Thursday, July 26, 2018

අැට/කටු නැති දිව.. හැරෙන හැරෙන අතට වනමින් වත්මන් ජනපතිට ගරහමින් රටට ජනතාවට වැඩක් කිරීමට ඉඩ නොදෙමින් වලිගය පාගාගෙන කාඩ්බෝඩ් වීරයන් වන්නට වලිකන ඊනිව්ස් සඳරුවන්ට සහ ඔහුගේ කටුකන කුක්කන්ට සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධිකයින්ගෙන් යලිත් ටොක්කක්..

පුතා කුඩ්ඩෙක් වුනා තාත්තා වධකයා වුනා..! ගොට්ලර් පසුපස ගමරාළ…!  
-විමල් ධීරසේකරගේ විග්‍රහයකි-(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.26, පෙ.ව‍‍.8.00) 
අැට/කටු නැති දිව.. හැරෙන හැරෙන අතට වනමින් වත්මන් ජනපතිට ගරහමින් රටට ජනතාවට වැඩක් කිරීමට ඉඩ නොදෙමින් වලිගය පාගාගෙන කාඩ්බෝඩ් වීරයන් වන්නට වලිකන ඊනිව්ස් සඳරුවන්ට සහ ඔහුගේ කටුකන කුක්කන්ට සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධිකයින්ගෙන් යලිත් ටොක්කක්..
============================================================‍
වැඩ පෙන්වන්නට හරස් පද ලියන මෙවැනි ඊනිව්ස් සඳරුවන්ගේ කටුකන කුක්කන් නිසා මෙම රටේ බහුතරයක් දෙමාපියන් හට විශාල ප්‍රශ්නයක්ව ඇති මත් කුඩු ගැටලුව සහ වෙනත් නොයෙකුත් අපචාර සහ අපරාධ විසඳා ගැනීමට කිසිවක් කරගත නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

සියලු ආගමික නායකයින්ද අනුමත කර ඇති ජනාධිපතිගේ එල්ලුම් ගස යලි ක්රියාත්මක කරවීමේ යෝජනාව නිසා පවතින අර්බුදයට කිසියම් අස්වැසිල්ලක් රටේ පොදු මහත් ජනතා මාපියන් හට උරුම වන්නට යන මේ මොහොතේ ජනපති හා පවතිනා ඊර්ෂ්යාවත්, වෛරයත් නිසා ද්වේෂ සහගත පුවත් මවමින්ද ප්රකාෂ නිකුත් කරමින්ද අපරාධ වලක්වන්නට, මර්ධනය කරන්නට, පාලනය කරන්නට ජනාධිපති වරයා ජනතාවාදී මෙහෙයුමක් සිදු කිරීමට සැරසෙනා මේ මොහොතේ එය දියාරු කරන්නට මෙම පරපුටුවන් ගන්නා උත්සාහය ඊනිව්ස් වර්ජනය කොට පරාජය කල යුතුය.

බැදුම්කරයෙන් අල්ලස් ලබාගෙන එජාප නායකයා අාරක්ෂා කරනා මිස්ටර් ඊනිව්ස් සහ උන්දෑගේ කටුකන කුක්කන් දැන් කුඩු මුදලාලිලාගෙන් අල්ලස් ලබා ගෙන කුඩු කාරයන් අාරක්ෂා කිරීමේ මෙහෙයුමක යෙදී අැත්දෝයි යන්න සබුද්ධික ජනතාව තුල සැක සංකා මෝදු වෙමින් පවතී.

එම නිසා ඊනිව්ස්හි තවමත් රැඳී සිටිනා උදාරතර මාධ්යය වේදීන් හට සෝභිතාවතාර අායාචනය කර සිටිනුයේ ඔබලාගේ මාධ්යය සගයාගේ ඉහත ලිපියේ කියැවෙනා යම් යම් කරුනු කාරනාවල පවතිනා ධර්මතාවන් සහ/හෝ අධර්මතාවන් සම්බන්ධයෙන් කතිකාවතක් දෙවනුව ඉහල මට්ටමින් අරඹනු පසුවට තබා රට හමුවේ පවතිනා මෙම උග්ර මත් උවදුර සම්බන්ධයෙන් උන්ගෙන් ප්රතිලාභ ලභමින් හිටපු ජනපති මහින්ද කරඅැර සිටියා සේ නොසිට තම දිවි පරදුවට තබමින් වත්මන් ජනපති කුමන අරමුනක් යටි සිත්හි තබාගෙන එය සිදුකලද ඉන් රටේ සමස්ත පුරවැසියන් හට සුභදායක වාතාවරනයක් ඉටුවේ නම් ඊට අනුකූලතාවය දක්වනා ලෙසය.

මෙම මත් කුඩු වසංගතය සහ වෙනත් නොයෙකුත් අපචාර සහ අපරාධ හමුවේ ඔබලාගේ දරුවන් ඊට ගොදුරු උවහොත් තම තමන්ගේ චෛතසිකයට දැනෙනා අවබෝධය තුල පිහිටා සිට මෙවන් වූ රටේ පොදු ජනතාවට සහ ඔවුන්ගේ අාදරවන්ත දරුදැරියන් හට අතිශයින් බලපානා සුවිශේෂි කාරනා සම්බන්ධයෙන් වාද/විවාදයන්ගෙන් තොරව පවතිනා රජයටත් රටේ නායකයාටත් සහාය පලකිරීමට වගබලා ගත යුතු නොවේද..!

පවතිනා රුදුරු වාතාවරනය පහවනා තුරු සහ පාලනයක් මර්ධනයක් සිදු වනා තුරු හෝ අප සියලු දෙනා සමස්ථ රට වැසි මාපිය ජනතාව හා ඒකරාශීව රටේ නායකයාගේ සුභවාදී අාකල්පයට ශක්තිය ධෛර්යය ලබා දීමට වගබලා ගත යුතුය.

නොඑසේව කඩප්පුලි විතර්කයන්ගෙන් අසීරු මුත් යහපත් උත්සාහයක් පරාජය කිරීමට තරම් දුෂ්ඨ නොවිය යුත්තේ තම තමන්ලාටද දරු මල්ලන්ගෙන් යුත් මතු පරපුරක සුරක්ෂාව සහතික කරලීමේ නොනිමි වගකීමක් පවතිනා නිසාය.

එසේ නොවුනහොත් ඉක්මනින්ම යලි සැමටම පසුතැවිලි වන්නට සිදුවන්නේ යලිදු කිසිදා කිසිදු ගැලවීමක් මතු බිහිවනා යමපාලනයෙකින් අපේක්ෂා කල නොහැකි වන නිසාය.

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට ඔබ සැම ගැන කනස්සල්ලෙන්
2018/07/26










Thursday, July 19, 2018

ඊනිව්ස්/සඳරුවන් ගමරාල... අගමැති ගම හාමිනේට... කඹුරයි. ලැජ්ජයි..! අගමැති ජික්.. ජනපති අැලජික්.. සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික පාඨකයිනි වෙනස වටහා ගන්න වෙනස බලන්න...



ඊනිව්ස්/සඳරුවන් ගමරාල... අගමැති ගම හාමිනේට... කඹුරයි. ලැජ්ජයි..! අගමැති ජික්.. ජනපති අැලජික්.. 
සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික පාඨකයිනි වෙනස වටහා ගන්න වෙනස බලන්න...


                                                      
දේශද්‍රෝහී දයාන් ජයතිලක අනාථයි..! ඉතිහාසයේ ප්‍රථම වරට විධායක ජනාධිපතිවරයෙකු විසින් කළ පත් කිරීමක් උසස් නිලතල පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් අනුමත නොකරයි; යහපාලනයේ තවත් ජයග්‍රහණයක්..!
(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.19, පෙ.ව‍‍.4.45) ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විධායක ජනාධිපතිවරයෙකු විසින් කරන ලද පත් කිරීමක් උසස් නිලතල පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් යලි ජනාධිපතිවරයා ‍ප්‍රශ්න කිරීමකට ලක්කරමින් පත්වීම අනුමත කිරීම කල් දමා තිබේ.
=================================================================================


Lankaenews    
                                                       
1 hr
ආණ්ඩුව නිව්යෝක් ටයිම්ස් විවාදය දියාරු කරයි..!
(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.19, ප.ව‍‍.9.15) මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා චයිනා හාබර් සමාගමෙන් ඩොලර් බිලියන 7.6 ක මුදලක් ජනාධිපතිවරණ සමයේ ලබාගත් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත පළ කළ වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ අද (19) පැවැත්වූ විවාදය දියාරු එකක් බවට පත්ව තිබෙනු දක්නට ලැබිණ.
------------------------------------------------------------------------------------------------------------
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද සහභාගී නොවු විවාදයේදි එක්සත් ජාතික පක්ෂයට මෙම විවාදයෙන් ලකුණු දමා ගැනීමට හොඳටම අවස්ථාව තිබුණද ආණ්ඩු පක්ෂ කාර්යාලය ඒ වෙනුවෙන් කටයුතු නොකිරීම නිසා එය දියාරු වී ගියේ ය.
ආණ්ඩු පක්ෂ කාර්යාලයේ ගයන්ත කරුණාතිලක ප්‍රධාන සංවිධායකවරයා හැර ඔහුගේ එකගතාවය මත පත් කොට ඇත්තේ මහින්ද රාජපක්ෂ යුගයේදීත් එහි සිටි නිලධාරීන්ම වීම මීට හේතුවක් බව පාර්ලිමේන්තු සේවකයෝ පවසති.
=================================================================================
========================================================================

ඉහත දැක්වෙන්නේ ඊනිව්ස් මගින් පල කර අැති පුවත් දෙකකි.

නමුත් තුලනාත්මකව සලකා බැලූ කල අදාල පුවත් දෙකින් පලමුවැන්න වූ දයාන් ජයතිලක හා සබැඳි පුවත දෙවැන්න වූ ආණ්ඩුව නිව්යෝක් ටයිම්ස් විවාදය දියාරු කරයි..! යන පුවත හා සසඳා බැලීමේදී පලමුවැන්නෙහි ගත යුතු තරම් වැදගත් යමක් නාෙමැති මුත් දෙවැනි පුවත ජාතික වැදගත් කමකින් යුත් හිටපු ජනපති හා සබැඳි සුවිශේෂී කාරනයකි.

නමුත් ජනපති හා බද්ධ වෛරයකින් හා ඊර්ෂ්යාවකින් පෙලෙනා මෙන්ම අවසරයෙකින් තොරව එජාප නායකයාගේ අසූචි බුදිමින් ණයට කහිමින් විශේෂයෙන් එජාප නායකයාට කඩේ යන මිස්ටර් ඊනිවස් ගේ වර්තමාන පක්ෂග්රාහී මාධ්යය තුලින් ජනාධිපතිවරයා ඉලක්ක කොට ගත් ඒකපාක්ෂික විවේචන නිරන්තරයෙන් දක්නට ලැබෙනුයේ මෙයාලත් බැඳුම්කරයේ කොමිස් කුට්ටියකින් ගත සරසාගෙනදෝයි යන්න සුපරික්ෂාවෙන් විමසා බැලිය යුතු කාරනයකි. අනෙක් කාරනය වන්නේ මොවුන් ජනාධිපතිවරයා හා මෙතරම් බද්ධ වෛරයෙකින් පෙලෙනුයේ කවර කාරනයක් උදෙසාද යන්නය...

ඊනිව්ස් තහනම ජනාධිපතිවරයාගේ වැඩක් යැයි සිතීම උගහටය. ඊනිව්ස් තහනමට ඊනිව්ස් කැමති බවද පෙනේ.. මන්ද යත් එවිට වර්තමානයේ එජාපයට අඩු වැඩි වශයෙන් කඩේ යන ඊනිව්ස්ට ගැලවිජ්ජාවට කරුනු තිබීමය. 

අනෙක අැත්තටම ඊනිව්ස් වෙත ජනාධිපතිවරයා විසින් හෝ වෙන අන් අයෙකු හෝ තහනමක් පනවා අැත්නම් වර්තමාන ජනාධිපතිවරයා හා ඕනෑම ගැටළුවක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි වාතාවරනයක් පැවතීම ඉතා යහපත් ප්රවනතාවයකි.

මහින්ද යමපාලන යුගය හා සසඳා බැලීමේදී මෙය අහස පොලව තරමේ පරතරයෙකි.

කෙසේ වෙතත් (ආණ්ඩුව නිව්යෝක් ටයිම්ස් විවාදය දියාරු කරයි..!) යන පුවතට කිසියම් විදියෙකින් ජනාධිපතිවරයාගේ සම්බන්ධයක් තිබුනේනම් මෙලහකට මිස්ටර් ඊනිව්ස් පල්ලෙවත්තේ ගමරාලව නොමරා මරා හමාරය...

නමුත් සඳරුවන් අගමැතිගේ කුක්කා (ආණ්ඩුව නිව්යෝක් ටයිම්ස් විවාදය දියාරු කරයි..!) යන පුවතට අගමැතිගේ කෙස් ගහක් ගැනවත් විවේචනය නොකිරීමට ඉතා අපූරුවට වග බලාගෙන අැත.

මෙය අද මෙම පුවත් වලින් පමනක් නාෙව ඊනිව්ස්හි වර්තමාන ක්රියාකලාපයන් ඉතා සියුම්ව නිරීක්ෂනය කිරීමෙන් ඊනිව්ස්  එජාප නායකයාගේ ගොදුරක් වී හෝ ඊනිව්ස් අනවසරයෙන්ම එජාප නායකයාට කඩේ යන බව අවබෝධ කොට ගත හැක.

කැස්බෑවාගේ පස්සා පැත්ත එලියේ බව ඌ දන්නේ නැතිවාට අපි මක්ක කොරන්නද ඊනිව්ස්හි සිටිනා අනෙකුත් නිර්පාක්ෂික දරුවනේ..

පෙන්වාදීම නිර්පාක්ෂික සෝභිතාවතාරයේ යුතුකම සහ වගකීමයි. අවබෝධ කොට ගැනීම සබුද්ධික ජ්රජාවගේ කාර්යයයි.
=============================================
එමෙන්ම මෙහි අැති ඉහත කාටූන් චිත්රය දැක්වෙනා ඊනිව්ස් චන්ද්‍රප්‍රදීප්ගේ පහත ලිපියට අනුව චන්ද්‍රප්‍රදීප්ගේ සහ ඊනිව්ස් මහායා සඳරුවන්ගේ මරන දණ්ඩනය ක්රියාත්මක කිරීමේ වත්මන් ජනපතිගේ අාගමික් නායකයින් සහ බහුතර ජනතාවගේ අාශිර්වාදයෙන් යුත් තීන්දුව සම්බන්ධයෙන් තම තමන්ගේ දුවා දරුවන්ගේ සුරක්ෂිත අනාගතය වෙනුවෙන් වන හෘද සාක්ෂියේ නිරාවරනය කවරේදැයි පපුවට තට්ටු කර විමසා බලා අවබෝධ කොට ගනු යහපති.
==================================================================
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් නොනැවතී දරුවන් වංගෙඩියේ දමා කෙටීමේ නීතියත් ක්‍රියාත්මක කරන්න..! මෛත්‍රීට තිබූ ජාත්‍යන්තර පිළිගැනීමත් හබක්..!
(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.16, ප.ව‍‍.11.55) මෛත්‍රී යුගයක් ගෙන ඒමට ආ ජනාධිපතිවරයා දැන් වසර 40 කට පසු මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යයි. 
=======================================================================





Tuesday, July 17, 2018

“අද අපේ ආදර්ශය පිදෙල්, චේගුවෙරලා නෙමෙයි, මාර්ක් සකර්බර්ග් සහ ගුගුල් එක හදපු සර්ජිලා ....” - පාඨලී චම්පික රණවක - ගේ ඉහත ප්රකාශයට ලංකාවේ මාර්ක්/සර්ජිලා මහත් විස්සෝපෙන් යුතුව ප්රතිචාර දක්වයි...

“අද අපේ ආදර්ශය පිදෙල්, චේගුවෙරලා නෙමෙයි, මාර්ක් සකර්බර්ග් සහ ගුගුල් එක හදපු සර්ජිලා ....” - පාඨලී චම්පික රණවක - ගේ ඉහත ප්රකාශයට ලංකාවේ මාර්ක්/සර්ජිලා මහත් විස්සෝපෙන් යුතුව ප්රතිචාර දක්වයි...
========================================================================
FaceBook, Google අැප් හදපු මාර්ක් සකර්බර්ග් සහ සර්ජිලා වගේ විශ්ම කර්ම වැඩ අප රටේ පාරිසරක සාධක සහ සම්පත් උපයෝගීතාවයෙන් සිදු කර මහා විනිමය අාධායමක් ලැබිය හැකි ක්රම විධි අැති බව මේ රටේ සිටිනා මාර්ක්/සර්ජිලා යෝජනා ඉදිරිපත් කල විට සිනාසුනු හිටපු ජනපති තුමා නිසා නිහඬ උනු මිනිසුන් අප රටේ කලකිරීමට පත්ව සිටිනා බව අසන්නට අැත.

ජනාධිපති තුමන් හෝ ඔබ තුමන් හමුවට මුහුනට මුහුන සම්මුඛ සාකච්චාවක් ලබා දිය හැකි නම් සහ ඒ යෝජනා වෙනුවෙන් රැඩිකල් තීන්දු ගැනීමට ශක්තිය අැත්නම් අදාල මාර්ක්/සර්ජිලා ඔබ තුමන්ලා හමුවට පැමිනවිය හැක.
නිර්පාක්ෂික සෝභිතාවතාර මාධ්යය ඒකකය
email/sathpurawasiya@gmail.com
2018/07/17
email :- sathpurawasiya@gmail.com
“අද අපේ ආදර්ශය පිදෙල්, චේගුවෙරලා නෙමෙයි, මාර්ක් සකර්බර්ග් සහ ගුගුල් එක හදපු සර්ජිලා ....” - පාඨලී චම්පික රණවක
https://www.facebook.com/1432561323671963/videos/2096289820632440/


Friday, July 13, 2018

ජනපති මෛත්රීගේ මෙම තීරනය යහපාලනය ඉක්මවා ගිය අද්විතීය නායකත්වයක කැඩපතක් වෙයි. නිර්පාක්ෂික සෝභිතාවතාරයේ සුභාශිංසනාත්මක අාශිර්වාදයයි. 2018/07/10

ජනපති මෛත්රීගේ මෙම තීරනය යහපාලනය ඉක්මවා ගිය අද්විතීය නායකත්වයක කැඩපතක් වෙයි. නිර්පාක්ෂික සෝභිතාවතාරයේ සුභාශිංසනාත්මක අාශිර්වායයි.
2018/07/10
=======================================================================
මරණ දඬුවමට අත්සන් තැබීමට ජනපති තීරණය කරයි.!
=======================================================================
රටට ජනතාවට සෑබෑලෙස අාදරය කරනා නියම නායකයෙකු යනු අම්ම රවට්ටන්න බොරුවට දරුව වඩාගෙන ඒ දරුව ලොකු 
උනාම ඒකව විනාශ කරන්නට රහසින් කුඩු මුදලාලිලා පෝෂනය කරමින් උන්ව නීතියේ රැහැනට හසුඋනාම හෙලිකොප්පරෙන්



ගිහිල්ල උන්ව 
බේරගෙන ඉඹල ඒ කොමිස් වලින් ජීවත්වෙන නිඝන්ඨයෙකු නොව.....
කවුරු කැමති උනත් අකමැති උනත්.. තම තීරනය ජනප්රිය උනත් නැතත්... ඒ තීරනය නිසා තමන්ට ගෙදර යන්න සිදු උනත් නැතත්... රටේ සහ අනාගත පරපුරේ යහපත වෙනුවෙන් තම යුතුකම සහ වගකීම නිසි ලෙස ඉටුකිරීමට නොපසුබට වන්නා නිර්ව්යාජ උතුම් අප්පච්චී කෙනෙකු ලෙස වැනි නායකයෙකු විරුදාවලිය ලබයි.

එමෙන්ම බොහෝ මාධ්යය වේදීන්ද... පූජක පූජනීය අැත්තන් සහ වෙනත් බොහෝ චරිත මාධ්යය නිවේදන සහ/හෝ ප්රවෘති සාකචඡා හෝ වෙන මොනයම් අාකාරයෙකින් හෝ ජනපති තුමන්ගේ මෙම තීරනය පිලිබඳ කිනම් අාකාරයෙක විවේචන එල්ල කලද බහුතර සුවහසක් පොදු මහ ජනතාව හමුවේ ඔවුන්ගේ  සහ රටේ මතු පරපුරේ සහ නූපන් පරපුරේ යහපත උදෙසා හදවතින් සතුටු වන බව ඒ අයගේ හෘදසාක්ෂියට අදාල කාරනයකි.

නමුත් සෝභිත හිමියන් මේ වන විට අවතාරයක් නිසා... තමන් වහන්සේ අපාගත වුවත්/නැතත් දෙව්ලොව ගියත්/නොගියත් නිවනට පිවිසියත්/නැතත් ඉතා පැහැදිලිවම පවසා සිටින්නේ ජනපතිඳුන්ගේ මෙම තීරනය රටේ ඉදිරි පැවැත්මේ ඉතා සර්ව සුභවාදී සුවිශේෂි සන්ධිස්ථානයක් බවයි.

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට ඉපිල ගිය සන්තුෂ්ඨියෙන් යුතුව ජනපතිඳුන්ගේ ඉහත තීරනයට අාශිර්වාද කරයි.
=======================================================================






Saturday, July 7, 2018

සමස්ත ලෝක ප්රජාවගේ පිනට පහලව අැති මෙම නිර්පාක්ෂික (FaceBook) සමාජ මාධ්යයට උත්තමාචාර වේවායි පතන්නේ සෝභිත හිමියන්ගේ අාතූරයා සත්පුරවැසියායි. වර්ෂ 2018 වූ ජූලි 07 වැනි දින.

====================================================

සමස්ත ලෝක ප්රජාවගේ පිනට පහලව අැති මෙම
නිර්පාක්ෂික (FaceBook) සමාජ මාධ්යයට උත්තමාචාර වේවායි පතන්නේ සෝභිත හිමියන්ගේ අාතූරයා සත්පුරවැසියායි.
වර්ෂ 2018 වූ ජූලි 07 වැනි දින.
====================================================


මෙම නිදහස් (FaceBook) සමාජ මාධ්යය සහ/හෝ අන්තර්ජාලය නොතිබුනු එදා කාලයේ පුවතක්, ලිපියක්, අකටයුත්තක් මාධ්යය තුල පලකරවා ගන්නට පුවත් පත් කාර්යාලවල සිටි බහුතරයක් බත් බැලයින්ගේ දෙපා ලඟට ගොස් දණ්ඩ නමස්කාර කලද.... අරක්කු බෝතලේටයි, බයිට් එකටයි අල්ලසටයි මිස උන්ගෙන් යම් සාධාරනයක් ඉටු කර ගැනීම දුෂ්කරව පැවති ඒ යම් යම් අඳුරු යුග තුලින් දියුණුය කරා පියමංකර අැතැයි කොතෙක් කටමැත දෙඩුවත් මේ වන විටත් බොහෝ රටවල් සාරධර්ම තුලින් පැවතියාටත් වඩා පිරිහී තිබුනත්.... සමස්ථ තාක්ෂනික දියුණුව යැයි පවසනා මුත් යම් යම් මිනිස් කොට්ඨාසයන්ගේ

සංස්කෘතික අනන්යතාවයන් හෝදා පාළුකර යැවීමට පවා සමත්ව අැති මෙම සමාජ මාධ්යය යහපත වෙනුවෙන් පමනක් භාවිතාවෙහි යෙදවීමට මිනිසා විසින් ක්රියා කරනු ලැබුවහොත් එය මානව ශිෂ්ඨාචාරයේ යහපත උදෙසා කෙතරම් නම් ඉහල තලයෙකින් ප්රයෝජන ගත හැකිදැයි සමාජ මාධ්යය ජාල තුල නිරතුරුවම සැරිසරන ඝවේෂණශීලී ප්රජාව අවබෝධ කොට ගත යුත්තේ අන් කිසිවක් නිසා නොව....

අප මෙලොව නැති යම් කලෙක අපගේ දුවා දරුවන් හට යහපත් රටක හෝ මේ මුළු විශ්ව ගම්මානය තුල කවර දිශානයෙක හෝ සැපෙන් සතුටින් සැනසිල්ලෙන් ජීවත් වීමට හැකි වන්නේ සොරකම් කර හෝ ඔවුන් හට මහා ධනස්කන්ධයක් කොහේ හෝ රටක හෝ පොලව යට හෝ සඟවා තබා අැතැයි යන අඤ්ඥාණවන්ත සිතුවිල්ල පෙරදැරි කරගෙන සිටීමෙන් නොව කිසිදා....

යහපත් රටක් ලෝකයක් වැඩිහිටි සැම ඒකරාශීව ගොඩ නගා තිබුනහොත් හැර කිසිදු රජෙකුගේ හෝ ජගතෙකුගේ දුදරැවන් හට  අනාගතයේ කිසිදාකත් යෙහෙන් වැජඹීමට ඉඩ ප්රශස්තාවක් නොලැබීම හෙට පායනා හිරු සඳු තරමටම නිත්යය සත්යයක් මෙන්ම සූත්රයක් බවද විශේෂයෙන් ලාංකීයන් හමුවේ අදහසක් යෝජනාවක් ලෙස අැඟිල්ල දිගු කර පවසන්නේ නම්....

මේ රටේ වර්තමානයේ පවතින්නා වූ සමස්ත දේශපාලනික අධිකාරියටත්... විශේෂයෙන් රට මහත් අගාධයකට පත්කොට මහා පරිමාන දූෂන, චංචා සහ අපරාධ අති විශාල ප්රමානයක් අැති කොට මුළු අනාගත පරපුරම ජාති ජාති ණය කරුවන් බවට පත්කල මෙන්ම සමකාලීන ප්රජාවගේ ජීවිතවල ඉතිරිව තිබු සොච්චම් අායු කාලයද අඳුරේම ගිල්වා දමනු ලැබ තිබූ යුගයෙක රටේ සිටි සබුද්ධික වූද... අභීත වූද... 62 ලක්ෂයක් උතුම් වූ ජනතාවට බුදුබව අත්වන්නට පලවා හරිනු ලැබූ රාජපක්ෂවාදී ඒ දුර්දාන්ත අඳුරු යුගය යලි ගෙන එන්නට වලිකන හිට්ලර්/ගොට්ලර් සහ M/චින්තක අැතුළු ඒ සොරදෙටු නඩයටම සහ පරපුරක් නැති මුත් කෙදිනකවත් අපවත් නොවෙතැයි සිතාගෙන රාජපක්ෂලාගේ පවු දාේවනය කරමින් අසූචි වළඳන සොර කහකඩ ඝණයින් අවධාරන කර ගනු යහපති.

ඒ නිසා නිර්පාක්ෂිත සෝභිතාවතාරයේ උදහසටත්... ශාපයටත්... පාත්ර නොවී ජනතාව නොමග යවමින් සිට දිනෙක ජනතාවගෙන්ම යස පාඩම් ඉගෙන ගැනුමට ලක් නොවී ඉහත අවවාදය සිහි නුවනින් යුතුව අවබෝධ කොටගෙන දැන්වත් දැහැමින් සෙමින් විසුමට හිතට ගනු...

නොඑසේ උවහොත් උඹලා සොරකම් කර තැබූ ධනස්කන්දය මදි වේවි උඹලාට සහ උඹලාගේ පරපුරට සිදුවනා ලෙඩ දුක් හිරිහැර අනතුරු තුන්බිය අකරතැබ්බයන්ගෙන් මිදීමට..

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට අනුහස් බලයෙන් වදාරා සිටි ස්වප්නයේ පනිඩුඩය ජනගත කරනු උදෙසා ජනතාවගේ පිනට පහලව අැති මෙම නිර්පාක්ෂික (FaceBook) සමාජ මාධ්යයට උත්තමාචාර වේවායි පතන්නේ සෝභිත හිමියන්ගේ අාතූරයා සත්පුරවැසියායි.

වර්ෂ 2018 වූ ජූලි 07 වැනි දින.

Thursday, July 5, 2018

තම යුතුකම් සහ වගකීම් ඉටුකොට නොමැතිව හමුදා කඳවුරුවලට බරක් උනු උතුරු/නැගෙනහිර පන්සල් 33 ක් විජයකලා සොයා ගනී..

තම යුතුකම් සහ වගකීම් ඉටුකොට නොමැතිව හමුදා කඳවුරුවලට බරක් උනු උතුරු/නැගෙනහිර පන්සල් 33 ක් විජයකලා සොයා ගනී.. 

=================================================================
විජයකලා කොටි නැගිටුවීමට අපූරු හේතුවක් සංඝනායක මුංහේනේ මෙත්තාරාම හිමි සොයාගනී..!
(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.05, පෙ.ව‍.8.30) ජුලි මස 31 වනදා වන විට උතුරු නැගෙනහිර පළාත්වලින් වැඩකට නැති හමුදා කඳවුරු 33 ක් ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පමණක් බෞද්ධ පන්සල් තිහකට අධික සංඛ්‍යාවක් වැසීයාමේ අවදානමක් ඇතයි නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක සේරුවිල මංගල මහා විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමියෝ ලංකා ඊ නිව්ස් වෙත පැවසූහ.

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වන මෙත්තාරාම හිමියෝ
-------------------------------------------------------------------
“ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ පමණක් බෞද්ධ පන්සල් 130 ක් පමණ තියෙනවා .මෙයින් පන්සල් 30 කට වැඩි ප්‍රමාණයක වාසය කරන භික්ෂූන් වහන්සේලාට දානය සපයන්නේ සහ එම ස්ථානවල අනෙකුත් නඩත්තු කටයුතු කරන්නේ ඒ ඒ ප්‍රදේශවල ඇති හමුදා කඳවුරු වලින්. මේ මස තිස් එක්වැනිදා වනවිට උතුරු නැගෙනහිර පළාත්වලින් හමුදා කඳවුරු 33 ක් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. දැන් එය ක්‍රියාත්මක වෙමින් පවතින බව මම පැහැදිලිවම දන්නවා. ඒක ඇත්තක්. මේ තත්වය යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රීක්කයේ ඇති හමුදාවෙන් යැපෙන පන්සල් තිහකට වඩා වැසී යනවා. ළමා හා කාන්තා කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමතිවරිය නැවත කොටි නැඟිටිය යුතු බවට ප්‍රකාශ කළේ මේ පසුබිම යටතේ වෙන්න පුළුවන් . පෙරහැරට කලින් කස කාරයෝ එන බවක් තමයි පෙනෙන්නේ “
========================================================ඉහත ඊනිව්ස් ලිපියට පෙරවදනක්====
තම යුතුකම් සහ වගකීම් ඉටුකොට නොමැතිව හමුදා කවුරුවලට බරක් උනු උතුරු/නැගෙනහිර පන්සල් 33 ක් විජයකලා සොයා ගනී.. 

සේරුවිල මංගල මහා විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමියෝ ලංකා ඊ නිව්ස් වෙත පුදුම කථාවක් කියා අැති අතර මේ මෝඩ ඊනිව්ස් නිසි අධ්යයනයක් නැතිව ඔහේ පලකරන්නන් වාලේ එය පලකර අැත.

නමුත් හාමුදුරුවන්ගේ ප්රකාශයේදීම පවසා අැත්තේ රජය වැඩකට නැති හමුදා කඳවුරු 33 ක් ඉවත් කිරීමට තීරනයක් ගෙන අැති බවය.

සේනාධිනායක ජනාධිපති සමග ඊනිව්ස් තුල සිටිනා සම/හරකුන් ගේ සිත්තුල පවතිනා ද්වේශය සහ වෛරය නිසා ගල උඩ පහරනා බලලකු සේ දැන් ඉතින් Enews උන්නැහේට පැහැරෑ --ට වසා ගත නාෙහැකි වනු අැත. (නොසේනම් ඊනිව්ස් මෙවන් කාරණාවන් පලකරනු ලබන්නේ මීට වඩා බොහෝ ගවේශනාත්මකව සහ හරවත් අාකාරයටය)

දැන් ඉතින් අාණ්ඩුවට ඊනිව්ස් කුහකයෝ සෙට් එකයි අපේ හාමුදුරුවොයි කියා සිටින්නේ මේ පන්සල් ටික වැසී යන එක නවත්වන්නට නම් අාණ්ඩුව විශාල පිරිවැයක් දරාගෙන (යුද්ධයක් නැති පසුබිමක් තුල) මෙම හමුදා කඳවුරු 33 මෙම පන්සල්වල අාවතේව වැඩ සහ දානය සැපයීම පිනිස තව දුරටත් පවත්වාගෙන යන ලෙස නොවේද..!

අඩු තරමින් හාමුදුරුවෝ ප්රකාශ කරල නැහැ පන්සල් අානාරක්ෂිත වන වගක් හෝ නමුත් විජයකලාගේ කස කථාවත් දඩමීමා කරගෙන අැති බවක් නම් පෙනේ.

අනේ හාන්දුරුවනේ ඔබ වහන්සේලාට දානය සපයන්නටයි... පන්සල් අාවතේව වැඩ කරන්නටයි හමුදා කඳවුරු 33 ක් නඩත්තු  කරන්න අාණ්ඩුවට ඉඩ දෙන්න රටේ ජනතාවවත් කැමති නොවනා බව දැන ගන්න.

ඔබ වහන්සේලා විජයකලාගේ කස කථා අවුළුවා ද්රවිඩ ජයයා අමනාප කර ගන්න එපා. මෙතුවක් කල් ඔබලාට ඒ ජනතාවගෙන් හින්සා පීඩා සිදු උනේ නැහැ නොවැ. 

ඒ නිසා ඔබ වහන්සේලා දැන් ඉස්සරටත් වඩා ඒ ජනතාවට කිට්ටු වෙන්න. සංහිඳියාව වෙනදාටත් වඩා ප්රචලිත කරන්න. 

මේ වන විට රජය උතුරු කරය තුල ඉතා යහපත් ලෙස නීතිය හා අාරක්ෂාව ස්ථාපිත කරලා තියෙනවා. ඔබ වහන්සේලාට බිය වන්නට දෙයක් නැහැ. අනෙක් ප්රධාන කරුන වන්නේ ඔබ වහන්සේලා බුද්ධ පුත්රයින් නිසා ධර්මය ගැන විශ්වාසය තියන්න. ධර්මයෙන් ජීවත් වන්නා ධර්මය විසින් අාරක්ෂා කරනු ලබයි යන ලෝක සත්යය තුල පිහිටා සිටින්න. කස කථා පතුරවා අධාර්මික නොවන්න. තමන් සිදු කරනා යහපත හෝ අයහපත තමා පසු පස එන සෙවනැල්ල සේ තමන් අත් නොහරින බව අමතක නොකරන්න.

සම්බුදු පියානන්ගේ ඒ උතුම් දහමට අනුව යමින් ජාති/අාගම්/කුල/මල නොතකා යුද්ධයෙන් අනාථ වී මාපියන්, දූවාදරුවන්, අඹුසැමියන් අහිමිව අසරනව දුකින් සිටිනා ඒ අවිහිංසක මිනිසුන් හැකි අයුරින් ධර්මය දේශනා කාෙට සනසාලන්න.

එවිට ඔබ වහන්සේලාගේ දානමය කටයුතුත් ඉබේම ඒ මිනිසුන් තුලින් සිද්ධ වෙන්නට පටන් ගනීවි. 

ශාන්ත බවත් සංහිඳියාවත් උදෙසා පින්ඩපාතය වඩින්න හුරු වන්න. දානයත් ගිලන් පසත් හමුදා කඳවුරුවලින්ම ලබමින් පලාතේ ජනතාවගෙන් දුරස් වෙලා සිට අැති නිසයි දැන් ඔබ වහන්සේලාට ප්රශ්නයක් වෙලා අැති බව පෙනෙන්නේ.

දකුනේ ජනතාවට දැන් ප්රශ්නයක්ව අැත්තේ ඔබ වහන්සේලා උතුරු/නැගෙනහිර පලාත් වලට වී මෙතුවක් කල් සිදුකර අැත්තේ කුමක්ද යන්නය. 

හමුදා කඳවුරුවලින් යැපෙමින් ඒවාට පමනක් අනුශාසනාවන් සිදු කරමින් සිටියානම් දැන් ඔබ වහන්සේලා ගත යුතු පියවර වන්නේද ඒ හමුදා කඳවුරු රැගෙන යන ලෝකයකට ඔබ වහන්සේලාද වඩිනු මැනවි.

මේ සියල්ලෙන් ඉතා පැහැදිලි වන්නේ ධර්ම ධරයානන් වරුන් ලෙස ඔබ වහන්සේලාගෙන් සිදුවිය යුතු කිසිදු යුතුකමක් ඒ පලාත්වලට සිදුව නැති බවය. තමන් වහන්සේලාට පන්සල් වසා දමන්නට සිදුව අැත්තේ ජනතාවගේ හදවත් තුලට පිවිසෙන්නට අසමත්ව අැති බැවිනි.

ඒ නිසා ඔබ වහන්සේලාට දැන් විසඳුමක් නැතැයි සිතේනම් සිදු කිරීමට අැති නුවනක්කාර ක්රියාව වන්නේ මෙතුවක් කල් ගත දරා සිටි ඔය බොරු කහකඩ පසෙකලා ඉවත් කරන්නට යෙදී අැති මෙතුවක් කල් පිංබත් ගිල්ල හමුදා කඳවුරු 33 ට බැඳී හමුදා සේවයකින් හෝ බුදිනා බතට සරිලන සේවයක් රට වෙනුවෙන් සිදු කිරීමය.

නොඑසේනම් දැන්වත් තම වගකීම් සිතට ගෙන ධෛර්යය වඩා පිඩුසිඟා වඩිමින් ධර්මයද සංහිඳියාවද පතුරවමින් දානය නොලැබේනම් (වෙනත් කැලෑබද පෙදෙස්වල වෙසෙනා සංඝයාවහන්සේලා අාදර්ශයට ගෙන) පන්සල තුලදීම දානය සකස් කර ගනිමින්ද, බවබෝග පන්සල් භූමිය තුලම අැබිත්තයින් ලවා වගා කරගනිමින්ද සෙත් පිරිත් සජ්ජායනා කරමින්ද අාදර්ශමත් පන්සලක් පවත්වාගෙන යන විට ක්රමානුකූලව ජනතාව අාසන්න වේවි. මෙතෙක් කල් සිදුකර අැත්තේ පන්සල විසින්ම පන්සල තුලට හමුදා සෙබලුන් දමාගෙන පන්සල තුලින් ජනතාව පලවා හැරීමය. පන්සලකින් පන්සල් ස්වරූපයක් මිස වෙන අන් ස්වරූපයක් විද්යාමාන වුවහොත් ඊට කිසිදාකත් බැතිමතුන් පය නොතබති.

2015 ජනවාරි 8 දේදුනු විප්ලවයේ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේ කොළඹ දිස්ත්රික්කයේ කෝට්ටේ ඉතාමත් සැප පහසුදායක පරිසරයක හිදිමින් උවත් තම විහාරස්ථානය තුලදී පවා ගතකල අල්පේච්ච දිවි පෙවත නිසා තමන් වහන්සේට තම දායකයින් සහ බැතිමතුන් පූජා කරනා ලද බොහෝ පිරිකර තමන් වහන්සේට වැඩි යැයි හැඟුනු හෙයින් උන් වහන්සේ ඒවායින් බොහෝමයක් දේ රැගෙන අෑත දුර ගම්දනව් වල කැලෑබද පෙදෙස්වල ඉතා දුෂ්කරව ධර්මය ප්රචලිත කරමින් කුඩා පන්සල්වල සිටිනා සංඝයා වහන්සේලා සොයා ගොස් ඒවා උන්වහන්සේලාට බෙදා දී බොහෝ අත්දැකීම් අැති නිසා සංඝයා වහන්සේලා නැතහොත් නියම බුද්ධ පුත්රයින් ක්රියා කර අැත්තේ කොයි අාකාරයෙන්දැයි ඉතා හොඳින් දැන සිටි උත්තමයෙකි. නමුත් හමුදා කඳවුරු වලින් පමනක් දිවි පෙවත ගෙන ගිය පන්සල් ගැන උන්වහන්සේ ජීවතුන් අතර සිටි කාලයේදී අසා තිබුනාදැයි සැක සහිතය. එසේ නොවුනානම් අද මෙම පන්සල් වසා දමන්නට කිසිසේත් සිදු වන්නේද නැත.

සෝභිතාවතාර විශ්වයේ සිට.
2018/07/05

විජයකලා කොටි නැගිටුවීමට අපූරු හේතුවක් සංඝනායක මුංහේනේ මෙත්තාරාම හිමි සොයාගනී..!