Saturday, April 29, 2017

කසල යනු තමන්ගේම ධනයෙහි තැන්පත් කල අගය බව ඉගෙන ගන්න අකිලගේ ඉස්කෝලේ අලුත්ම සබ්ජැට් එකට ලමයව එවන්න අම්මේ තාත්තේ කරුණාකරලා

=================================================================
කැළි කසල කළමනාකරණය පාසල් ප්‍රජාවගේ ජීවන පුරුද්දක් බවට පත් කොට සමාජගත කිරීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ්ගෙන් විශේෂ වැඩපිළිවෙළක්..

(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.28, ප.ව‍. ‍‍‍7.05) මේ වන විට බරපතල පාරිසරික ගැටළුවක් බවට පත් වී ඇති කැළි කසල ගැටළුවට පිළියම් යෙදීම සඳහා පාසල් මට්ටමින් විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබෙනවා.
පුවතක්... සවිස්තරව දැනගන්න පිවිසෙන්න පහත අඩවියට...
නමුත් ඊට පෙර සෝභිතාවතාර මතය විමසලා සිටින්නට තාරුණික වන්න..
================================================================================
එය මෙසේ විග්රහයට බඳුන් වේ...
අධ්යාපන අමාත්යවරයාගේ ඉහත සංකල්පනාව ඉතා විශිෂ්ඨ බව අවිවාදාත්මකයි. වැඩේ හරියටම හරි. පටන් ගන්න ඕන නියම තැන පාසලම තමයි.
ඉන් පසුව ඒ පාසල් දරුවන් හරහාම තම දෙමාපියන්ගේ පහත් පුරුදු වලට තිත තැබීමට උපක්රම යොදන්න තම තමන්ටම ලැජ්ජ හිතෙන්න. උදේ පාන්දරින් තම දරුවන් පාසල් යන්නට අන්ඳවාගෙන ත්රීවීලරයට හෝ මෝටර් බයිසිකලයට හෝ කාරයට වෑන් රථයට හෝ නග්ගවාගෙන ඒ වාහනයටම ගෙදර ඊයේ කුණු මල්ල හෝ මලු ටිකත් පටවාගෙන ගොස් තම දරුවන් හට යස පූර්වාදර්ශයක් ලබා දෙමින් හීන් සැරේ අතරමගදි කාගේ හෝ නිවසක් අසල හෝ පාළු ස්ථානයක හෝ බැරිමනම් යන ගමන්ම මහ පාරේ මැද හෝ අතහැර යන මාපිය ජාතිය නිසා හෙට බිහිවන දරුවාද තම අනාගත කුණු ප්රශ්නයට විසඳුම මාපිය අාදර්ශයෙන් ජීවිතයට පරමාදර්ශයක් කර ගනී.
අම්මගේ පෑඩ්... අප්පගේ (තීන්ත) කොපු... කාල ඉතිරි ඉඳුල් ටික... චිකන් කටු, මාළු බාෙකු, ෆ්රිජ් එකේ මාස ගානක් පල් වෙච්ච අලහොදි, වට්ටක්ක, පාන් වාටි, කැකිරි පිපිඥ්ඥ, කොත්තු කාෙල, රයිස් පෙට්ටි, යෝගට් කෝප්ප, නිල් වෙච්චි පෑන්ටි,  හිල් වෙච්චි යට කලිසම්, ලංකට් තව මොනවද මේ කුණු මල්ලේ අඩු දෝයි ගාල ලැජ්ජ නැතිව මහපාරේ අත හරින කාගේ හරි ගෙයක් දොරක් ලඟ කාලකන්නි ජාතිය... පාදඩ.. නොදකින්... තුහ්....
මේ වගේ බූරුවෝ තාම දන්නේ නැහැ මේවගේ අවලං වැඩවලට ධර්මයට අනුව ඵලදෙන කර්ම ඵලය ගැන. මුන් අනිවාර්යයෙන්ම ඊලඟ අාත්මයේ උපදින්නේ ඉහඳ පනුවෝ වෙලා බව.
යස අගේට සූට් අැඳගෙන ජැන්ඩියට ගියාට මොකද ඉහේ ඉඳන් පාදන්තෙටම අැතුලේ තියෙන්නේ ගූ... මොලේ පිරෙන්නත් එක්කම. එහෙම නොවනා කොයි මනුස්සයාටද අප්ප තමන්ගේ කුණු වගකට නැතිව කොහේ හරි අතාරින්න පුළුවන් බයක්, ලැජ්ජාවක්, හිරිකිතයක් නැතුව. අැයි අප්ප අපේ අරවද.. මේවද... සේරම ජරාව.. කුණු ජරාව අපිට නොපෙනෙන්න උනත් තව කවුරු හරි දැක්කොත් මොන ලැජ්ජාවක්ද දෙයියනේ...
ඒ වගේම තවත් මරු සෙට් එකක් ඉන්නවා මෝලේ උඩ වාඩි වෙච්චි... ලක්ෂ 50 හ 100 ය 200ය වියදම් කරල ෂෝයි එකට ගේ එහෙම හදල රු.75000/= ක ලක්ෂයක දෙකක විතර අලි විශාල ගේට්ටුවකුත් දාගත්ත කියහල්ලකෝ. පන යන වැඩේ කියන්නේ මේ ගොබ්බ සේනලා රිමෝට් එකෙන්ම ගේට්ටුව අැරල රිමෝට් එකෙන්ම ගේට්ටුව වහල යනව ජෙල් ගාල මේකප් දාල පොලිෂ් වෙලා හැබැයි බොරලික්කම් ටික ගේට්ටුවේ එල්ලලා දවස් ගනන් කුණු කාරයා නාවොත් ගඳ ගහනව ඕජස් පෙරි පෙරී හිල්වෙච්ච ෂොපින් බෑග්වල හිල්වලින්... අනේද කියන්නේ.ඒ.ඒ.. මුන්ගේ උගත් කම් හාෙඳ බල්ලන්ට නම් නෙවේ ඌරන්ටයි... චිහ්... වියදම් කරපන් අර ගෙදරටයි... තාප්පෙටයි... ගේට්ටුවටයි... වියදම් කරන සල්ලි වලින් එක සොච්චමක් තාප්පයේ හෝ වැටේ හෝ පැත්තකින් පාෙඩි කවුළුවක් හදන්න කුණු කාරයා එනකම් පිලිවෙලකට වැදගත් විදියට කුණු ටික තියන්න චැස්සට තෙමිල බලු කපුටෝ අැදල බල්බ් සෙට් එකක් වගේ එල්ලලා තියෙන බොරලික්කම් ටික පරිස්සම් වෙන්න. අනේ මන්ද මුන්ගේ මෝලේ කවදා පෑදෙයිදෝ...! දෙයියනේ...
ඔන්න ඔය වගේ දේවල් වලින් තමයි හලෝ මිනිස්සුන්ගේ කොලිටීස් බලන්නයි, මනින්නයි පුළුවන් වෙන්නේ. එහෙම නැතිව සුද්ද සීතල නිසා බෙල්ල හිර කරන් ඉන්න ටයි ගැටේ ගහ ගත්ත පලියටවත්... ටයිනම් මොනවද අප්ප අද කාලේ අර වොරන්ටි නිසා රිටන් අාපු කසඩ බඩු විකුණවන්න ටයි නකුටක් බෙල්ලේ ඔතල ගෙවල් ගානේ යවල බාල බඩු කරේ ගහන අට පාස් නැති වන්නිකරෙන් කාෙළම ලොකු රස්සාවල් හොයාගෙන එන මෝඩ කාෙල්ලන්ටත් අන්දන එකනේ.... මේ වගේ දුප්පත් ලමයි ඉතින් ටයි ගැටේට අහුවෙලා අර තක්කඩියන්ට ටික දවසක් හම්බ කරල දීල ටයි එක ගලෝල බල්ලන්ට දාල අාපහු යන්න යනවා ගමේ. මේ වගේ අහිංසක ලමයින් හැමදාමත් හෙට දවසේත් මේ ටයි ගැටේට අහුවෙලා කොළඹට එනවා යනවා... යනවා එනවා... ඉවරයක් නෑ... අරුන් ටිකනම් හැමදාම ගොඩ මේ ලමයි නම් හැමදාමත් අනාථයි. 
ඉතින් කුණු ගැන අාපහු කථා කරනවානම් කුණු කියන්නේ තමුන්ගේ සල්ලි නේද කියල අපේ උගත් ජනතාවට අාතතිය වැඩි නිසාදෝ නොපෙනී ගිහිල්ල තියෙනවා.
ඒ නිසා එයාලට අමතකයි තමන් රු. 35/- ට ගේන යෝගට් එකේ හිස් කොප්පයට රු.5 කුත්.. හැන්දට රුපියලකුත් ගෙවල තියෙන බව. රයිස් එකේ පෙට්ටියට 10 ක්, ලන්ච් ෂීට් එකට 1.50 ක්, කෝලා ලී.2 කේ හිස් එකට 20 ක් මේ අාදී වශයෙන් තමන් මාසිකව වෙහෙස මහන්සියෙන් උපයන අාධායමෙන් සැලකිය යුතු මුදලක් ගෙදරටම ගෙනැවිත් යලි අපද්රව්යය විදියට විසිකර දමන බව.
ඒකට ඉස්සර අපේ අාතා මුත්ත අාච්චි සීයා කාලේ ඉඩමේ 4 මායිමෙන් එහාට විසි කරන්න එක අබ අැටේක දෙයක් ගෙවල්වල තිබුනේ නැහැ කුණු යනුවෙන්. සියළුම දේවල් තම ගෙවත්තේම පොහොර වෙමින් බව බෝග නෙලා දුන් සම්පතකි කාටත් වැඩක් නැති කුණු යනුවෙන් හැඳින්වෙන්නේ වර්තමානය වන විට මිනී මරන්නට පවා සමත් වෙමින්..!
ජනතාවට සේවය කරන්නටැයි වහසි බස් දාෙඩා ඒ ජනතාවගේ කරමතින්ම පාර්ලිමේන්තුවට ගොස් සියළු යස ඉසුරු නිත්යානුකූලවම බුක්ති විඳිමින් දිනෙක නියත විශ්රාම වැටුපද සමගින් තවත් නතර නොවී සොරකම් මැරකම් ජඩකම් මදිවාට මේ වන විට කුණු කම්ද කරමින් ඒ උතුම් ජනතාවටම පාරාවලල්ලක් වෙමින් ඔවුන්ට මරු කැඳවා දෙන්නට තරම් වර්තමාන දේශපාලකයා කුණුවී තිබේ.
මෙය දියුණු වෙමින් පවතිනා අපගේ වන් රටකට කිසිසේත් නොගැලපෙන්නකි. ඒ නිසා අධ්යාපන අමාත්යය අකිල විරාජ්ගේ මෙම සංකල්පනාව ජාතික ප්රථිපත්තියක් කොට මතුවදී හෝ පත්වනා කිසිදු රජයකට වෙනස් කල නාෙහැකි වන ලෙස අධ්යාපන ක්ෂේත්රයට අැතුලත් කල යුතුය.
කසල යනු තමන්ගේම ධනයෙහි තැන්පත් කල අගය බවත්. ඒවා ප්රතිචක්රීය කිරීම හෝ එකතු කර විකුණා මුදල් කර හෝ යලි අාර්ථික වාසියක් අත්කර ගැනීමේ විද්යාත්මක වටපිටාව සකස් කරදීම අධ්යාපනය තුලින් හැර බලු වලිග කෙලින් කරලීම මේ රටේ දැනට පෙනෙන්නට අැති විදියට නම් විහිළුවකි.
සෝභිතාවතාර
2017/04/30

Thursday, April 27, 2017

හිටපු යමපාලන ජනපති ඝාතනය කරන්නට අවශ්යයනම් ඒ සඳහා බලයේ සිටිනා අාණ්ඩුවකට අවස්ථාවක් සකසා ගැනීමට වසර 2 ක් පුරා පෙරුම් පුරමින් කල් මරන්නට අවශ්යය නැත අවශ්යයතාවයක් තිබුනේනම්. බලලෝභී දූෂිතයින්ගේ බහට රැවටී පච වපුරන්නන්ට පිලිතුරක්. තීන්දුව සබුද්ධික ජනතාවට භාරයි..!

===================================================
හිටපු යමපාලන ජනපති ඝාතනය කරන්නට අවශ්යයනම් ඒ සඳහා බලයේ සිටිනා අාණ්ඩුවකට අවස්ථාවක් සකසා ගැනීමට වසර 2 ක් පුරා පෙරුම් පුරමින් කල් මරන්නට අවශ්යය නැත අවශ්යයතාවයක් තිබුනේනම්. බලලෝභී දූෂිතයින්ගේ බහට රැවටී පච වපුරන්නන්ට පිලිතුරක්. තීන්දුව සබුද්ධික ජනතාවට භාරයි..!
===================================================

2010 ජනාධිපතිවරනයෙන් ජයග්රහනය කල සරත් ෆොන්සේකාගේ ප්රථිපලය විකෘති කාෙට හිටපු මැතිවරන කොමසාරිස්ට අාතතිය අැති වන්නට වැඩ සිදු කර....


තවත් හමුදාපතිවරයෙකුට යුද්ධය අවසන් කරන්නට ඉඩ තියන්නේ නැතැයි කියූ දේ කල කල දේ කී අභීත සෙන්පතියා සරත් ෆොන්සේකා බොරු චෝදනා පවරා අැදගෙන ගාෙස් හුස්ම ටිකවත් නිදහසේ ගන්නට බැරි අඳුරු කුටියක සිර ගත කොට උපක්රමශීලීව මියෑදෙන්නට කුමන්ත්රනය කල හිටපු යමපාලන ජනපති...

වත්මන් යහපාලන ජනපති මෛත්රීපාල සිරිසේන 2015 ජනාධිපතිවරනයේ පොදු අපේක්ෂකයාව සිටියදී අඩි 6 ක් පොලව යටට යවන්නට සිහින දුටු හිටපු යමපාලන ජනපති ඝාතනය කරන්නට අවශ්යයනම් ඒ සඳහා බලයේ සිටිනා අාණ්ඩුවකට අවස්ථාවක් සකසා ගැනීමට වසර 2 ක් පුරා පෙරුම් පුරමින් කල් මරන්නට අවශ්යය නැත අවශ්යයතාවයක් තිබුනේනම්.

නමුත් දෛවයේ සරදමකට හෝ යම් ලෙසකින් 2015 ජනවාරි 8 අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවය කනපිට හැරී හිටපු ජනපති යලිත් බලයට පැමිනියානම්...

මේ වන විට වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, ඊනිව්ස් කතුවරයා, සෝභිත මාහිමිපානෝ අැතුළු තවත් දේදුනු විප්ලවයේ සෙන්පතියන් ගනනාවක් මරා වැලලූ තැන්වලින් මතුඋනු නිදිකුම්බා ගස්වල මල්ද... පොඩිසිංඥාමරං ගස්වල මල්ද දැක ගත හැකි වන්නේ ඒ මලකඳන් මෝර තටාකවල නාෙගිල්වූවොත් හෝ ගිරිතලේදී මුහුදු පත්ලට නොගොස් තිබුනහොත් පමනි.

එම නිසා ජිවිත අවධානමක් තිබුනේ කාටද යන්න මැනවින් සිහියෙන් බුද්ධියෙන් සිතා බලා කිරා මැන නිවැරදි තීන්දු ගත් යහපාලනවාදී දේදුනු ප්රජාව නාෙසැලී සිටිනා තාක් මින් මනත මේ රටේ යහපාලනයක්ම මිස යමපාලනයක් වනු හෝ කරවනු බොරුය.

එමෙන්ම සියළු පාට පක්ෂවල සිටිනා පිරිසිඳු දේශපාලකයින් සහ ඒකරාශී කරගන්නට සැලසුම් කර අැති නව්යය මුහුනු සහ කුළුඳුල් නව නායකත්වයක්ද සමගින් 2020 දී මේ රටේ දේශපාලනය ලෝකයටම පරමාදර්ශී වෙමින් මහා ජන බලයක් සමගින් නව්යය දේශපාලන සංස්කෘතියක් බිහි කොට දූෂිත මැර තක්කඩි දේශපාලකයින්ගේ ඉරනමත්... දශක ගනනාවක් විඳි දුක් කරදර පීඩා දුරු කොට මෙරට ජනතාවගේත් මතු පරම්පරාවන්ගේත් දෛවයත් රන් අකුරින් ලියා සෝභිත මාහිමිපානන්ගේ සිහිනය වූ ජාති අාගම් කුල මල භේදයන්ගෙන් තොරව සැමට සාධාරන සමාජයක් බිහිකරලීමේ අවසන් මෙහෙයුම සක්රීය කොට බල ගන්වන බවට නැවත නැවතත් සපත කරමි.

සෝභිතාවතාර විශ්වයේ සිට අවධාරනය කරයි.
2017/04/27

Wednesday, April 26, 2017

හමුදාව සූදානම් කරන්නැයි ජනපති ෆොන්සේකාගෙන් ඉල්ලයි.

හමුදාව සූදානම් කරන්නැයි ජනපති ෆොන්සේකාගෙන් ඉල්ලයි.
සෝභිතාවතාරගේ උපදෙස් කෝමේ සිරිසේන අපූරුවට පිලිපදිනා වගයි.

ගමේ හන්දියේ ගස්යට ඩිස්පැන්සරියේ (ඩොක්ටර් වන්ෂෝට්) වීරයා ගැනයි...

ගමේ හන්දියේ ගස්යට ඩිස්පැන්සරියේ (ඩොක්ටර් වන්ෂෝට්) වීරයා ගැනයි...

මහාචාර්යය ප්රියදර්ශනී මහත්මියගේ සමාජ දැනුවත් කිරීම ඉතාමත් අගය කරනා අතරම ඊට එකතු කිරීමට අැති තවත් වැදගත් පැතිකඩක් සෝභිතාවතාර ගෙනහැර දක්වයි...

බොහෝ ස්ථානවල අැති ෆාමසිවල සහ ගම්වල ටවුන්වල හන්දි ගානේ ප්මිතියක් නොමැති දොස්තරවරුන් (වන්ෂෝට්ලා) පවත්වාගෙන යන ඩිස්පැන්සරිවල ඖෙෂධ නිකුත් කිරීම සඳහා සේවයට ගෙන සිටිනා සේවක සේවිකාවන් දොස්තර විසින්ම සුළු පලපුරුද්දක් ලබා දී අඩු වැටුපට සේවයේ පිහිටුවා සිටිනා අයවලුන් නිසා සමාජයේ ඉතා භයානක තත්ත්වයක් අැත.

විධිමත් ෆාමසිකල්චර් අධ්යයනයක් සුදුසුකමක් නොමැති අය නිසා විශේෂයෙන් ගම් දනව්වල දුගී ජනතාව රෝගී අවස්ථාවලදී මෙම ගස්යට ඩිස්පැන්සරි බාල දොස්තරලා වෙත අඩු මිලට බෙහෙත් ගැනිමට යාම නිසා යම් යම් අවධානම් අවස්ථාවලට පාත්ර වීම් දකින්නට අැත.

මෙසේ රෝගීන් හට නිකුත් කල වැරදි ඖෙෂධ භාවිතා කොට අසාත්මිකතා තත්ත්වයන්ට පත් වුනු අවස්ථා එමටය.

එමෙන්ම මෙම දොස්තරලා හටද දැනුම අප්ග්රේඩ් වන්නේ නොමැති නිසා සහ තම වෙළඳ අාධිපත්යය රැක ගැනුම උදෙසාද ඉතාම අධිමාත්රාවෙන් යුත් ඖෙෂධ නිකුත් කර සැබෑ උගතා දනක් බසින්නැති මඩේ කරවටත් බසිනා මෙවන් මෝඩ ගොඩ දොස්තරලා අහිංසක රෝගීන්ට විධිමත් දොස්තර මාත්රාව අඩු කොට බෙදා සකසා සතියකින් සුව වීමට දෙන බෙහෙත මෙම හොර ගොඩ වෙදා එක දවසින් සුව වීමට ලබා දී හන්දියේ වන්ෂෝට් දොස්තර වීරයා වෙයි.

නමුත් ඒ අධිමාත්රා සහිත ඖෙෂධ ලබාදීම නිසා රෝගියාගේ අක්මාව නරක් වී මියෑදෙන්නේ වසර ගනනාවකට පසුව හොයාගන්නටවත් නොහැකි නිධන්ගත රෝගාබාධයන්ට ලක්වී බව ගමේ ගොඩේ ලැසි අක්කා කරලැයින් නැන්දා ජිනදාස අයියා දන්නේ නැති නිසා මෙවන් වන්ෂෝට් මාරයින් රට පුරා රහසේ ජාතිය වඳ කරමින් සිටිනා බව අපේ මහකලු සිංහලයන්ට වගේ වගක් නැත. දූෂිතයින්ගේ බොරුවට රැවටිලා ජාතිවාදය අවුළුවමින් සහ පතුරුවමින් සාමය සංහිඳියාව වනසනවා මිස... නෑ වෙන වැඩක් මුන්ට....

සෝභිතාවතාර
2017/04/26

Sunday, April 23, 2017

හිරුනිකාගේ පච්චය ගැන වද වෙන පච්ච සිරාලටයි.....

හිරුනිකාගේ පච්චය ගැන වද වෙන පච්ච සිරාලටයි.....
==========================================
හිරුනිකාගේ පච්චය...‍ , ගැන සෝභිතාවතාර මතය මෑතදීම බලාපොරොත්තු වන්න...

https://www.facebook.com/saliya.senanayake.1/posts/217091782103112
==========================================
ජීවිතේ ගැඹුරින් තේරෙනකොට උන්න විදිහ වැදගත් නැහැ...
ඉන්න විදිහයි වැදගත්...
https://www.facebook.com/mallikaarache.mallikaarache.7/posts
=============================================

https://www.facebook.com/saliya.senanayake.1/posts/217091782103112

හිරුනිකාගේ පච්චය...‍ , ගැන සෝභිතාවතාර මතය මෑතදීම බලාපොරොත්තු වන්න...



gggdfgdfgdf

Friday, April 21, 2017

නයිජීරියාවේ වීසයික්ලර්ස් විප්ලවය රටට බරක් වූ ත්රීවීලරයට බද්ධ කර ත්රීසයික්ලර්ස් විප්ලවයක් බිහිකර කසල ප්රශ්නයට තිත තබමු.

නයිජීරියාවේ වීසයික්ලර්ස් විප්ලවය රටට බරක් වූ ත්රීවීලරයට බද්ධ කර ත්රීසයික්ලර්ස් විප්ලවයක් බිහිකර කසල ප්රශ්නයට තිත තබමු.


ලංකාවේ ලක්ෂ 11 ක් වන රටට ප්රශ්නයක්ව අැති ත්රීවීල් සංස්කෘතිය නිසා අපතේ යන තරුණ ශ්රම බලකාය වැඩදායක ලෙස කළමණාකරනය කාෙට කසල ප්රශ්නයට තිරසාර විසඳුමක් ලෙස නයිජීරියාවේ වීසයික්ලර්ස් විප්ලවය ත්රීවීලරයට බද්ධ කර ත්රීසයික්ලර්ස් විප්ලවයක් බිහිකර කසල ප්රශ්නයට තිත තබන්නට නොහැකි වේද..!

සවිස්තර සඳහා පිවිසෙන්න...
===================================================================
සෝභිතාවතාර 

Monday, April 17, 2017

2020 මැතිවරනයෙන් මේ රටේ ජනතාවගේ දෛවයත්... දේශපාලකයාගේ ඉරනමත්... තීන්දු කරනා බව සපත කරමි. - සෝභිතාවතාර

 2020 මැතිවරනයෙන් මේ රටේ ජනතාවගේ දෛවයත්...
දේශපාලකයාගේ ඉරනමත්... තීන්දු කරනා බව සපත කරමි. 

සෝභිතාවතාර 

දිගින් දිගටම නොවෙනස්ව රටේ පවතිනා පාදඩ අවස්ථාවාදී දේශපාලන ක්රමයත් විශේෂයෙන් විධිමත් නායකයෙකුටවත් රට කිරීමට ඉඩ නොදෙනා නිළධාරීවාදයෙනුත් රට මුදවා ගැනීමේ තීරනාත්මක කඩඉම සෝභිත හිමියන්ගේ 2020 අවසන් මෙහෙයුමට ඒකාබද්ධ වන්න මාපිය වැඩිහිටි සියල්ලෝම තම තමන්ගේ දරුමල්ලන් හට අාදරයක් අැත්නම්ද... තමන් නැති කලෙක ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරනු පිනිසද... දැන් සිටම සැමතින්ම කඳවුරු ලා පෙල ගැහෙන්න. යමපාලනයට තිත තැබූ (කියූ දේ කල... කල දේ කී) 2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ නියමුවානන් අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ දර්ශනය වෙත ඒකරාශී වන්නයි නැවත නැවතත් සිහිපත් කරමින් උන්වහන්සේ තම අාතූරයා ලවා ජනගත කරවනා වගයි.

2020 මැතිවරනය මේ රටේ ජනතාවගේ දෛවයත්... දේශපාලකයාගේ ඉරනමත් තීන්දු කරනා තීරනාත්මක සාධකය බවට පත් කරන්නට සිතට ගන්න අදිටන් කර ගන්න. පෙල ගැසෙන්න. සීරුවෙන් සිටින්න. අවස්ථාව පැමිනෙන තුරු මඳක් ඉවසන්න. දෙවරක් නොසිතා ක්රියාත්මක වන්න. ලෝකයක් වෙනස් කල හැකි වූද... උඩු යටිකුරු කල හැකි වූද.. ඔබේ ඒ අද්විතීය පරමාධිපත්යය බලය නොබියව නොසැලී තීරනාත්මකව පාවිච්චි කරන්න.

හොරුන් තක්කඩියන් දූෂිතයින් රජ කල යුගයට තිත තබනා... ඔබත්
ඔබේ සැමත් මතු පරපුරත් දිනවනා නව්ය අාණ්ඩු ක්රමයක් නව්ය වූ ජන බලයක් නව්ය වූ කුළුඳුල් නායකත්වයක් සමග මෙරට දේශපාලන සංස්කෘතිය සැබවින්ම පාරිශුද්ධද වූ නවමු යුගයක් කරා ඉතිහාසය පුරාම අවස්ථාවාදී දේශපාලකයා නිසා විනාශ මුඛයට පිවිසි අප සැමගේ මේ අති උතුම් වූ මාතෘ භූමිය ඔසවා තැබීමේ පුණ්ය කර්මයට දායක් වන්න පසුතැවෙන්නට කිසිදු ඉඩක් මොහොතකට තබා නොගන්නට නම් අවසන් මොහොතේ අවස්ථාවාදීන් පැමින පුදනා තෑගි බෝග සිල් රෙදි බ්රේස්ලට් එකී නොකී දොල පිදේනි කිසිවක් තම දරු මල්ලන්ගේ නාමයෙන් පිලි නොගන්න. 

මෙම අවවාදය වත්මන් තරුණ පරම්පරාවන් හට දීමට අවශ්යය නොවන්නේ කල යුතු දේත් විය යුතු දේත් මේ වන විටත් ඔවුන් තීරනය කර අවසන්ව අැති නිසාය.

සෝභිතාවතාර නිරන්තරවම විශ්වයේ සිට මෙහෙයුම් සකස් කරමින් ඔබ සැම වෙනුවෙන්ද තම සිහිනය යථාර්තයක් වන තුරුද වැඩ වසන වගයි.

සෝභිත අාතූරයා සත්පුරවැසියා
2017/04/17