Saturday, January 9, 2016

පුවත්...

ශ්‍රී ලංකාවට ඓතිහාසික දිනයක්..! 

නව ව්‍යවස්ථාවක් සඳහා - ජනතා ප්‍රතිචාරය...... 

රට හදන පොදු හටනට - යහපාලනයට චිරං ජයතු!

                  2015/01/08 - 2016/01/08
තමන් ජනතාවගේ නියෝජිතයින් යැයි පවසා ගනිමින් මුත් නිරන්තරව ප්‍රතිපත්ති වෙනස් කරමින් හෘද සාක්ෂියට පටහැනිව කටයුතු කරන්නා වූ බොහෝමයක් ජනතා නියෝජිතයින් පිලිබඳව ජනතාව තුල පැවති විශ්වාසය මියගොස් හමාරය. එබැවින් පාර්ලිමේන්තුව තුල අැති මොට්ට ඔළුගෙඩි ගනන නොව යහපාලනය අගය කරනා රට තුල සිටිනා සුවහසක් ජනතාව ගැන විශ්වාසය තබා අරමුන කොයි අාකාරයෙන් හෝ සාක්ෂාත් කිරීමට සත්පුරවැසි ජනතාවගේ පූර්න අාශිර්වාදයත් ශක්තියත් යහපාලන නායකකාරකාදීන් හටත් ඔවුන් හා අත්වැල්බැඳගන්නා සත්ගුණවත් පාර්ලිමේන්තු අනුගාමිකයින් හටත් පුදකරනා බැවින් යායුතු ගමන අපගේ සෝභිත මාහිමිපානෝ පැතූ සිහිනය සැබෑ වන තුරු නොනැවතීම ඉදිරියට ගමන් කරනා ලෙස අයැද සිටිමු.. ස්තුතියී. 

සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර 


ශ්‍රී ලංකාවට ඓතිහාසික දිනයක්..! 

ශ්‍රී ලංකාවට ඓතිහාසික දිනයක්..! නව ව්‍යවස්ථාවක් සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව අගමැති ගෙනෙයි: ජනපති ‘ඒකීය සහ ෆෙඩරල්‘ ගැන ප්‍රායෝගික කතාවක් කරයි: සිද්ධියේ ඇතුළු පැත්ත ගැන වාර්තාවක්

(ලංකා ඊ නිව්ස් -2016.ජන.09, ප.ව.5.00) ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නව ව්‍යවස්ථාවක් හදා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු කාරක සභාවත් පත් කර ගැනීමේ යෝජනාව අද අගමැති රනිල් වික්‍රමසිංහ මහා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මේ වැදගත් අවස්ථාවට සහභාගී වීම සඳහා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. අගමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවේ මෙසේ සඳහන් වේ. 
“ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතු යැයි ශ්‍රී ලංකා ජනතාව අතර පුළුල් එකඟතාවක් ඇති හෙයින්ද,
ප්‍රජාතන්ත්‍රවාදය සවිමත් කෙරෙන දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීමෙහිලා පැහැදිලි ජනවරමක් ලබා දී ඇති හෙයින්ද,විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන්නා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවක් සම්මත කර ගැනීම සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පැහැදිළිව ප්‍රකාශ කර ඇති හෙයින් ද,මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කරනා වූද,ජාතික ප්‍රශ්නයට විසඳුම් සපයන්නා වූද, පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය‘ යනුවෙන් පාර්ලිමේන්තුවේ කාරක සභාවක් තිබිය යුතු යැයි පාර්ලිමේන්තුවට යෝජනා  කරයි.“
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ කතානායකවරයා බවත් නියෝජ්‍ය සභාපතිවරු හත් දෙනෙක් විය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ රැස්වීම සඳහා ගණපූරණය විස්සක් තිබිය යුතු බවත් යෝජනාවේ සඳහන් වේ.
සභානායක කිරිඇල්ල මහතා අගමැතිවරයාගේ යෝජනාව සම්මත කරන ලද අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව අමතමින් වැදගත් ප්‍රකාශයක් කෙළේය. ඒ නම් උතුරේ ජනතාව ‘ඒකීය‘ යන වචනයට බය වී ඇති බවත් දකුණේ ජනතාව ‘ෆෙඩරල්‘ යන වචනයට බය වී අති බවත් මේ තත්ත්වය මග හැරවීම යුගයේ අවශ්‍යතාවය බවත් ඔහු පැවසීය.
විදේශ උපදෙස් අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න යනවා යැයි විපක්ෂයේ ඇතමුන් වැරදි ප්‍රචාර ගෙන යමින් රටේ අවුල් ඇති කරන බවත් එවැනි අවුල් ඇති නොකරන ලෙසත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටියේය. අපේ රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට විදෙස් සහාය හා උපදෙස් අවශය නොවන බව ජනාධිපතිවරයා පැවසීය. විධායක ජනපති ක්‍රමය නිසා තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට හැකි වූවාය යන්න මතයක් පවතින බවත් අපි කළ යුත්තේ ආණුඩුක්‍රමයේ බිල්ලෙකු මතු කිරීම නොව දැනුම, අවබෝධය, දර්ශනය මත රටේ අනාගතයට වග කියන ප්‍රමුඛ නීති සකසා ගැනීම බවත් එමගින් ජාතික සංහිඳියාව, ජාතික සමගිය ඇති කිරීම යැයිද ජනාධිපතිවරයා කීවේය.
අද දිනය පුරා එනම් උදෑසන 10.30 ආරම්භ වී සවස 7.30 දක්වා පාර්ලිමේන්තුව පවත්වමින් මේ සම්බන්ධයෙන් විවාද කර අදාල තේරීම් කාරක සභාව පත් කිරීමට නියමිතව තිබුනද ඊයේ සවස අවසන් මොහොතේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මතය අනුව අද අගමැතිවරයා යෝජනාව ඉදිරිපත් කිරීමත් ජනාධිපතිවරයා සභාව ඇමැතීමත් පමණක් සිදුකර විවාදය අද නොපවත්වා තේරීම් කාරක සභාව පත් කීරීමත් කල් දැමීමට තීරණය කරන ලද බැවින් දහවල් 11.30 ට පාර්ලිමේන්තුවේ කටයුතු නිමා කෙරිණ.
ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වන අන්දමට මෙම කල්දැමීම සිදුවූයේ ජනාධිපතිවරයාට තම කණ්ඩායම පිලිබඳ විශ්වාසය ගැන ගැටලු සහගත වීමයි. මෙම යෝජනාවට පෙරවදනක් නොමැතිව ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම්ව සිටි අවස්ථාවේදී ‘නෑ ඊට පෙරවදනක් අවශ්‍ය‘ යයි කියා පෙරවදනක් ඇතුලු කරන ලද්දේ ශ්‍රීලනිප කණ්ඩායම නමුත් ඉන්පසුව ශ්‍රීලනිපයේ රාජපක්ෂවාදී බත්බැලයන් පිරිස එකී පෙරවදනේ ඇති කරුණු ඇද ගනිමින් නව ව්‍යවස්ථාවට එරෙහිව මතයක් ගෙන ගියේ එමගින් රට කැඩෙනවා යන අවලාදය එමිනි. මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිපය තුල අඬාවැඩියාවක් වර්ධනය වූ අතර ජනාධිපතිවරයාට තම කණ්ඩායම එක මතයකට ගෙන ඒමට නොහැකි විය. 
මේ අතර නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දැඩි අවස්ථාවාදී ස්ථාවරයක සිටින්නේ ය. ඔවුන් ජාතික ගැටළුව සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය ස්ථාවරයක් ගැනීමට එරෙහිව සිටින අතර කොට්ඨාශ මට්ටමේ සහ අනුපාත ක්‍රමය සංකලනය වූ නව මැතිවරණ ක්‍රමයටද එරෙහිව සිටී. ඔවුන්ගේ කැමැත්ත ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පමණකි. රටේ ප්‍රශ්න විසඳුනහොත් ජනතා විමුක්ති පෙරමුණට පැවැත්මක් නැති වන බැවින් හිඟන්නාගේ තුවාලය මෙන් රටේ ප්‍රශ්න භාවිතා කරමින් වරින් වන කටුසු වෙස් ගනිමින් දේශපාලන බඩ වියත රැක ගැනීමට පුරුදු වී ඇති ජනතා විමුක්ති පෙරමුණටද නව ව්‍යවස්ථාවක් යනු ඇහේ කටු ඇනෙනවා වැනි වී තිබේ. ඔවුන්ට තීන්දුවට ඒමට බලපාන්නේ රටේ ජනතාව නොව තමන්ගෙන් කැඩී ගිය පෙරටුගාමීන් කියන්නේ කුමක්ද යන්න වීම අවාසනාවක් වී තිබේ.
කෙසේ වෙතත් ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව යලි රැස්වී කාරක සභාව පත් කිරීමේ කටයුත්ත සිදුකිරීමට නියමිත ය. 
------- http://www.lankaenews.com/news/3327/si     
by     (2016-01-09 11:47:27)

No comments:

Post a Comment