අවධාරනයෙන්...
2017/09/20
=============================================

මිලියන 11 ක් ඩයලොග් සබඳතා 
පැය කිහිපයකට අවුල්වේ - පුවතක්....
දැනගන්න පිවිසෙන්න...
http://www.gossiplankanews.com/2017/09/dialog-out-of-service.html

No comments:

Post a Comment