Saturday, September 23, 2017

ඔබට පල්ලියේ හඬ හරිහැරයක්නම්, ලඟම ඇති පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දමා, ඒ බව බෞද්ධ ⁣තොරතුරු කේන්ද්‍රයට දන්වන්න.../ Face book post - සෝභිතාවතාරයෙන් අටුවාටිකාවක්.... රටක සංහිඳියාව රජ කරවිය හැක්කේ ප්රතමයෙන් ඒ රටේ මහ ජාතිය සාධාරන සහ සංවේදී වූ විටය.

Face book post - සෝභිතාවතාරයෙන් අටුවාටිකාවක්....
ඔබට පල්ලියේ හඬ හරිහැරයක්නම්, ලඟම ඇති පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දමා, ඒ බව බෞද්ධ ⁣තොරතුරු කේන්ද්‍රයට දන්වන්න 
https://www.facebook.com/photo.php?fbid=1903665109882773&set=a.1601218596794094.1073741829.100007179063163&type=3&theater#
===================================================================
සෝභිතාවතාරයෙන් අටුවාටිකාවක්....

ඕනෑම අාකාරයකින් ඕනෑම ස්ථානයක සිදුකෙරෙනා පැහැදිලි ශබ්ද දූෂනයක් සම්මත අනපනත් නීති රෙගුලාසිවල යටත්ව පැවැත්විය යුතුවේ. රටක නීතියක් සම්මතයක් පවතීනම් ඒ සියල්ලන්ටම භේදයකින් තොරව එකසේ සියල්ලෝම ගරු කල යුතුය.

එම නිසා මුස්ලිම් පල්ලියේ අඩු පාඩු කම් සහ ශබ්ද දූෂනය දකිනා සැවොම ස්වේඡ්චාවෙන්ම අැප කැප වී පන්සලේ උදේ සවස සිදුකිරීමට යෝජනා කරනා පිරිත් සජ්ජායනා සහ දැනටමත් මේ වන විටත් රටේ නන් දෙස නොයෙකුත් වෙහෙර විහාරස්ථානයන්හි පැවැත්වෙනා ශබ්ද දූෂන ද, තුන් මංහන්දිවල සහ ත්රීවීලර් ගාල් අසල පිිහිටුවා අැති ශබ්ද විකාශන යන්ත්ර සමග අැති බුද්ධ ප්රතිමා වහන්සේලා අසලින්ද සිදුකෙරෙනා විිවිධ ශබ්ද දූෂණ ඒ ඒ ස්ථාන තුලට පමනක් සීමාවන පරිද්දෙන් සිදුකිරීමට කටයුතු යොදා තම තමන්ගේ සංවර බව පසක් කල යුතුය.

අන්යයන්ගේ අාගමික සහ සංස්කෘතික අනන්යයතාවයන් හට ගරු කරමින් ඊට බාධා නොවනා අාකාරයෙන් තම තමන්ගේ අාගමික, සංස්කෘතික සහ වෙනත් අනන්යයතාවයන් පවත්වාගෙන යාමට සැවොමත් විශේෂයෙන් බුදුන්ගේ දහම අවබෝධ කොට ගත් උතුම් සිංහල බෞද්ධයා සාධාරන සහ සංවේදී විය යුතුය. සමානාත්මකව අැප කැප විය යුතුය.

රටක සංහිඳියාව රජ කරවිය හැක්කේ ප්රතමයෙන් ඒ රටේ මහ ජාතිය සාධාරන සහ සංවේදී වූ විටය.

උත්තරීතර සම්බුදු දහම තුල ක්ෂුද්ර ජීවියෙකුටවත් හිංසාපීඩා කිරීම මහා වරදකි.. අපාගත වනා පාපයකි.

සෝභිතාවතාර
2017/09/24

=============================
Face book post - සෝභිතාවතාරයෙන් අටුවාටිකාවක්....
ඔබට පල්ලියේ හඬ හරිහැරයක්නම්, ලඟම ඇති පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දමා, ඒ බව බෞද්ධ ⁣තොරතුරු කේන්ද්‍රයට දන්වන්න
https://www.facebook.com/photo.php?fbid=1903665109882773&set=a.1601218596794094.1073741829.100007179063163&type=3&theater#
==============================================================
https://www.facebook.com/sathpurawasiya/posts/467287273651256

No comments:

Post a Comment